theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

7 අවම කියවීම
ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයිඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

කුළුබඩු රැජිණ වු වැනිලා වගාවක් අරඹා අතමිට සරු කරගන්න.

වැනිලා වගාව ඉහල වටිනාකමක් ඇති අපනයනය කල හැකි හොද ස්වයං රැකියා ක්‍රමයකි.  අවසරය සහිතව ලංකා වැනිලා සමුහය විසින් පල කල මෙම ලිපිය ඔබගේ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් අපි යලිත් පල කරන්නෙමු.

මෙය ගෙදර දොරේ ඉන්න අම්මලාට විවේකිව කරගන්න පුළුවන් ක්‍රමයක්ද වෙනවා.

ඒ මගින් කාන්තා ඔබටත් පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන් වේවි.

වැනිලා වගාව ගැන දැන ගනිමු

ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

කුළුබඩු ලොවේ රැජින ලෙස සැලකෙන වැනිලා දෙවන වන්නේ සැෆ්රන් වලට පමණි.

ලංකාවේ ඉහලම වටිනා කමක් සහිත අපනයන භෝගය ලෙස වැනිලා පත් වී හමාරය.

මීට වසර පහකට හයකට පෙර කිලෝ එකක් රුපියල් 500 ක් ව තිබූ වැනිලා අද රුපියල් 6000 - 7000 සීමාව ඉක්මවා තිබේ.

ලොව වැනිලා පරිභෝජනයට සරිලන ඉල්ලුමක් කිසි දා සැපයිය නොහැකි නිසා වැනිලා මිළ ඉදිරියේදී තව තවත් ඉහල යනු ඇතැයි සැලකිය හැකියි.

එසේ වුවද වෙළඳපොල හැසිරීම මත වැනිලා මිළ උච්ඡාවචනය වීම සිදුවිය හැකි බවද සිහි තබාගත යුතුයි.

දැනට ලොව වැනිලා පරිභෝජනයෙන් ස්වාභාවික වැනිලා නිශ්පාදනය කෙරෙන්නේ 10% ක් පමණි. ඉතිරි 90% කෘතිම වැනිලා රසකාරකය වේ.

අප එදිනෙදා පරිභෝජනය කරන වැනිලා රසකාරකය නිශ්පාදනය කරන්නේ පයින් ගස, හරක් ගොම, තාර සහ කැලෑ වල⁣සෙකුගේ ආමාෂ එන්සයිම වලින් නිස්සාරණය කරගත් සංගටක කීපයක් මගිනි.

මෙම කෘතිම වැනිලා රසකාරකය උග්‍ර පිළිකා කාරකයක් බව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමත් සමග කෘතිම වැනිලා වලට ඇති ඉල්ලුම ශීග්‍ර ලෙස පහත බැස ඇත.

එම හිඩැස පිරවීම සඳහා ස්වාභාවික වැනිලා ඉදිරියට පැමිණ ඇතත් ස්වාභාවික වැනිලා වගා කළ හැකි සීමිත රටවල් කීපයක පමණක් නිසා තරඟකාරී වැනිලා වෙළඳපොලක් නිර්මාණය වී ඇත.

ස්වාභාවික වැනලින් සාරය කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඩොලර් 1000 ක පමණ (රුපියල් 180000) ජාත්‍යන්තර වෙළඳපොල මිළක් නියම වීම වැනිලා වල වානිජ වටිනා කම කියාපාන කදිම සාධකයකි.

ලොව ස්වාභාවික වැනිලා නිශ්පාදනය කළ හැකි රටවල් කීපයක් පමණක් තියෙනවා.

එහි දැනට ඉදිරියෙන් සිටින්නේ ඉන්දුනීසියාව, වෙනිසිව්ලාව, මැඩගස්කරය, උගන්ඩාව, පැපුවා නිව්ගිනි, ආදී රටවල් වේ. ඉන්දියාවේද සුළු පරිමාණයෙන් වගා කෙරේ.

ලංකාවේ ද වැනිලා වගා කිරීම සඳහා ඉතා ඉහල විභවතාවක් ඇති අතර තෙත් සහ අතරමැදි කලාපයේ ඉතා සාර්ථකව වගා කළ හැක.

අනෙකුත් වියලි කලාපයන් වලද පාලනය කළ හැකි පරිසර සාධකයන් යටතේ වගා කළ හැකි බව පෙනෙන්නේ වැනිලා වගා කරන බොහෝ රටවල් ලංකාවේ උෂ්නත්ව පරාසයන් වලට වඩා වැඩි උෂ්ණත්ව තත්වයන් යටතේ වැනිලා වගා කරන නිසයි.

ලංකාවේ වැනිලා වගා කළ හැකි ප්‍රදේශ ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත්තේ තෙත් සහ අතරමැදි කලාපයයි.

උශ්නත්වය සෙල්සියස් අංශක 21 සිට 32 දක්වා උෂ්ණත්ව පරාසයන් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව වැනිලා වලට ඇත.

උච්ඡත්වය මුහුදු මට්ටමේ සිට මීටර් 600 දක්වා නිර්දේශිතය.

ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

මෙම පරිසර තත්වයන් කෙරෙහි සැලකිල්ල යොමු කරන වියලි කලාපයේ වෙසෙන ඔබ වැනිලා වගාව කෙරෙහි බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත.

උත්සහය කැපවීම මහන්සිය ඇත්නම් ලංකාවේ ඕනෑම කලාපයක වැනිලා වගා කළ හැක.

මුලින් සඳහන් කළ පරිද වැනිලා වගා කරන ප්‍රධාන රටවල් වල ලංකාවේ උෂ්ණත්වයට වඩා වැඩි තත්වයන් යටතේ වැනිලා වගාව සාර්ථකව සිදු කෙරේ.

වියලි කලාපයේ සාර්ථක ආදර්ශ වගාවක් ලෙස උඩවලව ප්‍රදේශයේ අක්කරයක පමණ සාර්ථක වැනිලා වගාවක් ආරම්භ කර ඇත.

(වැඩි විස්තර සඳහා අමතන්න. 0777421781).

අපේ වගා බිම් කීපයක් තිබෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ අැතැම් දින වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 - 37 ඉක්මවන අවස්ථා ඇත.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මාස තුනකට වඩා වැඩි කාලයක් අඛණ්ඩ පෑවුමට ලක් වන අවස්ථා තිබියදීත් වැල් නිරුපද්‍රිතව තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැක.

ඉන් වියලි තත්වයන් යටතේ වගාව ගැන ඔබට දළ අදහසක් ලබා ගත හැක.

දැන් අපි සලකා බලමු වැනිලා වගාවට ආධුනික ඔබ වගාවකට බිම සකස් කරගැනීමේ අවස්ථාවේ සිට සිටුවීම දක්වා කලමනාකරණය කරගන්නා ආකාරය.

මුලින්ම ඔබ හොඳින් ජලය බැස යන ජලය නොරැඳෙන කාබනික ලෝම පසක් සහිත බිමක් තෝරා ගත යුතුය.

එම භූමිය තුරු වියනක් රහිත, ගස් කොලන් රහිත විවෘත ඉඩමක් නම් ආධාරක ශාක 8 × 5 හෝ 6 × 6 පරතරයට සිටුවා ගත යුතුය.

( ජාත්‍යන්තර ප්‍රමිතිය 8 × 5 උවත් අධිගණත්ව වගාවේදී මෙම පරතරයන් සැලකිල්ලට නොගැනේ. )

වියලි කලාපයේ වගා කරන්නේ නම් මෙම පරතරය තව දුරටත් අඩු කළ යුතුය.

මෙම ආධාරක ශාක වැනිලා පැල හෝ දඬු සිටුවීමට මාස හයකටවත් පෙර සිටුවා භූමිය 75% සෙවන සහිත ඉඩමක් බවට පත් කර ගත යුතුය.

ආධාරක ශාක සඳහා ගිනිසීරියා වඩාත් සුදුසුය. අඩි හයක් පමණ උස උදලු මිටක් පමණ මහත ඉනි සපයා ගත හැකි නම් වඩාත් සුදුසුයි.

තුරු වියනක් සහිත ගස් කොලන් පිරි ඉඩමක් නම් 25% පමණ ⁣අව්ව ලැබෙන පරිදි වැඩි ගස් ඉවත් කළ යුතුය.

වසර දෙකකින් පසු 75% අව්ව ලබා දීම අත්‍යවශ්‍ය නිසා බර අතු කපා ඉවත් කිරීමෙන් සරල කප්පාදුවක් මගින් අවශ්‍ය කාලයට අවුව ලබා ගත හැක.

ගස් කොලන් පිරි ඉඩමක එම ගස් වලම වැනිලා වැල් නඩත්තු කර ගත හැකි නිසා අවශ්‍යතාවය පරිදි ආධාරක ශාක අළුතින් සිටවිය යුතුය.

මෙවැනි ඉඩමක ඕනෑම අවස්ථාවක වැනිලා පැල හෝ දඬු සිටුවිය හැක.

පොල් ඉඩම් ද වැනිලා වගාවට සුදුසු වේ. තේ ඉඩම් වලද උස ශාක තැන තැන ඇති නිසා ඒවා ඇසුරින් වැනිලා වගා කළ හැක.

වසර තුනක් යන තුරු වැනිලා වලින් කිසිදු ආදායමක් ඉපැයිය නොහැකි නිසා ගම්මිරිස් වැනි භෝග සමග මිශ්‍රව වුවද වැනිලා වගා කළ හැකි වීම විශේෂ වාසියකි.

වගා භූමිය උදලු ගෑම කිසිසේත් නොකළ යුතුය.

උදලු ගෑමෙන් පාංශු ඛාදනය සහ බිම අනවශ්‍ය පරිදි උණුසුම් වීම සිදු වේ. හැකි නම් විසි කැති ගෑම ප්‍රමාණවත් වේ.

දඬු හෝ පැල සිටුවීම.

මාස හයකට පෙර සිටුවාගත් ආධාරක ශාක හොඳින් පැලවී ඇත්නම් සෙවනද සැලකිය යුතු මට්ටමකින් ලැබේ.

පැල හෝ දඬු සිටුවීම සඳහා යල කන්නය හෝ මාස් කන්නය වඩාත් සුදුසුය.

හොඳින් වැසි ලැබෙන කාලයක පැල සිටුවීම මුල් මාස හයේ නඩත්තුව අවම කරයි.

රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් ඇත. හොඳ මව් ශාකයක් වීම. මල් නොපිපී තිබීම. (පුරුකක දෙකක මල් පිපී තිබීම ගැටළුවක් නොවේ.)
මව්ශාකයේ මහළු හා තරුණ කොටස් පමණක් ලබා ගැනීම. ළමා කොටස සිටුවීමට සුදුසු නැත.

සිටුවීමට දඬු තෝරා ගන්නේ නම් පෑන් බටයක් තරමට හෝ ඊට වඩා මහත දඬු තෝරාගන්න.

දන්ඩේ දිග අඩි 3 - 4 ප්‍රමාණවත් වේ. මෙම දඬු පූර්ව ප්‍රතිකාරයට ලක් කළ යුතුය.

එනම් දින 7 -8 පමණ සෙවන ඇති තැනක වැල් එල්ලා තැබීමයි.

කුඩා ම දඬු සිටුවීම අස්වැන්න ප්‍රමාද වීමට හේතු වේ.

ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

දඬු මහත් වන තරමට එහි ඇති මාෂල ගතිය නිසා අවශ්‍ය අහාර සංචිත ඇති බැවින් පෑවුමකට වුවද ඔරොත්තු දීමේ හැකියාව පවතී.

බඳුන්ගත පැල තෝරා ගන්නේ නම් අඩියක් හමාරක් හොඳින් වර්ධනය වූ පැල භාවිතා කරන්න.

බඳුන්ගත පැල ක්ෂේත්‍රයේ ඉතා ඉක්මනින් පිහිටා ඉක්මන් වර්ධනයක් පෙන්වන බව අත්දැකීමෙන් දනිමි.

දඬු සිටුවීමේදී ආධාරක ශාකය වටේ අඩි එක හමාරක් පමණ විශ්කම්භයක තණකොළ උදළු ගා අඟල් හතරක් පමණ ගැඹුරට උදැල්ලෙන් පස බුරුල් කොට කොම්පෝස්ට් තාච්චියක් පමණ යොදා පස සමග මිශ්‍ර කොට පුරුක් තුනක් පමණ අඟල් එකහමාරක් දෙකක් පමණ පසට යට කර ගන්න.

පසට යට වන කොටසේ කොළ කපා ඉවත් කරන්න.

පොලොවට යට වන කොටසේ අග කොටස පසට යට නොකොට අඟලක් පමණ එලියට පෙනන පරිදි සිටුවීමෙන් පසෙහි බැක්ටීරියා දිලීර ආදිය කැපුම් තලය හරහා දණ්ඩ වෙත පැමිණීම පාලනය වේ.

මෙලෙස සිටුවා වැල හොඳින් ආධාරක ශාකයට ගැට ගසන්න.

දණ්ඩ අවුවෙන් ආරක්ෂා කිරීම සඳහා කෙසෙල් පරඬැල් ගැට ගසන්න. අවුවට නිරාවරණය වීමට ඉඩ තැබීම සුදුසු නොවේ.

බඳුන්ගත පැල සිටුවීමේදී අඟල් 6 × 6 වලවල් කපා කොම්පෝස්ට් යොදා බඳුන පරෙස්සමින් ඉවත් කොට මුල් වලට හානි නොවන පරිදි වලෙන් බාගයක් පමණ ගැඹුරට සිටුවන්න.

වැනිලා වල මූල මණ්ඩලය පොලොව අභ්‍යන්තරය කරා ගමන් නොකරන බැවින් මතුපිට පෝෂණ කවය නිතර කාබනික කොටස් එකතු කරමින් අළුත් කිරීම සාර්ථක අස්වැන්නකට හේතු වේ.

හිරු එලියෙන් ආරක්ෂා කර ගැනීමට වසුනක් යොදන්න.

පෝෂණ කවය අඩි එකහමාරක පමණ වට ප්‍රමාණය නිතර කාබනික ද්‍රව්‍ය වලින් පුරවන්න.

වටේට පොල් ලෙලි ඇල්ලීම පෝෂණ කවය නඩත්තු කිරීමේදී අමතර වාසියකි.

ගඩොල් හෝ බ්ලොග් ගල් වලින් බැඳීම විදෙස් රටවල මහ පරිමාණයේ වගා වලදී දක්නට ලැබෙන ක්‍රමයකි.

වැනිලා සෙවන ප්‍රිය කරන ශාඛයක් බැවින් අළුත සිටවූ දඬු අව්වට නිරාවරණය නොවීමට සැලැස්විය යුතුයි.

වැල වර්ධනය වූ පසු දැඩි නියඟයකට වුවද ඔරොත්තු දීමේ හැකියාව පවතී.

වැනිලා වලට විශේෂිත ලෙඩ රෝග මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විචිත්‍ර පුල්ලි රෝගය පත්‍ර මත ඇතිවිය හැකි නමුත් වානිජව බලපෑමක් කළ හැකි රෝගයක් ලෙස හඳුනාගෙන නැත.

කලාතුරකින් ගොළුබෙල්ලා විසින් පත්‍ර කා දැමිය හැකි බැවින් ගොළුබෙල්ලන් සිටී නම් ඉවත් කිරීම සුදුසුය.

දල්ල මත මකුළු දැලක් බැඳීම ඉඳහිට දක්නට ලැබෙන අතර එම දල්ල කුණු වී නව අංකුරයන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වේ.

මේ කිසිවක් වගාවට ප්‍රබල හානිදායක තත්වයන් නොවේ.
වගාවට කාබනික පොහොර හැර රසායනික පොහොර භාවිතා නොකළ යුතුය.

ලංකාවේ වැනිලා කාබනික නිශ්පාදනක් ලෙස ලොවට හඳුන්වා දී ස්ථිර සාර අපනයන වෙළඳපොලක් නිර්මාණය කර ගැනීමට මෙය ඉවහල් වේ.

වගා භූමියේදී නව සංකල්ප භාවිතා කරමින් කෙරෙන ඔබේ පර්යේෂණාත්මක අත්දැකීම් වගොවේ ප්‍රවර්ධනය සඳහා උපයෝගී වනු ඇත.

මින් අනතුරුව වැල් නඩත්තු කිරීම තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

හැමෝගේම දැනුවත් භාවය පිණිස පෝස්ට් එක බෙදා ගැනීමට කාරුණික වන්න.

වැඩි විස්තර සඳහා පහත සූහය සමග සම්බන්ධ වෙන්න.
https://www.facebook.com/groups/149444086510606/

වැනිලා වගාව සම්බන්ධව ඔබේ දැනුමත් අප හා බෙදාගන්න.

මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • බාලගිරි දෝශය අද නොවේ හෙට

    බාලගිරි දෝශය අද නොවේ හෙට

  • අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

    අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

  • බාලගිරි දෝශය අද නොවේ හෙට

    බාලගිරි දෝශය අද නොවේ හෙට

  • අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

    අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it