theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රූපවාහිනී දැන්වීම් වලට අපිත් දරුවනුත් කොටුවෙන හැටි

5 අවම කියවීම
රූපවාහිනී දැන්වීම් වලට අපිත් දරුවනුත් කොටුවෙන හැටිරූපවාහිනී දැන්වීම් වලට අපිත් දරුවනුත් කොටුවෙන හැටි

"සමහර නිෂ්පාදන රූපවාහිනියෙන් දුටු පමණින් කෙසේ හෝ මුදල් සොයාගෙන මිලදී ගන්න පිරිස් අවසානයේ කෙලවර වන්නේ රටට ණයකරුවෙක් වීමෙන් පමණයි. මීට වෙළඳ දැන්වීම් එක් හේතුවක් වෙනවා."

අද අපි වෙළඳපලට යම් භාණ්ඩයක් මිලදී ගන්න යන්න ඉස්සෙල්ලාම ඒ ගැන දැනුවත් වෙලා ඉවරයි. ඒ වෙනුවෙන් විශාල ප්‍රචාරයක් ලැබෙන නිසා සමහර විට දෙමාපියන්ට පෙර දරුවන් ඒ ගැන දැනුවත් වී හමාරයි. ඒත් මේ රූපවාහිනී දැන්වීම් වලට දරුවනුත් දෙමාපියනුත් ආකර්ෂණය වනවා වගේම ඒවායේ ඇති ගැට වලට හිරවෙන අවස්ථා අනන්තයි.

සමහර නිෂ්පාදන රූපවාහිනියෙන් දුටු පමණින් කෙසේ හෝ මුදල් සොයාගෙන මිලදී ගන්න පිරිස් අවසානයේ කෙලවර වන්නේ රටට ණයකරුවෙක් වීමෙන් පමණයි. මීට වෙළඳ දැන්වීම් එක් හේතුවක් වෙනවා.

රූපවාහිනී දැන්වීම්

ඉතින් මෙවැනි වෙළඳ දැන්වීම් ගැනත්, අපිව ආකර්ෂණය වන අපි නොදන්නා බොහෝ කරුණුත් හඳුනා ගැනීමෙන් දෙමාපියන්ට නියම සත්‍ය තෝරා ගන්න පුළුවන්. ඒ ගැන ඉඟි පහක් අපි ඔබට කියන්නම්.

1. රූපවාහිනී දැන්වීම් වල පෙන්වන ආකර්ෂණීය බව ඇත්තටම ආකර්ෂණීයද?

ඡායාරූපකරණයේදී වගේම අද වීඩියෝ තාක්ෂණයට නොකළ හැකි දෙයක් නැහැ.

ඒ නිසා විශේෂයෙන් රූපලාවන්‍ය නිෂ්පාදන, ඇඳුම්, ඇඟේ හැඩය පවත්වාගෙන යාමට අලෙවි කරන නිෂ්පාදනයන් තිරයේ දකින විටත් ඒවා භාවිතා කළ අය ලෙස පෙන්වන නිරූපණ ශිල්පීන්ගේ සමේ පැහැය, ඇඟේ හැඩය, වර්ණවල වෙනස්කම් තාක්ෂණය මගින් ඉතා ආකර්ෂණීය ලෙස වෙනස් කළ හැකි බව ඔබ දන්නවාද?

සමහර විට මෙම වෙළඳ දැන්වීම් වල පෙනී සිටින නළු නිළියන්ට ඔබට තරම්වත් නිරෝගී කෙස් කළඹක් නැති වුනත් ඔවුන්ගේ ප්‍රසිද්ධිය මත ඔවුන් මෙම දැන්වීම් වලට පෙනී සිටින අතර ඔවුන්ගේ රූපයේ ඇති අඩුපාඩු තාක්ෂණයට වැසිය හැකි බව මතකයේ තබාගන්න.

ලප කැළැල් නැති සමක්, සුසිනිඳු දිදුලන කෙස් කළඹක්, සති දෙකෙන් තරුණ සමක්, සතියකින් අවුරුදු 21 ක පෙනුමක්, ඉදිරියට නෙරා එන බඩ අඩු කරගන්න පහසු පෙත්තක් වශයෙන් ආකර්ෂණීය පණිවිඩ ගෙන එනවා.

මේ ආකර්ෂණීය නළු නිළියන් බොහෝ විට ආකර්ෂණීය ලෙස පෙනෙන්නේ තිරයේදී පමණක් බවත් ඔබ ඔබේ මුදල් පමණක් නොව ඔබේ ශරීරයත් ඊට බිළිදෙනවා වන්නට පුළුවන් බව මතක තබා ගන්න.

සියලු නිෂ්පාදන එක වගේ නැතත් බොහෝ නිෂ්පාදන මේ ගණයට වැටෙන බව ඔබ මතක තබා ගන්න.

2. රූපවාහිනී දැන්වීම් වල කියව පරිදි නළු නිළියන්, ක්‍රීඩකයන්, ප්‍රසිද්ධ පුද්ගලයන් කියන නිසා ඔබ භාණ්ඩ මිලදී ගන්නවාද?

ලොව පුරා භාණ්ඩ විකිනීමට යම් යම් පුද්ගලයන්ගේ ප්‍රසිද්ධිය මත ඔවුන් යොදා ගන්නවා. එය ක්‍රීඩකයන්, නළු නිළියන්, සමහර විට වෛද්‍යවරුන්, සංගීතඥයින් ආදී විවිධ පුද්ගලයන් වන්නට පුළුවන්.

රූපවාහිනී දැන්වීම් වලට අපිත් දරුවනුත් කොටුවෙන හැටි

නමුත් ඔවුන් යම් නිෂ්පාදනයක් ගැන කතාකළ පමණින් ඇත්තටම ඔවුන් ඒ නිෂ්පාදන පාවිච්චි කරනවා යැයි අපිට සිතන්න පුළුවන්ද?

සමහර විට ලොව පුරා පර්යේෂණ වලින් සනාථ කරන පිළිකාඛාරක ඇතැයි කියන සංඝටක අඩංගු නිෂ්පාදන පවා ප්‍රසිද්ධ ක්‍රීඩකයන් හා ජනප්‍රිය චරිත ඉතා අනර්ඝ නිෂ්පාදන ලෙස දැක්වෙනවා.

නමුත් ඔහු හෝ ඇය එම නිෂ්පාදන ඔහුගේ, ඇයගේ ගෙදරට රැගෙන යන්නේ නැහැ.

සම සුදු කරන ක්‍රීම්, ඇඟ කෙට්ටු කරන පෙති, ක්ෂණික කෑම මේ අතර විශේෂයි.

මේ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට අතිවිශාල මුදලක් මෙම නිෂ්පාදන ආයතන මගින් ලබාදෙන බැවින් ඔවුන් බොහෝ විට ප්‍රමිතිය ගැන නොසිතා ඊට පෙනී සිටින්න පුළුවන්.

ඉතින් ඔබ දේවත්වයෙන් පුදන ඔබේ ප්‍රියතම නිළිය යම් නිෂ්පාදනයක් ගැන කතා කළත් ඔබ දෙවරක් ඒ ගැන සිතන්න.

3. නිෂ්පාදනයක් නිසාම දස්කම් ගන්න පුළුවන්ද?

සොසේජස් වැනි ආහාර දරුවාට දෙන විට ලෝප්‍රකට ක්‍රීඩකයන් මේ කෑම ආහාරයට ගෙන ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි ලකුණු ලබාගන්න බව නම් කිසි විටකත් දරුවාට කියා දෙන්න එපා. සත්‍ය එය නොවේ.

සමහර දරුවන් යම් කෑමක් ගැනීමෙන් පසු පන්තියේ වැඩි ලකුණු ගන්න හැටි, තරග වලින් දිනන හැටි අපිට නිතර වෙළඳ දැන්වීම් වල දකින්න ලැබුනවා.

නමුත් ඔබේ දරුවාට ඒ ගැන පැහැදිළි කර දෙන්න. රූපවාහිනී තිරය මත දිග හැරෙන දේවල් වාර ගණනාවක් පුහුණු වීමෙන් පසුව මේ දරුවන් ඉදිරිපත් කරන බවත්, එය රඟපෑමන් පමණක් බවත් ඔවුන්ට කියාදෙන්න.

ඔබ ඒ ගැන දැනුවත් වෙන්න. නැතිනම් අත්භූත බලයෙන් පහළ වෙන කෑම, බීම, තෑගි ගැනත් හුඟක් වෙලාවට දරුවන්ව ආකර්ෂණය කරනවා.

හරියට සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි චරිත වගේ වෙන්න මේ කෑම, බීම ගන්න යන්න යැයි ව්‍යංගයෙන් කියන දැන්වීම් ගැන ඔබත් දැනුවත් වෙන්න. දරුවනුත් දැනුවත් කරන්න.

4. රූපවාහිනී දැන්වීම් අනුව එකක් ගත්තොත් දෙකක් නොමිලේ

සමහර නිෂ්පාදන එකක් මිලදී ගන්නා විට දෙකක්ම නොමිලේ ලැබෙන අවස්ථා වෙළඳසැලේ ඔබට ඕනෑ තරම් හමුවී ඇති.

නමුත් එකකට මුදල් ගෙවන විට දෙකක්ම අපිට නොමිලේ ලැබෙන්නේ අපිට එතරම්ම ආදරේ නිසා දැයි ඔබ සිතා බලන්න.

ඒවායේ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, අන්තර්ගතය ඊට හේතුව බව ඔබ නිකමට හෝ සිතන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

නොමිලේ ලැබෙන නිෂ්පාදන වල තත්වය ගැන නැවත නැවත සිතා බලන්න. අනෙක් අතට දෙකක් නොමිලේ දුන් පමණින්ම ඒවා ඔබට අත්‍යවශ්‍ය නිෂ්පාදන දැයි බලන්න.

මේ පැකට් එක සමග හැන්දක් නොමිලේ, අර පෙට්ටිය සමග කෑම පෙට්ටියක් නොමිලේ.

නොමිලේ ලැබෙන දෙයට ඇති ආශාව නිසාම සමහර නිෂ්පාදන අපි මිලදී ගන්නවා.

නමුත් එය අත්‍යවශ්‍යද ?, ප්‍රයෝජනවත්ද?, ප්‍රමිතියෙන් උසස්ද? ආයිත් සිතන්න.

5. තිරයේ පෙන්වන අමුද්‍රව්‍ය අනර්ඝ තත්වයේ තියෙනවද?

බොහෝ විට ශාකසාර, ස්වභාවික ආයුර්වේද ඔසු, ඉරිඟු, එළකිරි, ධාන්‍ය ආදී වශයෙන් නම් කරන අමුද්‍රව්‍ය වෙළඳ දැන්වීම් හරහාම එම ඇසුරුම් වලට ඇතුල්වන හැටි අපි දකිනවා.

ක්‍රීම් හා රූපලාවන්‍ය නිෂ්පාදන බොහොමයක් වල මේ ශාකසාර 100% ක් අඩංගු දැයි ඔබ විශ්වාස කළත් ඉන් අඩක්ම ඇත්තේ රසායනික ද්‍රව්‍ය බවත්, සමහරක් ආයතනිකව සනාථ නොකළ අමුද්‍රව්‍ය බවත් ඔබ දන්නවද?

රූපවාහිනී දැන්වීම් වලට අපිත් දරුවනුත් කොටුවෙන හැටි

බොහෝ විට ළදරු සබන් ආදිය මිලදී ගන්නා විට විශේෂයෙන් ළදරු ක්‍රීම්, ක්ලෝන් ආදිය ශාකසාර නිෂ්පාදන ලෙස සැලකෙනවා.

නමුත්  කොහොඹ, ඔලිව්, කෝමාරිකා වැනි දේවල් එහි අන්තර්ගත යැයි කීවත් ඔබ මේ අමුද්‍රව්‍ය ගැන විශ්වාස කරමින් ඒවා මිලදී ගන්නට යනවා නම් එය මුලාවක් බව තේරුම් ගන්න.

ඔබේ ගෙවත්තෙන් කපා ගන්න අමුකහ, කෝමාරිකා කැබැල්ලක ඊට වඩා 100% ක ගුණ අඩංගු බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

මේ නිසා මායාව, මිත්‍යාව ගැන සත්‍ය තෝරා ගැනීමට දෙමාපියන් වශයෙන් අප නිතර අවධානයෙන් සිහි බුද්ධියෙන් සිටිය යුත්තේ ඒ නිසයි. ඔබේ දැනුම හා ඔබ නොසිතන අනතුරු ළඟා නොවීමට කටයුතු කිරීමට theAsianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙත ගෙන ආවා.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • රූපවාහිනී දැන්වීම් වලට අපිත් දරුවනුත් කොටුවෙන හැටි
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ලක් මවට සෙනෙහසැති ඇති දරුවන් ගොඩ නගන්නේ මෙහෙමයි

    ලක් මවට සෙනෙහසැති ඇති දරුවන් ගොඩ නගන්නේ මෙහෙමයි

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ලක් මවට සෙනෙහසැති ඇති දරුවන් ගොඩ නගන්නේ මෙහෙමයි

    ලක් මවට සෙනෙහසැති ඇති දරුවන් ගොඩ නගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it