ඔබේ බිරිඳගේ රාගයේ ගිනිදැල් අවුස්සන්න ඇය උත්තේජනය කරගත හැකි ක්‍රම 11ක්

ඔබේ බිරිඳගේ රාගයේ ගිනිදැල් අවුස්සන්න ඇය උත්තේජනය කරගත හැකි ක්‍රම 11ක්

විවාහ වෙලා දරු පැටවුන් ආවට පස්සෙ ක්ෂණයකින් ලිංගික එක්වීමකට පෙළඹීම අභියෝගයක් විය හැකියි. මේ ක්‍රම 11න් ඇයගේ ලිංගික උත්තේජනය වැඩිකරගෙන පෙර සේ ලිංගික සතුට විඳින්න පුළුවන්

ලිංගික එක්වීමක් කියන්නේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් අංගයක්. ඔව්! ඔබගේ පවුල් ජීවිතයට ඔබ හිතනවාට වඩා වැදගත් අංගයක්. ලිංගික එක්වීමට පුරුෂයාගේ මෙන්ම කාන්තා කාන්තා ලිංගික උත්තේජනය ද ඉතාම වැදගත් වනවා.

මතකද? ඊළඟඔය දෙන්නා ආයෙ එකතු වෙන්නේ කවදාදැයි ඔබ නොදැන, නොඉවසිලිමත්ව සිටි ඒ අතීතය?

විවාහයෙන් පසුව සහ දරුවන් ලැබීමෙන් පසුව, මෙලෙස අනුමාන කිරීමේ ක්‍රීඩාව නම් තව දුරටත් පවතිනවා. ඒත්… බොහෝ විට එය උද්‍යෝගයකින් තොර මදක් උදාසීන අත්දැකීමක් බවට පත්වෙමින් තිබෙනවා.

ඔබටත් මේකතාව සත්‍යයක්ද? එපමණක් නොව, කාලය ගෙවෙත්ම, කාන්තාවකගේ හැඟීම් උද්දීපනය කර ඇය සක්‍රියද කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

හැඟීම් උද්දීපනය කරමින් කාන්තා ලිංගික උත්තේජනය ඇති කරන්නේ කොහොමද?

පුරුෂයින්ට ඉක්මනින්ම ලිංගික හැගීම් අවදි කරගන්නට පිළිවෙන. එය ඔවුන්ගේ ස්වභාවයයි. නමුත් කාන්තාවන් සඳහා එය ටිකක් අපහසු වේ.

ඔබ දෙදෙනාගෙන් කෙනෙකු ලිංගික එක්වීමට උදාසීන නම්, කිසිසේත්ම විනෝදජනක අත්දැකීමක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉතින්, ඔබේ කාන්තාවගේ ලිංගික හැඟීම් උපදවන්නට ඔබට පහසුවෙන්ම ඉක්මනින්ම පිළිපැදිය හැකි ඉක්මන් උපදෙස් කිහිපයක් මේ!

1# ඇයට උදෑසන කෙටි පණිවුඩයක් (sext message) යවන්න

ඔබ සෑම විටම උදේ 9: 48 ට ඔබේ බිරිඳට පණිවිඩයක් යැවිය යුතුය. මේ වේලාවට ඇය කියවන ඕනෑම දෙයක් ඇගේ මනසෙහි රැඳෙන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. නැහැ නැහැ, මම ඒ පුංචි බොරුවක් කීවේ.

නමුත් ඇය මේ වන විටත් කාර්යාලයේ සිටින අතර ඇයගේ හදිසි ඊමේල් ගොඩවල් සමඟ හැප්පෙන වේලාවයි මේ. මෙය ඔබ කෝපි එකක් බොන වේලාවයි. ඒ නිසා ඇගේ මනස ටිකක් සැහැල්ලු කරන්න.

එබැවින් ඇයට “ඔයාට කොහොමද? ඔයා පරිස්සමෙන් ආවද?” වැනි කෙටි පණිවුඩ එවන්න. සංවාදයේ දී, “මට අද රෑ ඔයාව තුන් පාරක් තෘප්තිමත් කරන්න ඕන …” යනුවෙන් සැහැල්ලුවෙන් කියන්න. නමුත් පොරොන්දුව ඉෂ්ට කරන්න.

ඇයට මුළු දවස පුරාම රාත්‍රිය එන තෙක් ලබලා හිඳීවි!

2# රාත්‍රිය සඳහා දරුවන්ගෙන් ඈත් වන්න කාන්තා ලිංගික උත්තේජනය

දරුවන්ව වේලාසනින්ම ඇඳට යවන්න. නැතිනම් ආච්චිලා සීයලාට පොඩ්ඩක් භාර දෙන්න.  මොනවා වුනත්! ලිංගිකව එක්වන්නට කලින්  ළමයින්ව පොඩ්ඩක් මඟ හැර යාම නිදහසේ ලිංගිකව හැසිරෙන්නටත් උපකාර වන්වා!

3# ගේදොර වැඩට උදව් කරන්න

තම බිරිඳට උදව් පදව් කරන්නට තරම් නිහතමානී වන, ඒ බව පිළිගන්නට ලජ්ජා නොවන පිරිමියෙකු තරම් ආදරයට ලක්වන තවත් පිරිමියෙක් නැති තරම්.

ඔබට වික්‍රමාන්විත බවක් දැනේ නම්, කෑම වේලක් උයන්න. මේ තියෙන්නෙ පොඩි දරුවෙක්ට වුණත් උයන්න පිළියෙළ කරගන්න පුළුවන් සරල ආහාර වේලකට වට්ටෝරු කිහිපයක්.

ඉතින් මේ කෑම වේලෙන් පසුව ඔබේ බඩ පිරෙන්නේ නැතිනම්, ඉන්පසුව සිරි යහනේ හොඳින් ගත් සිත පුරවගන්නට සූදානම් වෙන්න!

4# හොඳ හැසිරීමකාන්තා ලිංගික උත්තේජනය

රාත්‍රියේ යහන්ගත වනන්ට කලින් (හැකි නම්, සෑම විටම), පරිපූර්ණ මහත්මයෙකු වාගේ හැසිරෙන්න. ඇය අසල කටින් හෝ පශ්චාත් භාගයෙන් වාතය පිට කරන්නට එපා!

5# හොඳ වයින් එකක් සූදානම් කරගන්න

රසවත් පැස්ටා එකක් සමඟ පානය කිරීමට සුදුසු හොඳ සුදු වයින් එකක් ලැහැස්ති කරගන්න.

කෙසේ වෙතත් දෙදෙනාම බඩගින්නේ නොවන බවට වග බලා ගන්න. මෙම සුන්දර මොහොත වෙනත් අවධාන වලට කල් නොවී ගත කිරීමට එය උපකාර වේවි!

6# සම්බාහනය

සම්බාහනය කිරීමට ඔබට ලොකු පෙරහුරුවක් නොමැති නම්, කාන්තාවගේ හැඟීම් වැඩි කරන්නට ඇයගේ මේ ප්‍රදේශ සම්භාහනය කරන්න.

කාන්තා ලිංගික උත්තේජනය

කාන්තාවගේ හැඟීම් පුබුදුවා ඇය උද්දීපනය කරනනට සම්භාහනය කළ හැකි ස්ථාන තුනක්

සම්බාහනයක පළමු රීතිය නම්, එය වේදනාකාරී නොකරන්න. පරමාර්ථය වන්නේ කාන්තාවක් ලිහිල් කිරීම මගින් ඇයව සක්‍රීය කිරීමයි, එබැවින්;

  1. අඩු තෙරපුමක් සඳහා ඇඟිලි පාවිච්චි කරන්න
  2. මධ්‍යස්ථ තෙරපුමක් සඳහා මාපට ඇඟිල්ල
  3. ගැඹුරු තෙරපුමක් සඳහා අත්ලෙහි පැත්ත

සම්බාහනය ලබා දීම සඳහා වැලමිට හෝ දණහිස් භාවිතා නොකරන්න. මෙය මල්ලව පොරයක් නොවේ.

දෙවන රීතිය ලිහිසි කිරීම ය. උණුසුම් ළදරු තෙල් හෝ විශේෂ සම්බාහන ලූබ් භාවිතා කරන්න. මාව විශ්වාස කරන්න, මේවා රාගයේ ගිනිදැල් අවුලුවන්නට සමත් වනවා.

මෙම නීති රීති මනසේ තබාගෙන, බෙල්ලෙන් ආරම්භ වන කරුණු තුන මෘදු ලෙස (හෝ ගැඹුරින්) සම්බාහනය කරන්න. වඩා හොඳ බලපෑමක් සඳහා අඳුරු විදුලි පහන් අඳුරු කරන්න.

7# මේ කර්තවය නිදන කාමරයට ගෙන යන්න

නැතහොත් ඔබ කැමති වෙනත් ස්ථානයකට. වැදගත් වන්නේ ඔබේ කාර්‍යය ආරම්භ කිරීමට පෙර ඔබ එහි සිටීමයි.

8#  නිවැරදි සංගීතය තෝරාගන්න කාන්තා ලිංගික උත්තේජනය

සැහැල්ලු සංගීතයක් යොදාගන්න. ඇගේ ජංගම දුරකථනයේ ඇය කැමති ආකාරයේ සංගීතය තිබෙන්නට පුළුවන්.

ඇය කැමති සංගීත වාදනය මගින්, සාමාන්‍ය නිර්වින්දනයට වඩා වේගයෙන් ඇයව සන්සුන් කරාවි.

9# ලිංගික සංසර්ගයට පෙර කාන්තා ලිංගික උත්තේජනය (Foreplay)

ඔබ කාමුක දර්ශන වලින් උගත් දේට වඩා ඔරායෝගික ජීවිතයේ ඔබේ බිරිඳ සමඟ එක්වීම හාත්පසින්ම වෙනස් එකකි.

ඔබේ සහජ බුද්ධිය භාවිතා කර කාන්තාවක් උත්තේජනය කිරීම සඳහා දිගු සමීප පුරෝකථනයක යෙදෙන්න

10# ඇයට ඇතුළු වන්නට කලින් ඇයට සුරාන්තයක් (orgasm) එකක් ලබා දෙන්න

ඔබේ ඇඟිලි, දිව, දත් සහ තොල් භාවිතා කර ඔබ ඇයට උදේ පොරොන්දු වූ පරිදි පළමු තෘප්තිය ලබාදෙන්න.

ඇගේ ඇඳුම් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙරම මෙය කරන්න. ඇය මත මෘදු වන්න. අවධානයෙන් හා නව්‍යකරණයෙන් යුක්ත වන්න. ඔබ එය ඔබ තුළ මේ මෘදු බව අනිවාර්‍යයෙන්ම තිබෙනවා. උත්සාහ කර බලන්න!

11# අනුගමනය කරන්න

ක්‍රියාවලය අතරතුර ඇයව ඊටත් වඩා සක්‍රිය කළ හැකිය. ඔබ ඉටු කළ යුතු රිද්මයක් ගොඩනගාගන්න. ඉවසුම් නැතිව සපුරාගන්නට පොරබදන ත්‍රාසයක් ගොඩනගා ගන්න.

සෙමින් ඇරඹූ කාර්‍යය කෙමෙන් වේගවත් කරගන්නවා මිස වේගය අඩු කරගන්නට එපා! ඇයත් ත්‍රාසජනක වන්නට කැමති නම්, ඔබේ කාර්යය කරන අතරතුර ඇයට ඇයවම උත්තේජනය කරගන්නට ඉඩ දෙන්න. ඇයට නැවත වරක් සුරාන්තයට පැමිණීමට ඉඩ දෙන්න.

අන්තිම සුරාන්තය තම තමන්ගේ වගකීමයි. ඔබ ඔබේ සුරාන්තය වෙනුවෙන් ක්‍රියා කරන අතර ඇයගේ සුරාන්තයට එළඹෙන්නට ක්‍රියාශීලී වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටින්න!

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය