theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

3 අවම කියවීම
විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

විවාහය එපා වූ සහකරු එය කටු ගෑමට නිතර සිත දෙන්නේ නම්, ඔවුන් විවාහය තුල රඳවා ගැනීමට ඔබට කල හැක්කේ කුමක්ද?

විවාහය තුළ අසතුටින් ජිවත් වීම පහසු කරුණක් නොවේ. ඉන් ඔබ දෙදෙනාම මානසිකව කඩා වැටෙන්නේ බලාපොරොත්තු විරහිත පරාජිත හැඟීමකින්. දෙකඩ වනවා හැරෙන්නට වෙනත් විසඳුමක් ඔබට පෙනෙන තෙක් මානයේ නැති වන්නට පුළුවන්.

නමුත් නොයෙක් හේතුන් මත ඔබේ සහකරුට දෙකඩ වීමට අවශ්‍ය මුත් ඔබේ බලාපොරොත්තුව කෙසේ හෝ විවාහය පවත්වාගැනීම නම්, ඔබට දෙකඩ නොවී විවාහයේ රැඳෙන්නට කළ හැකි යමක් වේ නම් කෙතරම් අගනේද?

විවාහය තුළ අසතුටින්

විවාහය තුළ අසතුටින්?

ඔබගේ සබඳතාවේ තත්වය මත අසතුටින් සිටිනා සහකරු වෙත වෙන් නොවී ඔබ හා රඳවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්

1. ඔහුගෙන්/ඇයගෙන් තව කාලයක් ඉල්ලා සිටින්න

ඔබේ සහකරුගෙන් තරණයක් ගැනීමට පෙර මාස හයක හෝ වසරක කාලයක් ඉල්ලා සිටින්න. මෙම කාලය තුළ ඔබ දෙදෙනාගේ උත්සාහයෙන් අනතුරුවත් සබඳතාවේ වෙනසක් සිදු නොවේ නම්, එය සුහද වෙන්විමකට කාලය වන්නට පුළුවන්. මෙවන් කාලයක් ඔවුන්ට ලබා දීමෙන් ඔවුන්ට විවාහයේ සිර වී සිටින ලෙස නොහැඟෙන්නට පුළුවන්. තවද, ඔබේ තත්වයේ බාල්දු වීමක් නොමැතිව ඔබ මේ ගැන සාධාරණ ආයාසයක් ගන්නා බව පිළිබිඹු වනවා ඇත.

2. ඔබේ දිගු කාලීන කැපවීම පෙන්වන්න

විනිශ්චයකට ලක් නොවී, ඔබට නිරවුල් කරගැනීමට අවශ්‍ය අදාළ ගැටළු ගැන සහකරුට පැහැදිළිව අවබෝධ කර දෙන්න.  මෙය සමාව දීම පිලිබඳ ගැටළුවක් නම්, ඔබට මෙම වේදනාවෙන් අත්මිදීමට පියවර ගැනීමට සැදී පැහැදී සිටිනා බව සහකරුට කියා සිටින්න. මෙය ඔබ විසින් විශ්වාසය කඩ කිරීමේ ගැටළුවක් නම් ඔබ පැහැදිලිව වෙනස් වෙමින් සිටින බවට ඔප්පු වන ලෙස ක්‍රියා කරන්න.

3. අවශ්‍ය සියලු උපකාර ලබාගන්න

ඔබේ සහකරුට සියල්ල එපා වී ඇත්නම්, කිසි කෙනෙකුගෙන් දනමුත් කමක් නොගෙන දමා ගසා යාම අන්තිම විසඳුම නොවන බව ඒත්තු ගැන්විය යුතුයි. ඔබට හදවතින්ම හිතවත් නෑදෑ මිතුරකුගේ උදව් ගැනීමට පකිලෙන්නට එපා. ඔබ නොදකින මානයක් ඔවුන් දකින්නට පුළුවන්.

4. ඔබේ වැරදීම් අනුන් පිට පටවන්නට එපා

ඔබෙන් යම් වරදක් වුයේ නම් එහි වරද බාරගන්නට නිහතමානි වන්න. සහකරුවන් අතර ගැටළු ඇති වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වැරදි නොපිලිගනිමත්, තම වැරදි වලට අනුන් පිට වැරදි පැටවිමත්ය. ඔබේ විවාහය තුළත් මෙය ගැටළුවක් නම් මේ පුරුද්දෙන් මිදී වෙනසක් ඇති කිරීමට අදිටන් කරන්න. ඒ වෙනස ඔබ අතින් සිදු කර ඉදිරි ගමන එකට එක්ව යන සර්තකෙකක් කරගන්න.

5. සුදුසු දේවලට මුල් තැන දෙන්න

සමාජයේ බහුලතම ගැටළුවක් වන්නේ විවාහය වෙනුවෙන් අඩුම තැනක් ලබා දීමයි. ඔබ අසතුටින් සිටිනවා නොවන්නට පුළුවන්. නමුත් ඔබේ සහකරුට අවශ්‍ය ආදරය සෙනෙහස ලබාදෙන්නට ඔබට කාලයක් නැතිව ඇත්තේ අනෙක් සියලු කටයුතු වලට මුල් තැන දී ඇති හෙයිනි. කාලයක් තිස්සේ ඉන්නන් වාලේ සිටියා නම් විවාහය නැතිනම් ඔබේ සහකරු ඔබේ ජිවිතයේ මුල්තැන කරගන්න. ඔබ මුලින්ම ආදරය කල කාලයේ මෙන් ඔහුට/ඇයට ආදරය ලබා දෙන්න. මෙවිට ඔබගේ සබඳතාව අලුත්ම කෝණයකින් දකින්නට ඔබට හැකි වනවා ඇති.

ඉතින් ඔබ එකිනෙකා වෙනුවෙන් මෙපමණ කාලයක්, ජිවිතයෙන් කොටසක් කැප කර එය නිරපරාදේ දෙකඩ වන්නට ඉඩ නොදී මෙලෙස කැප වී යම් උත්සහයක් ගැනීමෙන්, දෙදෙනාට එක්වී නව පිටුවක් තෝරා ගැනීමට හැකි වනවා ඇති.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it