theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්

5 අවම කියවීම
ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්

ගුද සංසර්ගය ගැන ඔබ දත යුතු වටිනා දැනුවත් කිරීම් රැසක් මේ. ඔබ ගුද සංසර්ගයේ යෙදෙන්නට මත්තෙන්, මේ ලිපිය කියවන්න.

සහකරුවන් අතර ලිංගික ජීවිතය ඔවුන්ටම ආවේණික අත්දැකීමක් වනවා. මේ නිසා යුවලකගෙන් යුවලකට තම තමන්ගේ ලිංගික ජීවිතය වෙනස් වනවා. ගුද සංසර්ගය

ඇතැම් සහකරුවන් ඒකාකාරී, සාම්ප්‍රදායික, යෝනිය හරහා සිදුවන ලිංගික සංසර්ගයෙන් සෑහීමකට පත් වනවා.

තවත් සමහරු සාම්ප්‍රදායික බැමි බිඳ දමා, මෙම අත්දැකීම විශේෂ භූමිකාවක් කරගන්න කැමැත්තක් දක්වනවා. (තවත් අය ඕනෑම ආකාරයක ලිංගික එක්වීමකින් සතුටට පත්වනවා).

මේ අතර යුවළයන් කිහිප දෙනෙක් ගුද සංසර්ගය ඇතුළුව වඩාත් වික්‍රමාන්විත ක්‍රම වලින් තෘප්තියට පත්වීමට කැමති වීම පුදුමයට කාරණාවක් නොවේ.

බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ මනසෙහි ඇතිවන පළමු ප්‍රශ්නය නම්: ගුද සංසර්ගය හානිකරද? යන්නයි. ඉතින් අපි ඒ ගැන සොයා බලමු.

ගුද සංසර්ගය විකෘතියක්ද?

බොහෝ දෙනෙකු ගුද සංසර්ගය නුසුදුසු හෝ අප්‍රසන්න ක්‍රියාවක් ලෙස  දකින්නට පුළුවන්.

අනෙක් අතට ගුදය නම් එතරම් පිරිසිදු කොටසක් ලෙස සැළකෙන්නේත් නැහැනේ! (මුඛයද එතරම් පිරිසිඳු ශරීර කොටසක් නූවත්, බොහෝ දෙනෙක් මුඛ සංසර්ගයට නම් වැඩි කැමැත්තක් දක්වනවා.)

ගුද සංසර්ගය එතරම් දුලභ නොවේ යැයි කීවොත් ඔබ පුදුම වන්නටත් බැරි නැහැ. ඒ විතරක් නෙවෙයි, ගුද සංසර්ගය තවත් “සත්ව විශේෂ” අතරද “අස්වාභාවික” නැහැ. එබැවින් ඉහත ප්‍රශ්නයට පිළිතුර, “නැත” යන්නයි; ගුද සංසර්ගය විකෘතියක් නොවේ.

සමහර රටවල මෙය නීති විරෝධී බවට පණත් තිබෙනවා. මේ නිසා, මෙය ඔබ වාසය කරන රටේ නීතියට පටහැනි නම්, මේ ගැන ඔබ කතාබහ කරන ස්ථානය ගැන සැලකිලිමත් විය යුතුයි!

""</p

ගුද සංසර්ගය තෘප්තිය ගෙන දෙනවාද?

ඇත්ත වශයෙන් ගත් කල, ගුද සංසර්ගය යනු සෘජු වූ ශිෂේණයක් හෝ, ඇඟිලි හෝ ලිංගික සෙල්ලම් බඩු වැනි ඕනෑම වස්තුවක් ගුදය තුළට ඇතුළු කිරීමේ ක්‍රියාවයි.

මෙයට ගුද ප්‍රදේශය මුඛයෙන් උත්තේජනය කිරීමද ඇතුළත් වනවා.

ඉතින් මීට කෙටි පිළිතුර නම්, ඔව්, එය තෘප්තිය ගෙන දෙන්නක්.

දීර්ඝ පිළිතුර නම්, තෘප්තිය හා විනෝදය ලැබෙන්නේ ක්‍රියාවලියේ යෙදෙන්නන්ගේ ව්‍යුහය මත හෝ මනුෂ්‍යයා සැදී ඇති ආකාරයෙනි.

නිශ්චිතවම, ලිංගික තෘප්තිය ඇති වන්නේ පෙරියානාල් ප්‍රදේශයට (perianal area) සැපයෙන ස්නායු වලිනි.

පුඩෙන්ඩල් ස්නායුව (pudendal nerve) පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ක්ලිටරිස් වලින් සංවේදනයන් ගෙනයාමට සම්බන්ධ අතර, ලිංගික තෘප්තිය සක්‍රීය කරනු ලබනවා. එම ස්නායුව ගුදය අවට ප්‍රදේශයෙන් ද සංවේදනයන් ගෙන යයි.

එබැවින්, එම කලාපයේ උත්තේජනය තෘප්තිමත් විය හැකියි.

අනෙක් අතට, පුද්ගලයා නිසි ලෙස නිදහස්, සන්සුන් හා ලිහිල් නොවේ නම් ගුද මාර්ගයට යමක් ඇතුළ් කිරීම වේදනාකාරී විය හැකියි.

නිසි පරිදි සිදු නොකළ හොත් එය සියුම් ස්පින්ක්ටර් මාංෂපේශි වලටද (මේ ක්‍රියාවේදී ගුදය වැසෙන හා විවෘත කරන මාංශ පේශි) හානි කළ හැකිය.

එබැවින්, ඔබ මෙය පළමු වරට අත්හදා බැලීමට අදහස් කරන්නේ නම්, මේ දේ මතකයේ තබා ගන්න.

ගුද සංසර්ගය හානිකරද?

ඇත්තවශයෙන්ම ගුද සංසර්ගය ප්‍රසන්න විය හැකිය. කෙසේ වෙතත්, අනාරක්ෂිත ගුද සංසර්ගයේ ලොකුම අවාසිය නම් එමගින් ලිංගාශ්‍රිත රෝග බෝවිය හැකි වීමයි.

අධ්යයනයක දී, ගුදය සංසර්ගයේ යෙදුනු පිරිමින් සහ කාන්තාවන් තුළ අපහසුතාව දක්නට ලැබුණි. එක් හේතුවක් විය හැක්කේ ස්පින්ක්ටර් මාංශපේෂි වලට හානි වීමයි.

විශාල, දෘඩ වස්තූන් ගුදය තුළට ඇතුළු කිරීමෙන් සැලකිය යුතු හානියක් සිදුවිය හැකි බැවින් කරුණාකර මෙහි ආරක්ෂිත බව තහවුරු කරගන්න!

ගුද සංසර්ගය

ගුද සංසර්ගය හානිකරද? ඇත්තෙන්ම නැහැ. ඇත්ත වශයෙන්ම, එය අතිශයින් ප්‍රසන්න විය හැකිය.

දැන් මෙහි සතුටුදායක පැතිකඩ

ඔබ මෘදු හා ඉවසිලිවන්තව සිටින තාක් කල් ගුද සංසර්ගය තරමක් ආරක්ෂිත බව අපි දැන් පැහැදිළි කර තිබෙනවා!

ඔබට අත්හදා බැලීමට අවශ්‍ය නම් හෝ විවාහය කුල්මත් කරගන්න අලුත් දෙයක් උත්සාහ කර බලන්න.

ඔබේ සැමියා නිර්භීතව කිසිවෙකු පෙර නොගිය මානයකට ඇතුළු වන්නට පෙර, ඔබ දෙදෙනාම ඒ සඳහා මානසිකව සූදානම් විය යුතුය.

එබැවින්, අවංක සංවාදයක යෙදෙන්න. අකමැත්තෙන් බල කිරීම් මත මෙම ක්‍රියාවට ඇතුළු වන්නට එපා. එය වේදනාව ඇති කරයි.

සනීපාරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ගත් කල, අත්‍යවශ්‍ය නොවුවද වස්තියක් කිරීම සාමාන්‍ය සිරිතකි. එබැවින් ඔබ කුමක් කිරීමට තීරණය කළත්, පළමුව අවංක කතාබහක යෙදෙන්න.

ගුද සංසර්ගය ප්‍රියමනාප කිරීම සඳහා, වැදගත්ම කාරණාව වන්නේ  දෙදෙනාම සැහැල්ලුවෙන් සිටීමයි. පුරෝකථනය කිරීමෙන් ඔබට මෙය සහතික කළ හැකිය!

ගුදය මුඛයෙන් උත්තේජනය කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. එබැවින් ඔබ ඒ සඳහා සූදානම් නම් පළමුව සිතන්න.

සිත් ඇදගන්නාසුලු කොටස් වෙත යාමට පෙර ඔබට කෙලින්ම ගුද සංසර්ගයට යා හැකිය. මතක තබා ගන්න, ඔබ ගුද සංසර්ගයේ යෙදීමට තීරණය කරන විට මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

උදෑසන ලිංගිකව එක්වීම

ගුද ලිංගික අවශ්‍යතා

පළමු හා ප්‍රධාන දෙය නම්,  සංසර්ගය ලබන්නා සැහැල්ලුවෙන් සිටී නම් එය ඉමහත් තෘප්තියක් ගෙන දෙන අත්දැකීමක් වනු ඇත.

එබැවින් ඔබේ සහකරුද ප්‍රමාණවත් ලෙසඋද්‍යෝගමත් බවට පත්ව ඇති බවට සහතික වන්න!

ගුද සංසර්ගය අත්හදා බැලීමේදී මතක තබා ගත යුතු කරුණු 4ක් මෙන්න.

1. ලිහිසි ද්‍රව්‍යයක් (lube ) භාවිතා කරන්න.

පූර්ව සූදානම අතරතුර, ඔබට ඇගේ ගුද ප්‍රදේශයේ ස්පින්ක්ටර් පටක ලිහිල් කිරීම සඳහා අත්වැසුම් සහ ලිහිසි තෙල් භාවිතා කළ හැකියි.

මුලින්ම ඇයට තුළට ඇතුල් වීමට එක් ඇඟිල්ලක් භාවිතා කරන්න.

ඇය ඇගේ පැත්තට වැතිර සිට ඔබේ අත්ල උඩු අතට මුහුණ ලා සිටී නම් ඔබට එය අවම වේදනාවෙන් කළ හැකිය.

ඇගේ ප්‍රතිචාරය ගැන සංවේදීව ඉදිරියට යන්න. ඇය එය භුක්ති විඳිනවා නම්, ඔබට තවත් ඇඟිල්ලක් උත්සාහ කළ හැකිය.

එය වඩා වේදනාකාරී නම්, එය හානිදායක විය හැකි බැවින් තවදුරටත් එම ක්‍රියාවේ යෙදීමෙන් වළකින්න.

2. සනීපාරක්ෂාව පිළිබඳ කරුණු

ඔබ මාරුවෙන් මාරුවට ගුද හා යෝනි සංසර්ගයේ යෙදෙන්නේ නම්, ගුදය තුළ ඇති කිසිවක් එනම් ශිෂේණය, ලිංගික සෙල්ලම් බඩු, ඇඟිලි ආදිය) සෝදා නොගෙන යෝනි මාර්ගයට ඇතුළු නොකිරීමට මතක තබා ගන්න. මෙය ආසාදනය වැළැක්වීම සඳහා ය.

3. ලිංගික සෙල්ලම් බඩු භාවිතා කරන්නට උත්සාහ කරන්න

බට් ප්ලග්, ගුද පබළු හෝ කුඩා ගුද කම්පන යන්ත්‍ර (anal vibrators) වැනි ගුදය සඳහා සාදන ලද ලිංගික සෙල්ලම් බඩු ද ඔබට භාවිතා කළ හැකිය.

කිසිවක් ඇතුළත් කිරීමට පෙර ඔබ ප්‍රමාණවත්ලෙස ලිහිසි තෙල් භාවිතා කර ඇති බවට වගබලාගන්න.

අවවාදයයි: ගුදයේ යමක් සිරවී නොමැති බවට වගබලා ගන්න. මොකද, එසේ වුවහොත් එය රෝහලේ හදිසි ඒකකයේ කාමර හෙදියට පැහැදිලි කිරීම අතිශයින් ලැජ්ජාවට කරුණක් වනු ඇති බැවිනි!

4. ආචාරසම්පන්න වෙන්න

ඇය සුදානම් යැයි ඔබට හැඝුනු පසු, ඔබට ඇය හා සංසර්ගයේ යෙදීම සඳහා ඉදිරියට යා හැකිය. කලබලයකින් තොරව, ඔබට අවශ්‍ය කාලය ගන්න. ඉක්මන් නොවන්න.

සම්පූර්ණයෙන්ම ඔබ හා පහසුවෙන් සම්බන්ධ වන්නට ඇයට යම් කාලයක් අවශ්‍ය වේවි. එබැවින් මව්වරුණි, ඔබට හැකි තරම් සැහැල්ලුවෙන් සිටින්න! ඔබේ රිද්මය සොයා ගන්න.

විශේෂයෙන්ම ඔබ දෙදෙනාටම මෙය වේදනාවකින් හෝ අපහසුතාවයකින් තොර අත්දැකීමක් වන බවට වග බලා ගන්න.

ගුද සංසර්ගය යනු විවාහයට නව රසයක් එකතු කිරීමේ තවත් එක් ක්‍රමයකි. ගුද සංසර්ගය හානිකරද? නිවැරදිව කළහොත් එය හානිකර නැත.

ඔබේ හවුල්කාරිත්වයේ ඇති ආදරය පවත්වාගෙන යාම සඳහා ප්‍රවේසමෙන් සහ නොමසුරුව එකිහනෙකාට උපකාර කිරීමෙන් ඔබ දෙදෙනාටම මෙම අත්දැකීම භුක්ති විඳිය හැකියි.

මූලාශ්‍ර:

  1. Goodvibesblog
  2. Reuters

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්
බෙදාගන්න :
  • මුඛ සංසර්ගය මගින් දැඩි බැක්ටීරියා ආසාදනයක් පැතිරෙන බව ඔබ දන්නවාද?

    මුඛ සංසර්ගය මගින් දැඩි බැක්ටීරියා ආසාදනයක් පැතිරෙන බව ඔබ දන්නවාද?

  • ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

    ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

  • මුඛ සංසර්ගය මගින් දැඩි බැක්ටීරියා ආසාදනයක් පැතිරෙන බව ඔබ දන්නවාද?

    මුඛ සංසර්ගය මගින් දැඩි බැක්ටීරියා ආසාදනයක් පැතිරෙන බව ඔබ දන්නවාද?

  • ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

    ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it