theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

3 අවම කියවීම
කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

කාටූන් වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවන් ඉන් මුදවා ගන්නේ කෙසේද?

කාටුන් හා දරුවන් අතර ඉතා ලොකු කැමැත්තක් ඇති බව ඔබ දරුවන් ලබන තුරුම සිතා සිටියේ නැහැ නේද? නමුත් ඉන් ලැබෙන අනිසි ප්‍රතිඵල ගැන මුලසිටම මා දැනුවත්ව සිටින නිසා මට ඒ පිළිබඳ කාලයක් සමග වාරණයක් යොදන්නත් දරුවන් ඊට ඇබ්බැහි නොවී රැකගන්නත් පුළුවන්කම ලැබුණා.

කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

කාටුන් බැලීමට 90% ක් දරුවන් ඉතාම කැමතියි. එය බොහෝ අම්මලා තාත්තලා කියන කතාවක්. මේ පාඩම මම ඉගෙන ගත්තේ මගේ යෙහෙළියකගේ දරුවෙකු නිසයි. මගේ පළවෙනි බබා ලැබුණු පසුව මේ යෙහෙළිය ඇගේ පුතා සමග අපේ ගෙදර ආවා. නමුත් ගෙදරට එන විටම මේ පුංචි දරුවා විශාල ශබ්ධයක් සමග ඉතා සැරපරුෂ ලෙස හැසිරෙමින් ගෙට ඇතුළු වුණා. ඇත්තටම අපි කවුරුත් මොහොතකට ගල් ගැහුනා.

ඔහුට එක මොහොතක් නිසලව ඉන්න බැරි වුණා. ඔහු පුටු අදිමින් කාර් පදවන්න ගත්තා. පුංචි දරුවන් දඟකාර වුනත් මේ දරුවා ඒ සීමාව ඉක්මවා හැසිරෙන බව අපිට වැටහුණා වගේම මගේ යෙහෙළියත් ඉතා කනස්සල්ලෙන් සිටියා. ඇයත් ඇගේ සැමියත් රාජකාරියට ගිය පසු දරුවා අත්තම්මා සමග කාලය ගෙවනවා. අත්තම්මට වෙහෙස දැනෙන විට ඇය දරුවාට කාටුන් නැරඹීමට සැලැස්සුවා. ඉන් සමහර ඒවා DVD පට.

ඉතින් දරුවා නිතරම කාටුන් චරිත, එහි එන කතා අනුකරණය කරන්න ගත්තා. කෑම කැවීමත් මේ නිසා අත්තම්මට ඉතා පහසු කටයුත්තක් වුණා. දරුවා කාටුන් ලෝකයේ ජීවත් වන නිසා ඔහුට කෑම ඇති තරම් ගන්න පුළුවන් වුණා වගේම ප්‍රමාණයෙන් ඉතා ස්ථුල දරුවෙක් ලෙස ඔහු බැලූ බැල්මට පෙනුනා. මොකද බාහිර ක්‍රියාකාරකම් වලට ඔහුට කැමැත්තක් තිබුණේ නැහැ. තවමත් අවුරුදු 4 ක් වූ මේ දරුවා ගැන දෙමාපියන් හුඟක් දුක් වුණා.

කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

නමුත් ඒ වන විට ඔවුන් හේතුව හඳුනාගෙන හිටියත් ඉන් මුදවා ගන්න දැඩි වෙහෙසක් ගන්න වෙලා තිබුණා. නමුත් එයට දැන් ඔවුන් හුඟක් ප්‍රමාද බව මට වැටහුණ නිසාම මම මගේ දරුවා ඉන් මුදවා ගන්න මුල සිටම කටයුතු කළා.

කෙටි වෙලාවක් රූපවාහිනිය බලන්න යොදවන්න

නිතරම හොඳ වැඩසටහන් හෝ ළමයින්ට සුදුසු වැඩසටහනක් තෝරාගන්න. ඔහුට එය නැරඹීමට ඉඩ දුන්නත් ඉන් ඔබ්බට ඔහුට සම්බන්ධ විය හැකි වෙනත් ක්‍රියාකාරකමක් මම සැලසුම් කළා. බොහෝ විට කෙටි විවේකයකදී ඔහුට එම අවස්ථාව අධීක්ෂණය යටතේ ලබා දුන්නා. රූපවාහිනිය ක්‍රියාත්මක කළත් අක්‍රිය කිරීමට ඔහුට ඉඩදුන්නා.

කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

කිසි විටකත් රූපවාහිනිය බලෙන් ක්‍රියා විරහිත කරන්න මම පෙළඹුනේ නැහැ.

මන්ද එය රසවිඳ අවසන් වූ පසු තමන්ට හිමි කාලය එපමණක් බව දැනගැනීමට ඔහුට මම මේ පුරුද්ද ඇති කළා. ඒ නිසා ඔහුම වැඩසටහන අවසන් වූ පසු එය කළා. මුලදී අවවාද කරන්නට සිදුවුනත් ඔහු ඊට පුරුදු වුණා. නැවත ඔහුට එය අමතකව යන අවස්ථාවන් වල මම ඔහුට එය මතක් කර දෙනවා.

නිතර පොත් පත් සමග විනෝදය ලැබිය හැකි බව කියා දුන්නා.

නිතර පොත් වෙළඳසල් වලට අපි යන්න පුරුදු වුණා. ඔහු හැමදාම කතන්දර පොතක් මට කියා මිලදී ගන්න පුරුදු වුණ නිසා දවසේ වෙලාවක කතන්දර පොතක් කියවන්න ඔහු යොමු වුණා.

කාටුන් වල ඉන්නේ වීරයන් නොවන බවත් අපිට වීරයන් ඇති බවත් කියා දුන්නා.

මනඃකල්පිත වීරයන්ට වඩා අපේ ඉතිහාසයේ ලියවුණු වීරයන්ගේ වීරකතා මම ඔහුට කියා දුන්නා. මිනිසුන්ට කළ නොහැකි අත්භූත ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා වලට වඩා වීරයන්ගේ චරිත ගැන මං නිතර මතක්කර දුන්නා.

කාටුන් වීරයන්ගේ පින්තූර සහිත වෙළඳ භාණ්ඩ අපේ ගෙදරට ගේන්නේ නැහැ.

විවිධ නම් හා කාටුන් රූප වලින් විකුණන වෙළඳ භාණ්ඩ වල හරයක් නැති බවත් ළමා ලෝකයේ ඉන්න සුරතල් සතුන් චරිත වල ඇති සුන්දරත්වය පමණක් මම ඔහුගේ ලෝකයට එක් කළා. මේ නිසා ඔහු කාටුන් වලට ඇබ්බැහි නොවී අවස්ථාවක් දුන් විට සුදුසු වැඩසටහනක් නරඹා සතුටු වෙන්නත් පුරුදු වුණා.

කාටුන් වලින් වෙන බලපෑම් ගැන ඔබ දැනුවත්ද?

ළමයින් ළමා කාලය තුළ ඉතා වේගවත්ව කටයුතු කරන්න කැමතියි. දුවන්න, පෙරලන්න, කෑමොර දෙන්න ආසයි. ඉතින් කාටුන් වල වන්නේත් ඕකමයි. ඉන් දරුවන්ගේ සංයමය හීන කරන අතර දරුවන් කලබලකාරී පින්තූර මාලාවක් දකින අතර ඔවුන්ගේ මොළයත් එලෙසම නොසන්සුන් වෙනවා.

  • මේ නිසා දරුවන්ගේ අත් අකුරු ඉතා වේගයෙන් ලිවීමට පෙළඹීම
  • වැඩ හදිස්සියෙන් කර නිම කිරීම
  • ඉවසීම අඩු බව
  • අවධානය අඩු බව
  • රසඥතාවය අඩු වීම
  • ලෝකය ගැන මනසින් මවාගත් කරුණු තුළින් දැකීම
  • යථාර්ථය අවබෝධ කර නොගැනීම

වැනි අනිසි ඵල ඇතිවෙනවා.

අද බොහෝ දරුවන්ගේ ක්‍රියාපිළිවෙත් සංකීරණ වීමට මේ කාටුන් වල විශාල බලපෑමක් ඇති වන නිසාම ඔවුන්ගේ නිසඟ දක්ෂතා එළිදැක්වීමට මේ නිසා පාර ඇහිරෙන්නට පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!
බෙදාගන්න :
  • අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

    අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

  • අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

    අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it