theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

5 අවම කියවීම
ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

ගැබිනි සමයේ ඔබේ සිරුරේ සිදුවෙන තවත් වෙනස් කමක් මෙන්න.

ගැබිනි සමයේ  අප සිරුර තුල බොහෝ වෙනස් කම් වෙනවා. සිරුරේ අනෙක් අවයව මෙන්ම ගැබිනි සමයේ යෝනීය ද විවිධ වෙනස්කම් වලට මුහුණ දෙනවා. 

එහි ඇමෝනියා ගන්ධයක් ඇතිවීම මුත්‍රා සමග ඇමෝනියා පිටවීම නිසා සිදුවෙනවා.

මෙලෙස ඇමෝනියා පිටවීමට ගැබිනි ඔබ ගන්නා  ආහාර , ඖෂධ හෝ විජලනය හේතු වෙන්න පුළුවන්.

ගැබිනි සමයේ ඔබ කන බොන දේවල් ඔබේ මුත්‍රා ගන්ධය කෙරෙහි බලපායි.

ඔබ මුත්‍රා පිට කිරීමෙන් පසු මුත්‍රා යම් ප්‍රමාණක් ඔබේ යෝනීය අවට ඉතිරි වෙනවා.

ඒ නිසාම ඔබේ යෝනීයෙන් ගන්ධයක් පිටවෙන්න පුළුවන්.

ඒ වගේම මුත්‍රා ආසාදන,  ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) වැනි සමහර ආසාදන නිසා යෝනීයේ අමුතු හෝ අප්‍රසන්න ගන්ධයක් ඇති කරන්න පුළුවන්

ගැබිනි සමයේ යෝනීය තුල ගන්ධයන් ඇති වීමට හේතු

ගර්භනී සමයේ අපහසුතා

යෝනීයේ ඇමෝනියා ගන්ධය ඇතිවීමට හේතු කිහිපයක් තියෙනවා.

1.ඔබේ ගද සුවද දැනීමේ සංවේදිතාවය ඉහළ යාම

  • ගර්භණී සමයේදී මුත්‍රා වල ගන්ධය වෙනස් වෙන්න පුළුවන්.
  • සමහර ගර්භනී කාන්තාවන් යම් යම් සුවඳ වලට වඩා සංවේදී වෙනවා.
  • මෙම ගඳ සුවඳ දැනීම ඉහළ යාම හයිපර්ස්මියා ලෙස හැඳින්වේ.
  • ඇමෝනියා ස්වාභාවිකවම මුත්‍රා වල දකින්නට ලැබෙනවා.  නමුත් එය සාමාන්‍යයෙන් එතරම් ගන්ධයක් ලබා දෙන්නේ නැහැ.
  • කෙසේ වෙතත්,  කාන්තාවන් ගර්භනි කාලයේදි කලින් නොදැනුන මේ ඇමෝනියා ගන්ධය තදින්ම අත්විදින්න පුළුවන්.

ඔක්කාරය හා වමනය ඇති කිරීම සඳහා ගර්භණී සමයේදී කාන්තාවන්ගේ නාසික සංවේදීතාව වැඩි වන බව සමහර පරේක්ෂකයින් විශ්වාස කරනවා.

එය  විශේෂයෙන් ගර්භනී අවධියේ මුල් මාස කිහිපය තුළ කලලයට හානිකර විය හැකි විෂ ජීර්ණය වීම වළක්වා ගැනීමට මවට උපකාර කරනු ලබනවා.

ගර්භණී සමයේදී හියුමන් කොරියොනික් ගොනඩොට්රොපින් (එච්.සී.ජී.) හෝමෝනයේ සංසරණ මට්ටම්වල වෙනස්වීම් වලට හයිපෝරෝස්මියාව සම්බන්ධ විය හැකි බව සීමිත පර්යේෂණ ප්‍රමාණයක් පෙන්වා දෙනවා.

2. ගන්නා ආහාර වෙනස්වීම

ගර්භනී සමයේ නුසුදුසු ආහාර

ගර්භණී සමයේදී බොහෝ කාන්තාවන් සාමාන්‍යයෙන් අමුතු ආහාර සදහා වැඩි ආශාවක් දක්වයි.

ඒවා සමහර විට ඇය පෙර ආහාරයට නොගන්නා දේවල්ද වෙන්න පුළුවන්.

ඇයට සමහර ආහාර කෑමට දොළදුකක් ඇති වෙන්න පුළුවන්. 

සමහර ආහාර ගැනීම නිසා ගැබිනි මවගේ මුත්‍රා ගන්ධයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්.

සමහර ආහාර වල පෝෂ්‍ය පදාර්ථ හා විටමින් අඩංගු වන අතර එමඟින් මුත්‍රා වල ඇමෝනියා ගන්ධයක් ඇති වෙන්න පුළුවන්.

එවන් ආහාර කිහිපයක් පහත දැක්වෙනවා.

  • ඇස්පරගස්
  • බ්රසල්ස් පැළ
  • සුදුළුනු
  • ළූණු

3. විටමින් සහ අතිරේක ගැනීම

  • බොහෝ විටමින් සහ අතිරේක, විශේෂයෙන් විටමින් බී වර්ග අඩංගු අතිරේක මගින් මුත්‍රා වල පැහැය හා ගන්ධය වෙනස් කරනු ලබනවා.
  • විටමින් හෝ අතිරේක අලුතින්  ලබා ගැනීමට පෙර ගර්භනී කාන්තාවන් සෑම විටම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය.

කැල්සියම්, යකඩ සහ ෆෝලික් අම්ලය වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිපුන් ආහාර දිනපතා ආහාරයට ගැනීම වැඩි කිරීම වඩාත් සුදුසුය. 

අනවශ්‍ය අතිරේක ගැනීමෙන් වැළකී සිටීම අතුරු ආබාධ ඇතිවීම සහ වැඩිපුර අතිරේක හා විටමින් ගැනීමේ  අවදානම අඩු කර ගන්න පුළුවන්

4. විජලනය වීම

  • ශරීරය ජලය අඩු වූ විට, වකුගඩු වල මුත්‍රා තනුක කිරීම සඳහා ඇති තරල ප්‍රමාණය අඩුය.  
  • ඒ නිසා මුත්‍රා වල අධික ගන්ධයක් ඇති වෙනවා.
  • සමහැර  කාන්තාවන් ගැබ්ගෙන ඇති බව දැන ගැනීමට පෙර යම් විජලන තත්වයන් අත් විදියි.

 ඕනෑම කෙනෙක් ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් ලබා නොගන්නේ නම්  ශරීරයට සුපුරුදු පරිදි මුත්‍රා නිපදවීමට අපහසුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එවිට මුත්‍රා වඩා තද පැහැයකි මෙන්ම බුබුළු සහිත බවක් දක්නට ලැබෙන්න පුළුවන්.

5. මුත්‍රා ආසාදන ඇතිවීම

  • ගර්භනී කාන්තාවන්ගෙන් 8% කට පමණ ඇමෝනියා ගන්ධයක් ඇති කළ හැකි මුත්‍රා ආසාදන වලින් පීඩා විදිනු ලබනවා.
  • බොහෝ මුත්‍රා ආසාදන  ඇතිවන්නේ Escherichia coli හෝ E. coli නම් බැක්ටීරියා නිසායි.

මුත්‍රා ආසාදන වලදී මුත්‍රා ගන්ධය වෙනස් වීමට අමතරව පහත ලක්ෂණ දක්නට ලැබේ.

  • මුත්‍රා පිටකිරීමේදි වේදනාව හෝ දැවිල්ල
  • හදිසියේ මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
  • තද හෝ කැටි සහිත මුත්‍රා
  • ශ්‍රෝණි හෝ පහළ උදර වේදනාව

ගර්භනී කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇති බවට සැකයක් ඇත්නම් වෛද්‍යවරයකු හමුවෙන්න.

නැතිනම් එය ඔබේ  වැඩෙන දරුවාට බලපාන්න පුළුවන්.

ගැබිනි සමයේ යෝනීයේ ගන්ධය වැළැක්විය හැකි ක්‍රම 

නිවැරදි ලිංගික ඉරියව්

මෙම තත්වය ඇතිවීමට හේතුව අනුව එයට කල හැකි පිළියම් වෙනස් වෙනවා.

ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න

1. හොද සනීපාරක්ෂක ක්‍රම පවත්වා ගැනීම

  • නිතිපතා ඇඳුම් සහ ඇඳ ඇතිරිලි සෝදන්න. එහිදි සංවේදී සම සඳහා සුදුසු නිෂ්පාදන තෝරන්න.
  • ඔබ යෝනී මාර්ගය පිරිසුදු කරද්දි යෝනී මාර්ගය පැත්තේ සිට පසුපසට පිස දමන්න. එවිට  ගුද මාර්ගයේ බැක්ටීරියා ආසාදනය වීම් වැළකෙනවා.
  • යෝනීය මෘදු සබන් හා ඇල්මැරුණු ජලයෙන් සෝදන්න. එහිදි සුවඳැති සබන් , යෝනි ඩියෝඩ්‍රන්ට්, විෂබීජ නාශක නිෂ්පාදන වලින් යෝනීය ඇතුලත සේදීමෙන් වළකින්න.

2. සජලීකරණයෙන් සිටීම

යෝනි මාර්ගය ඇමෝනියා වැනි සුවඳකින් වළක්වා ගත හැකි පහසුම ක්‍රමයක් නම් මුත්‍රා පෙරීම සදහා  ශරීරයට ප්‍රමාණවත් තරලයක් පවත්වා ගන්න.

  • ක්රැන්බෙරි යුෂ හෝ ඇපල් සයිඩර් විනාකිරි පානය කිරීම

3. නිතර නිතර මුත්‍රා කිරීම

මුත්‍රාශයේ  වැඩි කාලයක් මුත්‍රා පවතින විට එහි යූරික් අම්ලය සමඟ සාන්ද්‍ර වෙනවා.

එසේ වැඩි කාලයක් මුත්‍රා මුත්‍රාශයේ රැදී තිබීමෙන් බැක්ටිරියාද වර්ධනය වෙනවා.

නිතර නිතර හෝ මුත්‍රා කිරීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්.

4. ප්‍රෝබියොටික් අනුභව කිරීම

ප්‍රෝබියොටික් යනු  බඩවැල් වල වෙසෙන හිතකර බැක්ටීරියා වේ.

ප්‍රෝබියොටික් අඩංගු ආහාර අනුභව කිරීමෙන් මුත්‍රා ආසාදන අවම කරනවා.

සමහර යෝගට් වල මේවා අඩංගු වෙනවා.

5. ආරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වීම

අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් නිසා  ඇමෝනියා වැනි ගන්ධයක් ඇති කරන්න පුළුවන්.

සමහර මුත්‍රා ආසාදන මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගද මෙලෙස ගන්ධයක් ඇති කිරීමට හේතු වෙනවා.

ඒ නිසා ඔබේ ලිංගික ක්‍රියාකාරකම් විශ්වාසවන්ත සහකරුවෙකුට සීමා කිරීමටත් ලිංගික ඇසුරකදි කොන්ඩම් භාවිතයත් සිදු කරන්න.

ගැබිනි සමයේ යෝනීය තුල ගන්ධයක් ඇති වීමට හේතුත් ඒ සදහා පිළියම්ද ඔබ මේ ලිපිය ඇසුරින් දැනුවත් වෙන්න ඇතැයි අපි සිතනවා.

මේ සම්බන්ධව ඔබට අදහස් තිබෙනවා නම් එය අප හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.medicalnewstoday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්
බෙදාගන්න :
  • යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it