theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවිධ වර්ග වල යෝනී ශ්‍රාවයන් 9

8 අවම කියවීම
විවිධ වර්ග වල යෝනී ශ්‍රාවයන් 9විවිධ වර්ග වල යෝනී ශ්‍රාවයන් 9

අද අපි සාකච්ඡා කිරීමට යන්නේ ඉතා රහසිගත නමුත් වැදගත් කාරණයක්, යෝනි ශ්‍රාවයන්ගේ පෙනුම ගැන කරුණු කාරනා අපි වැඩිදුරටත් සොයා බලමු.

සාමාන්‍ය යෝනී ශ්‍රාවයන් සහ අසාමාන්‍ය යෝනී ශ්‍රාවයන් හඳුනා ගැනීම සඳහා ඔබ දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් මෙන්න. 

අද අපි සාකච්ඡා කිරීමට යන්නේ ඉතා රහසිගත නමුත් වැදගත් කාරණයක්, යෝනි ශ්‍රාවයන්ගේ පෙනුම ගැන කරුණු කාරනා අපි වැඩිදුරටත් සොයා බලමු.

යෝනි ශ්‍රාවයන් පිළිබඳ පොදු ප්‍රශ්න වලටද අපි මේ මඟින් පිළිතුරු ලබා දෙන්නෙමු.

මගේ ශ්‍රාව‍යන් සාමාන්‍යද? එය සුදු හෝ කහ විය යුතුද? නැතිනම් එය තුනී හෝ ජෙල් වැනි විය යුතුද? එය දුඹුරු පැහැයට හැරීම සාමාන්‍ය දෙයක්ද?

මේ සියලුම ප්‍රශ්න අපව පීඩනයට පත් කලත් මේ මාතෘකාව ගැන අපි තවම එළිපිට කතා කරන්න කැමති නැහැ .

සත්‍යය නම් යෝනියෙන් ශ්‍රාව ගැලීම සාමාන්‍යයි. සෑම කාන්තාවකටම එය සිදුවෙනවා.

ඒත් එය ලැජ්ජා විය යුතු දෙයක් නම් නොවෙයි. එය විසල් දෙයක් නෙවෙයි. එය ඔබේ ශරීරයේ කොටසක් පමණයි.

යෝනි ශ්‍රාව සටහන: ඔබට දැන ගැනීමට අවශ්‍ය සියල්ල මෙන්න

ඔබේ යෝනියෙන් පිටවෙන මේවා යෝනී ශ්‍රාව‍යන් හා ගැබ්ගෙල ශ්ලේෂ්මල වලින් සෑදී තියෙනවා.

මෙය සාමාන්‍ය ශාරීරික ක්‍රියාවක් වෙනවා. ඒ මඟින් යෝනි මාර්ගය නිරෝගීව තබා ගන්නවා. එය එක් එක් කාන්තාවට සුවිශේෂී වෙනවා.

නමුත් සමහර  යෝනි ශ්‍රාව අසාමාන්‍ය විය හැකි අතර ආසාදනයක් ඇති බව පෙන්වාදෙයි. අපි මෙය ගැඹුරින් තේරුම් ගැනීමට උත්සාහ කරමු.

සාමාන්‍ය යෝනි ශ්‍රාව‍ය යනු කුමක්ද?

කාන්තාවන්ගේ සාමන්‍ය යෝනි ශ්‍රාවය පැහැදිලි හෝ සුදු පැහැයක් ගන්නා අතර කිසිදු දුර්ගන්ධයක් නැහැ . එහි ස්වභාවය  වෙනස් වෙන්න පුළුවන්.

එය දියරමය හා තුනී හෝ ඝන වෙන්න පුළුවන්. එය මාසය තුල ඔබ පරීක්ෂා කළ වේලාව මත රඳා පවතිනවා.

යෝනි ශ්‍රාවයේ පරිමාව ද වෙනස් වෙන්න  පුළුවන්. නිදසුනක් වශයෙන්, ඔබට දින කිහිපයකින් මද ප්‍රමාණයක්ද තව දින කිහිපයක් වැඩි ප්‍රමාණයක්ද මේවා දකින්න පුළුවන්. 

ඒත් සමහර දිනවලට කිසිවක් පිට නොවේවි.

කාන්තාවන්ගේ සාමන්‍ය යෝනී ශ්‍රාවයන් පවා එකිනෙකට වෙනස් වෙනවා. ඔබට එය හදුනාගන්න එහි වර්ධනය, ගන්ධය හා ස්වභාවය පරීක්ෂා කිරීම වැදගත් වෙනවා. 

සාමාන්‍ය යෝනි ශ්‍රාව වර්ග 

සාමාන්‍ය යෝනි ශ්‍රාව වල වර්ණය  සුදු පැහැයේ සිට කහ පැහැය දක්වාද ස්වභාවය  ඝන සිට තුනී දක්වාද වෙන්න පුළුවන්.

මේ සියල්ල ඔබගේ සෞඛ්‍ය තත්වය සහ ඔබ මාසයේ පරීක්ෂා කළ වේලාව  මත රඳා පවතිනවා.

ඩිම්බ මෝචනය වන කාලය මත  ගැබ්ගෙල හා යෝනිය තුළ ශ්ලේෂ්මල වර්ග හතරක් නිර්මාණය කරනවා

1. යෝනී ශ්‍රාවයන්: වියළි ශ්‍රාව

1

මෙය වියලි, පැහැයෙන් තොර අතර ලිංගික එක්වීමද අසීරූ කරයි.  ඔබේ යෝනි මාර්ගය තරමක් වියළී යන බවක් ඔබටත් දැනෙන්නට පුළුවන්.

වියළි ස්‍රාව බොහෝ විට පිටවන්නේ ඔසප් චක්‍රයට දින හතකට පෙර සහ පසු මාසයේ නිසරු කාලය තුළ යි.

මෙය වියළි දින ලෙසද හැඳින්වෙනවා. මේ කාලය තුල ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වුවද ඔබ ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ බොහොම අඩුයි.

මෙය වියලි, පැහැයෙන් තොර  ශ්‍රාවය මඟින් ඔබේ ගර්භාෂයට ශුක්‍රාණු ඇතුල් වීම අවහිර කරනවා.

2. යෝනී ශ්‍රාවයන්: ක්‍රීම් ශ්‍රාව

2

ඔබේ සිරුරේ ඊස්ට්‍රජන්  මට්ටම ඉහළ යාමට පටන් ගන්නා විට ගැබ්ගෙල වඩාත් ද්‍රව ආකාරයේ ස්‍රාවයන් නිපදවනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙම අවස්ථාවේදී ඔබේ යෝනි මාර්ගය ඇලෙන සුළු හා තෙත් බවක් දැනෙන්නට පුළුවන්.

ඩිම්බ මෝචනය වන දින සහ වියළි දින අතර කාලයේදී  ඔබේ යෝනි මාර්ගයෙන් ඇලෙන සුළු හා තෙත් ශ්‍රාව පිටවෙනවා  ඔබට දකින්න පුළුවන්.

උදාහරණයක් ලෙස, ඔබට දින 28 ක ඔසප් චක්‍රයක් ඇත් නම්,  7 වන සහ 11 වන දින අතර මෙම ආකාරයේ සාමාන්‍ය යෝනි ශ්‍රාව ඔබට දකින්න පුළුවන්.

මෙම ආකාරයේ ශ්‍රාව තුනී වන අතර දුර්වල තත්ත්වයේ හෝ අසාමාන්‍ය ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීමට පෙර පෙරා ඉවත් කරයි.

3. යෝනී ශ්‍රාවයන්: බිත්තර සුදු මද ශ්‍රාව

3

ඔබේ ඩිම්බ මෝචනය වන දිනට ආසන්න වන විට, ඇදෙනසුළු හා ලිස්සන ශ්‍රාවයන් ඔබට දකින්න පුළුවන්.

මෙය බොහෝ විට බිත්තර සුදු මද වන් යෝනි ශ්‍රාවයන් ලෙස හැඳින්වෙනවා.

බිත්තර සුදු පැහැයෙන් යුත් නූල් වැනි ශ්‍රාව‍යන් නිසා ඔබේ යෝනි මාර්ගයෙහි පැහැදිලි තෙත් සංවේදීතාවයක් ඔබට දැනෙනවා.

සමහර ඒවා වල කැටි ස්වාභාවයක් තියෙන්න පුළුවන් .

මෙය ඩිම්බ මෝචනය වෙන බවට හොඳ සලකුණකි.

ඔබේ ඔසප් චක්‍රය දින 28 ක් නම්,  12 වන සහ 16 වන දින අතර මෙම ආකාරයේ ස්‍රාව දකින්න පුළුවන්.

ඔබ පිළිසිඳ ගැනීමට සැලසුම් කරන්නේ නම් සහ මෙම ආකාරයේ ශ්‍රාව ඔබට උත්සාහ කිරීම ආරම්භ කිරීමට හොඳ කාලයක් බව ඉඟි කරාවි.

මෙම වර්ගයේ ශ්‍රාව ගුණාත්මක  ශුක්‍රාණු වලට ගර්භාෂයට ඇතුළු වීමට පහසු මාර්ගයක් නිර්මාණය කරනවා.

4. යෝනී ශ්‍රාවයන්: ලිහිසි ශ්‍රාව 

යෝනී ශ්‍රාවයන්

ඩිම්බ මෝචනය ආරම්භ වීමට දින කිහිපයකට පෙර, ඔබේ ශ්‍රාව තරමක් ලිස්සන සුළු වෙන්න පුළුවන්.

ගැබ් ගෙලෙහි ශ්ලේෂ්මල පටලය ලිහිල්  වී එය ලිහිසි වෙනවා.

මේ ආකාරයේ  යෝනි ශ්‍රාව ඔබ දකින අවසාන දිනය මාසයේ වඩාත්ම සාරවත් දිනයයි.

එදින ඩිම්බ මෝචනයට පෙර දිනයයි. මෙම ශ්‍රාව වල පොටෑසියම් බහුල වෙනවා.

5. යෝනී ශ්‍රාවයන්: සුදු පැහැ ශ්‍රාව

යෝනී ශ්‍රාවයන්

මෙය සාමාන්‍ය යෝනි ශ්‍රාවයකි.

ඔබේ මාසික ඔසප් චක්‍රයේ ආරම්භයේ හෝ අවසානයේ සුදු ශ්‍රාව මද වශයෙන්  පිටවීමක් ඔබට දකින්න පුළුවන්. 

කෙසේ වෙතත්, ගෘහ චීස් ස්වභාවයක් ඇති, කැසීම ඇති වෙන,ඝන  හා ගන්ධයෙන් යුත් ශ්‍රාව පිටවෙනවා නම් ඔබට යීස්ට් ආසාදනයක් ඇතිවෙන්න පුළුවන්.

සුදු පැහැති ශ්‍රාව දුර්ගන්ධය, ශ්‍රෝණියේ වේදනාව, දරුණු කැසීම හෝ අපහසුතාවයක් ඇති වුවහොත් ඔබට ආසාදන හඳුනාගන්න පුළුවන්.

6. යෝනී ශ්‍රාවයන්: පැහැදිලි හා දියරමය ශ්‍රාව 

යෝනී ශ්‍රාවයන්

මෙයත් ඔබට දැකිය හැකි සාමාන්‍ය ශ්‍රාව වර්ගයක් වෙනවා. මෙම ශ්‍රාව මාසයේ ඕනෑම වේලාවක පිටවෙන්න  පුළුවන්.

මෙය අසාමාන්‍ය දෙයක් නොවෙයි. ඔබ දැඩි ව්‍යායාම ගත් පසු සාමාන්‍යයෙන් දකින්න පුළුවන්.

7. යෝනී ශ්‍රාවයන්: දුඹුරු හෝ ලේ සහිත ශ්‍රාව 

යෝනී ශ්‍රාවයන්

ඔබේ ඔසප් වීම අවසන් වූ වහාම, දුඹුරු ශ්‍රාවයක් පිටවෙනු ඔබට දකින්න පුළුවන්. කණගාටු වෙන්න එපා.

එය සාමාන්‍ය යෝනි ශ්‍රාවයකි. එය ඔබගේ ඔසප් වීමෙන්  පසු ඔබේ ගර්භාෂය පිරිසිදු කිරීමේ ක්‍රමයයි.

ඊට අමතරව, ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පවත්වා ඇතිනම්  දුඹුරු හෝ ලේ සහිත යෝනි ශ්‍රාවයක් පිටවීම ඔබ ගැබ් ගෙන ඇති බවට සලකුණක් වෙන්න පුළුවන්.

අධික ලෙස පිටවේ නම්  ගබ්සා වීමක් පෙන්නුම් කරනවා. මේ අවස්ථා දෙකේදීම නිසි පරීක්ෂාවක් ලබා ගැනීම සඳහා ඔබ වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ආර්තවහරණය සිදු වු කාන්තාවන්ට මෙය ගැබ්ගෙල පිළිකා පිළිබඳ සලකුණක් වෙන්න පුළුවන්.

සාමාන්‍ය පැප් පරීක්ෂණයක් හෝ ශ්‍රෝණි පරීක්ෂණයක් පරීක්ෂා කර බලන්න.

8. යෝනී ශ්‍රාවයන්: කහ ශ්‍රාව

8

කහ ශ්‍රාව පිටවේ නම් එය ආසාදනයක් වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මෙම ශ්‍රාව ඝන හා දුර්ගන්ධයකින් යුක්ත  වෙනවා.

එය යෝනි මාර්ගය ආසාදනය වීමේ පැහැදිලි ඇඟවීමකි.

එය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වන ට්‍රයිකොමෝනියාසිස් නිසාද ඇතිවෙන්න  පුළුවන්.

ක්ලැමීඩියා හෝ ගොනෝරියා රෝගයෙන් පෙළෙන බොහෝ කාන්තාවන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් කහ ශ්‍රාව පිටවීම එහි ඇඟවීමකි. 

මෙම වර්ගයේ යෝනි ශ්‍රාව සාමාන්‍ය දෙයක් නොවන බැවින් ඒ පිළිබඳවවිමසිලිමත් වෙන්න.

9. යෝනී ශ්‍රාවයන්: කොළ පාට ශ්‍රාව

9

මේ පැහැ යෝනි ශ්‍රාවයක් අසාමාන්‍ය වෙනවා. එය සාමාන්‍යයෙන් බරපතල අභ්‍යන්තර ආසාදනයක ලකුණකි.

එය දුර්ගන්ධයෙන් යුක්ත නම්,  ට්‍රයිකොමෝනියාසිස් වෙන්නත් පුළුවන්.

මෙම වර්ගයේ යෝනි ශ්‍රාව ඔබ දුටුවහොත්, ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

දැන් අපි සාමාන්‍ය හා අසාමාන්‍ය යෝනී ශ්‍රාව වර්ග කිහිපයක් ගැන කෙටියෙන් සලකා බැලුවෙමු.

යෝනි ශ්‍රාව අසාමාන්‍ය වීමට හේතු මොනවාද යැයි බලමු.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවය යනු කුමක්ද?

සාමාන්‍ය යෝනි ශ්‍රාව වල බැක්ටීරියා  අසමතුලිතතාවයක් ඇති වු විට දුර්ගන්ධයක් හෝ වර්ණයක් ලබා දෙමින්  එය අසාමාන්‍ය වෙනවා.

යෝනි ශ්‍රාවය අසාමාන්‍ය වන කාරණා කිහිපයක් (WebMD හි ලැයිස්තුගත කර ඇති පරිදි) මෙන්න.

  • ප්‍රතිජීවක හෝ ස්ටෙරොයිඩ් භාවිතය
  • බැක්ටීරියා වජිනෝසිස්, ගර්භනී කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන බැක්ටීරියා ආසාදනයකි
  • කාන්තාවන්ට  ලිංගික සහකරුවන් කිහිප දෙනෙක් සිටී නම්
  • උපත් පාලන පෙති
  • ගැබ් ගෙල පිළිකා
  • ක්ලැමීඩියා හෝ ගොනෝරියා (ලිංගාශ්‍රිත රෝග), ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
  • වර්ජිනල්  ඩචස්
  • සුවඳ ගැල්වු සබන් හෝ දියර භාවිතා කිරීම හෝ නිතිපතා බුබුලු ස්නානය කිරීම
  • ශ්‍රෝණි ආසාදනය
  • Pelvic inflammatory disease (PID)
  • ට්‍රයිකොමෝනියාසිස්, අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා ඇති වන පරපෝෂිත ආසාදනයකි.
  • Vaginal atrophy, ඔසප් වීමේ අවධියේදී යෝනි බිත්ති වියළීම හා සිහින් වීම
  • Vaginitis, මෙය යෝනිය තුළ සහ / හෝ අවට ඇති වන අපහසුකාරී තත්වයකි.
  • යීස්ට් ආසාදන
  • දියවැඩියාව
  • ගැබ් ගැනීම

ඔබේ  යෝනි ශ්‍රාවය සාමාන්‍යද? 

ඔබේ යෝනි ශ්‍රාවය සාමාන්‍යද  අසාමාන්‍යද යන්න තීරණය කිරීම සඳහා වෛද්‍යවරු සමහර තීරණාත්මක සාධක පරීක්ෂා කරනවා.

මේ සදහා පෙර වෛද්‍ය ඉතිහාසය, ගැබ් ගැනීම, ඔසප් වීම සහ සමහර අවස්ථාවල උණ පවා පරීක්ෂා කරනවා.

ඔබගේ යෝනි ශ්‍රාවය පරීක්ෂා කිරීම සඳහා ගිය විට ඔබෙන් විමසන කාරණා

  • ඔසප් වීමට පෙරද  හෝ ඔසප් වීම තුලද?
  • ඔබ පිළිසිඳගෙන හෝ ගැබ්ගෙන තිබේද?
  • පිටවෙන ශ්‍රාව සමඟ ඔබට උදර වේදනාවක් හෝ උණක් ඇති වේද?
  • ඔබේ යෝනි ශ්‍රාවයේ දුර්ගන්ධයක් තිබේද?
  • ඔබේ යෝනි මාර්ගය අවට රෑෂ් එකක්  හෝ ගැටිත්තක් තිබේද?
  • ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වුවාද?

මේවා හැරුණු විට තවත් තීරණාත්මක සාධකයක් වන්නේ වර්ණය හා ඝනකමයි.

නොපෙනෙන සෞඛ්‍යයමය තත්වයක් තිබේ නම් සමහර විට සුදු ශ්‍රාව පවා අසාමාන්‍ය විය හැකි බව සැලකිල්ලට ගන්න.

එවැනි අවස්ථාවක වෛද්‍යවරයා විසින් පැප් පරීක්ෂණයක් නිර්දේශ කිරීම හෝ ඔබේ යෝනි ශ්‍රාවයේ නියැදියක් ලබා ගැනීම කරනවා.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන්ට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ඔබේ යෝනි ශ්‍රාවයේ අසාමාන්‍යතාවයට හේතුව ඔබේ වෛද්‍යවරයා හඳුනාගත් පසු, ඔබේ ප්‍රතිකාරය ඒ අනුව ආරම්භ කරනු ලබයි.

නිදසුනක් වශයෙන්, ඔබට යීස්ට් ආසාදනයක් ඇත්නම්, ඔබට මුඛයෙන් ලබාගන්නා හෝ යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි දිලීර නාශක ඖෂධ නියම කරනු ලැබේ.

bacterial vaginosis සඳහා ඔබට පෙති හෝ ආලේපන ලබා දෙන්න  පුළුවන් .

ට්‍රයිකොමෝනියාසිස් සඳහා, ඔබට මෙට්‍රොනිඩසෝල් හෝ ටිනිඩසෝල් නියම කරන්න  පුළුවන්.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයක් ඇති වූ විට ඔබ ඔබේ වෛද්‍යවරයා වෙත යොමු විය යුතුය.

ඒ අතර ඔබට සාමාන්‍ය යෝනි ශ්‍රාවයක් තිබුණද මේ කරුණු කිහිපය මතක තබාගන්න.

  • ඔබේ යෝනි මාර්ගය උණුසුම් ජලය හා මෘදු සබන් යොදා සෝදා පිරිසිදු කර තබන්න.
  • සියයට සියයක් කපු යට කලිසම් භාවිතා කරන්න. ගොඩාක් තද යට ඇඳුම් අඳින්න එපා.
  • සුවඳ සබන්, ඩච් භාවිතා නොකරන්න.
  • නාන කාමරය භාවිතා කිරීමෙන් පසු, ඉදිරිපස සිට පසුපසට පිසදැමීමට වග බලා ගන්න.
  • මේ මඟින් යෝනිය තුළට ආසාදනය වීම වැළැක්වෙනවා.

ඔබ මෙම මූලික කාරණා පමණක් අනුගමනය කරන්නේ නම්, ඔබට යෝනී මාර්ගය නිරෝගීව පවත්වා ගන්න පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • විවිධ වර්ග වල යෝනී ශ්‍රාවයන් 9
බෙදාගන්න :
  • සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

    සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

    ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

  • සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

    සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

    ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it