යෝනිය ආසේක කිරීම නිසා ඔබේ යෝනියට සිදුවන බලපෑම් 7ක්

යෝනිය ආසේක කිරීම නිසා ඔබේ යෝනියට සිදුවන බලපෑම් 7ක්

යෝනිය ආසේක කිරීම ප්‍රතිලාභවලට වඩා සංකූලතා ගෙන එන බවක් පෙනේ. මේ පිළිබඳව කරුණු සොයා බලා, එහි ආදීනව ගැන හොඳින් දැනුවත් නොවී මෙය උත්සාහ කරන්න එපා.

යෝනිය සේදීම නැතහොත් යෝනිය ආසේක කිරීම ගැන ඔබ ඇතැම් විට අසා ඇති.

ඖෂධහල් වල ඇතැම් විට ” ස්ත්‍රී පිරිසිදු කිරීමේ නිෂ්පාදන සහ ප්‍රතිකාර” (“feminine cleansing products and treatments”) කාණ්ඩ යටතේ vaginal douching නම් වූ ඖෂධ හා උපාංග ඇතැම් විට ඔබ දැක ඇති.

තවත් සමහර විටෙක කුමන හෝ හේතුවක් නිසා මෙම උපාංග භාවිතා නොකරන ලෙසට හෝ කලාතුරකින් ඒවා භාවිතා කරන ලෙසට ඔබට වෛද්‍ය උපදෙස් ලැබිලා ඇති.

කෙසේ නමුත් ඇතැමුන් දන්නවා ඇති, බොහෝ අය නොදන්නවා විය හැකි යෝනි ආසාදක ගැන ලියැවෙන ලිපියක් මේ.

මොනවද මේ ආසේක කිරීම කියන්නේ?

යෝනිය ආසේක කිරීම කිරීම යනු බෝතලයක්, බෑගයක් හෝ ඩෝච් සිරින්ජයක් භාවිතයෙන් විනාකිරි සහ ජලය මිශ්‍ර ද්‍රාවණයක් යෝනි මාර්ගයට ඇතුළු කිරීමයි.

 

යෝනිය ආසේක කිරීම

මෙහි අරමුණ වන්නේ සාමාන්‍යයෙන් යෝනි මාර්ගය පිරිසිඳු කිරීමේදී සාමාන්‍ය පරිදි පිරිසිංදු කළ නොහැකි අභ්‍යන්තර ස්තාන කරා මෙම ද්‍රාවණය ළඟා වීමට සැළැස්වීමයි.

මෙම ස්ථාන කරා සාමාන්‍යයෙන් ළඟා වන්නට හැක්කේ අභ්‍යන්තර උපාංග (IUD) වලට පමණයි.

මෙලෙස ඇතුළු කරන ද්‍රාවණ අතර තවත් ඩ්‍රාවණයක් වන්නේ බේකිං සෝඩා සහ අයඩින් අඩංගු පෙර සැකසූ ද්‍රාවණයි.

යෝනිය ආසේක කිරීම නිසා ඔබේ යෝනියට සිදුවන බලපෑම් 7ක්

යෝනි ආසේක කිරීම කිරීම යනු බෝතලයක්, බෑගයක් හෝ ඩෝච් සිරින්ජයක් භාවිතයෙන් විනාකිරි සහ ජලය මිශ්‍ර ද්‍රාවණයක් යෝනි මාර්ගයට ඇතුළු කිරීමයි.

යෝනි ආසේක කිරීම මගින් ඇති වන වාසි

යෝනිය ආසේක කිරීම බොහෝ වෞද්‍යවරුන් අනුමත නොකළත්, එහි නුසුදුසු බව සනාථ කිරීම සඳහා අධ්‍යයන කිසිවක් දැනට දක්නට නැහැ.

ඊට අමතරව කාන්තාවන්ට මෙම ක්‍රමය බොහෝ උපකාර වී තිබෙනවා.

එක්සත් ජනපදයේ මෑතකදී කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ යෝනිය ආසේක කිරීම මගින් පහත සඳහන් ප්‍රතිලාභ ලැබෙන බවයි:

  • නැවුම්බව සහ පිරිසිදුකම පිළිබඳ උද්‍යෝගමත් හැඟීමක් ඇති කරයි.
  • විසර්ජනය හා ඔසප් රුධිරයෙන් ඇතිවන අප්‍රසන්න ගන්ධයන් ඉවත් කිරීමට උපකාරී වේ.
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමට උපකාරී වේ.
  • උපත් පාලන විසඳුම.
  • කැසීම සහ ඉදිමීම අඩු කරයි.
  • යෝනිය හොඳින් පිරිසිදු කරයි

යෝනිය ආසේක කිරීම මගින් ඇතිවන අවාසි

කාන්තාවෙනි, ඔබත් යෝනිය ආසේක කිරීමට අදහස් කරන්නේ නම්, ඖෂධ ශාලාවට දිව යාමට අවශ්‍ය නැහැ.

වෛද්‍ය වෘත්තිකයන් එක් දෙයක් සම්බන්ධයෙන් එකඟ වන බව පෙනෙන්නා තිබෙනවා: ඒ ඔවුන් යෝනිය ආසේක කිරීම නිර්දේශ නොකරන බවයි.

මුම්බායි හි මාතෘ සායනයක් වන මල්පානි සායනයේ වෛද්‍ය මල්පානි මෙසේ පවසනවා. “ඔබ දරු පිළිසිඳගැනීමක් අපේක්ෂාවෙන් සිටී නම්, ඔබේ යෝනිය ආසේක කිරීම මගින් යෝනියේ සාරවත් බව දුර්වල වනවා.

රසායනික ලිහිසි තෙල් සම්බන්ධයෙන් ද එය එසේම ය.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඒවා ශුක්‍රාණු ප්‍රමාණය අඩු කරන බවත් ශුක්‍රාණු චලිතයට බලපෑම් කරන බවත්ය.”

අධ්‍යයනවලට අනුව, වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව ඔබේ යෝනි මාර්ගය තුළ කිසිඳු ද්‍රව්‍යයක් ඇතුළු කිරීම හානිකර වනවා.

යෝනිය ආසේක කිරීම

ලිංගික අවයව පිරිසිදු කිරීම සඳහා යෝනි ආසේක භාවිතා කිරීමෙන් ඇතිවන බලපෑම් ගැන මෙතැනින් බලන්න:

  1. යෝනි මාර්ගය ආසාදනය විය හැක: යෝනි ආසේක භාවිතා කරන කාන්තාවකගේ බැක්ටීරියා වැජිනෝසිස් ඇතිවීමේ අවදානම එසේ නොකරන කාන්තාවකට වඩා පස් හගුණයකින් වැඩිවේ.
  2. ඔබේ මුළු කාන්තා ප්‍රජනක පදධතියටම ආසාදනය විය හැක: යෝනි ආසක හේතුවෙන්, යෝනි මාර්ගයේ ඇති බැක්ටීරියා ඔබේ ගැබ්ගෙල, ගර්භාෂය හා ඩිම්බ කෝෂ දක්වා තල්ලු කිරීමට ඉඩ සලසනු ඇත. මේ නිසා ශ්‍රෝණි ආශ්‍රි දැවිල්ල හා ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වේ.
  3. ඔබට ගර්භණී ගැටළු ඇතිවිය හැකිය: ඔබ ගැබ් ගෙන සිටිනවා වූවත්, පිළිසිඳගැනීමක් අපේක්ෂාවෙන් සිටිනවා වූවත්, යෝනි ආසක නිසා ඔබට නොමේරූ දරු උපතක් හෝ බහිෂිකේතනක පිළිසිඳගැණීමක් ඇතිවීමෙ වැඩි අවදානමක් ඇත.
  4. ආසේක නිසා Human Immunodeficiency Virus (HIV) වෛරස් (එච්.අයි.වී) ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් රෝග (ලිංගාශ්‍රිත රෝග) ආසාදනය වීමෙ අවදානම වැඩිවේ: අදාළ තත්ව අනුව, ආසේක කිරීම මගින් භයානක එච්.අයි.වී.  හා වෙනත් ආසාදන ඇතිවිය හැකිය. යෝනි මාර්ගය තුළ ඇති හොඳ බැක්ටීරියා විනාශ වීම හේතුවෙන්, ආසාදන හා වෛරස් වලට එරෙහි ස්වාභාවික ආරක්ෂාවන් ඉවත් විය හැකිය.
  5. ඔබේ යෝනි මාර්ගයේ ලේ ගැලීම හා තැලීම් ඇතිවිය හැක: යෝනි විවර වල වියළි බව හා දැවිල්ල ඇති කළ හැකි අතර එමඟින් මෘදු පඨක හා මාංශපේෂි වියළී, රතු පැහැයට හැරේ.
  6. ගැබ් ගැනීම ඔබට අපහසු විය හැකිය: ආසේක කිරීම යෝනි මාර්ගයේ ස්වාභාවික තත්වය අවුල් කරයි. එම නිසා පිළිසිඳ ගැනීම වඩාත් අපහසු වේ.
  7. ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත: ඇතැම් අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ආසේක භාවිතය ගැබ්ගෙල පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇති කළ හැකි බවයි.

වෛද්‍යවරුන් පවසන්නේ ආසේක කිරීම මගින් පහත සඳහන් ප්‍රජනක සෞඛ්‍ය ගැටලු විසඳන්නේ නැති බවයි:

  • ඝන, සුදු, කහ හෝ කොළ පැහැති විසර්ජන
  • යෝනි කැසීම සහ ඉදිමීම
  • මුත්රා කිරීමේදී වේදනාව
  • ලිංගික හැසිරීම අතරතුර වේදනාව
  • ගැබ් ගැනීම
  • ලිංගාශ්‍රිත රෝග
  • යෝනි දැවිල්ල හා ඉදිමීම

වෛද්‍ය විද්‍යාව ද පවසන්නේ යෝනි මාර්ගය ස්වයං පිරිසිදු කිරීමේ කක්ෂයක් බවයි.

ඔබේ ප්‍රජනක පදධතිය සම්බන්ධයෙන් ඔබට යම් යම් රෝග හෝ රෝගාබාධ නොමැති නම්, උණුසුම් ජලය හා ඉතා මෘදු සබන් වලින් ප්‍රිසිඳු කිරීම ප්‍රමාණවත්. ඉන් ඔබ්බට ඔබේ යෝනි මාර්ගය පිරිසිදු කිරීමට ඔබට අවශ්‍ය නැති බවත්‍ය.

ඉතින් යෝනි මාර්ගය පිරිසිදු කිරීමට හොඳම ක්‍රමය කුමක්ද?

බොහෝ ප්‍රවීණයන් උපදෙස් දෙන්නේ ඔබේ යෝනි මාර්ගය ස්වභාවිකවම පිරිසිදු වීමට ඉඩ හැරීම වඩාත් සුදුසු බවයි.

යෝනිය  මගින් ශ්ලේෂ්මලයක් නිර්මාණය වන අතර එය විසර්ජනය, රුධිරය සහ ශුක්‍රාණු පවා සෝදා දමයි.

ඔබ යෝනියේ ගන්ධය ගැන කනස්සල්ලට පත්ව සිටී නම්, සියලු සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු යෝනි මාර්ගවල ගන්ධයක් ඇති බව ඔබ දැනගත යුතුය.

ස්වාභාවිකවම පිරිසිදු වීමට ඉඩ දිය හැකි තවත් ක්‍රමයක් නම් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමයි.

ඔබේ යෝනි මාර්ගය පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න:

  • ඔබ ස්නානය කරන අතරතුර යෝනිය හා ඒ අවට මද උණුසුම් ජලයෙන් සෝදන්න. ඔබට සංවේදී සමක් ඇත්නම් හෝ යෝනි ආසාදන ඇත්නම් මෘදු සබන් භාවිතා කළ හැකිය.

නමුත් මෙම මෘදු සබන් භාවිතා කිරීම ඔබේ නාරිවේද විශේෂඥයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව භාවිතා කිරීම වඩාත් සුදුසුය. මන්ද ඒවා සමහර විට වියළි බව හා දැවිල්ල ඇති කළ හැකි බැවිනි.

  • සුවඳැති ටැම්පොන් හෝ සනීපාරක්ෂක තුවා, කුඩු සහ ඉසින වැනි දේවලින් භාවිතා කිරීමෙන් වළකින්න. එවැනි නිෂ්පාදන සමඟ ඔබට යෝනි ආසාදනය ඇතිවිය හැකිය.

ඉතින් කාන්තාවන් යෝනිය ආසේක කරන්නේ ඇයි?

ඔබ මේ ගැන විමනස පුද්ගලයා අනුව, කාන්තාවන්ට ආසේක කිරීමට විවිධ හේතු තිබිය හැකිය.

අප්‍රිකානු-ඇමරිකානු සහ හිස්පැනික් කාන්තාවන් පවසන්නේ තම මව්වරුන් විසින් මෙය ඔවුන්ට ඉගැන්වූ බැවින් ඔවුන් එය දිගටම කරගෙන යන බවයි.

මෙම ආසේක කිරීම එක්සත් ජනපදයේ වඩාත් ප්‍රචලිත ක්‍රියාවක් වනවා.

අනෙක් අතට, කොකේසියානු කාන්තාවන් රූපවාහිනී වෙළඳ දැන්වීම් නිසා සාමාන්‍යයෙන් යෝනි ආසේක කිරීමට නැඹුරු වී තිබෙනවා.

ඔබට තවමත් යෝනිය ආසේක කිරීම ගැන ගැන තදින්ම උනදුවක් තිබෙනවා නම් සහ වැඩි විස්තර දැන ගැනීමට මෙම ක්‍රියාව ඔබට බලපෑ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

මෙම ලිපිය නැවත ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ආසියානු දෙමාපිය අවසරය ඇතිව ය.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.