theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැජිනිස්මස්: ඇතැම් කාන්තාවන් ලිංගිකව එක්වීම අප්‍රිය කරන්නේ ඇයි?

5 අවම කියවීම
වැජිනිස්මස්: ඇතැම් කාන්තාවන් ලිංගිකව එක්වීම අප්‍රිය කරන්නේ ඇයි?වැජිනිස්මස්: ඇතැම් කාන්තාවන් ලිංගිකව එක්වීම අප්‍රිය කරන්නේ ඇයි?

කාන්තාවන්ට ලිංගික එක්වීම අප්‍රිය කරවන වජිනිස්මස් තත්වයට නව බලාපොරොත්තුවක් ඇති කරමින් මෙම තත්වයට මුහුණ දෙන කාන්තාවනට දැන් ප්‍රතිකාර ඇත. ලෝකය පුරා බොහෝ කාන්තාවන්ට බලපාන මෙම තත්වය ගැන මෙතනින් දැනගන්න.

ඔබට ලිංගිකව එක්විමේදී අපහසුතාවයක් ඇති වේ නම් ලිංගික සංසර්ගයක යෙදීම වේදනාව ගෙන දේ නම් ඔබ වැජිනිස්මස් vaginismus තත්වයෙන් පෙළෙනවා විය හැකිය.

මෙම ලිපිය තුලින් වැජිනිස්මස් පිළිබඳව තොරතුරු රැසකුත් එහි රෝග ලක්ෂණ අඩු කර ගැනීමට ඔබට කළ හැකි දේවල් කිහිපයකුත් ඇතුලත් කරමු.

වැජිනිස්මස් vaginismus යනු කුමක්ද?

සිංගප්පූරුවේ සායනික ලිංගික වෛද්‍යවරියක් වන වෛද්‍ය වෛද්ය මාර්තා ලී පවසන පරිදි වැජිනිස්මස් යනු කාන්තාවගේ යෝනිය වෙත යමක් (ශිෂ්ණය හෝ අභ්‍යන්තර ස්කෑන් පරීක්ෂණ උපකරණයක් වැනි) ඇතුළු වීමේදී කාන්තාවගේ පාලනයෙන් හෝ අනුදැනුමෙන් තොරව යෝනි බිත්තියේ පඨක තද වීමකි.

බොහෝ කාන්තාවන්ට මෙය බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිදුවීමකි. ඇය ලිංගික සංසර්ගයේ අනපේක්ෂිත ලෙස අත්දකින වේදනාව යෝනිය වටා මාංශපේශි තද වීම හේතුවෙන් ඇති වන්නකි.

ලිංගික සෞඛ්ය පිළිබඳ ප්‍රවීණයන් පවසන පරිදි "යෝනි මාර්ගයේ සංවේදීතාවය නිසා, විශේෂයෙන්ම pubococcygeus (PC) මාංශපේශි කාණ්ඩය, කාන්තාවන් නොදැන සිටි මුත් අධික වේදනාවට තුඩු දෙන්නේ මේ කාරණයයි."

මෙහිදී ඇය අසහනයට පත්වන මට්ටමට අනුව ඇයට ලිංගිකව එක්වීම අපහසු හෝ, වේදනාකාරී හෝ කිසි සේත්ම නොකළ හැකි ක්‍රියාවක් බවට පත් වනවා.

වැජිනිස්මස් vaginismus තත්වය ඇති කාන්තාවන් එය පහදා දෙන්නේ “දැවෙන සුළු එව්දනාවක්  හෝ, පේශි ඉරා යන සෙයක් හෝ “ශිෂ්ණය ඇතුළු නොවී බිත්තියක ගැටෙන සේ” දැනෙන බවක්ය.

සෞඛ්ය අමාත්යාංශය විසින් වැජිනිස්මස් තත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ සංඝනනයක් සිදු නොවන මුත් වසරකට එවැනි තත්ව 20ත් 30ත් අතර ප්‍රමාණයක් වන බව කියවෙනවා.

මෙම තත්වය විවාහයන් බොහොමයකම ලිංගික ජිවිතය අක්‍රීය වන්නට බලපාන මුලික හේතුවක් බව කියවෙනවා. නිසි ප්‍රතිකාර නොලදහොත් මෙය  සහකරුවන් අතර දුරස් වීම් පමණක් නොව දික්කසාද වලට පවා තුඩු දෙන ගැටලුකාරී තත්වයක් වන්නට පුළුවන්.

වැජිනිස්මස් තත්වයේ රෝග ලක්ෂණ:

  • ලිංගික හැසිරීම් වලදී දැවෙන හෝ දැවෙන හැඟීමකින් ඇතිවන හැඟීම.
  • ශිෂ්ණය ඇතුළු කිරීම දුෂ්කර හෝ අපහසු හෝ වේදනාකාරී වීම.
  • ලිංගිකව අක්‍රිය විවාහයක් තිබීම.
  • වෛද්‍ය ස්කෑන් පරීක්ෂණ වලදී අපහසුතාවට පත් වීම.
  • හේතුවක් රහිතව ලිංගික එක්වීම හා එක්වීමෙන් පසුව වේදනාව පැවතීම.
  • ලිංගික සංසර්ගයේදී හුස්ම ගැනීමේ අපහසුතාව හා ශරීරයේ අනෙකුත් මාංශ පේශි කණ්ඩායම්වල (කකුල්, පහල පසුපස ආදිය) පෙරලීම් ඇති වීම.
  • දරු ප්‍රසුතියෙන් පසු ද්ගටම පවතින ලිංගික වේදනාව හා අසහනය.
  • වේදනාව නිසා ලිංගිකත්වය පිළිබඳ උනන්දුවක් නැති වීම. වේදනාව සහ/හෝ අසමත් වීම නිසා ලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කිරීම.

වැජිනිස්මස් ඇති වීමට හේතු

වැජිනිස්මස් ශාරීරික හා/හෝ භෞතික හේතූන් නිසා හටගන්නක් විය හැකි බව උපකල්පනය කෙරෙනවා.

කෙසේ වෙතත්, මෙවා හේතු හේතුකොටගෙන කාන්තාවන්ට තම යටි හිතේ නොහොත් සවිඥානක මට්ටමේ වේදනාවක් ඇති වනවා. මෙය තවදුරට යෝනි මාර්ගය ආශ්‍රිත මාංශපේශි සංකෝචනයට හා ලිහිල් කිරීමට තුඩු දෙනවා. මෙහිදී ලිංගික එක්වීම බොහෝ වේදනාකාරී වන්නට පුළුවන්.

ලිංගික සෞඛ්ය විශේෂඥයන් පවසන පරිදි, "ලිංගික හැසිරීම් වේදනාව තුලින් දිගින් දිගටම උත්සාහ කිරීමෙන් ඇති වන අපහසුතාව තව තවත් තීව්ර වේ. මෙය ශරීරයේ වේදනාව තව තවත් වැඩි කරන අතර, යෝනි බිත්ති තව තවත් තද වීමකට ලක්වන්නට පටන් ගනී.

වැජිනිස්මස් තත්වයට බලපාන භාහිර හේතු..

තත්වයට මුහුණ දෙන කාන්තාවන් අතුරින් 90%කම වාගේ පහත රෝග ලක්ෂණ අත්දකියි.

1 ගර්භනීභාවය පිළිබඳ බිය

2 ලිංගික ක්‍රියා වේදනාව දෙන්නක් බව අපේක්ෂාවෙන් සිටීම

3 සංසර්ගය සම්බන්ධ ක්‍රියාකාරී කාංසාව

4 ලිංගික අපයෝජනය පිළිබඳ ළමා මතකයන් ඇතුලු කම්පිත ලිංගික අත්දැකීම්වල අතීත අත්දැකීම් අලුත් වීම

5 සහකරු සමඟ දුර්වල හැඟීම්බර බැඳීම

6 දුර්වල ලිංගික දැනුම

වැජිනිස්මස් තත්වයට බලපාන භෞතික හේතු

මෙම භෞතික ගැටලුවලින් එකක්ගෙන් ඉතිරි වී ඇති කාන්තාවන්ගෙන් ඉතිරි 10%

1 ප්‍රජනන පද්ධතිය ආසාදන වලට භාජනය වී තිබීම

2 සංකීර්ණ සීසේරියන් සැත්කමක් හෝ සාමාන්‍ය ප්‍රසුතියක්

3 භෞතික හෝ ලිංගික අපයෝජනය, දූෂණය හා/හෝ හිරිහැර වලට භාජනය වීම

4 හෝමෝන ගැටළු නිසා යෝනි මාර්ගයේ වියළි බව

5 ආර්තවහරණය හේතුවෙන් දුර්වල සෛල ලිහිසි කිරීම

6 පූර්ව සැත්කම් හෝ කම්පන වලින් ඇති වන වේදනාව

විශේෂඥයින් පෙන්වා දෙන්නේ වැජිනිස්මස් vaginismus ආසාදනයට තුඩු දිය හැකි තවත් මුලික හේතුවක් විය හැක්කේ ලිංගිකව එක් වීමට පෙර ප්‍රමාණවත් සුදානම් වීමක් නොමැති වීම වන්නට පුලුවන් බවයි. ලිංගික එක්වීම කෙරෙහි කාන්තාවගේ ඇති තැති ගැන්මද හේතු විය හැකි මුත් මෙම තත්වය කාන්තාවකගේ වරදින් හෝ ඇය සිතා මතා හෝ කරන දෙයක් නොවන  බව විශේෂයෙන් සඳහන් කල යුතුය.

මෙම තත්වය ක්‍රියාත්මක වූ විට යෝනිය අසල මාංශ පේශි ස්වේච්ඡාවෙනම තදබල වන අතර මෙය කාන්තාවගේ අනුදැනුම ඇතිව සිදුවන්නක් නොවේ.

වැජිනිස්මස් vaginismus තත්වය සඳහා ප්‍රතිකාර

ශුභාරංචියක් වන්නේ අනෙක් නොයෙකුත් ලිංගික ගැටළු වලට වඩා සුව ලැබීමේ සහ ප්‍රතිකාර කිරීමේ හැකියාවක් මෙම වැජිනිස්මස්  තත්වයට ඇති බවයි. අධ්‍යයන වලින් පෙන්වන පරිදි ප්‍රතිකාර වල ප්‍රතිපල 100%ක්ම සාර්ථක බව පෙන්වා දෙනවා.

සිංගප්පුරුවේ වෛද්‍ය මාර්තා ලී විස්තර කර ඇත්තේ, කාන්තාවන්ට මෙම තත්වයෙන් මිදීමට ඇගේ මනෝ චිකිත්සාව හරහා භාවිතා කරන පොදු ප්‍රතිකාර ක්‍රම කිහිපයකි.

මනෝ චිකිත්සාව

මේ ක්‍රමය තුළින් රෝගියා මෙම තත්වයට භාජනය වී ඇත්තේ මනෝවිද්‍යාත්මක හේතුන් නිසා නම් ඔවුන්ගේ මනසට වද දෙන ගැටළු  හා හැඟීම් නිදහසේ පවසන්නටත් සහකරු සමඟ ඇති සබඳතාව, ලිංගික දිවියේ ගැටළු ආදියද සාකච්චා කිරීමේ අවශ්තවත් ලැබෙනවා.

වෛද්‍යතුමිය සඳහන් කලේ මෙම ක්‍රමය තුලින් රෝගියාටත්, වෛද්යවරයටත් දෙදෙනාටම සාකච්චාව තුලින් රෝගයට හේතුකාරක විය හැකි තට්වය් ගැන අවබෝධයක් එන බවයි.

විවේකය ගෙන දීමේ ශිල්ප ක්‍රම

කාන්තාවකට සන්සුන්ව සහ විවේකීව සිටීමට උපකාර කිරීම සඳහා විවිධාකාර අභ්‍යාසයන් ඇත.මේ තුළින් රෝගියාව මනසින් සහ ශරීරයෙන් සන්සුන් කිරීම සිදු කරනවා. මෙය ඇයගේ සහකරු සමඟ ලිංගිකව හැසිරීමට ඇති තැති ගැන්ම බොහෝ දුරට මග හරවා ගැනීමට ඉවහල් වනවා.

ලිංගික ව්යුහය

කාන්තාවන්ගේ ලිංගික හැසිරීම් පිළිබඳ උගන්වනු ලබන අතර,වැජිනිස්මස් තත්වයට තුඩු දෙනමංශ පේශි සංකෝචනය ගැන මෙහිදී විස්තර කරනවා.

ඇතුල් කිරීම සහ විනිවිදුම් අභ්යාස

මෙහිදී වෛද්‍යවරයා තම යෝනි ආශ්‍රිත මාංශ පේෂී ශක්තිමත් කරන අකාරය ගැන අභ්‍යාසයක් කරනු ලබනවා. ශාරීරික පේශිවල සැහැල්ලු වීම ලිංගික සංසර්ගයේ යෙදීමට උදව් කිරීම සඳහා විවිධාකාර ශිල්ප ක්‍රම මෙහිදී භාවිත කෙරෙනවා.

එසේම, මාංශ පේෂී ක්‍රමයෙන් අවශෝෂණය කර ඇත. මෙම "මාංශපේශීන් තද කිරීමෙන් සහ වේදනාකාරී හැඟීම් ඇති කිරීමට හේතු වන ප්රති-ක්රියාකාරීත්වය අඩු කිරීමට" මෙම උපකාරී වේ.

විවාහක යුවල් අතර පෙර සූදානම

වෛද්ය මාර්තා ලී පවසන ආකාරයමෙම වැජිනිස්මස් තත්වය සාර්ථකව විසඳාගැනිමට නම් මෙම තත්වයට මුහුණ දෙන බිරිඳ තම ස්වාමිපුරුෂයා සමඟ කිට්ටුවෙන් කටයුතු කල යුතු වනවා.

මෙහිදී විවාහක යුවලට ප්‍රතිකාර කරද්දී ඔවුන්ට විශේෂිත ශාරීරික අභ්‍යාසයක් ලබා දෙනවා.

ට වැගිරි වාදය සාර්ථකව විසඳාගැනීම සඳහා ඇයගේ සහකරු සමග සමීපව වැඩ කළ යුතු කාන්තාවක් විය යුතුය. ලිංගික චිකිත්සකවරිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි අතර ඔවුන්ගේ සමීප සබඳතා, විශ්වාසය හා සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා සහකරුවන්ට උපකාර කිරීම.

ඉතින් මෙවන් වේදනාවකට ඔබ මුහුණ දෙනවා නම්  වහාම ඔබේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා හමුවීමට කටයුතු කරන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • වැජිනිස්මස්: ඇතැම් කාන්තාවන් ලිංගිකව එක්වීම අප්‍රිය කරන්නේ ඇයි?
බෙදාගන්න :
  • ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

    ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

  • ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

    ලිංගිකව එක් වීම වේදනාවක් කරන වැජිනිස්මස් රෝගය පිලිබඳව දැනුවත් වෙමු.

  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it