theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විටමින් C ඌණතාවය දරුවන් තුල පෙන්නුම් කරන්නේ මෙහෙමයි.

3 අවම කියවීම
විටමින් C ඌණතාවය දරුවන් තුල පෙන්නුම් කරන්නේ මෙහෙමයි.විටමින් C ඌණතාවය දරුවන් තුල පෙන්නුම් කරන්නේ මෙහෙමයි.

දරුවාට අවශ්‍ය විටමින් සී ලබා දී ඔවුන්ගේ නිරෝගී බව ඇති කරමු.

විටමින් C ඌණතාවය බහුලව දකින්න නැහැ. නමුත් එය මව්වරුන් , පියවරුන් නොසලකා හැරිය යුත්තක් බව ඉන් අදහස් කරන්නේ නැහැ.  වැඩි විස්තර දැනගන්න තව කියවන්න.

සිනාහවට කරුණක් මෙන්න : ඔබේ සිරුර ස්වාභාවිකව විටමින් සී ගබඩා නොකරන බව ඔබ දැන සිටියාද?  ඔබේ දරුවා විටමින් සී අඩංගු ආහාර දිනකට අවශ්‍ය ප්‍රමාණය නොගතහොත් ඔවුන්ට විටමින් සී ඌණතාව ඇතිවීමේ අවස්ථාවක් තියෙන බව  ඒ මගින් අදහස් කෙරෙනවා.

විටමින් C පෙති ෆාමසියකින් පහසුවෙන් මිලදී ගතහැකි නිසා විටමින් C ඌණතාවය හා කටයුතු කිරීම පහසුයි ඒ වගේම අපේ රටේ විටමින් සී අඩංගු පළතුරු වල හිගයක් නැහැ .

ඔබේ දරුවාට විටමින් සී ඌණතාවය තිබේද, නැද්ද දැනගැනීම අසීරුතම කාර්යය වේ. ඒ එහි සලකුණු සෑමවිටම හදුනා ගැනීමට පහසු නොවන  නිසයි.

ඔබ විටමින් C ඌණතාවය ගැන දැන ගැනීමට අවශ්‍ය දේවල් මෙන්න.

1. විදුරුමහෙන් ලේ ගැලීම

විටමින් සී මට්ටම පහත වැටීමට විදුරුමහ සංවේදී වේ. ඔබේ දරුවාගේ විදුරුමහ පරීක්ෂා කිරිමෙන් ඔවුන්ට විටමින් සී ඌණතාවය තිබේද, නැද්ද දැනගැනීමට හොද ක්‍රමයක් වේ. විදුරුමහ බොහෝ සංවේදී වන අතර අඩු විටමින් සී මට්ටම එය ඉක්මනින්ම සුව නොකරන බැවින් විටමින් සී ඌණතාවය ඇති දරුවන්ගේ විදුරුමහෙන් ලේ ගලයි.

2. නිතර නාසයෙන් ලේ ගැලීම

ඔබේ දරුවාගේ නාසයෙන් නිතර ලේ ගලයි නම් එය විටමින් සී ඌණතාවයේ තවත් සලකුණක් වේ. අඩු විටමින් සී මට්ටම රුධිර නාලිකා දුර්වල කරන අතර ඒවා නාසය තුල පිපිරී යෑමෙන් නාසයෙන් ලේ ගැලීම සිදුවේ. දුර්වල රුධිර නාලිකා ඇතිනම් නාසයෙන් නිතර ලේ ගැලීමක් සිදුවේ.

3. වියළි හිසකෙස් 

සාමාන්‍යයෙන් ඔබේ දරුවා නිරෝගිමත් දැයි දැනගැනීමට හිසකෙස් හොද ක්‍රමයක් වේ. අග පැලුනු වියළි හිසකෙස් තිබීම යනු ශරීරය ප්‍රමාණවත් කොලැජන් ප්‍රමාණයක් නිපදවන්නේ නොමැති වීමයි. කොලැජන් නිෂ්පාදනයට විටමින් සී අවශ්‍ය වේ.

4. තුවාල ඉක්මනින් සුව නොවේ.

තුවාල සුව වීමේදී ප්‍රතිශක්තිකරණය කෙරෙහි විටමින් සී බලපායි. පෙර මෙන් ඔබේ දරුවාගේ තුවාල ඉක්මනින් සුව නොවේ නම් ඔවුන්ගේ විටමින් සී මට්ටම අඩුවීමට ඇති ඉඩකඩ වැඩියි.

අවස්ථානුකූලව ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් විටමින් සී මත රදාපවතී. එමනිසා ඔබේ දරුවාගේ සිරුර තුල ප්‍රමාණවත්‍ විටමින් සී ප්‍රමාණයක් ඇති බව තහවුරු කර ගන්න.

5. යකඩ ඌණතාවය

ඔබේ සිරුරට යකඩ හොදින් උරාගන්න විටමින් සී උදව් කරයි. ඔබ කොතරම් යකඩ සපිරුණු ආහාර ගත්තත් ඔබේ සිරුරේ ප්‍රමාණවත් විටමින් සී ප්‍රමාණයක් නොමැති නම් ඔබ විටමින් සී හා යකඩ යන දෙකේම ඌණතාවයන් ගෙන් පෙළෙන බව මින් අදහස් කරනවා.

6. වියළි, රත්පැහැ හෝ රැළි ගැසුනු සම

විටමින් සී කොලැජන් නිෂ්පාදනයට උදව් කරයි. ඒ වගේම ඔබේ දරුවාගේ සමටද දායක වෙනවා. විශේෂයෙන් ඔබේ දරුවාට වියළි සමක් පෙර නොතිබුනේ නම් වියළි , රත්පැහැ හෝ රැළි ගැසුනු සම විටමින් සී ඌණතාවයේ සලකුණක් විය හැකිය.

7. ඔවුන්ට පහසුවෙන් තැලීම් ඇතිවෙනවා.

විටමින් සී රුධිර නාලිකා සවිමත් කරන අතර ඒවා බිදියෑම වළක්වයි. ඔබේ දරුවාට තැලීම් ඇතිවෙනවා නම් පුංචි ඉදීමිමක් පවා සහිතව ඔවුන් විටමින් සී ඌණතාවයෙන් පෙලෙනවා විය හැකිය.

8. ඔවුන් පහසුවෙන් රෝගී වෙනවා

විටමින් සී මගින් ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල ලෙස ඉහල නංවයි.  විටමින් සී අඩුවීම යනු ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණය පහත වැටීමයි. එමනිසා ඔවුන් පහසුවෙන් රෝගී විය හැකිය.

9. තෙහෙට්ටුව හෝ හැගීම් වලින් තොර බව

විටමින් සී ඔබේ දරුවාගේ ශක්ති නිෂ්පාදනයේ වැදගත් මෙහෙවරක් ඉටු කරන අතර එය දරුවාගේ හැගීම් ස්ථාවර කිරීමට උදව් කරයි. විටමින් සී ඌණතාවය ඔබේ  දරුවාට පහසුවෙන් වෙහෙස ඇති කරයි. ඒවගේම පහසුවෙන් නොසංසුන්තාවයට හෝ කෝපයට පත්වේ.

10. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩුවේ.

විටමින් C ඌණතාවය ඔබේ දරුවාගේ ක්‍රියාකාරිත්වය අඩු කිරීමට හේතු වෙනවා. ඒ ඔවුන්ට පහසුවෙන් තෙහෙට්ටුව දැනෙන නිසයි. ඔවුන්ගේ අඩු ක්‍රියාකාරිත්වය හේතුවෙන් පරිවෘත්තිය ක්‍රියා වල වේගය පහත වැටී එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ බර වැඩි වීමක් සිදුවිය හැකිය.

අපි කවුරුත් දන්න විටමින් සී පුංචි පැටියාගේ පුංචි සිරුරට කොතරම් වටිනවාද කියලා හිතෙන මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • විටමින් C ඌණතාවය දරුවන් තුල පෙන්නුම් කරන්නේ මෙහෙමයි.
බෙදාගන්න :
  • සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

    සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

  • දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර  වර්ග

    දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර වර්ග

  • සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

    සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

  • දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර  වර්ග

    දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර වර්ග

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it