theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

5 අවම කියවීම
මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

මේ අම්මා පුතෙක් ලබන්න මෙච්චර කැමති ඇයි? මෙම ලිපිය කියවා දැනගන්න

පුතෙක් ලබා ගැනීම ගැන මට නිතරම සිහින මැවෙනවා. මට පුතෙක් හිටියා නම් එයාට ගැහැනුන්ට, අම්මට, බිරිඳට, නංගිට, දුවට ගෞරව කරන හැටි මට කියා දෙන්න තිබුණා. දියණියගේ වටිනාකම අමතක වෙලාද මන්දා.

මට ලස්සනම ලස්සන හරිම හොඳ දුවලා දෙන්නෙක් ඉන්නවා. මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අම්මා කියලා හිතනවා.

නමුත් රට පුරා අනාරක්ෂාව පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වෙද්දී සමහර ඒවා වාර්තා නොවීම සැඟවෙද්දී මටත් පුතෙක් හිටියානම් හොඳයි කියලා හිතෙනවා. ඒත් මේ නිසා මම ගැන වරදවා හිතන්න එපා.

පුතෙක් ලබා ගැනීම

පුතෙක් ලබා ගැනීම

පළවෙනි වර ගැබ් ගත්තහම මම බලාපොරොත්තු වුණේ මට දුවෙක් ලැබේවි කියලයි. එය සඵල වුණා. මාතෘත්වයේ සුන්දරත්වය විඳිමින් හුඟක් අත්දැකීම් ලබමින් මම දෙවැනි වරටත් ගැබ් ගත්තා.

ඒ පාරත් මට දුවෙක් ලැබෙන්න කියලා මම හුඟක් ආසාවෙන් ප්‍රර්ථනා කළා. ඉතින් මගේ බලාපොරොත්තුව ඉටු වුණා. අනිත් කාරණය තමයි ඔවුන් අතර අවුරුදු 6 ක වෙනසක් වුනත් එකම දිනයක උපත ලැබුවා. එය ආශ්චර්යයක්. ඉතින් මම තාමත් දුක් වෙන්නේ ඇයි?

ඒත් අද සමාජය දිහා බැලුවහම අහන දකින දේවල් නිසා මට හිතෙනවා මට තව පුතෙකුත් හිටියානම් කියලා.

දුෂණය වීම ඇරඹෙන්නේ ගෙදරදිමයි දියණියගේ වටිනාකම

පුතෙක් ලබා ගැනීම

පිරිමි දරුවෙකුට දුෂණ ගෙදරින් ඉගෙන ගන්නත් ගැහැනු දරුවෙකුට ගෙදරදීම දුෂණය වීමත් තරම් හානියක් තවත් තියෙනවද?

ඉන්දියානු සමාජය තුළ හුඟක් පිරිමි ළමයි තමන්ගේ තාත්තාගෙන් අම්මා පීඩනයට හිංසනයට ලක්වෙන හැටි දකිනවා.

කෑගැසීම්, දුෂණය, පහර දීම් සහ තවත් බොහෝ දේවල්. එක්තරා වයසකදී දරුවන්ට හොඳ නරක තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.

නමුත් අවාසනාවකට මෙය ඔවුනට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා.

ඉතින් තමන් කවදා හරි විවාහ වෙන කාන්තාවටත් මෙහෙම සැලකිය යුතුයි කියලා හිතන එකේ පුදුමයක් නැහැ.

ඒ වගේම දුවෙක් මේක දකින කොට සබඳතාවයන් ගලාගෙන යන්නේ මෙහෙම තමයි කියලා ඇයත්  හිතනවා වගේම ඇයගේ ජීවිතයත් මේ විදිහටම ගලාගෙන ගියාට වරදක් නැති බවත් එය ස්වභාවය බවත් ඇය සිතනවා.

මේවාට එරෙහි වීමක් හෝ ඊට ක්‍රියාමාර්ග ගැනීමක් නැතිනම් පැමිණිලි කිරීම් සිදුවන්නෙත් නැහැ.

ඕන තරම් ගහන්න බනින්න පුළුවන්. එය දුෂණයෙන් එහාට ගිය ඛේදවචකයක්. ඒත් මට පුතෙක් හිටියා නම් එයා ගැහැනියකට ගෞරව කළයුතු ආකාරය කියාදෙන්න තිබුණා.

එයා බිරිඳට, දුවට, නංගිට ඒ වගේම ඕනෙම මිනිසෙකුට ගරු කරන හැටි එයාට කියලා දෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජයේ සම්ප්‍රදායික බවෙන් මිදෙන්න

පුතෙක් ලබා ගැනීම

හුඟක් පිරිමින් ඔවුන් යම් කාන්තා දුෂණයක් කළ පසු ඊට හේතු විමසූ විට කියන්නේ කාන්තාවගේ උවමනාවෙන් එය සිදුවූ බවයි.

කාන්තාවන් ඇඳුමක් කොටට ඇන්ඳ පමණින්, පිරිමියෙකු සමග සිටිය පමණින් හෝ රාත්‍රියේ පිටත සිටි පමණින්, මත්පැන් දුම්වැටි බිව් පමණින්, ඇගේ විවෘත බව ප්‍රකාශ කළ පමණින් ඇය මෙවැනි යෝජනාවක් කරන බව හුඟක් පිරිමින් විශ්වාස කරනවා.

ඔවුන් සිතන ආකාරයට අකමැතියි කියන්නේ රහසින් ඔවුන් ඊට කැමති නිසාලු. ඇය ඇගේ ශරීරය පෙන්වමින් ඔවුන් කරන්නේ ඊට ඇරයුම් කරන බවයි.

ඔවුන් කියන්නේ ඇගේ සමාජය තුළ සාරියක් ඇඳ සිටින කාන්තාවක් හොඳ කාන්තාවක් ලෙස පිළිගන්නවා. ඇගේ ඇතුලාන්තය ඔවුන්ට වැදගත් නැහැ.

දියණියගේ වටිනාකම: ඇගේ ශරීරය ඇගේ යි..

ඇය කුමක් කළත්, කොතැනක සිටියත්, ඔබට ආරාධනයක් කළත් ඇයව පාවිච්චි කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. නෑ, කැමති නැහැ. 

එපා කියන්නේ එපා කියන එකටයි. එය ඇගේ ශරීරයයි. එයට අයිතිය ඇත්තේ ඇයටයි.

ඇය ඊට කැමති නම් ඇය ‘කැමතියි’ යන්න කෙලින්ම කියනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මම මට පුතෙක් හිටියානම් හොඳයි කියන්නේ ඒකයි. එහෙනම් එයාට කියා දෙන්න තිබුණා කාන්තාවකට ගෞරව කරන්නේ කොහොමද කියලා.

දියණිය හා පියා අතර සබඳතාවය ශක්තිමත් කරන්න

අධ්‍යයනවලින් පෙනී යන්නේ ශක්තිමත් පිය-දියණියකගේ සම්බන්ධතාවය ගැහැනු ළමයෙකුට ශක්තිමත් ආත්ම අභිමානය, ආරක්ෂාව, තරඟකාරිත්වය සහ ස්ත්‍රීත්වය වර්ධනය කිරීමට උපකාරී වන බවයි.

එපමණක්ද නොව, තම පියවරුන් සමඟ හොඳ සබඳතා පවත්වා ඇති ගැහැණු ළමයින් මුල් ලිංගික හැසිරීම් වල යෙදීමට හෝ තරුණ වියේදී මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇති ඉඩකඩද අඩු බව සොයාගෙන තිබෙනවා.

ශක්තිමත් පිය හා දියණියගේ සබඳතාව තුළින් ගැහැණු දරුවා මෙන්ම තාත්තා-දියණියගේ සම්බන්ධතාවයෙන් තාත්තලාටද වාසි  ලැබෙනවා.

බොහෝ පිරිමින් පිළිගන්නේ දියණියක සිටීම ඔවුන්ගේ හැසිරීම වෙනස් කළ බවයි.

ලොස් ඇන්ජලීස් ගිනි නිවන භටයෙකු වන ජෝන් ජිමිනෙස්ට දියණියක් ලැබුණු පසු, ඔහු දෙන පණිවිඩවල වැදගත්කම ඔහු සොයා ගත්තේය. “දැන් මම කියන දේ සහ මා හැසිරෙන ආකාරය ගැන වඩාත් අවධානයෙන් පසුවනවා.” ඔහු පවසයි.

දියණියගේ වටිනාකම: දුවෙකුට වඩා පුතෙක් සිටීම ඇත්තටම ආරක්ශාවක් ද?

දුෂණයට ගැහැනු පිරිමි කියලා භේදයක් ඇත්තේ නැහැ. සමහර විට දුෂණයට ලක්වෙන පිරිමින් පවා ඉන්නවා. ඒ නිසා මම මගේ දුලා දෙන්නට නිතර හැම කෙනෙකුටම ගෞරව කරන්න කියලා දෙනවා.

පිරිමියෙක් වුනත් ගැහැනියෙක් වුනත් ඔවුන්ට එකසේ ගෞරව කරන්න මම ඔවුන්ට කියා දෙනවා.

දියණියගේ වටිනාකම ඔප් නැවීමට ඔබට කළ හැකි දෑ කිහිපයක් සාරාංශයක් ලෙස

  • ආදර්ශවත් වන්න. ඔබ තුළ ඇති ගුණාංග ඔබේ දියණිය පිරිමින් සමඟ අනාගත සබඳතාවලට බලපානු ඇත.
  • ලිංගිකත්වය, ආන්තික ඇඳුම් පැළඳුම්, මත්ද්‍රව්‍ය සහ අවදානම් ගැනීම වැනි දැඩි මාතෘකා පිළිබඳව ඔබේ සහකරු සමඟ සාකච්ඡා කර එකඟතාවකට එන්න.
  • ඉන්පසු මෙම ගැටළු ඇති වූ විට ඔබේ දියණිය සමඟ කතා කිරීමට සූදානම්ව සිටින්න. ඉලක්කය වන්නේ ඇයට හොඳ තීරණ ගැනීමට සහ එපා යැයි පැවසීමට ඉගෙන ගැනීමට උපකාර කිරීමයි සහ තාත්තා එසේ පැවසූ නිසා පමණක් නොවේ.
  • ඇගේ පෙනුම කෙරෙහි පමණක් අවධානය යොමු නොකරන්න; ඔබේ දියණිය පවසන, සිතන, දැනෙන සහ සිහින දකින දේ කෙරෙහි අවධානය යොමු කරන්න. අනෙක් අතට, ඇගේ පෙනුම ඇගේ මුළු පුද්ගලයාගේම එක් අංගයකි, එබැවින් ඇය ලස්සන බව ඇයට පැවසීමට බිය නොවන්න.
  • ආහාර පාලනය දිරිමත් නොකරන්න. ඒ වෙනුවට, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම කිරීම ප්‍රවර්ධනය කරන්න. 

කුමන රටක වුවත් තරාතිරමක වුවත් ගෞරවය හැමෝටම හිමිවිය යුතු බව දරුවන්ට කියා දීම ඔවුන්ගේ ජීවිතයට හරිම වැදගත්.

ඒ වැදගත් පණිවිඩය අද අපි theAsianparent Sri Lanka වෙතින් ඔබට ගෙන ආවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මට ඉන්නේ ලස්සන දූලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...
බෙදාගන්න :
  • ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

    ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

  • වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"

    වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"

  • ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

    ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

  • වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"

    වේලාවට වැඩ කිරීම: මොකද්ද මේ "be punctual?!"

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it