ඔබේ දරුවත් ‘W’ අකුරේ හැඩයට ඉඳගන්නවද?

lead image

එය පුරුද්දක් වෙන්න කලින් එයින් ඔවුන් මුදවන්න...

ඔබේ පැටියත් ‘W’ අකුරේ හැඩයට ඉඳගන්නවා නම් එමගින් විවිධ සෞක්‍ය ගැටළු ඇති විය හැකියි. මන්ද මේ මගින් උකුල ප්‍රදේශය ආශ්‍රයෙන් ඇති විය හැකි කැරකීම නිසා වෙනත් සන්ධි ආශ්‍රිත රෝගබාද හා උකුල ආශ්‍රිත රෝගබාද ඇති වීමේ අවදානමක් ඇත.

‘W’ ආකාරයට ඉඳගැනීමේ ඉරියව්ව දරුවන් අතර බහුලව දැකිය හැකි ඉඳගන්නා ඉරියව්වකි. විශේෂයෙන් ඔවුන් සෙල්ලම් කරන අවස්ථාවන් හිදී ඔබට සුලබව දකින්න පුළුවන් වේවි.

ඔබේ දරුවත් මේ ඉරියව්ව අනුගමනය කරනවා නම් එය දුටු සැනින් ඔහුගේ ඉරියව්ව වෙනස් කිරීමට ඔහුට උපදෙස් දීම හෝ උදවු කිරීම හරිම වැදගත්. නැතිනම් එය පුරුද්දක් බවට පත් වෙන්න පුළුවන්.

ළමා මනෝ විශේෂඥ ජින් මැක්නමාරා ට අනුව දරුවන් අතර මෙය ප්‍රචලිත වන්නේ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරමින් සිටින විට ඔවුන්ට ශරීරයේ සමබරතාවය රඳවා ගැනීමට මෙම ඉරියව්ව උදවු වන නිසයි.

එහෙත් මේ ඉරියව්ව දිගු කාලීනව ඔවුන් පහත සඳහන් විවිධ රෝග වලට ලක්කරන මාර්ගයක් වෙන්න පුළුවන්.

1.අස්ථි ආශ්‍රිත රෝග

මේ ඉරියව්ව නිසා දරුවෙකුගේ උකුල් ප්‍රදේශය ස්ථාපිත ස්ථානය වෙනස් වීම (උකුල් ඇටය සන්ධිය පැනීම ) සිදුවිය හැකි අතර මිට පෙර එවැනි සිදුවීම ඇත්නම් එය කිසිසේත්ම නැවත කිරීම සුදුසු නැහැ.

2.මාංශ පේශි වල තද බව

ඉහත සඳහන් කල ආකාරයට අභ්‍යන්තරව උකුල් ප්‍රදේශය කැරකීම මත ඇතිවෙන අනිසි තෙරපුම් හා නැවීම් දිගුකාලීනව තිබීමෙන් මාංශ පේශි නැවීම සමග දිගුකාලීන වේදනාවන් වලට ඔවුන් ගොදුරු විය හැකිය.

3. ස්නායු හා වර්ධනයේ ප්‍රමාද වීම්

 මෙම ඉරියව් මගින් ඔබ නොදැනුවත්ව ම ශරීර මාංශ පේශි හා අස්ථි වලට වන බලපෑම නිසා අනිසි ස්නායු තෙරපීම් හා ඇතිවන වේදනා හා සිරවීම් මත රුධිර සංසරණයේ අවහිරතා ආදීය මගින් දරුවන්ගේ වර්ධනය ප්‍රමාද වීම වුවද වෙන්න පුළුවන්.

w-position

 ‘W’ ඉරියව්ව වැළැක්වීමට ඔබ විසින් වැදගත් කරුණු දෙකක් ඉටු කල යුතු වෙනවා.

  • ‘W’ ඉරියව්ව හා ඉඳගැනීමට හැකි අනෙකුත් ඉරියව් අතර වෙනස ඔබ දරුවන්ට අවබෝධ කල යුතු වෙනවා. හරි
    ආකාරයට ඔබ විසින් ඔවුනට පෙන්වා දීමෙන්, ඔබ එය අනුගමනය කරනවා නිතර දකින නිසා ඔවුන්ට එය මතකයට නඟා ගන්න පහසු වෙනවා . ඔවුන් නිතැතින්ම ඔබව අනුගමනය කරනවා.
  • ඔබේ දරුවා කකුල් පිටුපසට නවා ඉඳගන්න ඉරියව්වකට පුරුදු වන්නට නම් ඔහුට පුහුණුව අවශ්‍යයි. ඔබ ඔවුන් සමග
    ඒ ඉරියව්වෙන් සිටින විට ඔවුන්ට එය වෙනස් කර ගැනීමට මතක් කරමින් ඊට උදවු වෙන්න. එය ක්‍රීඩාවක් ආකාරයට ඔවුනට මතක් කර දෙන්නටත් ඔබට පුළුවන්. නිතරම ‘W’ ඉරියව්ව තෝරාගන්න කෙනා පරාජය වන්නා ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ කිසි විටෙකත් නොසිතන මෙවැනි දේවල් ජිවිතයට කෙතරම් බලපෑමක් එල්ල කරනවද කියල තේරෙනවා නේද?

theAsianparent Sri Lanka අපි ඔබේ හොඳම මිතුරිය ලෙසින් ඔබ ලඟින් රැඳෙන්නේ, මෙවැනි ඔබ නොසිතන ගැටළු වලින් ඔබේ ජිවිතයට කරදරක් නොවන්නට වගබලා ගන්නයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ