ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

ලිංගිකව එත්වීම වේදනාකාරි කරන මේ රෝග තත්වය ගැනත් දැනුවත් වෙන්න.

ලිංගිකව එකතු වීම වේදනාවක් බවට පත් කරන සමහර රෝග තත්වයන් තියෙනවා. වැජිනිස්මස් රෝගය කියන්නේ එහෙම තත්වයක්.

එම රෝගය කුමක්ද? ඒ සදහා කල  හැකි පියවරවල් මොනවාද? අපි ඒ ගැන නාරි හා ප්‍රසව වෛද්‍ය සමන් හේවා මහතා විසින් රචිත ලිපියකි.

වැජිනිස්මස් රෝගය

සෙක්ස් එපා

මෙම රෝගී තත්ත්වය ඇති කාන්තාවන් හට අනිත් අයට මෙන් ලිංගික එක් වීම මිහිරක් වන්නේ නැහැ.

මෙහි රෝග ලක්ෂණ විශාල පරාසයක් තුල විහිදෙනවා.

සමහර කාන්තාවන් හට මේ නිසා පලමුවර එක් වීමෙදී වේදනාවක් ඇතිවෙනවා.

මේ තත්ත්වය නිසා ලිංගික එක්වීමට ඇති බිය නිසා සමහර කාන්තාවන් සංසර්ගය නොකරම සිට නොයෙකුත් සංකූලතාවයන්ට ගොදුරු වී ජීවිතය නීරස වේ.

මෙය බොහෝ දෙනාට තරමක් හෝ ඇති නමුත් මෙය තවත් කෙනෙකුට කියන්න ඇති බය ලජ්ජාව නිසා මෙයින් බොහෝ මානසික පීඩාවට පත් වන බව නොරහසකි.

කවුරුන් හෝ ඇසට ඇගිල්ලෙන් අනින්න හැදුවොත් ඇස ඉබේම පියවෙන බව ඔබ දන්නවා.

එහෙම වෙන්නේ මාංශ පේශි ඉබේම ප්‍රති ක්‍රියා කරන නිසා බව ඔබ අසා ඇති. මෙය හිතාමතා කරන දෙයක් නිසා වලකාලීමට ඔබට නොහැකියි.

ඒ වගේමයි වැජිනිස්මස් ඇති කාන්තාවන්ගේ යෝනිමාර්ගය වටා ඇති පේශි ක්‍රියාත්මක වෙන්නේ.

ලිංගික එක් වීමට හෝ යෝනිමාර්ගය පරීක්ෂා කරන්න සූදානම් වන විට මෙම පේශි තදින් සංකෝචනය වන නිසා යෝනිමාර්ගය වැසෙනවා.

ඒ නිසා එක් වීම ඉතා වේදනාවක් වනවා හී එක් වෙන්න නොහැකි වෙනවා. එවිට යෝනිමාර්ගය කුඩා යයි බොහෝ දෙනා සිතනවා.

ලිංගික උද්‍යෝගය විනාශ වීම

මේ සදහා හේතුන්

බොහෝවිට මේ තත්වයට හේතූන් වනේ කලින් සිදු වූ පීඩාකාරී සිදුවීමක්, කුඩා කල අතවරයට ලක් වීම, වේදනාකාරී වෛද්‍ය පරීක්ෂණයක් නිසා වෙන්න පුළුවන්.

ඒ වගේම බොහෝ දෙනා මේ ෆීලින් අවට ඇති බිය මෙයට හේතුව වනවා.

ඒ වගේම ලිංගිකත්වය පිලිබඳව ඇති ආගමික හෝ සංස්කෘතික මතයක් නිසා මානසිකව මට්ටම අනුව මේ තත්වයට ගොදුරුවීමට පුළුවන්.

වැඩිවියට පත් වීම සමග මේ හැගීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් නමුත් බොහෝ දෙනා මෙය ඉතා වරදක් ලෙස සිතා හැගීම් සිරකොත තැබීමේ එක් ප්‍රතිඵලයක් බව හදුන්වනවා.

මේ සදහා සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. දරුනු වීමට පෙර ප්‍රතිකාර කිරීමෙන් ඉක්මනින් සුවයක් ලබාගැනීමට පුළුවන්.

ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

මෙම තත්ත්වයක් ඇති කාන්තාවන්ගේ යෝනිමාර්ගය කුඩා නැහැ. එම නිසා එය විශාල කිරීම නෙමෙයි ප්‍රතිකාර වලින් කරන්නේ.

හැකිලීමට හුරු වී ඇති පේශි සැහැල්ලුවෙන් තබාගන්න හුරු කිරීමයි ප්‍රතිකාර මගින් කරන්නේ.

මුලින්ම එයට හේතුව සොයා මානසික සහනයක් ලබාදීම කරන්න පුළුවන්.

මෙයට හේතුව ශ්‍රෝණි කුහරයේ පහලම ඇති පේශි. එම පේශි සංකෝචනය හා ලිහින් කිරීම kegal exercise නමැති ව්‍යායාම ක්‍රමය මගින් හුරු කරන්න පුළුවන්.

මුත්‍රා කරනවිට හිතාමතා එය නතර කරන්න උත්සාහ කලොත් එම පේශි ක්‍රියාකාරී වෙනවා. එය හදුනාගෙන සංකෝචනය හා ලිහිල් කිරීමයි මෙයි හුරු කරන්නේ.

මෙහි එක ක්‍රමයක් වන්නේ ලිහිසි ආලේපය භාවිතා කර ඇගිල්ලක් යෝනිමාර්ගයට ඇතුල් කිරීම.

මෙහිදී ඔබට වේදනාව අඩුනම් ඇගිලි දෙකක් තුනක් දක්වා වැඩි කර ඇතුල් කරන්න උපදෙස් ලබා දෙනවා.

මේ සදහා විශේෂයෙන් සැකසූ vaginal dilators නම් උපකරණ භාවිතා කරන්න පුළුවන්. සමහරවිට මෙම ප්‍රතිකාර සදහා මාස කිහිපයක් ගතවෙන්න පුළුවන්.

මේ අභ්‍යාස මගින් කාන්තාව යෝනිමාර්ගය ප්‍රමාණය හා තෘප්තිමත් බව පිලිබඳව තිබූ මානසික ගැටලුව හරිගිය පසු ලිංගිකව එක් වීම කරන්න.

90% ක් පමන කාන්තාවන් හට මම අභ්‍යාස මගින් මෙම තත්වයෙන් මිදෙන්න පුළුවන්.

ඉතා කලාතුරකින් යෝනිමාර්ගය ඉතා කුඩා අය ඉන්න පුළුවන් එහෙම අයට සැත්කමක් මගින් යෝනිමාර්ගය හදාගන්න පුළුවන්.

මීට අමතරව යෝනිමාර්ගයේ විවිධ ආසාදන සමේ රෝග තත්වයන් එන්ඩොමෙට්‍රියෝසිස් ගර්භාෂයේ හෝ ඩිම්බ කෝෂ වල අසාමාන්‍ය තා බෝවන රෝග හා ශ්‍රෝණි කුහරය වල ආසාදන නිසාත් එක්වීමේදී වේදනාව ඇතිවෙමන්න පුළුවන්.

ලජ්ජාවට ජීවිතය හා සතුට බිලි නොදී ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු හට යෝනිමාර්ගය පරීක්ෂා කිරීමට දී මෙයට හේතූන් සොයාගෙන අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරයකුගේ උපදෙස් මත ලබාගන්න.

ඔබේ ලිංගික ජිවිතය හොදින් පවත්වා ගන්න වැජිනිස්මස් රෝගය ගැන වු මේ ලිපිය වැදගත් වේවියැයි අපි සිතනවා.

මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි