මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

එළවළු කන්න හොර පොඩ්ඩාට  එළවළු  කවන්නේ මෙහෙමයි.

අපේ පොඩ්ඩෝ එළවළු කන්න ගොඩාක් හොරයි නේද ? ඒත් මේ පෝෂ්‍ය ගුණයෙන්  අනූන මේ එළවළු  කොහොම හරි පොඩ්ඩාට කවන්නත් ඕනීනේ. එහෙනම් මෙන්න මේ මිශ්‍ර එළවළු සුප් එක අත්හදා බලන්න.

මේ වෙනසට අනිවාර්යයෙන්ම පොඩ්ඩා කැමති වෙනවා.

එළවළු සුප්

එළවළු සුප්

එළවළු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :

එළවළු :

කෑලී කපා ගත් කැරට් මේස හැදි 02

කෑලී කපා ගත් ලීක්ස් මේස හැදි  02

කැබලි කපා ගත් බෝංචි මේස හැදි 02

කෑලී කපා ගත් ගෝවා මේස හැදි 02

කෑලී කපා ගත් වට්ටක්කා මේස හැදි  02

කැබලි කපා ගත් බණ්ඩක්කා මේස හැදි 02

කෑලී කපා ගත් වැටකොළු මේස හැදි 02

ගෝවා මල් මේස හැදි 02

ගොටුකොළ හෝ නිවිති

පොගවා ගත් කඩල මේස හැදි 02

පොගවා ගත් මුං ඇට මේස හැදි 02

පරිප්පු මේස හැදි 02

සහල්

අල

ලූණු

කරපිංචා

තුනපහ ටිකක්

රස අනුව ලුණු

සාදන ක්‍රමය : 

බබාට සුප්

  •  හාල් හා පරිප්පු හොදින් සෝදා භාජනයකට දමන්න. එයට හොදින් සෝදා කපා ගත් එළවළු, අල, පොගවා ගත් ධාන්‍ය, ලූණු, කරපිංචා, තුනපහ හා රස අනුව ලුණු එකතු කරන්න.( තුනපහ රසයට පැටියා කැමති නම් පමණක් එය එකතු කරන්න.)
  • දැන් මිශ්‍රණය ලිප තබා   හොදින් පිස ලුණු බලා ලිපෙන් ඉවතට ගන්න.
  •  එම මිශ්‍රණය බ්ලෙන්ඩර් කර සුප් තලපය සදා ගන්න.
  • දැන් පුංචි සුප් කෝප්පයකට ලස්සනට පිළිගන්වන්න. පුංචි සැරසිල්ලක් කරන්නත් අමතක කරන්න එපා.

පුංචි මතක් කිරීමක් :

බබාට සුප්

  • කෑම වල රස, වර්ණය,හැඩය හා සුවද වෙනස් කිරීමෙන් දරුවා තුල ආහාර රුචිය ඇති කල හැක.
  • ඒ වගේම පිළිගන් වන සැරසිල්ල , භාජනය වෙනස් කරන්නත් පුලුවන්.
  • ඒ වගේම සැර කන්න ආස පොඩ්ඩෙක් නම් ගම්මිරිස් ටිකක් එකතු කලාට කමක් නෑ.
  • මේ සුප් එක සතියකට කිහිප වතාවක් දෙන්න පුලුවන් නම් පොඩ්ඩා කන්න අකමැති එළවළු බොහොමයක් නොදැනම ආහාරයට ගනිවි.

ඔබ ලගත් රසවත් ආහාර වට්ටෝරු තියෙනවා නම් අපිත් එක්ක ‌බෙදා ගන්න.

මේ වගේ රස රහස් The Asianparent Sri Lanka අපි ඔබට තිළිණ කරන්නේ හද පිරි ලෙන්ගතු කමිනි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි