අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

අත් ‌සේදී‌මේ වැදගත්කම අපිට මතක් කරන අපූරූ පරීක්ෂණය

මේ දවස් වල පැතිරිලා යන මහ වසංගත එක්ක අත් ‌සේදීම ගැන ලෝකයක් කතා කරන මොහොතක අත ‌සේදීම තුළ ඇති බලය ගැන ගුරුවරියක ලොවට ඔප්පු කල අපූරු පාඩමක් ගැන කතා කරමු.

දරුවන්ට යමක් ක්‍රියා දෙන විට එය ක්‍රියාකාරකමක් විදියට කරනවා නම් බොහොම විනෝදජනක වේවි. 

ඉඩාහෝහි ෆොල්ස් ප්‍රථමික පාසැලේ දරුවන් නිතර ලෙඩවීම ගැන එහි හැසීරීම් පිළිබද විශේෂඥවරික වු ජෙරාලි මෙට්කාෆ්ට් ගේ අවධානයට යොමු වුනා.

දරුවන් ලෙඩ කරන විෂබීජ පැතීරීම වළක්වන්නේ කොහොමද?

අත් ‌සේදීම

ඒනිසා මෙම ගුරුතුමිය දරුවන්ට හොදින් අත්සේදීමේ වැදගත්කම ගැන සිය දරුවන්ට කියා දෙන්න තීරණය කළා.

දැන් මුළු ලෝකයම භාවිතා කරන්නේ ඇයගේ මේ ක්‍රියාකරකමයි. මෙය ඉතා සරල හා පහසු ක්‍රියාකාරමක් වෙනවා.

අත් ‌සේදීම වැදගත් බව කියාදෙන පාන් පෙත්තේ පරීක්ෂණය

අත් සේදීමේ වැදගත්කම ගැන හා බැක්ටීරියා පැතිරෙන්නේ කොහොමද යන්න කියා දෙන්නට ජෙරාලී සිය සිසුන් සමග සරල පරීක්ණයක් සිදු කළා.

ඇය පළමුව කලේ එකම පාන් ගෙඩියේ පෙති 5 ක් ගෙන පිරිසිදු කම විවිධ මට්ටම් යටතේ එය ස්පර්ශ කිරීමට ඉඩ සැලසීමයි.

එය පොලීතින් බෑගයක දමා මාසයක් තුල එහි වෙනස්කම් නිරීක්ෂණය කළා. ඇයගේ මේ පුංචි පරීක්ෂණය සහිත ෆේෂ් බුක් සටහන 70k වතාවකට වඩා පිරිස විසින් බෙදාගත්තා.

 පළමු පාන් පෙත්ත – පන්තියේ තිබු සියලුම ලැප්ටොප් පරිඝනක වල ස්පර්ශ කර පොලිතින් කවරයක බහා  සීල් කරන ලදී.

දෙවන පාන් පෙත්ත – ස්පර්ශ නොකර නැවුම්ව පොලිතීන් කවරයක බහා සීල් කරන ලදී.

තුන්වන පාන් පෙත්ත – පන්තියේ සියලුම ළමයින් අත් නොසෝදා ස්පර්ශ කර පොලිතීන් කවරයක බහා සීල් කරන ලදී.

හතරවෙනි පාන් පෙත්ත- මුළු පන්තියම උණු වතුරෙන් හා සබන් යොදා අත්සෝදා ස්පර්ශ කර පොලිතීන් කවරයක බහා සීල් කරන ලදී.

පස්වෙනි පාන් පෙත්ත – මුළු පන්තියම සනීපාරක්ෂක පිරිසිදු කරන දියරයක් යොදා අත්සෝදා ස්පර්ශ කර පොලිතීන් කවරයක බහා සීල් කරන ලදී.

මාසයකට පසු ලැබුන ප්‍රතිඵල

අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

පළමු පාන්පෙත්ත
photo credit Jaralee Annice Metcalf / facebook

ලැප්ටොප් වල අතුල්ලන ලද පළමු පාන් පෙත්ත අනෙක්වාට වඩා වැඩි බැක්ටීරියා වර්ධනයක් දක්නට ලැබුනි.

මෙම පරිඝනක නිතර සනීපාරක්ෂක ද්‍රව්‍ය යොදා පිරිසිදු කල මෙම පරීක්ෂණය කල යුතු බැවින් පරීක්ෂණය කල දින එසේ සිදුනොකළ බව ගුරුතුමිය සිසුන්ට පැහැදිලි කර දුන්නා.

අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

දෙවන හා හතරවෙනි පාන්පෙති
photo credit Jaralee Annice Metcalf / facebook

උණුවතුර හා සබන් යොදා අත්සෝදා ස්පර්ශ කල හතරවෙනි පාන් පෙත්තත් නැවුම් හා ස්පර්ශ නොකර තැබු දෙවැනි පාන් පෙත්තත් බැක්ටීරියා වර්ධනයෙන් තොරව තිබෙනු දකින්නට ලැබුනි.

අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

තුන්වෙනි පාන්පෙත්ත
photo credit Jaralee Annice Metcalf / facebook

පිරිසිදු නොකල අත්වලින් ස්පර්ශ කල තුන්වෙනි පාන්පෙත්ත බැක්ටිරියා වර්ධනය වී තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන්.

අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

පස්වෙනි පාන් ‌පෙත්ත
photo credit Jaralee Annice Metcalf / facebook

පුදුමාකාර කරුණ අනාවරණය වන්නේ ඊලගටයි. අත් සේදුම් සනීපාරක්ෂක ද්‍රව්‍ය යෙදු පාන් පෙත්තේ හොද බැක්ටීරියා වර්ධනයක් දක්නට ලැබුනා.

ඉතින් සබන් වලට වඩා මෙම අත්සේදුම් සනීපාරක්ෂක දියර හොදයි කියලා හිතාගෙන ඉන්න අයට නම් මේ ගැන අවබෝධයක් ගන්න මේක හොද අවස්ථාවක් වේවි නේද?

ජෙරාලීගේ මේ අපූරු පරීක්ෂණය ලොව පුරා දෙමව්පියන් හා දරුවන්ගේ සිත් ගත් බව නොඅනුමානයි.

සබන් යොදා නිතර හොදින් අත්සේදීම සුදූසු බව පෙන්නා දෙන්න මෙය කදිම පරීක්ෂණයක්.

අපේ දරුවන්ටත් අත් හොදින් මෙලෙස පිරිසිදු කිරීමේ වැදගත්කම කියාදෙමු.

දැන් නිතර පැතිරි යන භයානක වෛරස් වලින් ආරක්ෂාවෙන්න නිතර හොදින් අත් සෝදන්න කියලා කියන වේලාවක අපේ දරුවන්ට මෙම සනීපාරක්ෂක පුරුද්ද ඇතිකිරීම ආරම්භ කරමු.

ඔබ අත් නිතර සේදීම මේ දිනවල වැදගත් වෙනවා.

අත් ‌සේදීම අනිවාර්යයෙන්ම කල යුතු අවස්ථා

  • ආහාර ගැනීමට පෙර හා පසු
  • ආහාර පිසීමට පෙර හා පසු
  • වැසිකිළි භාවිතයෙන් පසු
  • දරුවාගේ නැපිය මාරු කිරීමෙන් පසු
  • දරුවා ස්පර්ශ කිරීමට පෙර 
  • රෝගියෙකු ස්පර්ශ කිරීමෙන් පසු
  • තුවාලයකට බෙහෙත් දැමීමෙන් පසු
  • අපිරිසිදු ද්‍රව්‍ය හෝ පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසු 
  • කිවිසුම් යැමේදි, කහින විට හෝ නාසයෙන් සොටු සීරූ විට අත් භාවිතා කිරීමෙන් අනතුරු
  • පුද්ගලයෙකුට අතට අත දීමෙන් පසු
  • සතුන් ස්පර්ශයෙන් පසු

හොඳින් අත් ‌සේදීම කරන ආකාර

අත් ‌සේදීම

  • මුලින්ම අත් වතුරෙන් තෙමාගන්න. 
  • සබන් අතේ හොදින් ගාන්න.
  •  තත්පර 20ක් හොඳින් අත් අතුල්ලන්න. 
  • ඉන්පසු තත්ත්පර 10ක් අත වතුරෙන් සෝදන්න. 
  • පිරිසිදු වියලි තුවායකින් හෝ ටිෂූ එකකින් පිසදාගන්න.

ඔබ ඔබේ දරුවාට පෙනෙන ලෙස නිතර අත් සෝදන්න. ඒ මගින් දරුවාට ආදර්ශයක් වෙන්න. දරුවාටද නිවැරදිව අත් සෝදන්න කියා දෙන්න.

තරමක් ලොකු දරුවෙක් නම් අත් සේදීමේ වැදගත් කම මෙන්ම මෙවන් පරීක්ෂණයක් තුලින් අවබෝධයත් ලබා දෙන්න පුළුවන්.

මෙවන් සරල සනීපාරක්ෂක පුරුදු දරුවාට පුරුදු කිරීම තුලින් බොහොමයක් රෝගාබාධ වලින් දරුවාට ආරක්ෂාව ලැබෙනවා.

විශේෂයෙන් පෙර පාසැල් හා පාසැල් වැනි දරුවන් බහුතරයක් සිටින ස්ථාන වල මෙවන් හොද පුරුදු පවත්වා ගැනීමෙන් රෝගී නොවී ඉන්න පුළුවන්.

මෙම පරීක්ෂණය හරිම පහසුයි නේද? ඔබත් එය නිවසේදි අත්හදා බලන්න. ඔබට ගැටලුවක් ඇතිනම් අදහසක් දක්වන්න අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරූව භාවිතා කරන්න.

මුලාශ්‍ර- Brightside

deshaya

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි