theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවත් ‘W’ අකුරේ හැඩයට ඉඳගන්නවද?

2 අවම කියවීම
ඔබේ දරුවත් ‘W’ අකුරේ හැඩයට ඉඳගන්නවද?ඔබේ දරුවත් ‘W’ අකුරේ හැඩයට ඉඳගන්නවද?

එය පුරුද්දක් වෙන්න කලින් එයින් ඔවුන් මුදවන්න...

ඔබේ දරුවා W අකුරේ හැඩයට ඉඳගැනීම මගින් විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකියි. මන්ද මේ මගින් උකුල ප්‍රදේශය ආශ්‍රයෙන් ඇති විය හැකි කැරකීම නිසා වෙනත් සන්ධි ආශ්‍රිත රෝගබාද හා උකුල ආශ්‍රිත රෝගබාද ඇති වීමේ අවදානමක් ඇත.

‘W’ ආකාරයට ඉඳගැනීමේ ඉරියව්ව දරුවන් අතර බහුලව දැකිය හැකි ඉඳගන්නා ඉරියව්වකි. විශේෂයෙන් ඔවුන් සෙල්ලම් කරන අවස්ථාවන් හිදී ඔබට සුලබව දකින්න පුළුවන් වේවි.

ඔබේ දරුවත් මේ ඉරියව්ව අනුගමනය කරනවා නම් එය දුටු සැනින් ඔහුගේ ඉරියව්ව වෙනස් කිරීමට ඔහුට උපදෙස් දීම හෝ උදවු කිරීම හරිම වැදගත්. නැතිනම් එය පුරුද්දක් බවට පත් වෙන්න පුළුවන්.

ළමා මනෝ විශේෂඥ ජින් මැක්නමාරා ට අනුව දරුවන් අතර මෙය ප්‍රචලිත වන්නේ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරමින් සිටින විට ඔවුන්ට ශරීරයේ සමබරතාවය රඳවා ගැනීමට මෙම ඉරියව්ව උදවු වන නිසයි.

එහෙත් මේ ඉරියව්ව දිගු කාලීනව ඔවුන් පහත සඳහන් විවිධ රෝග වලට ලක්කරන මාර්ගයක් වෙන්න පුළුවන්.

w අකුරේ හැඩයට ඉඳගැනීම

1. දරුවා w අකුරේ හැඩයට ඉඳගැනීම හා අස්ථි ආශ්‍රිත රෝග

දරුවා W අකුරේ හැඩයට ඉඳගැනීම නිසා දරුවෙකුගේ උකුල් ප්‍රදේශය ස්ථාපිත ස්ථානය වෙනස් වීම (උකුල් ඇටය සන්ධිය පැනීම ) සිදුවිය හැකි අතර මිට පෙර එවැනි සිදුවීම ඇත්නම් එය කිසිසේත්ම නැවත කිරීම සුදුසු නැහැ.

2.මාංශ පේශි වල තද බව

ඉහත සඳහන් කල ආකාරයට අභ්‍යන්තරව උකුල් ප්‍රදේශය කැරකීම මත ඇතිවෙන අනිසි තෙරපුම් හා නැවීම් දිගුකාලීනව තිබීමෙන් මාංශ පේශි නැවීම සමග දිගුකාලීන වේදනාවන් වලට ඔවුන් ගොදුරු විය හැකිය.

3. ස්නායු හා වර්ධනයේ ප්‍රමාද වීම්

 මෙම ඉරියව් මගින් ඔබ නොදැනුවත්ව ම ශරීර මාංශ පේශි හා අස්ථි වලට වන බලපෑම නිසා අනිසි ස්නායු තෙරපීම් හා ඇතිවන වේදනා හා සිරවීම් මත රුධිර සංසරණයේ අවහිරතා ආදීය මගින් දරුවන්ගේ වර්ධනය ප්‍රමාද වීම වුවද වෙන්න පුළුවන්.

w-position

දරුවා w අකුරේ හැඩයට ඉඳගැනීම වැළැක්වීමට ඔබ විසින් වැදගත් කරුණු දෙකක් ඉටු කල යුතු වෙනවා.

  • ‘W’ ඉරියව්ව හා ඉඳගැනීමට හැකි අනෙකුත් ඉරියව් අතර වෙනස ඔබ දරුවන්ට අවබෝධ කල යුතු වෙනවා. හරි ආකාරයට ඔබ විසින් ඔවුනට පෙන්වා දීමෙන්, ඔබ එය අනුගමනය කරනවා නිතර දකින නිසා ඔවුන්ට එය මතකයට නඟා ගන්න පහසු වෙනවා . ඔවුන් නිතැතින්ම ඔබව අනුගමනය කරනවා.
  • ඔබේ දරුවා කකුල් පිටුපසට නවා ඉඳගන්න ඉරියව්වකට පුරුදු වන්නට නම් ඔහුට පුහුණුව අවශ්‍යයි. ඔබ ඔවුන් සමග ඒ ඉරියව්වෙන් සිටින විට ඔවුන්ට එය වෙනස් කර ගැනීමට මතක් කරමින් ඊට උදවු වෙන්න. එය ක්‍රීඩාවක් ආකාරයට ඔවුනට මතක් කර දෙන්නටත් ඔබට පුළුවන්. නිතරම ‘W’ ඉරියව්ව තෝරාගන්න කෙනා පරාජය වන්නා ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ කිසි විටෙකත් නොසිතන මෙවැනි දේවල් ජිවිතයට කෙතරම් බලපෑමක් එල්ල කරනවද කියල තේරෙනවා නේද?

බබා

theAsianparent Sri Lanka අපි ඔබේ හොඳම මිතුරිය ලෙසින් ඔබ ලඟින් රැඳෙන්නේ, මෙවැනි ඔබ නොසිතන ගැටළු වලින් ඔබේ ජිවිතයට කරදරක් නොවන්නට වගබලා ගන්නයි.  

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවත් ‘W’ අකුරේ හැඩයට ඉඳගන්නවද?
බෙදාගන්න :
  • මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

    මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

  • ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

    ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

  • මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

    මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

  • ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

    ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it