theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුපිරි වෙළඳසැල් වල ඇති ෂොපින් ට්‍රොලියක් උඩ තැබූ බිළිඳා ICU එකේ

3 අවම කියවීම
•••
සුපිරි වෙළඳසැල් වල ඇති ෂොපින් ට්‍රොලියක් උඩ තැබූ බිළිඳා ICU එකේ

සුපිරි වෙළඳසැල් වල බඩු පුරවාන කරත්තය නැතිනම් ට්‍රොලියේ මාස 10ක දරුවා තැබීම නිසා සල්මොනෙල්ලා හා මෙනින්ජයිටිස් නමැති ආසාදනයක් මාස 10 ක දරුවෙකුගේ ශරීරයට ඇතුල්වී තිබුණා. හැමදාමත් සිදුවෙන මේ ක්‍රියාවෙන් මාස 10 ක දරුවෙකුගේ ජීවිතය අවධානමට වැටෙයි කියලා කෙසේ හිතන්නද?

මේ කතාව ගැන ඔබත් අහලා බලන්න. සුපිරි වෙළඳසැල් වල බඩු පුරවන කරත්තය නැතිනම් ට්‍රොලියේ මාස 10ක දරුවා තැබීම නිසා සල්මොනෙල්ලා හා මෙනින්ජයිටිස් නමැති ආසාදනයක් මාස 10 ක දරුවෙකුගේ ශරීරයට ඇතුල්වී තිබුණා. හැමදාමත් සිදුවෙන මේ ක්‍රියාවෙන් මාස 10 ක දරුවෙකුගේ ජීවිතය අවධානමට වැටෙයි කියලා කෙසේ හිතන්නද?

හැමදාමත් සිදුවෙන දෙයක්.

35 හැවිරිදි විවියන් සුපිරි වෙළඳ සැලේ ට්‍රොලි එක ගෙන මාස 10 ක් වයසැති පුතාව තැබුවා. මෙසේ හුඟක් අම්මලා සිදුකරන සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ගැන දෙවරක් සිතිය යුතු වෙනවා. විවියන් වුනත් එහි වැරද්දක් හෝ අනතුරක් නොදුටු අතර ඒත් විවියන්ගේ පුංචි පුතාට පැය 24 ක් ඇතුළත පාචන තත්වයක් සමග වමනය හා උණ ඇතිවුණා. පාචන තත්වය කෙතරම් බරපතල දැයි කිවහොත් අවසානයේ ලේ පිටවීමත් සිදුවී තිබුණා.

ඇය දරුවා රෝහලට රැගෙන ගිය විට එය වෛරස් තත්වයක් බව පැවසුවා. නමුත් දරුවාගේ තත්වය එන්න එන්නම බරපතල වුණ නිසා ඇය ඔහුව ගෝල්ඩ් කෝස්ට් සරසවියේ රෝහලට ඇතුලත් කළා.

“දරුවාගේ ජීවිතේ ගැන හුඟක් බයවුණා”.

වෛද්‍යවරුන් විසින් දරුවාගේ ශරීරයේ ඇඩෙනෙ වෛරස්, රොටාවෛරස්, සල්මොනෙල්ලා, මෙනින්ජයිටිස් යන වෛරසයන් ඇති බව පැවසුවා. ඕස්ට්‍රේලියාවේ ඩේලි මේල් වෙත අදහස් දක්වා තිබූ මව කියා තිබෙන්නේ “ මම හිතුවේ දරුවාගේ ජීවිතේ නැතිවෙයි කියලා. වෛද්‍යවරුන්ටත් මේ රෝගී තත්වය වටහා ගන්න බැරි වුණා. ඔහුගේ ඇඟ අප්‍රාණික වෙලා ඇස් උඩ ගිහින් සිහිසුන් වෙලා වගේ හිටියා. දැන් බබාව නිවසට ගෙනාවත් ඔහුට මේ තත්වයෙන් නැවත පෙර තත්වයට යන්න ටික කාලයක් ගතවේවි”. 

“මෙහෙම දෙයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ”.

මෙලෙස ආසාදන කිහිපයක් ඇතිවීමට හේතුව වෛද්‍යවරුන් මව සමග කතා කළා. අවසානයේ ට්‍රොලිය මත දරුවා තබන සිදුවීම ඇය කිව්වා. ඇය මේ පිළිබඳ සුපිරි වෙළඳසැලට ඇඟිල්ල දිගු නොකරන්නේ දෙමාපියන් ලෙස අපි ඒ ගැන සිතිය යුතු බව කියමිනුයි.

මේ පිළිබඳ ඇගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ ඇයට වූ මේ සිදුවීම ගැන අන් අයත් දැනුවත් කිරීමේ අදහසිනුයි. ඇය කියන්නේ දරුවන් ට්‍රොලිය මත තැබීමට පෙර බ්ලැන්කට් එකක් නැතිනම් එය පිස දමා දරුවා තැබීම කළයුතු වෙනවා.

මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා ඕගොල්ලෝ හුඟක් සැලකිලිමත් වෙන්න.

ඔබේ දරුවා පරිස්සම් කරගන්නේ කොහොමද?

විෂබීජ වලට නිරාවරණය වීම නිසා දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන බව පැවසුවත් එය නිරන්තරයෙන් සිදුවීම සුදුසු නැහැ.

ඒ නිසා ඔබේ දරුවා වෛරස් හා විෂබීජ වලින් රැකගන්න මේ උපක්‍රම අනුගමනය කර බලන්න.

  • නිතර දෑත් සෝදන්න

මෙය ගෙදර හැමදෙනාගේම පුරුද්දක් බවට පත්විය යුතුයි. මේ නිසා විෂබීජ වලින් ආරක්ෂා වීම හා ගෙදර අය ලෙස රෝග වලින් ආරක්ෂා වීමත් සිදුවෙනවා. 

  • ජනාකීර්ණ තැන් වල රැඳීම අඩු කරන්න

පුංචි දරුවන් හට මෙය විශේෂයි. හුඟක් දෙනා රැස්වෙන තැන්වල වෛරස් හා විෂබීජ නිකුත්වීම, ගැවසීම වැඩියි. එය දරුවෙකුට දරන්න නොහැකි වන්නට පුළුවන්. ඔවුන් හුඟක් පොඩි නම් ප්‍රසිද්ධ ස්ථාන වලට දරුවන් රැගෙන යාමෙන් වළකින්න.

  • අමුත්තන් ගැන සැලකිලිමත් වෙන්න

නව බිළිඳෙකු උපත ලද සැනින් අමුත්තන් ගැවසීම ළදරුවාට සුදුසු වන්නේ නැහැ. විෂබීජ පුංචි පැටියාට එය දරාගන්න අමාරු වෙනවා. දරුවා ළඟින් අමුත්තන් ඈත්කර තබන්න ක්‍රියාත්මක වෙන්න. ඔවුන් අසනීප තත්වයෙන් හෝ සුව වූ සැනින් පැමිණ ඇත්නම් දරුවා ඔවුන් අසල රැඳවීම නොකරන්න.

  • දරුවාට එන්නත් ලබාදෙන්න

වැළඳිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට එන්නත් ලබාදීම ඉතා වැදගත්. වෛද්‍ය නිර්දේශය මත එන්නත් සඳහා ලබාදෙන කාල වකවානු අනුගමනය කරන්න.

නොසිතන සිදුවීම් නිසා දරුවන්ගේ ජීවිත අනතුරට ලක්වෙන මේ සිදුවීමත් theAsianparent Sri Lanka අපි ඔබට ගෙන ආවේ අපේ පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • සුපිරි වෙළඳසැල් වල ඇති ෂොපින් ට්‍රොලියක් උඩ තැබූ බිළිඳා ICU එකේ
බෙදාගන්න :
•••
  • ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

    ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

    නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

single
  • ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

    ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

    නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor