theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?

6 අවම කියවීම
යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?

මේ කියන්නට යන්නේ කාන්තා යෝනි මාංශපේශි වල ලිහිල් බව ගැන. මෙය ඇත්ත වශයෙන්ම වැඩිය කතාබහ වෙන කාරණාවක් නොවන අතර යම්කිසි චකිතයක් ගෙනදෙන මාතෘකාවක්.

නමුත් ඇත්ත වශයෙන්ම ඔබ මෙම මාතෘකාව ගැන සිතා බලා ඇති බවට සැකයක් නැහැ. අන්තරජාලය හරහා පිරික්සා තියෙන්නටත් ඇති.

මෙය බරපතළ ප්‍රශ්නයක් නොවන මුත් මෙම ගැටළුවට බොහෝ කාන්තාවන් මුහුණ දෙනවා, ඊට විසඳුම් හොයනවා. මේ ප්‍රශ්නය නිසා කාන්තාවන් මානසික ගැටළුකාරී තත්ත්වයක් ඇති කරගෙන ඉන්නවා.

එම තත්ත්වය නිසා ඇතැම් විට කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා දකින්නට ලැබෙනවා.

ඉතින් මොකක්ද මේ යෝනි මාංශපේශි වල ලිහිල් බව කියන්නේ?

නිදි යහනේ  සාර්ථකව ක්‍රියාකාරී වීමට හැකිවීම කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය සහ සතුට වැඩි කරන බව අප කවුරුත් දන්නා රහසක්.

ඉතින් බොහෝ කාන්තාවන් විශ්වාස කරන්නේ මෙම ප්‍රබෝධය ගෙන දෙන්නේ තම ලිංගික අවයව තද කිරීමෙන් කියායි. විශේෂයෙන්ම දරු ප්‍රසුතියේන් පසු එම අවයව වල ලිහිල් බවක් දැනෙන බැවින් මෙම නිගමනයට එළඹෙනවා.

මාංශපේශි තද වූ යෝනියක් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ලිංගික ප්‍රබෝධය වැඩි කරන්නට සමත් වනවා.

පුරුෂයින් සඳහා තම ශිෂේණය මනාව ඝට්ටනය වීම දැනීමේ ප්‍රබෝධයත් කාන්තාවන් සඳහා ප්‍රාණවත් ශිෂ්ණයේ තෙරපීම මනාව දැනීමේ ප්‍රබෝධයත් මෙයට හේතු වනවා.

නමුත් යෝනි මාංශපේශි වල ලිහිල් බව ඇති වූ විට, මෙකී සංවේදීතාවයේ අඩුවක් දැනෙන්නට ගන්නවා.

යෝනි මාංශපේශි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව එන්නේ මෙවිටයි.

යෝනි මාංශපේශි නිරායාසයෙන් ශක්තිමත් කිරීමට නම් ඊට සරිළන ශ්‍රෝණිය හා සම්බන්ධ මාංශපේශි ව්‍යායාම ක්‍රම ඕනෑ තරම් තිබෙනවා. නමුත් ඇතැම් කාන්තාවන් ශල්‍යකර්ම මගින් මෙම තද ගතිය ඇතිකර ගැනීමට යොමු වනවා.

ඉතින් යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන ආකාර හුවා දක්වන්නට කලින්, ඒවා ලිහිල් වන්නේ කවර හේතුත් නිසාදැයි බලමු.

ලිංගික හැසිරීම නිතර සිදු නොවීම, පමණට වඩා ලිංගික හැසිරීම්, දරු ප්‍රසූතිය, යම් යම් ව්යායාම් නිසා හෝ ලිංගික දුර්වලතාවයන් නිසා මෙම තත්වය උදා විය හැකිය කියා ඔබ සිතනවා ඇති.

ඔබේ යෝනියේ මෙතරම් ලිහිල් බවක් දැනෙන්නේ ඇයි?

පමණට වඩා ලොඉඞිකව හැසිරීම යන පොදු මතය හැරුනුකොට, යෝනි මාංශපේශි ලිහිල් වීමට තුඩු  දෙන විවිධ කාරනා තිබෙනවා.

දරු ප්‍රසූතිය, ආර්තවහරණය සහ නොවැළැක්විය හැකි වයසට යාමේ ක්‍රියාවලිය මෙයට හේතු කිහිපයක් වනවා.

මේ සෑම ක්‍රියාදාමයකදීම සිරුරෙන් ඊස්ට්‍රජන් බැහැර වන අතර එය යෝනි මාර්ගය ලිහිල් වීමට හේතු විය වන්නට පුළුවන්.

ලිංගික හැසිරීම සිදුවන  වාර ගන්නේ අඩු වැඩි බව කිසි සේත්ම මෙම තත්වයට බලපාන්නේ නැහැ.

ඔබේ යෝනි මාංශපේශි වල ලිහිල් බව ස්වාභාවිකවම ඇතිවන්නට හේතුසාධක තුනක් සලකා බලමු.

1. ස්වභාවික දරු උපත

දරුවකු උපදින සෑම අවස්ථාවකදීම ඔබේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශපේෂී දැඩි පීඩනයට ලක් වනවා. එම නිසා සෑම දරු ප්‍රසූතියක් සමඟම ගැබ්ගෙල සහ යෝනිය ආශ්‍රිත මාංශපේශි මදක් ලිහිල් වනවා.

මේ හේතුව නිසා යෝනි මාංශපේශි වල ස්වභාවය රැකගැනීමේ අරමුණින් සිසේරියන් සැත්කමක් ඉල්ලා සිටින මව්වරුන්ද නුතන සමාජයේ දක්නට ලැබෙනවා.

නමුත් මෙම මාංශ පේශි වල ප්‍රසාරණය වීම සන සංකෝචනය වීම සිසේරියන් සැත්කමකින් වලක්වන්නට බැහැ.

ඔබ කිහිප වතාවක් ගැබ් ගත්තත්, ගැබිණි අවදියේ යෝනි මාංශ පේශි සඳහා ව්‍යායාම කලත්, දරුවාගේ බර, පිහිටීම, ඔබේ ජාන ආදිය අනුව ගැබ් ගෙලේ මෙන්ම යෝනියේද මාංශ පේශි වල වෙනස්කම් සිදු වීම ස්වභාවයෙන්ම සිදුවන ක්‍රියාවකි.

2. සෞඛ්‍ය තත්ව

ආර්තවහරණය, කෝෂ්ඨ (Cyst), පිළිකා නැතහොත් වෙනත් සංකුලතා නිසා යෝනි මාංශ පේශි ලිහිල් වන බවක් ඔබට දැනෙන්නට පිළිවෙන.

මෙම තත්වයෙන් කිසිඳු සෞක්‍ය බලපෑමක් නූවත් කාන්තාවකගේ අභිමානයට, ආත්ම විශ්වාසයට මෙය හානියක් විය හැකියි.

ඔබ ගර්භාෂය හෝ, ගැබ් ගෙල හෝ යෝනි මාර්ගය ආශ්‍රිතව සැත්කමකට මුහුණ දුන් කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔබගේ යෝනි ප්‍රදේශය වෛද්‍යවරයකු ලවා පිරික්සා කල බැලීම යෝග්‍ය වනවා.

මෙහි සතුටුදායක පුවත වන්නේ යෝනි මාංශ පේශි ලිහිල් වීම සුව කල හැකි තත්වයක් වීමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

3. වයසට යාම

ශරීරයේ සෞක්‍ය සම්පන්න පැවැත්මට සීග්‍රයෙන් බලපාන සාධකයක් වන්නේ කෙනෙකුගේ වයසයි.

මේ නිසා සිරුරේ අනෙක් කොටස් සේම යෝනි මාංශ පෙස්හිද එල්ලා වැටෙන ස්වභාවයකට පත් වනවා.

සිරුර පුරා මන්ෂ් පේශි මෙන්ම යෝනි මන්ෂ් පේශි වලත් නම්යශීලී ගතිය වයසත් සමඟ අඩු වන්නට පටන් ගන්නවා.

මේ නිසා යෝනි මාංශ පේශි වල ශක්තිය අඩු වී ලිහිල් ස්වභාවයක් ගනු ඇත.

මෙයට ප්‍රතිකර්ම කිහිපයක් ඇති අතර තම සෞක්‍ය රැකගැනීමට නිසි දෛනික ව්‍යායාම හා සෞක්‍ය පුරුදු පිළිපදින්නට අමතක කරන්න එපා.

යෝනි මාංශ පේශි ශක්තිමත් කර, ලිහිල් බව තුරන් කල හැකි ආකාර

කලින් කි පරිදි ශල්‍යමය සහ භාහිර ක්‍රමවේද මෙන්ම ස්වභාවික ක්‍රම මගින්ද යෝනි මාංශ පේශි ශක්තිමත් කල හැකි වනවා.

1. වැගීනොප්ලාස්ටි (Vaginoplasty) හෝ ලබියප්ලාස්ටි (Labiaplasty) ශල්‍යකර්මය

මෙය නැවත ගොඩනැගීමේ යාන්ත්‍රනය අනුගමනය කරන ක්‍රියාදාමයකි. මෙම ශල්‍යකර්මය මගින් යෝනි බිත්ති ශක්තිමත් කර යතා තත්වයට පත් කරනු ලබනවා.

වෛද්‍යවරුන් විසින් මෙය (vaginal rejuvenation. ) යෝනි පුනර්යෞවනය ලෙසද හඳුන්වනු ලබනවා.

2. යෝනි මාංශපේශි ශක්තිමත් කරන ශ්‍රෝණි බිත්ති අභ්‍යාසය නොහොත් කීගල් ව්‍යායාමය (Kegel Exercise)

ඔබගේ ලිංගික අවයව වල නැවුම් බව ස්වභාවිකවම රැකගැනීමේ මූලික  ක්‍රමයක් නම්  ශ්‍රෝණි මාංශ පේශි ව්යායාමයයි.

මෙය බොහෝ ආකාරවලින් කළ හැකිය.

* ශ්‍රෝණි පතුලට කෙරෙන භෞතචිකිත්සාව (Pelvic floor physiotherapy)

ඔබගේ ශ්‍රෝණි පතුලේ පේශි ක්‍රියාකාරීත්වය අනුව, විශේෂඥ භෞත චිකිත්සකකුට ඔබටම ඔබින ව්‍යායාම වැඩසටහනක් සකස් කළ හැකි වනවා.

මෙම පුහුණු වැඩ සටහන සැලසුම් කරනු ඇත්තේ ඔබටම අවේනික විශේෂිත අවශ්‍යතා සහ ඔබේ යෝනි මාර්ගයෙහි තත්ත්වය අනුවයි.

නිදසුනක් ලෙස ඔබ මෑතකදී දරු ප්‍රසූතියක් සිදු කල මවක් නම්, ඔබේ ව්යායාම මුලින්ම බොහොම සරල ඒවා වන අතර කෙමෙන් තීව්ර ඒවා වෙත යොමු කරනු ඇත.

  • කීගල් ව්‍යායාම (Kegel exercises)
යෝනි මාංශපේශි

Kegel exercise

මෙය ඉතා සුප්‍රසිද්ධ ක්‍රමවේදයකි. ව්‍යාධි මාංශ පේශිවල තද කිරීම-ලිහිල් කිරීම සහ ඊට අනුගමනය කල යුතු පියවර වලින් සමන්විත අභ්‍යාසයකි.

මෙය ආරම්භ කිරීමට පෙර මුත්‍රාශය හිස් කල යුතුය. ඔබගේ ශ්‍රෝණි මාංශ පේශි රටාවකට මද වෙලාවක් තද කර හිඳ  තදින් අල්ලා පසුව ලිහිල් කිරීමේ අභ්‍යාසයක් වේ. මෙය නිතිපතා අනුගමනය කිරීමෙන් ඔබට විශාල වෙනසක් ඔබට වැටහෙනු ඇත.

  • යෝගා ව්‍යායාම

යෝගා ව්‍යායාම යනු යෝනි මාංශ පේශි ශක්තිමත් කිරීමට උපකාර වන තවත් සාර්ථක ක්‍රමවේදයකි. මෙය ශරීරයේ ප්‍රත්‍යස්ථතාව ලබා දේ. විශේෂයෙන්ම ශ්‍රෝණි මාංශ පේශි සඳහා සත්‍යයකි.

3. සෞක්‍ය සම්පන්න ආහාර සහ හොඳ සෞඛ්‍ය පුරුදු

අවසානවශයෙන්, සමබල නිරෝගී අහාර වේලක් අනුගමනය කිරීමේ වැදගත් කම මෙතෙකැයි කියන්නට අපහසුය.

නිසි ආහාර රටාවක් මගින් ඔබේ ලිංගික අවයව වල සෞක්‍යය සහ ශක්තිය රැකදී එය ප්‍රබෝධමත්ව මෙන්ම ආසාදන විරහිතව තබන්නට දායක වනු ඇත.

නිදසුනක් ලෙස, ඔබේ ලිංගික අවයව ආසාදන වලින් ආරක්ෂා කිරීමට නම් දෛනික ආහාරයට හරිත තේ (Green Tea) ඇතුළත් කරගන්නට නිර්දේශ කෙරෙනවා.

හරිත තේ වල ඇති කැටීන්ස් මුත්‍රා මාර්ගය ඔස්සේ ගමන් කර විනාශකාරී බැක්ටීරියා වර්ධනය වීමේ අවදානම අඩු කරනු ඇත.

දෛනික ආහාරයට යෝගට් ඇතුලත් කරගන්න.

යෝනි මාංශපේශි ශක්තිමත් කිරීම මගින් ලිංගික සතුට වැඩි කරගත හැකිද?

මෙම පැනයට පිළිතුරු ඇත්තේ ඔබ ළඟ පමණි. ඔබේ අත්දැකීම කෙබඳුද?

යෝනි මාංශ පේශිවල ශක්තිමත් බව නිසා ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වුනාද? ඔබේ සහකරු ඔබ කෙරෙහි ඇති ආකල්ප වල වෙනසක් ඔබ දකිනවාද?

මේ පන වලට පිළිතුරු ‘ඔව්’ නම් යෝනි ප්‍රදේශයේ මන්ෂ් පේශි ශක්තිමත් වීම අනිවාර්යයෙන් ඔබට සුභවාදී ප්‍රතිඵල ගෙනදී ඇත.

නමුත් එක් දෙයක් පැහැදිලි කල යුතුය. දෙදෙනෙකු සුරාන්තයට එළඹෙන්නේ සහකරුවන්ගේ ලිංගික අවයව එකිනෙක රිද්මානුකුලව ඝට්ටනය වීමේ ප්‍රතිපලයක් ලෙසය.

මේ නිසා වැඩිපුර උත්තේජනය කිරීම් තුළින් වැඩිප තෘප්තියක් ලඟා කරගත හැකි වනවා.

මේ නිසා ඔබ දෙදෙනාගේ ලිංගික සතුට වැඩිපුර රැඳී ඇත්තේ මාංශ පේශි වල ශක්තිමත් බවට වඩා ඔබ දෙදෙනා අතර වූ මානසික හා ශාරීරික බැඳීම මතයි.

යෝනි මාංශ පේශි වල ශක්තිමත් බව රැක ගැනීම ඔබ දෙපල අතර ඇති මෙම බැඳීම තවත් ශක්තිමත් කරන්නක් පමණි.

මේ නිසා එම කර්තවයද ඔබේ දෛනික චර්යාවට එකතු කරගත් හැක.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?
බෙදාගන්න :
  • 3 important things to do to manage diarrhoea in children

    3 important things to do to manage diarrhoea in children

  • දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

    දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

  • 3 important things to do to manage diarrhoea in children

    3 important things to do to manage diarrhoea in children

  • දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

    දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it