theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

4 අවම කියවීම
දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

දරුවන් අධ්‍යාපනික සහ ආශ්වාදජනක වැඩසටහන් නැරඹීමේදී දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගැනීම සඳහා අප අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

දයාබර දෙමව්පියනි දරුවන් රූපවාහිනියෙන් අධ්‍යාපනික සහ ආශ්වාදජනක වැඩසටහන් නැරඹීමේදී දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගැනීම සඳහා අප අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

අවුරුදුපතාම වාගේ එලි දැක්වෙන ළමා වැඩසටහන් වලින් දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් ඔබ තෝරාගත යුත්තේ කෙසේදැයි තීරණය කරගත් යුත්තේ කෙසේද?

රස විඳීම පමණක් නොව කුඩා දරුවාගේ බුද්ධියද වර්ධනයටද දායක වන වැඩසටහන් තෝරාගැනීම ඔබේ බලාපොරොත්තුව නොවේද?

රුපවාහිනිය නැරඹීම ඔබේ කුඩා දරුවා අරමුණක් නැතිව කාලය කා දමන කටයුත්තක්  නොවනු ඇත. දරුවා නරඹන වැඩසටහන් තුළින් දරුවාගේ ප්‍රතිරූපය, හැසිරීම් රටාව, සෞඛ්‍ය පුරුදු පමණක් නොව, පාසැල් කටයුතු කෙරෙහිද බලපෑමක් ඇති කල හැකි බව ඇමරිකාවේ ළමාවිය අධ්‍යයනය කරන ආයතනයකින් සොයාගෙන ඇත.

කුඩා දරුවන් දිනපතා නරඹන රුපවාහිනී වැඩසටහන් කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කල යුතුය.

දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

ඔබේ කුඩා දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගැනීමේදී ඔබ සැළකිය යුතු විශේෂ කරුණු 7ක් මෙසේය

දෙමව්පියන් සහ දරුවන් අතර සන්නිවේදනය මෙන්ම බැඳීම ද වැඩි දියුණු කරගැනීමට දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගැනීම ඉතාම වැදගත් වනවා.

1. දිගු කාලයක් ගන්නා කථාංග වලට යොමු නොවන්න.

සාමාන්‍යයෙන් ඔබේ වයස අවුරුදු 4ක කුඩා දරුවාට යමක් කෙරෙහි උනන්දුවෙන් අවධානය යොමු කල හැක්කේ විනාඩි 15ක කාලයක් පමණි. එය කෙතරම් රසවත් වුවද විනාඩි 30ක් කාලයක් ඉක්මවන විට එය කෙරෙහි උනන්දුව හීන වී යයි.

කෙටි වැඩසටහන් මගින් රුපවාහිනිය ඉක්මනින් නිවා දමා දරුවාට නින්දට යන්නට යොමු කල හැක. ඔවුන් තවත් වැඩසටහනක් ඉල්ලු විට එයටද වැඩි කාලයක් ගත නොවන නිසා දෙමාපියන්ට තමාට අවශ්‍ය කාලය පාලනය කරගන්නට පහසු වනු ඇත.

අපට නිර්දේශ කල හැක්කේ - නිර්මාණශිලිත්වය දියුණු කරවන වින්දනාත්මක සහ කලාත්මක වැඩසටහන්. මේවයින් දරුවන්ගේ නිර්මාණ වලදී ඇති විය හැකි ගැටළු නිරාකරණය කරගැනීමට අවස්ථා ඇත. මෙමගින් කුඩා දරුවන් තුල මිත්‍රත්වයේ සහ ලබන්දියාවේ වටිනාකමද ප්‍රගුණ වනු ඇත.

මෙගා නාට්‍ය

2. ඔබටත් රස විඳිය හැකි ළමා වැඩසටහන් තෝරාගන්න

ඔබට කන්කරච්චලයක් වන තරමටම දරුවා එක දිගට සින්දුවක් ගායනා කිරීම ඔබ අසීරුවෙන් ඉවසනවාට වඩා ඔබටත් රස විඳිය හැකි වැඩසටහන් තෝරාගන්න.

වඩා වැදගත් වන්නේ දරුවා තනිව නරඹනවාට  වඩා  ඔබ හා එක්වී නැරඹීම දරුවාගේ අධ්‍යාත්මික වර්ධනයට වඩාත් සුදුසු බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. මෙය ඔවුන්ගේ භාෂා කුසලතාවයද වැඩි දියුණු කිරීමටද ඉවහල් වේ.

ඔවුන් සමඟ ඒ නැරඹු දර්ශන පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේදී වචනයෙන් දෙකෙන් හෝ ඔවුන්ගේ සන්නිවේදන කුසලතාව වැඩි දියුණු වේ.

අපට නිර්දේශ කල හැක්කේ - කාටුන් වැඩසටහන් වලින් මිදී දරුවා ළමා ඉවුම් පිහුම් වැඩසටහන් වැනි වැඩසටහන් සහ තරංග දර්ශන වලට යොමු කිරීම ඔවුන්ට වඩාත් රසවත් වනු ඇත.

මේ නිසා දරුවන්ට ඉවුම් පිහුම් වලදී ඇතිවන අපහසුතා සහ වෙහෙස මහන්සිය ගැනද අවබෝධයක් ලැබෙනු ඇත.

දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

3. වැඩසටහන් නැරඹීමට සුදුසු කාල වීලාව වෙන්කරගන්න

ගෙදර දොර අනෙක් වැඩකටයුතු වලට පහසු වන ලෙස වෙලාව තෝරාගන්න. දරුවා නින්දට යන වෙලාවට උද්වේගකාරී දර්ශන සුදුසු නොවේ. එවැනි වැඩසටහන් සුදුසු වන්නේ දිවා කාලයටයි.

අපට නිර්දේශ කල හැක්කේ - නින්දට යන වෙලාවට හිස සන්සුන් කරන කාටුන් වැනි වැඩසටහන්ද උද්වේගකාරී දර්ශන දිවා කාලයටද උචිත වේ.

මිතුරන් සමඟ එක වී වැඩපල කරන අකාරය මෙන්ම ගායන වාදන වැඩසටහන් ද සුදුසු වනු ඇත.

4. ජිවිතයේ වටිනාකම් හුවා දක්වන වැඩසටහන් තෝරාගන්න

ආදරය, කරුණාව දනවන මෙන්ම කුතුහලය දනවන වැඩසටහන් තුළින් දරුවාගේ ජිවිතයේ වටිනාකම් තමන්ට හඳුනාගන්නට හැකියාව ලැබෙනු ඇත.

මේ දර්ශන නරඹා ඒ පිලිබඳ කතා බස් කිරීමෙන් ඒවායෙන් උගත් දේ මොනවාදැයි දරුවාට වටහා දිය හැක.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අපට නිර්දේශ කල හැක්කේ - සත්ව ලෝකය සහ ස්වභාවධර්මය කේන්ද්‍ර කරගත් වැඩසටහන් තුලින් දරුවාට ලෝකයේ හැම ජිවියෙකුටම සහ ස්වාභාවධර්මයටද ආදරය කල යුතු බව වැටහෙනු ඇත.

5. සෞඛ්‍ය පුරුදු සහ ශරීර සුවතා වැඩි දියුණු කරන වැඩසටහන්

ඔබේ දරුවා කුඩා වුවද අනෙක් දරුවන් ඇසුරු කරන විට ඔවුනටද ප්‍රකෝපය දනවන අවස්ථා වලට මුහුණ දෙන්නට සිදු වනු ඇත.

ගැටුම්කාරී අවස්තා වලට මුහුණ දීමට ඔවුන් සුදානම් කල යුතුය. ගැටළු විසඳාගැනීම සහ අන් අයගේ අදහස් වලට එකඟ වීම තුලින් සමාජයට අනුගත වීමට ඔවුන් පුරුදු පුහුණු කල යුතුය.

අප නිර්දේශ කරන්නේ - සිදු වැනි කරුණාව, දයාව මයිත්‍රීය හුවා දක්වන නාට්‍යය.

6. දරුවාව දැනුමෙන් පෝෂණය කරන සහ පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් නරඹන්න

කුඩා දරුවා අනුකරණය කිරීමට රුසියෙකි. ඒ නිසා ඔහු නරඹන චරිත ඔවුන්ට ආදර්ශමත් වීර චරිතදැයි සොයා බලන්න. වයස අවුරුදු තුන යනු ගැහැණු පිරිමි යන වෙනස ක්‍රමයෙන් අවබෝධ කරගන්නා අවධියයි. ඒ නිසා එම චරිත බලවත් ගැහැණු පිරිමි චරිතයි තීරණය කරන්න,.

අප නිර්දේශ කරන්නේ - සිරස ලක්ෂපති වැනි  දැනුම මෙන්ම තරඟකරුවන්ගේ ජිවිත කතා තුළින් පෞරුෂය ගොඩනැගෙන වැඩසටහන්.

7. ලෝකය ගැන අවබෝධ කරගැනීමට ඇති මංපෙත් විවර කරන්න.

ලෝකයේ විවිධත්වය දැක්වෙන දර්ශන මෙන්ම විවිධ රට වල සංස්කෘතීන් හා විවිධ චරිතද තෝරාගැනීම ඔබ විසින් කල යුතුය. දරුවන්ට අත්දැකීම් ලබන්නට සලස්වානවාට වඩා අන් රටවල සංස්කෘතීන්ටද ගරු කිරීමට තම රටට මෙන් අන් අට වලටද ආදරය කිරීමටද දරුවා පෙළඹෙනු ඇත.

අප නිර්දේශ කරන්නේ - අටපට්ටම වැනි වැඩසටහන් වලින් ඒ ඒ රට වල භාෂාවන් සහ සිරිත් විරිත් ගැනද අවබෝධ කරගන්නවා ඇත.

ඉතින් අප ඔබට දැක්වූ මෙමෙ කුඩා මංපෙත් වලින් ඔබට වඩාත්ම සුදුසු දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් නැතනොත් සන්නිවේදන මාධ්‍යයන් තෝරාගන්නට උපකාර වේ යයි සිතමු.

ඉතින් ඔබේ දරුවන් ප්‍රිය කරනුයේ කුමන මාදිලියේ වැඩසටහන් වලටයි අපත් දැනගන්නට කැමතියි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්
බෙදාගන්න :
  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

    කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

    කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it