theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

6 අවම කියවීම
බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

උපන්දා ඉඳලාම බබාගේ රෙදි , රෙදි සෝදන යන්ත්‍රයක් ආධාරයෙන් හෝද ගන්න පුලුවන්. අතේ සෝදන්නට කිසිම අවශ්‍යතාවයක් නෑ. අලුත් අම්මට ඒක හරිම පහසුවක් වෙනවා.

බබාගේ රෙදි සේදීම සඳහා සාමාන්‍ය රෙදි සෝදන කුඩු/සබන්/දියර, වොෂින් මැෂින් භාවිතා කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය අලුත් අම්මලා ගොඩ දෙකෙන්ට හිතට වද දෙනවා.

බබාගේ රෙදි සේදීම සිදු කරන්නේ වොෂින් මැෂින් එකේ ද අතින්ම හෝදනවාද?

බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

මොකද මේ ලෝකෙට ආව චූටි පැටියාගේ සම හරිම සුමුදුයි. ඒ වගේම පරිසරය අලුත්. ඉතින් අලුතෙන් අම්මලා උන අයට ටිකක් ලොකු ගැටලුවක් බබාගේ රෙදි සෝදන්නේ මොනවායින්ද, රෙදි අතේද සෝදන්නේ නැත්නම් වොෂින් මැෂින් එකේද කියන එක.

රෙදි සෝදන කුඩු

වෙළඳපලේ ගත්තත්

  • එක එක නම් වලින්,
  • පාටින්,
  • සුවඳින්,
  • එක එක හඳුන්වාදීමේ තොරතුරුත් එක්ක

මේ බබාලාගේ රෙදි සෝදන කුඩු එනවා.

බබාගේ ඒදි සේදීම සඳහා සාමාන්‍ය රෙදි සේදුම් කාරක පාවිච්චි කරන්න පුලුවන්ද?

හැබැයි බබාගේ සම සාමන්‍ය සමක් නම්, ආසාත්මික හෝ ඉතා සංවේදී සමක් නොවේ නම් ඔබ, මම පාවිච්චි කරන රෙදි සෝදන ද්‍රව්‍ය (කුඩු, දියර හෝ කැට) බබාටත් පාවිච්චි කිරීමේ කිසිම ගැටලුවක් නෑ.

ළමා චර්ම රෝග විශේෂඥ මේරි ස්ප්‍රැකර් මහත්මිය මොකද කියන්නේ?

එහෙම ගැටලුවක් නෑ කියලා කියන්නේ ළමා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක සහ ඇමෙරිකානු චර්ම රෝග විද්‍යාව පිළිබඳ ඇකඩමියේ කථිකාචාර්යවරයකු වන මේරි ස්ප්‍රැකර් මහත්මිය. ඇය ගොඩාක් සොයා ගැනීම් කරලා තමා මේ පිළිබඳව ලෝකය දැනුවත් කරන්නේ. බබා ඉපදුන දවසේ ඉඳලා වොෂින් මැෂින් එකේ රෙදි සේදුවාට, සාමාන්‍ය රෙදි සේදුම් කාරක භාවිතා කලාට කිසිම ගැටලුවක් නෑ කියලා මේරි ස්පැකර් මහත්මිය කියනවා.

බබාලාගේ රෙදි සේදුම් කාරක වලින් හරියට රෙදි සේදෙනවාද?

අනිත් එක ගොඩක් අලුත් දෙමව්පියන් දකින දෙයක් තමා බබාලා වෙනුවෙන්ම එන රෙදි සෝදන ද්‍රව්‍ය වලින් හරියට ඒ කාර්‍ය්යය කෙරෙන්නේ නෑ කියන එකත්.

හැම අම්මා කෙනෙක්ටම බබාට වෙනමයි ගෙදර අනිත් අයට වෙනම රෙදි සේදුම් කාරක ද්‍රව්‍ය ගන්නට වත්කමක් නෑ

තව දෙමව්පියන් උනත් කොටසක් ඉන්නවා ඔවුන්ට වෙනම අමුත්වෙන් රෙදි සෝදන ද්‍රව්‍ය වර්ග දෙක තුනක් ගෙන ඒමේ හැකියාවක් නෑ.

ඉතින් මේකට හොඳම විදිය සාමාන්‍ය රෙදි සේදුම්කාරක පාවිච්චි කිරීමයි.

බබාගේ රෙදි සේදීම සඳහා හොඳම මොනවාද?

බබාට සාමාන්‍ය රෙදි සේදුම්කාරක පාවිච්චි කරන්න හිතනවා නම් සාමාන්‍ය රෙදි සේදුම් දියර තමා හොඳම.

බබාගේ රෙදි සේදීම

මොක්ද රෙදි හොඳින් සේදෙනවා. රෙදි සෝදන කුඩු හෝ සබන් වල කැබලි ‍රෙදි මත ඉතුරු වෙන්න පුලුවන් හරියට සේදුනේ නැත්නම්.

මේ මොනවා කිව්වත් අම්මාට බයයිද?

අම්මලා හරි බයයි නේ බබාලා සම්බන්ධ දේවල් වලදි නේද? සාමාන්‍ය රෙදිසේදුම්කාරක පාවිච්චි කරන එකේ ගැටලුවක් නෑ කිව්වට ඒක පිලි ගන්න හිතට ටිකක් මොකද්ද වගේ ඇති. ඒකට කරන්න පුලුවන් හරිම පුංචි දෙයක්.

බබාගේරෙදි සේදීම ගැන මෙහෙම පරියෙෂණයක් කරමුද?

අපිට පරීක්ෂා කරලා බලන්න පුලුවන් බබාගේ සම ආසාත්මික වෙන්න පුලුවන් අධිසංවේදී සමක්ද කියලා. බබාගේ ඇඳුම් දෙකක් තුනක් අරගෙන ඒවා ඔබේ පවුලේ අයගේ ඇඳුම් සෝදන රෙදි සේදුම්කාරක වලින් සෝදලා අන්දවලා බලන්න. බලන්න බබාට ඒක ආසාත්මිකද කියලා.

ආසාත්මිකද බලමුද?

හමේ තැන් තැන් වල රතු ලප එහෙම එනවද, කසනවාද, අපහසුවක් තියෙනවාද කියලා. එහෙම ආසාත්මික ලක්ෂණ නැත්නම් ඒවා ආසාත්මික නෑ බබාට.

ආසත්මික නැත්නම් බබාගේ රෙදි සේදීම මෙහෙම කරන්න පුලුවන්

බබාගේ සියලුම රෙදි ඒ ආකාරයට සාමන්‍ය රෙදි සේදුම්කාරක වලින් හෝදන්න පුලුවන්. පවුලේ අයගේ රෙදි සමඟ හෝදන්න පුලුවන් බබාගේ රෙදිත්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ලංකාවේ අම්මලා

ලංකාවේ අම්මලා ගොඩක් දෙනෙක් වැඩ පහසු කර ගන්න ඕනිතරම් විදි තියෙද්දි ඒවා ප්‍රයෝජනයට ගන්නවා හරිම අඩුයි.

බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

ඉපදුන දා ඉඳලාම බබාගේ රෙදි වොෂින් මැෂින් දාන්න පුලුවන්ද?

උපන්දා ඉඳලාම බබාගේ රෙදි , රෙදි සෝදන යන්ත්‍රයක් ආධාරයෙන් හෝද ගන්න පුලුවන්. අතේ සෝදන්නට කිසිම අවශ්‍යතාවයක් නෑ. අලුත් අම්මට ඒක හරිම පහසුවක් වෙනවා. ඒ වගේම තමයි රෙදි සෝදන්නට යන වෙලාවත් බබා වෙනුවෙන්ම වැය කරන්න පුලුවන්.

බබාගේ රෙදි අතේ හෝදන අම්මා වැඩියෙන් ආදරෙයිද බබාට?

අතේ රෙදි සෝදන අම්මා වොෂින් මැෂින් එකේ බබාගේ රෙදි සෝදන අම්මාට වඩා බබාට ආදරේ කියලා කියන්න බෑ. වොෂින් මැෂින් එකේ රෙදි හෝදන්නේ කම්මැලි අම්මලාත් නෙමෙයි. බබාගේ රෙදි අතේ සෝදන අම්මා වගේම වොෂින් මැෂින් එකේ සෝදන අම්මාත් එක වගේම ආදරෙයි බබාට. වොෂින් මැෂින් එකේ සෝදන එක පහසුවක්.

බබාගේ රෙදි අතේ හේදුවා කියලා බබාට ආදරේ වැඩි වෙන්නේත් නෑ. වොෂින් මැෂින් එකේ හේදුවාම ආදරේ අඩු වෙන්නේත් නෑ. ආදරේ කියන්නේ සාපේක්ෂ දෙයක්. හැම අම්මෙක්ම තමන්ගේ දරුවාට ආදරෙයි.  බබාගේ රෙදි සේදීම කොයිම විදියකින් හරි කරන්නයි ඕනි.

බබා පොඩි කාලේ වොෂින් මැෂින් එකේ රෙදි සේදුවාම, රෙදි ටික ඇඹරෙන නිසා බබා ඇඹරෙනවාද?

මේ කතාවත් ගොඩාක් අම්මලා අහන ප්‍රශ්නයක්. ඇත්තටම වොෂින් මැෂින් එකේ රෙදි සේදුවා රෙදි මිරිකෙන නිසා බබා ඇඹරෙනවා නම් බබයි, වොෂින් මැෂින් එකයි එකට මොනම විදියකින් හරි සම්බන්ධ වෙලා ඉන්න ඕනි නේ.

වොෂින් මැෂින් එක කියන්නේ උපකරණයක්. බබා කියන්නේ මනුස්ස ප්‍රාණියෙක්. ඒ කතාවේ කිසිම විද්‍යාත්මක සත්‍යතාවයක් නෑ.

යුරෝපීය රට වල අම්මලා රෙදි හෝදන්නේ අතේද?

යුරෝපීය රටවල් වල බබා ඉපදුන දා ඉඳලාම සෝදන්නේ වොෂින් මැෂින් එකේ.ඒ බබාලාට කිසි ගැටලුවක් නෑ. ඒකෙන්ම පේනවා ඇති ලංකාවේ අම්මලාගේ හිතළුවක් විතරයි මේක කියලා.

බබාගේ රෙදි සේදීම

බබාගේ රෙදි සේදීම හොඳින් සිදු කර ගන්න පුලුවන් වොෂින් මැෂින් එකකින්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අතින් හෝදලා මිරිකුවාමත් බබා ඇඹරෙනවාද?

මේ කතාවම අතින් රෙදි සෝදද්දිත් කියනවා. බබා ඇඹරෙන නිසා රෙදි ටික මිරකන්න එපා කියලා.

එහෙම කියනවා ඇති ඉස්සර බබාගේ රෙදි ටික මැද ගන්න ස්ත්‍රික්කයක් නෑ.

එතකොට රෙදි මිරිකුවාම රෙදි වල රැලි ගතිය තියෙන නිසා බබාට අපහසුයි. ඒ නිසා ඒ කතාව ඒ කාලයේ කියන්න ඇති.

අදටත් කටින් කට ඇවිත් පදනමක් නැති අරුත් සුන් දෙයක් උනත් අම්මලා විශ්වාස කරනවා.

පවුලේ අයගේ රෙදිත් එක්ක බබාගේ රෙදි සේදීම කරන්න පුලුවන්ද?

ඒ වගේම පවුලේ අයගේ රෙදි සමග බබාගේ රෙදි හෝද ගන්නත් පුලුවන්. නිකන් කාලය අපතේ හරිමින් බබාගේ රෙදි වෙනමයි, ගෙදර අනිත් අයගේ රෙදි වෙනමයි හෝදන්නට අවශ්‍ය වන්නේ නෑ.

බබාගේ රෙදි සේදීම

ගෙදර අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ගේ ඇඳුම් එක්ක බබාගේ රෙදි සේදීම කලාම බබා ලෙඩ වෙනවාද?

එහෙම එකට හේදුවා කියලා බබාට ලෙඩ රෝග හැදෙන්නේ නෑ. බබාව ඔරොත්තු දෙනවා. අම්මා තාත්තා සහෝදරයන් ඇසුරේ තමා අපේ දරුවෝ හැදෙන්නේ වැඩෙන්නේ.

බබාගේ ගෙදර අයට සමේ රෝග, සමාජ රෝග නැත්නම් මේ ගැන බය වෙන්නට දෙයක් නෑ.

බබාව අනවශ්‍ය විදියට පරිස්සම් කරනවාද?

අනවශ්‍ය විදියට බබාව පරිස්සම් කරන්නට යන්න අවශ්‍ය නෑ. එය දරුවන්ට කරන අසාධාරණයක්. අපේ දරුවෝ හැමදාම කුඩා අත දරුවන් වගේ ඉන්නේ නෑ. එයාලා ලොකු වෙනවා.

එයාව පරිසරයට හුරු කරවන එකේ වගකීම තියෙනෙ දෙමව්පියන් අතේ.

විෂබීජ නැති පරිසරයක් බබාට නිර්මාණය කරලා දෙනවාද?

විසබීජ වලින් තොර පරිසරයක් දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ හැකියාවක් අප සතුව නෑ. නමුත් දරුවා හැමදේටම ඔරොත්තු දෙන ලෙස ඇති දැඩි කිරීමේ හැකියාවක් අප සතුයි. දරුවාගේ අනාගතයට, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට කුඩා වියේදී ඒ ලැබෙන පිටුවහල අති විශාලයි.

බබාගේ රෙදි සේදීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වලින් ආසාත්මික ලක්ෂණ එනවා නම් මොකද කරන්නේ?

ආසාත්මික ලක්ෂණ එනවා නම්;

  • සුවඳ රහිත,
  • වර්ණකාරක රහිත

සාමාන්‍ය සේදුම්කාරක පාවිච්චි කරලා බලන්න පුලුවන්.

සාමාන්‍යයෙන් නම් සුවඳකාරක වලට ආසාත්මිකතා ඇති වෙන්න ඉඩ ඇත්තේ ඉතාමත් කලාතුරකින් තමයි.

බබාගේ රෙදි සේදීම අවුරුද්දක් යනකල් මෙහෙම කරන්න.

ඒත් ආසාත්මිකතාවක් තියෙනවා නම් බබාගේ රෙදි සේදීම කරද්දි අවුරුද්දක් යනකල් බබාලාටම වෙන් වූ ළදරු සේදුම්කාරක පාවිච්චි කරන්න පුලුවන්.

එහෙම ආසාත්මිකතාවයක් වෙනවා නම් එය වොෂින් මැෂින් එකේ සෝදපු නිසා නම් නෙමෙයි.

Eczema තියන බබෙක් නම්

බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

බබාට eczema ( සම මත රතු, පැල්ලම් සහිත, වියලි ලප ඇති වීම), යන තත්වය තිබේ නම් (විශේෂයෙන්ම මුහුණ, වැලමිට, දණහිස වැනි නැමෙන තැන්උ වල) ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා පිලියම් යොදන්න පුලුවන් මේ තත්වයට.

Eczema තියන බබෙක් ගේ සම අධි සංවේදීතාවයක් දක්වනවා තව තව දේට

එවැනි තත්වයක් ඇති දරුවෙක්ගේ සම අධි සංවේදී බවක් දක්වනවා විවිධ ලෝශන් සහ සබන් වර්ග වලට.

එම නිසා එවැනි දරුවෙක් ගේ රෙදි සේදීමේදී යොදාගන්න පුලුවන් මෘදු සේදුම්කාරක ගැන දරුවාගේ වෛද්‍යවරයාගෙන් දැන ගන්න එක තමා කල යුත්තේ.

එවිට බබාගේ රෙදි සේදීම  එම සේදුම් කාරක දමා වොෂින් මැෂින් එකේ සෝදා ගන්නට පුලුවන්.

සටහන :- ඈන් නිර්මාණි අත්තානයක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?
බෙදාගන්න :
  • ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?

    ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?

  • ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

    ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

  • ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?

    ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?

  • ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

    ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it