theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

5 අවම කියවීම
නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමුනිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

නිවසටම වී වෙසක් සදහම් සිහිලෙන් සැනසෙන්න මග පෙන්වීමක්

හැම අවුරුද්දේම මැයි මාසේ යෙදෙන වෙසක් දිනය බෞද්ධයන් කොයි කාගෙත් සිත් පහන් කරන උත්සවයක්.

උතුම් බුදුරාජානම් වහන්සේගේ ඉපදීම , බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමගුල සිහිකරමින් සැදෑසිතින් ඔවුහු විවිධ ආගමික ක්‍රියාකාරකම් වල නිරත වෙනවා.

පන්සල් ගිහින් සිල් සමාදන් වෙන්න, දාන මාන කටයුතු, සතුන්ට අභයදානය ලබා දීම, නොයෙක් පින් කටයුතු, පෙරහැර, දන්සල් වෙසක් කුඩු , තොරණ් ආදි ගොඩාක් දේවල් වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනවා.

පසුගිය වසරේ අප රටේ තිබුන කලබල කාරී වාතරවරණය එක්ක වෙසක් අසිරිය විදින්න නොහැකි වු බෞද්ධයන් මේ වසරේද වෙසක් උත්සවය පවත්වන්න සමාජයට පැමිණිය නොහැකිව සමාජ දුරස්ථතාවය අත් විදිනවා.

ප්‍රදේශ කිහිපයක ඇදිරි නිතීය පවතින අතර ඇදිරි නිතීය ලිහිල් කරන ලද ප්‍රදේශ වල සමාජ දුරස්ථතාවය තදින්ම ක්‍රියාත්මක කරන අතර සමාජයේ එකරැස් විම් නතර කර තියෙනවා.

ලෝ පුරා මිනිසුන් ලක්ෂ ගණනක් බිලි ගත් කොවිඩ් 19 පසුගිය මාර්තු මාසයේ හිස එසවීමත් සමගම නිවාස වලට සීමා වු ශ්‍රී ලාංකිකයින්ව සිංහල දෙමල අලුත් අවුරුද්ද රිසි සේ සමරන්න අවකාශ ලැබුනේ නැහැ.

තවමත් පහව නොගිය කොවිඩ් වසංගත බිය එක්කම වෙසක් පුන් පොහොයත් නිහඩවම උදා වෙනවා.

බුදුපියාණන් වහන්සේ එදා දෙසුවා සේ ඉවසීමෙන් මේ සියල්ල දරා ගනිමු.

වෙනදා වගේ පන්සල් යන්න දන්සල් යන්න බැරිවේවි. විසාල තොරණ් ඉදි නොවේවි.

නමුත් ශ්‍රද්ධාව පිරුණු සිතින් ලෝ දනන්ට නිරෝගි සුවය පතන්න අපිට පුළුවන්

මේ දවස් වල ගෙදරට වෙලා දග කරන පොඩ්ඩන්වත් එක්කාසු කරගෙන නිහඩව එන වෙසක් උත්සවය ගෙදර ඉදන් අර්ථවත්ව සමරමුද?

වෙසක් දිනය මෙලෙස සමරමු

සතුට ප්‍රීතිය වෙනුවෙන් සමරන්නා වු උත්සවයක් නොවන වෙසක් පොහොය බෞද්ධයන්ට බැති සිතින් කුසල් රැස් කරගන්න අවස්ථාව ලබා දෙනවා.

නිවසින් එළියට බහින්න අවස්ථාවක් නොලැබුනත් නිවස තුලට වී පින් එක් රැස් කිරීමටත් සකල ලෝක වාසින්ට නිරෝගි සුවය ප්‍රර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්න.

ආච්චිලා සීයලාට හා අම්මලා තාත්තලාට පවුලක් විදියට දරුවන්ද එකතු කරගෙන මේ ප්‍රණ්‍ය කටයුතු වල යෙදෙන්න පුළුවන්.

1. සිල් සමාදම් වෙන්න

ඔබ සෑම පොහොයටම සිල් ගන්න අයෙක් වුනත් මෙදා වෙසක් පෝයට ඔබට පන්සල් යන්න බැහැ.

නමුත් රෑපවාහිනිය හෝ ගුවන් විදුලියේ පොහොදා විකාශයක් හා සම්බන්ධ වෙමින් ඔබටත් නිවසේ සිල් සමාදන් වෙන්න පුළුවන්. නිර්මාංශ ආහාර වේලක් බුක්ති විදින්න පුළුවන්.

ස්ථානය වෙනස් වුවත් ඔබ මනසින් ඒ තුල සිටි නම් ඔබට සිල් සමාදම් වීමට හා ආරක්ෂා කිරීමට සිටින තැන ප්‍රශ්නයක් නොවේ.

2. මල් පහන් නිවසේ සිට පුජා කරන්න

වෙසක් දින උදේ හා සවස ඔබේ නිවසේ ඇති බුදු කුටිය පිරිසිදු කර මල්, පහන් හදුන් කූරු හා පැන් තබා පවුලක් විදියට එක්ව ගථා කියමින් බුදුසරණ යන්න.

හැකිනම් දානය හා ගිලන් පස පුජාවද කරන්න.

3. භාවනා කරන්න

ඔබට මනස සංසුන් වෙන්න පැයක් විතර නිවැරදිව භාවනා කරන්න පුළුවන්.

පුංචි දරුවන්ගේද මනසට භාවනාව හොද ඖෂධයක්. අනාපාන සති, මෛත්‍රි භාවනා වල යෙදෙන්න.

4. බණක් අසන්න

රෟපවාහිනයේ නාලිකා වල හා ගුවන් විදුලි නාලිකා වල පොහොදා විකාශය ඔස්සේ කාලීන බණ විකාශනය වෙනවා. ඒ ඔස්සේ ගුණාත්මක බණක් ඔබත් අසන්න. දරුවන්ටද අසන්න සලස්වන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

5. පිරිත් අසන්න

ඔබට අන්තර්ජාලය ඔස්සේ පිරිත් අසන්න හැකියාව තියෙනවා.

මහා මංගල සුත්‍රය, කරණිය මෙත්ත සුත්‍රය ශබ්ද නගා අන් අයටත් අසන්න සලස්වන්න.

අමු සොහොනක් වු විසාල මහා නුවර තුන් බිය දුර කල රතන සුත්‍රයද මේ වියසන සමයේ ශ්‍රවණය කරන්න.

6. නිවස ඉදිරිපිට බෞද්ධ කොඩියක් එල්ලන්න. පහන් සිලක් දල්වන්න

නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

ඔබේ නිවස ඉදියේ තිබේ නම් බෞද්ධ කොඩියක් එල්ලන්න.

හැකිනම් නිවස ඉදිරිපිට පහනක් දල්වන්න.

අපිට රටක් විදියට එක්ව මේ වෙසක් අසිරිය විදින්න බැරි වුනත් රටේ පවතින වාතාවරණය එක්ක සමාජ දුරස්ථතාවයට හිස නමමින් හදවතින් මුළු රටම එක්ව සැදෑ සිතින් වෙසක් සමරමු.

7. වැඩිහිටියන්ට සලකමු

ආච්චිලා සීයලා

ගෙදර ඉන්න ආච්චි අම්මලා සීයලාට උදව් කරන්න දරුවන්ව සහභාගි කරගන්න.

තමන්ගේ කටයුතු තනිව කරගන්න අපහසු වයසක අය  නාවන්න. අලුත් ඇදුම් අන්දන්න.

ඒ වගේ වැඩ නිතර දරුවන් දකින්නේ නැති නිසා මේ වෙසක් පොහොය දින සිට එම හොද ගුණාංග ප්‍රගුණ කරවීම ආරම්භ කරන්න.

8. වෙසක් කාඩ් එකක් හදන්න

ඔන්න මේ පාර වෙසක් කාර්ඩ් මිල දී ගන්න යන්න බැහැ.

ඔබට දරුවන් හා එකතු වෙලා අඩුවියදමින් ලස්සන වෙසක් කාර්ඩ් එකක් නිර්මාණය කරන්න පුලුවන්.

වියලි කොල , මල් හොද නිර්මාණ අමුද්‍රව්‍යයි. ඔබට අන්තර් ජාලය ඔස්සේ නිර්මාණමත්ක අදහස් ලබා ගන්න පුළුවන්.

කාර්ඩ් එකක් නිර්මාණය කරලා පවුලේ අය අතරේ හුවමාරු කරගන්න.

මේ මගින් දරුවාගේ ශ්‍රාද්ධාව වගේම නිර්මාණත්මක හැකියාවත් ඉහල යනවා.

9. අඩු වියදමින් කුඩුවක් සාදන්න

නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

ගම් වල ඉන්න අයට මේ දවස් වල කාලය නිදහස තියෙන නිසා බට කූඩුවක් හදලා අලවන්න පුළුවන්.

මේ සදහා සව්කොළ නැතිනම් ගොක් කොල , කෙසෙල් කොළ වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්.

නැතිනම් පාට ඒ 4 කොළ වලින් ලස්සන කූඩු හදන්න පුළුවන්.

ඔබට නිර්මාණාත්මක අදහස් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන්.

10. සතුන්ට කන්න දෙන්න

මේච්චර දවස් මිනිස්සුන්ට දන්සල් දුන්න ඔබට මෙදා පාර සතුන්ට දන්සලක් දෙන්න පුලුවන්.

ඔබගමක ඉන්නවා නම් වත්ත පහල ඇල දොල ලගට ගිහින් මාළුන්ට කෑම දෙන්න පුළුවන්.

ගසක ඉහල අත්තක පිගානක් රදවලා එයට කුරුල්ලන්ට හා ලේනන්ට කන්න දෙන්න පුළුවන්.

ඒ වගේම බිමට කෑම තියලා බල්ලන්ට පුසන්ට කන්න දෙන්න පුළුවන්.

11. අන්තර්ජාලයේ ඇති වෙසක් උත්සවය සදහා වු තරගාවලි සදහා දරුවන් ඉදිරිපත් කරන්න

වෙසක් දිනය

ඡායාරූපය සදහා ස්තුතිය dinamina.lk

මේ දවස් වල වෙසක් කූඩු හා නිර්මාණ තරග වෙනදා වගේ තියන්න බැහැනේ.

මේ දිනවල  අන්තර්ජාලයේ පැවැත්වෙන වෙසක් කූඩු හා නිර්මාණ සදහා වු තරග, භක්ති ගීත තරග  සදහා ඔබේ දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට දිරිමත් කරන්න.

මෙදා නිහඩවම අපේ නිවෙස් වලට උදාවෙන වෙසක් දිනය ශ්‍රාධාවෙන් යුතුව හා ආගමානුකූලව ගත කරමු.

අපේ දරුවන්ටත් එහි වැදගත් කම කියා දෙමු.

කරදර අස්සෙන් ඔබ අසීරුවෙන් වුව දල්වන එක පහන් සිලක් , එක පහන් කූඩුවක් නිවසටම කොටු වී සිටින අපේ පුංචි මල් කැකැළු වල සිත් පහන් කරාවි. 

ඔබ සැමට දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 

අපේ මව්බිම ඇතුළු ලෝකයට නිරෝගි සුව අත්වේවා!

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
 
 
 
 
 
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • උත්සව
  • /
  • නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු
බෙදාගන්න :
  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • 2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

    2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • 2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

    2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it