Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය ළඟදීම යලි කරලියට

Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය ළඟදීම යලි කරලියට

දරුවන්ගේ මග හැරුනු එන්නත් ලගදීම ඔබට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරයි.

දරුවන්ගේ අත්‍යාවශ්‍ය එන්නත් ලබා දීමත් අද ප්‍රශ්නයක් ‌වෙලා ‌නේද?

කොවිඩ් 19 නිසා නිවෙස් වලටම කොටු වු ශ්‍රි ලාංකික අපගේ දෛනික ජිවිතය සම්පුර්ණයෙන්ම නතර වුනා.

සියල්ලන්ගේම රැකියාව පමණක් නොව දරුවන්ගේ පාසැල් ගමන මෙන්ම දරුවන්ගේ අත්‍යාවශ්‍ය එන්නත් ක්‍රියාවලියද අඩපණ වුනා.

ශ්‍රී ලංකාව තුල දරුවා ඉපදුන මොහොතේ සිට ලබා දිය යුතු ප්‍රතිශක්තිකරණ එන්නත් ළමා සායන හරහා දරුවන් වෙත නොමිලයේ නිකුත් කිරීම කරනු ලබනවා.

ඊට අමතරව අවශ්‍ය දෙමව්පියන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් පෞද්ගලික රෝහල් හරහා මිල දී ගෙන දරුවන්ට ලබා දීමටද අවස්ථාව තියෙනවා.

නමුත් සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීමේ දැඩි අවශ්‍යතාවය නිසාම ළදරු මාසික සායන නතර වුනා.

ඒ වගේම ඇදිරි නිතීය හා  රෝගය බෝවීමේ අවදානම හේතුවෙන් දෙමව්පියන්ට දරුවන්ට වයසට නියමිත එන්නත් පෞද්ගලිකව හෝ ලබා දීමට නොහැකි වුනා.

මේ පිළබදව කුමක් කල යුතුදැයි අදහසක් නොතිබු බොහොමයක් දෙමාපියන් කලබලයට පත් වුනා.

ඔවුන්ට තිබුන ප්‍රධාන ගැටලුවක් වුයේ මේ එන්නත් නිසි දිනයන්ට ලබා නොදීමෙන් තම දරුවන්ට සෞඛ්‍ය ගැටලුවක් පැන නගිද යන්නයි.

Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය ළඟදීම යලි කරලියට

දරුවන්ගේ අත්‍යාවශ්‍ය එන්නත් ක්‍රියාවලිය නැවත පණ ගැන්වෙනවාද?

 

ප්‍රති එන්නත් මත

ඒ පිළිබද පුවතක් ‌සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් වාර්තා ‌වෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය ඒ සම්බන්ධ‌යෙන් අදහස්  දක්වා තියෙනවා.

මව්පියන්ට සැනසීමක් ලබා දෙමින් කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ලේකම්වරිය  පැවසු බව වාර්තා ‌වෙනවා.

ඒ වගේම කුඩා දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ හා විටමින් වර්ග නිවෙස් වලට ගොස් බෙදා දීමේ වැඩසටහන ගැනද ලේකම්වරිය තව දුරටත් සදහන් කළා.

මේ සම්බන්ධව ඔබට යම් ගැටලුවක් ඇතිනම් 0722809577 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වීය හැකි බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය පවසා හිටියා.

තවමත් එන්නත්  සම්බන්ධව ස්ථීර දිනයක් මෙහිදි ලබා දී නැහැ.

Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය ළඟදීම යලි කරලියට

නමුත් ලගදීම විධිමත් ක්‍රියාවලියක් සමග ඔබගේ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය හරහා ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වේවි යැයි අප සිතනවා.

ඔබත් ඔබ ප්‍රදේශයේ පවුල් ‌සෞඛ්‍ය ‌සේවා නිළධාරිනිය සමග නිතඑ සම්බන්ධ ‌‌වෙමින් ‌මේ පිළිබද ‌තොරතුරු ගැන යාවත් කාලීන ‌වෙන්න.

මුලාශ්‍ර - www.newsfirst.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි