theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

3 අවම කියවීම
මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලාමිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

මේ ප්‍රවෘත්තිය අපට කියාදෙන වැදගත්ම පණිවිඩය තමයි එක මිනිත්තුවකටවත් දරුවන්ව තනිව නොතැබිය යුතු බව.

නයිෂට් හා නක්ෂයා යන දරුවන් දෙදෙනා ගැන වූ මේ ඇඟ කිලිපොලා යන washing machine dangers sinhala ආශ්‍රිත අනතුරු ප්‍රවෘත්තියක්. ඔවුනගේ අම්මා රෙදි සෝදන කුඩු මිලදී ගන්න මිනිත්තු 6 කට කඩයකට ගිය වෙලාවේ වොෂින් මැෂින් එකට වැටිලා ඉතා අවාසනාවන්ත ලෙස මියයාම අසන්නට ලැබුණා.

පොලිසිය පවසන ආකාරයට දරුවන් කුතුහලය නිසා රෙදි සෝදන යන්ත්‍රයට නැගීමෙන් හදිසියේ ඔවුන් එය තුළට වැටීම නිසා මෙසේ මියයන්නට ඇතැයි සැක කරනවා.

ඔවුන්ගේ අම්මා උස රෙදි කන්දක් රෙදි සෝදන යන්ත්‍රය ළඟ තබා ගොස් තිබුණා. එය උඩට නැගුණු එක් දරුවෙක් මැෂින් එක ඇතුල බලන්නට යාමේදී එයට වැටෙන්නට ඇති බවත් අනෙක් දරුවාත් ඔහුව අනුගමනය කරමින් එයට නැග ඔළුව වැදෙන ලෙස වැටිලා තියෙනවා.

දෙදෙනාගේම හිස වල් වැදීමෙන් හුස්ම හිරවී තිබුණා. ඔවුන්ට එළියට ඒමට ක්‍රමයක් තිබුනේ නැහැ. නවදිල්ලි සහකාර පොලිස් අධිකාරී රෝහිනී පවසනවා.

දරුවන්ට සිදුවෙන අනතුරු: ඇත්තටම සිදු වුණේ මොකද්ද?

තම දරුවන් මිනිත්තුවකට හෝ තනිව දමා යා නොයුතු බවට මෙය කදිම නිදසුනක්. දහවල් 12.30 ට පමණ ‘රෝහිනී අවන්තිකා’ මහල් සංකීරණයේ මෙය සිදුවූ අතර රාති නැමති මේ අම්මා රෙදි සෝදන්න ලෑස්ති වෙලා රෙදි සෝදන සබන් කුඩු ඉවර බව දැන ගත්තා.

රාති කියන ආකාරයට දරුවන් දෙදෙනා නිවසේ සෙල්ලම් කරන විට ඇය කඩයට ගිහින් තිබුණා. ඇය නැවත නිවසට එන විට දරුවන් නිවසේ නැති බව වැටහුණා.

ඇයට නිවස තුළත් අවටත් දරුවන් සෙවූ අතර අසල්වැසියෙකු පොලිසියට ඇමතුමක් දුන්නා.

ඔවුන්ගේ තාත්තත් විගස නිවසට ඇවිත් දරුවන් සොයන විට ඉතා අවාසනාවන්ත ලෙස දරුවන් රෙදි සෝදන යන්ත්‍රය තුළ ඉන්නවා ඔවුන්ට හමුවුණා.

washing machine dangers sinhala

ඉතා ඉක්මනින් ඔවුන්ව ළඟම තිබූ රෝහලට රැගෙන ගියත් දරුවන් ඒ වන විට මියගොස් ඇති බව වෛද්‍යවරුන් සනාථ කළා.

පවුලේ අය මේ සිදුවීම නිසා ඉතාම කම්පනයට පත්ව තිබුණු අතර කිසිවෙකුටත් ඔවුන් කතා කළේ නැහැ.

කිසිවෙකුත් මේ සිදුවීමට ඔවුන් සැක කළේ නැහැ.

නිවසේදී දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න.

මේ අවාසනාවන්ත සිදුවීම ගැන කිසිවෙකුත් අම්මට දොස් පැවරුවේ නැතත් දෙමාපියන් ලෙස කිසිවිටකත් දරුවන් නිවස තුළ තනියෙන් දමා යා නොයුතු බව මේ මගින් ඉතා පැහැදිළිව කියවෙනවා.

ඔබ ඉක්මනින් එන බවට විශ්වාස වුනත් එසේ කිරීමෙන් විය හැකි අනතුරු අනපේක්ෂිතයි.

මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

  • ඉතා හදිස්සියකට වුනත් සුළු මොහොතකට වුනත් දරුවන් නිවස තුළ තනිකර දමා යාමට පෙර වැඩිහිටියෙකු ඔවුන් ළඟ තබා යන්න.
  • මුළුතැන්ගෙය වසා තැබීම වැනි දේ, නිවසේ දොර ජනෙල් ලොක් කර යාමට මතක තබා ගන්න.
  • නිවසේ සිටින විට වුවත් දරුවන් සියලු දෙනා එකම තැනක සෙල්ලම් කිරීමට ඉඩ හැරීමෙන් ඔබට ඔවුන්ව ඇස් මානයේ තබාගන්න උත්සාහ කරන්න.
  • රාත්‍රී කාලයේ දල්වන පහනක් කාමරය තුළ දල්වා තැබීමෙන් පුංචි දරුවන් රෑ අතර මැද ඇහැරී ඇඳෙන් නික්මීමට උත්සාහ කළොත් ආරක්ෂාව පිණිස එය උපකාරී වේවි.
  • උණුවතුර භාජන හා තියුණු උපකරණ දරුවන්ගෙන් ඈත්කර තබන්න.
  • පොටි එකක හෝ නාන කාමරය තුළ දරුවා තනිව තබා නොඑන්න.
  • දරුවන්ට ළඟාවිය නොහැකි තැන්වල පිරිසිදුම්ඛාරක හා රසායනික ද්‍රව්‍ය තබන්න.
  • බැල්කනියක් නිවසේ ඇත්නම් දරුවන්ට එයට ළඟා විය නොහැකි ලෙස ආරක්ෂාකාරී ලෙස දොරවල් වසා තබන්න.
  • දුරකථන වල චාජර් දරුවන් ඇති විට ගලවා තබන්න.

theAsianparent Sri Lanka නිතර හදිසි අනතුරු ගැන ඔබව දැනුවත් කරන්නේ මේ සිදුවීම් වළක්වා ගන්නට ඔබව දැනුවත් කිරීම ඛේදවාචකයකට දොරගුළු විවර කිරීම නැවැත්වීම උදෙසායි.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා
බෙදාගන්න :
  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

    මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

    මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it