ගර්භණි සමය තුළ ඇසුරට නොගතයුතු රූපලාවන්‍ය නිෂ්පාදන13 ක්

lead image

ඔබේ කිරිකැටියා කුස තුළ වැඩෙන මේ මාස 9 තුළදී මේ රූපලාවන්‍ය නිෂ්පාදන වලින් ඈත්ව සිටින්න.

ගර්භණි සමයේ ඇතිවන වෙනස්කම් පාලනය කරන්න බොහෝ විට අපට හැකියාවක් නැහැ. මීට අපි ගන්නා ආහාර , ක්‍රියාකාරකම් වගේම රූපලාවන්‍ය නිෂ්පාදනත් ඇතුලත්. මේත් එවැනි නිෂ්පාදන 13 ක්.

සම සුදු කරන නිෂ්පාදන

මෙම ආලේපන තුළ hydroquinone නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වෙනවා. මේ රසායනිකයන් තුළ ඉතා ඉහළ උරාගැනීමේ ශක්තියක් ඇති නිසා ගර්භණි කාලය තුළ නුසුදුසු වෙනවා. ගර්භණි සමය තුළ සම කළු පැහැ ගැන්වීම ස්වභාවික වුවත් පසුව එය සාමාන්‍ය තත්වයට පත්වන නිසා ඔබ ඒ ගැන කණගාටු විය යුතු නැහැ. ඒ වෙනුවෙන් ආලේපන ගැලවීමේ ප්‍රතිඵලයකුත් නැහැ.

ඇන්ටි එජින් මොයිෂ්චර්රයිසරස්

සම රැළි වැටීම, වයස් ගතවීම පාලනය කරන රෙටිනොයිඩ්ස් මෙහි අඩංගු වෙනවා. නමුත් මේවා ශරීරයට ඇතුලත් වීමෙන් කලලයට හානිකර විය හැකි අවස්ථා තිබෙනවා. ඉතින් ඉන් ඈත් වීම වඩාත් නුවණට හුරුයි.

ටෝනර්

ඉහළ මාත්‍රාවෙන් යුතු ග්ලුකොලින් ඇසිඩ් අහිතකර වෙනවා. ටෝනර් වල අඩංගු මෙම රසායනිකයන් ගර්භණි සමයේ සමට හානිකර වෙන්න පුළුවන්.

කුරුලෑ මර්ධන නිෂ්පාදන

Beta hydroxy ඇසිඩ් හා සැලිසයිලික් මෙම නිෂ්පාදනවල අඩංගු වෙනවා. ඒ වගේ ෆෙෂල්, ක්ලේන්සර්ස් ටෝනර් වැනි දේවල් වල එක්ස්ෆොලියන්ට්ස් අඩංගුයි. මේවා ශරීරගත වීම තුළින් කලලයට අනතුරු ගෙන ඒමටත් ගර්භණි සමයේ වෙනත් සංකූලතා ඇති වීමටත් ඉඩ තියෙනවා.

මේකප්

හැම මේකප් එකක්ම නැති වුනත් පැරබන් අඩංගු මේකප් ඈත් කිරීම සුදුසුයි. සමහර රටවල මේ නිසාම සමහර නිෂ්පාදන තහනම් කර තිබෙනවා. පැරබන්,  මොයිෂ්චර්රයිසරස්, ෂැම්පු, කන්ඩිෂනර්, ඇන්ටි එජින්, සන්ස්ක්‍රීන් , ටෝනර් වැනි නිෂ්පාදන තුළත් අඩංගු වෙනවා.

කෙමිකල් අඩංගු සන්ස්ක්‍රීන්

කෙමිකල් සන්ස්ක්‍රීන් තුළ ඔක්සිබෙන්සෝන් අඩංගු වෙනවා. මේ නිසා හෝර්මෝන වල අසමතුලිතතා මෙන්ම අඩු බර උපත් වලටත් මගපෑදෙනවා. ඒවගේම සමේ අසාදන, දද ඇතිවීමටත් ඉඩ තියෙනවා. මීට විසඳුමක් ලෙස සින්ක් ඔක්සයිඩ් හෝ මයිටේනියම් ඔක්සයිඩ් අඩංගු නිෂ්පාදන භාවිතය ආරක්‍ෂිත වෙනවා.

ඇන්ටි පර්ස්පිරන්ට්

ඇන්ටි පර්ස්පිරන්ට් වල Aluminum chloride hexahydrate අඩංගු නිසා දහදිය නිකුත් කරන ග්‍රන්ථි වලට බලපෑම් ඇතිකළ හැකි අතර මෙය ගර්භණි සමයේ ඈත්කළ යුතු නිෂ්පාදනයක් ලෙස නම් කෙරෙනවා.

හෙයා ස්ට්‍රෙට්නින් (relaxing)

එහි ෆෝමල්ඩිහයිඩ් අඩංගු වන අතර මේවාට භාවිත කරන සමහර නිෂ්පාදන විවිධ රටවල් වල තහනම් කරන්නෙත් එහි ඇති අනතුරුදායක බව නිසයි. අනෙක් අතට එය පිළිකා තත්වයන් ඇති කිරීමටත් හේතු විය හැකියි.

ස්ප්‍රේ වර්ග

ස්ප්‍රේ වර්ග වල DHA අඩංගු නිසා ආග්‍රාහණය මගින් සෛල විනාශ වෙන්න පුළුවන්. 

බොටොක්ස්

මේ මගින් එතරම් හානිකර තත්වයක් වාර්තාවී නැතත් තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතින නිසා ඉන් ඈත්වීම හිතකරයි.

නිය ආලේපන

නිය ආලේපන වල ඇති රසායනිකයන් කලලයේ මොලයේ වර්ධනයට මෙන්ම සෛල වලට හානි පැමිණවීමේත් අවධානමින් යුක්තයි. මින් මිදීම අපහසු නම් පැනලේට් අඩංගු නිය ආලේපනයක් එළිමහන් ස්ථානයක සිට ආලේප කිරීම කළහැකියි.

හෙයා ස්ප්‍රේ

හෙයා ස්ප්‍රේ වල මෙන්ම නිය ආලේපන වල ඇති පැනලේට් අඩංගු නිසා කලලයට බලපෑම් ඇතිවීමේ අවධානමක් තියෙනවා. එමෙන්ම ලිංගිකත්වයේ වෙනස්කම් වල වර්ධනයටත් එය බලපානවා.

කෙමිකල් හෙයා රිමුවර්ස්

අනවශ්‍ය රෝම ඉවත් කරන නිෂ්පාදන තුළ අඩංගු thioglycolic acid ගර්භණි සමය තුළදී ආලේපනය නුසුදුසු වෙනවා. ගර්භණි සමය තුළදී hypoallergenic  අඩංගු නිෂ්පාදන කාර්යයේදී නිසි පර්යේෂණ වලට ලක්වූ නිෂ්පාදන භාවිතා කරන්න.

ගර්භණි සමය තුළ ලස්සන ගැන උනන්දු වෙන්න එපා කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් වෙනත් ආරක්ෂාකාරී ක්‍රමයන් අනුගමනය කරන්න ඔබව යොමු කරන්නයි theAsianparent Sri Lanka අපි ඔබට මේ දැනුවත් බව ගෙනත් දුන්නේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent