theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

3 අවම කියවීම
සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණාසුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

සුදයාම කියන්න‌ේ ම‌ොකද්ද?

සුදයාම ගැන ඔබ න‌ොදන්න කාරණා බ‌ොහ‌ොමයක් ‌මේ සමග ඉදිරිපත් කරනවා.

ඔබේ යෝනී මාර්ගය හා ඒ අවට හිතකර බැක්ටීරියා ජීවත් වෙනවා. නමුත් එකවරම ඊස්ට් සෛල වර්ධනය වී ආසාදන තත්වයක් ඇතිවීමෙන් සුදයාමේ තත්වය හට ගන්නවා.

මෙය සාමාන්‍යයෙන් ඉක්මනින්ම සුව වුවත් දරුණු තත්ව වලදී සුව වීමට සති දෙකක් පමණ ගතවෙනවා. Vaginal candidiasis තමයි මේ රෝගයට හේතු කාරකය වන්නේ,

සෑම කාන්තාවක්ම අත් විදිය හැකි තත්වයක් වෙන මෙම ආසාදනය හදුනා ගැනීමට පරීක්ෂණ තියෙනවා. මෙය වයස 30 – 49 ත් අතර කාන්තාවන් අතර බහුල වෙනවා.

මේ තත්වය ලිංගිකව සම්ප්‍රේෂණය වීමට මෙන්ම ලිංගික සම්බන්ධතාවයකින් තොරව වැළදීමට ඉඩ තියෙනවා. ඒ වගේම මෙය දරු ප්‍රසුතියේදී මෙන්ම මව්කිරි ලබා දීමේදී දරුවාට ඇතිවෙන්න පුළුවන්.

පිරිමින් තුළද මෙම දිලීර  ආසාදනය ඇතිවීමේ හැකියාව තිය‌ෙනවා. මෙයට හේතුව වන්නේ ඕනෑම මිනිස් සිරුරක ඇති candidiasis දිලීරයයි. 

ශිෂේණය රතු වීම, සුදු පැල්ලම් මෙන්ම කැසීම වැනි ලක්ෂණ සහිත මේ ආසාදනයට පිරිමින් බහුලව ගොදුරු වන්නේ ආසාදිත කාන්තාවක් සමඟ අනාරක්ෂිත යෝනි එක්වීමකිනි.

ඒ නිසා ලිංගිකව හැසිරෙන විට කොන්ඩම් භාවිතා කරන්න. ප්‍රතිකාර සදහා වෛද්‍යවරයා හමුවෙන්න.

ළදරුවන්ටද මෙම ආසාදන ඇතිවෙන්න පුළුවන්. ඔවුන්ට ඇතිවෙන ඩයිපර් රෑෂ් මේ සදහා හොද උදාහරණයක්. ප්‍රතිකාර සදහා දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

ගර්භණී සමයේදී හෝමෝන උච්චාවචනයන් නිසා මේ තත්වය බහුලව දක්නට පුළුවන්. එසේනම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න. ඒ වගේම විෂබීජ නාශක භාවිතා කරන්න.

ඔසප් වීම ආසන්නයේ හෝමෝන වෙනස් වීම නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. එසේම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

සුදයාම

සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනයේ රෝග ලක්ෂණ 

  • යෝනිය හා අවට කැසීම
  • යෝනි මාර්ගය වටා ඉදිමීම
  • මුත්‍රා පිට කිරීමේදී දැවිල්ල
  • ලිංගිකව හැසිරීමේදී දැවිල්ල හෝ වේදනාව 
  • උගුරේ අමාරුව
  • රතු පැහැ වීම
  • බිබිලි ඇති වීම
  • සුදු පැහැයට හුරු අළු සහ කැටි සහිත ස්‍රාවයක් පිටවීම

සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනයකට හේතු 

  • ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම 
  • ගැබ් ගැනීම
  • පාලනයකින් නොකල දියවැඩියාව
  • දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය
  • දුර්වල ආහාර පුරුදු
  • ඔබේ ඔසප් වීමේදී  සිදුවන හෝමෝන අසමතුලිතතාවය
  • ආතතිය
  • නින්ද නොමැතිකම

යෝනියෙන් ගඳ

ප්‍රතිකාර 

සුදයාම සදහා හේතුවෙන සරල දීලීර ආසාදන තත්වය 

මේ සඳහා වෛද්‍යවරයා විසින්  සාමාන්‍යයෙන් දින 1 සිට 3 දක්වා ප්‍රති-දිලීර ක්‍රීම්, ointment, ටැබ්ලට් හෝ සපෝසිටර්ස් නියම කරනවා. 

ඔබේ රෝග ලක්ෂණ මාස දෙකක් ඇතුළත නැවත ඇති වුනොත් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කර බලන්න කිරීමක් අවශ්‍ය වෙනවා.

සුදයාම සදහා හේතුවෙන සංකීර්ණ දීලීර  ආසාදන තත්වය 

දින 14 ක් ප්‍රති-දිලීර ක්‍රීම් , ointment, ටැබ්ලට් හෝ යෝනියට ඇතුල් කරන සපෝසිටර්ස් නියම කරනවා.  

ඔබේ ආසාදනය නැවත නැවත ඇති වේ නම්, ලිංගිකව හැසිරෙන විට කොන්ඩම් වැනි ආරක්ෂිත  ක්‍රමයක් භාවිතා කරන්න.

සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

අත්බෙහෙත් 

  • පොල් තෙල්
  • තේ ගස් තෙල් ක්‍රීම්
  • සුදුළුනු
  • බෝරික් අම්ලය අඩංගු යෝනි සපෝසිටර්ස්
  • සාමන්‍ය යෝගට් මුඛයෙන්  හෝ යෝනි මාර්ගයට ඇතුල් කිරීම 

අත්බෙහෙත් අත්හදා බැලීමට පෙර  වෛද්‍යවරයකු මුණගැසී ඔබට වැළදී ඇත්තේ මේ රෝගයදැයි පරීක්ෂා කරගන්න.

සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදන වැළැක්වීම

අවසාන වශයෙන් මෙය වළක්වා ගන්න ඔබ කල හා නොකල යුතු දේවල් මේ සමග ඉදිරිපත් කරනවා.

කල යුතු දේවල් 

  • සමබර ආහාර වේලක් අනුභව කරන්න. 
  • යෝගට් ආහාරයට  හෝ ලැක්ටොබැසිලස් සහිත  අතිරේක ආහාර ලබාගන්න.
  • කපු යට ඇදුම් අදින්න.
  • යට ඇඳුම් උණු වතුරෙන් ස‌ෝදන්න.
  • යෝනි මාර්ගය පිරිසිදු කිරීමට ඒ සදහා නිෂ්පාදිත ආලේපන භාවිතා කරන්න.

නොකල යුතු දේවල් 

  • තද ඇදුම් අදින්න එපා
  • කාන්තා ඩියෝඩ්‍රන්ට් හෝ සුවද ගැල් වු සනීපාරක්ෂක උපකරණ භාවිතා කරන්න එපා
  • තෙත් ඇඳුම් මත වාඩි වී සිටින්න එපා 
  • උණුසුම් තටාකවල හිඳීම හෝ නිතර උණුසුම් ස්නානය කිරීම කරන්න එපා

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා
බෙදාගන්න :
  • ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

    ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

  • ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?

    ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?

  • ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

    ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

  • ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?

    ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it