theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

4 අවම කියවීම
වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමුවාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

වාස්තු විද්‍යාව ගැන අපේ රටේ බොහොමයක් හොද විශ්වාසයක් තියෙනවා.

අපි නිවසක් ඉදි කරන විට වාස්තු විද්‍යාවෙන් දෝෂ ඉවත්වෙන විදියට පිළියම් කරන්නත් අපි උනන්දු වෙන්නේ අන්න ඒ නිසයි.

ඒ නිසා අපි වාස්තු විද්‍යාව හා සබැදුන මේ අපූරු ලිපියත් කියවමු.

ශ්‍රී ලංකාව වගේ රටක වාස්තු විද්‍යාවට ලැබෙන්නේ ඉහළ තැනක්. අපි නිවසක් සදන්න සැලැස්ම ගත් වහාම කරන්නේ වාස්තු විද්‍යාත්මක පිහිටීම් පරීක්ෂා කිරීමට යොමු කිරීමයි.

වාස්තු විද්‍යාව නිවැරදිව පිහිටීමෙන් නිවස සෞභාග්‍ය ලගා වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.

ඒ වගේම වාස්තු විද්‍යාත්මක දෝෂ නිසා අතිභයංකාර ප්‍රතිවිපාක ලැබෙන්නත් පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.

වාස්තු විද්‍යාව අනුව නිවසක නිදන කාමරයට ප්‍රබල තැනක් ලැබෙනවා. නිදන කාමරය තුල වාස්තු විද්‍යාව නියමිත ලෙස පවත්වා ගැනීමෙන් පින්වත් දරුඵල, සැමියා හා බිරිද අතර සමගිය , නිරෝගි සම්පත වගේ කාරණා ඔබට ලගා කරගන්න පුළුවන්.

ඒ වගේම සුදුසු ‌නොවන දිශාවන් වල ඔබේ නිදන කාමරය පිහිටවා ගැනීමෙන් ඔබට ‌මෙහි විරුද්ධ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

වාස්තු විද්‍යාවට මාතෘත්වයටත් බලපෑම් කරන්න පුළුවන්ලු. මව්පදවිය කියන්නේ ජිවිතයේ ටිකක් කටුක අවධියක්. 

එය කරදරකාරි සමයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබේ නිදන කාමරයේ වාස්තූ විද්‍යානුකූලව පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් කරලා මේ කරදර ටිකක් අඩුකරගන්න පුළුවන්.

ඒ කියන්නේ දිශාව , කාමරයේ පාට වගේ දේවල් වෙනස් කරලා කොහොමද මේ කරදර අඩුකර ගන්නේ කියලා දැනගන්න. දිගටම කියවන්න.

වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

වාස්තු විද්‍යාව අනුව නිදන කාමරයේ දිශාව

නිරෝගී ගැබ් ගැනීමක් සඳහා ඔබ නිදාගත යුතු නිවැරදි දිශාවක් ඇතිබව ඔබ ඇසුවහොත් පුදුම වේවි.

ඇත්තටම ඒ සදහා ඔබ නිවසේ නිරිත දිග දිශාවට  ඔබේ නිදන කාමරය පිහිටුවා ගත යුතුය.

මෙම දිශාවේ නිදා ගැනීමෙන් ඔබේ ගර්භාෂයේ දරුවාට ආරක්ෂාව සපයන ස්වාභාවික බලයක් ලැබෙනවා. 

තවද මේ දිශාවේ නිදා ගැනීමෙන් දරුවන්ගේ මුතුන්මිත්තන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පුළුවන්.

ඔබට සාමකාමී නින්දක් ලබා ගැනීම සඳහා, ඔබේ හිස දකුණට හෝ නැගෙනහිර දිශාවට තබා නිදාගන්න.

කෙසේ වෙතත්, ඔබ නිදන කාමරය නිරිතදිග දිශාවට නැතිනම්, ඔබට විකල්පයක් ලෙස ඒ සදහා බටහිර හෝ නැගෙනහිර- ඊසාන දිශාවන් තෝරා ගන්න පුළුවන්.

නැගෙනහිර-ගිනිකොන දිශාවට නිදා ගැනීම සම්පුර්ණයෙන්ම සුදුසු නොවේ.

ඒ මගින්  රුධිර පීඩනයේ ඉහල පහළ ගොස්, ආතතියට ඇති විය හැකි බැවිනි. වාස්තු විද්‍යාවට අනුව, දරු ප්‍රසූතියට අවම වශයෙන් මාසයකට පෙරවත් මෙම වෙනස්කම් සිදු කළ යුතුයි.

ඔබේ නිදන කාමරයේ පාට

වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

ඔබ‌ගේ නිදන කාමරයේ දිශාවට අමතරව පාටට හා එහි ඇතුලත සැකසුමටද මේ සදහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්.

ඔබේ නිදන කාමරය නිවසේ දකුණු හෝ ගිනිකොන දෙසින් පිහිටා තිබේ නම්, ඔබ එහි වර්ණ ලෙස නිල්, අළු සහ කළු වර්ණ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය.

ඒ හා සමානව, නිරිතදිග දිශාවට කාමරය පිහිටා ඇතිනම් රතු, රෝස සහ කොළ වර්ණ ඒ සදහා යොදා ගැනීමෙන් වළකින්න.

ඔබේ කාමරයේ දරුවෙකුගේ පින්තූරයක්  තැබීමට ඔබ අදහස් කරන්නේ නම්, එය දකුණු හා නිරිතදිග දිශාව අතර ප්‍රදේශය භාවිතා නොකරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

වාස්තු විද්‍යාව අනුව ඔබේ ඇදුම් අල්මාරිය හෝ ඇදුම් ගබඩා කරන රාක්කයේ පිහිටීම 

වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

ඔබේ ඇදුම් අල්මාරිය හෝ ඇදුම් ගබඩා කරන රාක්කය බටහිර -නිරිතදිග හෝ  දකුණ-ගිනිකොන දෙසින් තැබිය යුතුය.

මේ මගින් ශාරීරික හා මානසික ශක්තිය ලබා දෙන බව ප්‍රකටයි.

එසේම, රන් රාමුවක සවි කල ඔබේ මුතුන් මිත්තන්ගේ පින්තූරයක් නිරිතදිග දිශාවට මුණ ලා කාමරයේ බටහිර බිත්තියක් මත තැබීම සුදුසුය.

මෙමඟින් දරුවාට ඔවුන්ගේ ආශිර්වාදය දිගටම ලැබෙන බව පැවසෙනවා.

මෙම ප්‍රබල වාස්තු පිළියම දරුවාට ඔබේ පවුලේ සදාචාරාත්මක සාරධර්ම උගැන්වීමට සහ හොඳ පුද්ගලයකු වීමට උපකාරී වෙනවා.

වාස්තු විද්‍යාව මෙවැනි කාරණා කිහිපයකින් නම් නවතින්නේ නැහැ. තව ගැඹුරට කාරණා බොහොමයක් තියෙනවා.

නිදන කාමරයේ ඇදන් දෙකක් ලං කිරීම  හෝ මෙට්ට දෙකක් යොදා ගැනීම නුසුදුසු බව කියවෙනවා.

තවද උතුරට හිස තැබීම මෙන්ම නිදන කාමරයේ දොර දෙසට දෙපා තැබීමද අසුභ බව සැලකෙනවා.

ඒ වගේම නිදා ගන්නා ආකාරය දර්ශනය වෙන ආකාරයට කණ්නාඩි මේසය හෝ අල්මාරියේ කණ්නාඩිය තබන්න එපා. 

මෙම ‌තොරතුරු ඉන්දියාවේ වාස්තු විශේෂඥ‌‌‌යෙකු වුු නිටින් ගුප්තාගේ අදහස් ඇසුරින් සැකසුන ලිපියකි.

වාස්තු විද්‍යාව ඔබේ පවුලට බලපාන තවත් තොරුතුරු ඔබත් දන්නවාද? එසේනම් අපිත් සමග බෙදාගන්න. පහතින් ඇති කමෙන්ට් තීරයේ ඔබගේ අදහස් සටහන් කරන්න.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • නිවස
  • /
  • වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු
බෙදාගන්න :
  • සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

    සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

  • සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම

    සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම

  • සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

    සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

  • සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම

    සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it