ඉන්දියාවේදි උපත ලද කොවිඩ් හා කොරෝනා

ඉන්දියාවේදි උපත ලද කොවිඩ් හා කොරෝනා

ඉන්දියානු නිවුන් දරුවන් ‌කොවිඩ් සහ ‌කොරෝනා ‌ලෙස නම් ලබයි.

මේ පුවත ඉන්දියාවේ උපන් කොවිඩ් බබාලා දෙනෙක් ගැනයි.

මේ දවස් වල අපි අහන්නත් අකමැතිම වචනය කොවිඩ් නැතිනම් කොරොනා කියලා මම කිව්වොත් ඔබත් මා හා එකග වේවි.

දිනකට දහස් ගණනින් මිනිස් ජිවිත බිලි ගනිමින් තවත් ලක්ෂ ගණනින් රෝගි කරමින් රටවල් වල ආර්ථිකයන් පවා බිමට සමතලා කරමින් සිටින මේ ලෝක වසංගත තත්වය දැන් මුලු ලොවටම හිසරදයක් වී හමාරයි.

ඉන්දියාවේදි උපත ලද කොවිඩ් හා කොරෝනා

 

අපි අහනන්වත් අකමැති අපි ඇහෙනකොටත් ඇග හිරිවැටෙන ඒ නමින් ඉන්දියාවේ නිවුන් දරුවන් දෙදෙනෙක් පසුගිය දා නම් ලැබුවා.

ඉන්දියාවම වසා දමා තියෙන මොහොතක මෙලෙස මෙලොව එළිය දුටු අක්කාටයි මල්ලිටයි අමතක නොවන සුවි‌ශේෂි නමක් තියන්න ඒ අම්මාටයි තාත්තාටයි අවශ්‍ය වුනාලු.

ඉන්දියාවේදි උපන් ‌කොවිඩ් බබාලා

කොවිඩ් බබාලා

Photo credit to www.dw.com

පසුගිය දෙසම්බරයේ අග භාගයේ චීනයෙන් ආරම්භ කල කොවිඩ් 19 එකින් එක රට වසා දමමින් අවසානයේ්දි ඉනිදියාව වෙතත් ලගා වුනා.

කොවිඩ් 19 රට ආක්‍රමණය කරන බවට රතු එළි පත්තු වෙද්දි ඉන්දියාවද අනෙක් රටවල් සේම වසා දැමුනා.

එනම් ඉන්දියානුවන්ගේ එදිනෙදා ජිවිතය බිද හෙලමින් ඔවුන්ද නිවෙස් වලට කොටු වුනා.

මේ අතර ඉන්දියාවේ මධ්‍යම ප්‍රාන්තයේ චට්ටිස්ගාර්හි යුවලකට නිවුන් දරු උපතක් සිදු වුනා.

ඒ අනුව පසුගිය  මාර්තු 27 වන දින රායිපූර් ප්‍රාන්තයේ අගනුවර රජයේ රෝහලකදී නිවුන් දරුවන්, පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු උපත ලැබුවා.

ඒ හරියටම රට වසා දින දෙකකට පසුවයි.

දරු ප්‍රසූතිය සිදු වූයේ දුෂ්කරතා රැසකට මුහුණ දීමෙන් අනතුරුවයි.

 ඒ නිසාම මේ සැමියාට හා බිරිදට එම දිනය මතක තබා ගැනීමට අවශ්‍ය වුනා.

ඒ නිසාම මේ දරුවන් දෙපළ මේ අපුරු නම් ලද බව නිවුන් දරුවන්ගේ මව වු 27 හැවිරිදි ප්‍රීති වර්මා මාධ්‍යයට පවසා සිටියා.

මාර්තු මස 27 දින ඇය රජයේ රෝහලක දී සාර්ථකව දරු ප්‍රසූතියට මුහුණ දුන්නා.

නමුත් ඔවුන් ඊට පෙර මුහුණ දුන් දුෂ්කරතා මේ නම් ඔවුන්ට මතක් කරන බව මේ දෙමව්පියන් දෙපල පවසනවා.

රටම වසා දැමීම හේතුවෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රායිපූර් වෙත ළඟා වීමට නොහැකි වූ බැවින් දරු ප්‍රසූතියේදී ඔවුන් කිසිදු උපකාරයක් ලබා ගත නොහැකිව තනි වු බව වර්මා සිහිපත් කරනවා.

වාහන ගමනාගමනය නවත්වා තිබු මොහොතක ඔවුන් දෙදෙනාම බොහෝ දුෂ්කර මගක් ගෙවා ගෙන රෝහලට යන විට රාත්‍රිය උදා වී තිබුනාලු.

දරු ප්‍රසූතිය සිදු වූයේ එවැනි දුෂ්කරතාවයන්ගෙන් පසුව බැවින් ඔවුන්ට සිය දරුවන් දෙදෙනාට සුවිශේෂි නම් දෙකක් තබන්න අවශ්‍ය වුනා.

ඒ අනුව ඔවුන් කොවිඩ් හා කොරොනා ලෙස නම් වු බවයි වාර්තා වෙන්නේ.

ඔවුන්ගේ නම් ලස්සන බවත්  කොරෝනා යනුවෙන් ලතින් බසින් හදුන්වන්නේ  ඔටුන්න බවත් දරුවන්ගේ පියා වන විනයා වර්මා පැවසුවා.

ඊට අමතරව මේ නම් දෙක ජනතාවට අනාගතයේ දවසක සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමට මතක් කරාවි යැයි ඔහු සිතනවා.

මේ නම් තැබීමට පවුලේ වැඩිහිටියන් විරුද්ධ වුවත් පසුව එය වෙනස් කර කොවිඩ් බබාලා මෙලෙස නම් කර තියෙනවා.

ඉන්දියාවේදි උපත ලද කොවිඩ් හා කොරෝනා

භයානක වෛරසයක් පැතිර යද්දි අනතුරකින් තොරව උපත ලැබීමට වාසනාවන්ත වු මේ දරුවන්ට අපි සුභ පතමු.

ඉතින් කොවිඩ් 19 ලෝකයට අමතක වී දවසක මින්සුන් යලිත් මුණගැහේවි සුපුරුදු ලෙන්ගතුකමින්.

දෑතින් අල්ලා වැළද සුභපතා ගන්නා දවසක ඉන්දියානුවන්ට  ඒ අදුරු අතීතය සිහිපත් කරවමින් සනීපාරක්ෂාවේ වැදගත්කම යලි යලි මතක් කරන්නට මේ පුංචි කොවිඩ් හා කොරොනා නිවුන් දරුවන්ට හැකිවේවා කියලා අපිත් පතමු

මුලාශ්‍ර – www.aljazeera.com

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි