theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආදරය හා විවාහය අතර වැලන්ටයින්

3 අවම කියවීම
ආදරය හා විවාහය අතර වැලන්ටයින්ආදරය හා විවාහය අතර වැලන්ටයින්

පෙබරවාරි දාහතර වැනිදා එනකම් ආදරණීය යුවල බලාගෙන ඉන්නවා වගේ, ඒ ආදරෙයි, කියන්න, තෑගී බෝග හුවමාරු කර ගන්න හා තවත් බොහෝ දේ වෙනුවෙන්...

ආදරය වෙනුවෙන් බොහෝ දේ කරපු වැලන්ටයින් සාමිවරයාගේ මරණය සිදු වු ඒ දවස, පෙබරවාරි දාහතර වෙනිදා වැලන්ටයින් සාමිවරයාගේ මෙහෙවර සිහි කරනවා වෙනුවට වානිජකරණයට ලක්වෙලා.

අවුරුද්ද පටන් ගන්න කොටම ඇහෙන්නේ වැලන්ටයින් ප්‍රෝමෝෂන්, බොහෝ දෙනෙක් ළපැටි ජෝඩු ඉලක්ක කර බොහෝ දේවල් කරන්න හිතනවා.

මේ ලිපිය කියවන අපි බොහෝ දෙනෙක් දෙමව්පියන්, අපේ දරුවා බිලිගන්න බලා ඉන්න මේ වැනි දේවල් හදුනා නොගැනීම තුල අපි නොදැනීම අපේ දරුවන් අනතුරේ හෙළනවා.

දැන් ඉස්සර වගේ නෙවෙයි,

බිරිදට ආදරය කරන ක්‍රම

මින් දශකයකට එහා අපේ යොවුන් වියේ ආදරය ගෙවුනේ චොකලට්, මල් එක්කලා, ඒත් එක්කම ෆෝන් එකෙන් ගොඩාක් ආදරය කලා.

ඒත් කාලය දැන් බොහොම වෙනස් වෙලා. එක ගීතයක කියනවා මතක ඇතිනේ ප්‍රේමය මේ යැයි කියා හදුනාගත් කිසිකෙනෙකු නැති. ඇත්ත ප්‍රේමය  කියන්නේ මොකද්ද?

වේලාවට ප්‍රේමය ආදරයට කිට්ටු වෙනවා.තවත් වෙලාවකට රාගයට කිට්ටු වෙනවා. සමහර වෙලාවට විරාහවට කිට්ටු වෙනවා.

මේ යුගයේ ප්‍රේමය වැඩි වැඩියෙන් රාගයට කිට්ටු වෙලා. බොහෝ අය ආදරයෙන් අන්ධ වෙලා.

කොච්චර පාසැල් ජෝඩු ෆිල්ම් හෝල්, හෝටල් කාමර අස්සෙන් මතුවෙනවාද? ඔවුන් ඒවා අස්සේ රිංගා කරන්නේ ආදරය සැමරීමද? නැහැ .

ඔවුන් බොහොමයක් ජීවිතය වරද්දා ගන්නවා. ඔවුන්ට ප්‍රේමය, ලිංගිකත්වය ගැන මනා දැනීමක් නැහැ.

හැගීම් වලට වහල් වු පමණින් එතැන ආදරයක් නැහැ . ලිංගික සම්ප්‍රේෂණ රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් වගේම රටේ නිතීය ගැනත් මේ දරුවෝ දැනුවත් නැහැ.

ඒත් මේ ආදරය ඒඩ්ස් වගේ මාරාන්තික රෝගයකින් , ගබ්සාවකින්, මරණයෙන් අවසන් වෙන්නත් පුළුවන්.

වැලන්ටයින්

වැලන්ටයින් ඔබේ දරුවාග‌ේ විනාශය න‌ොවන්න නම්

ආදරය නමින් අලෙවි වන්න එපා.

ඔබ ඔබේ දරුවාට මේ ගැන කියා දෙන්න ඕනී වැදගත්ම දේ නම් ආදරය නමින් අලෙවි නොවීමයි.

විවිධ වෙළදාම් වල මායා දැල් වල පැටලෙමින් ඔවුන්ගේ අනාගතය අදුරු කර නොගත යුතු බවයි.

ආදරය සෙල්ලමක් නොවේ.

ඔබේ නව යොවුන් දරුවාට ආදරය ගැන කියාදෙන්න . ආදරය කල යුත්තේ පාසැල් වියේ නොවන බවත් ආදරය සෙල්ලමක් නොවන බවත් දරුවාට අනිවාර්යයෙන්ම උගන්වන්න.

ආදරයත් කාමයත්  දෙකක්  වේ.

අපේ දුවා දරුවන් වරද්දා ගන්නා පළමු  දෙය වන්නේ ආදරය හා කාමය වේ.

අද ජනමාධ්‍ය තුලින් දරුවාට ආදරය යැයි උලුප්පා පෙන්වන කාමයට ඔවුන්ද රැවටෙන්න ගතවන්නේ සුළු කාලයක් පමණි.

ආදරයට එක දවසක් නැහැ .

විවාහ සංවත්සරය

ආදරයට නියමිත දවසක් නැහැ. ආදරය යනු පෙම්වතා පෙම්වතියට තියෙන ආදරයම පමණක් නොවේ.

අවුරුද්දේ හැමදාම ආදරයෙන් ලෝකය දෙස බලන්න ඔබේ දරුවාට කියා දෙන්න ඔබට පුළුවන්.

හෝටල් කාමර තුල ආදරය සොයන්න එපා.

ඔබේ දරුවාට හෝටල් කාමර තුල , සිනමා හල් වල ආදරය නොමැති බව වටහා දෙන්න. ඒ තුලින් හුදෙක් ජීවිතය විනාශ වීමක් පමණක්ම සිදුවෙන බව ඔවුන්ට පෙන්වා දෙන්න.

ඔබේ දරුවාට හැකි තරම් ආදරය දෙන්න.

අම්මායි , තාත්තායි දෙන්නම රැකියාවක් එක්ක බොහොම කාර්‍යබහුල වෙන්න පුළුවන් . ඒත් ඔබේ දරුවාට ඔබේ  ආදරය, අවධානය  ලබාදෙන්න. ඒ තුලින් ඔබේ දරුවා රැකගන්න.

මේ ආදරවන්තයින්ගේ දිනය එළඹෙද්දී දෙමව්පියන් වන ඔබට දෙන්න ඇති වැදගත්ම පණිවිඩය එයයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ආදරය හා විවාහය අතර වැලන්ටයින්
බෙදාගන්න :
  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්

    පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්

  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්

    පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it