theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම

5 අවම කියවීම
කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කමකුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම

වූල් බෑන්ඩ් එකක් කරපු හදිය, අම්මලා සැලකිලිමත් වෙන්න.

වූල් බෑන්ඩ් දාන්නේ කොණ්ඩෙට වුනාට දැන් එය අලුත් විලාසීතාවක් වෙලා ඔබ දැකලා තියෙනවාද?

විවිධ මති මතාන්දර කියමින් දැන් මේ පටි දරුවන් අත්වල පළදිනවා. සමහර විට විලාසිතාව වෙන්න පුළුවන්.

නැතිනම් ආගමික හෝ සංස්කෘතික බලපෑමක් වෙන්න පුළුවන්. 

කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ මැණික් කටුව හෝ අත වටා දමන වූල් බෑන්ඩ් එකක් තරම් සුළු දෙයකට වුනත් කරන්න පුළුවන් හදිය මේ කතාවෙන් ඔබට දැනගන්න පුළුවන් වේවි. 

කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම

මැණික් කටුවෙහි බැන්ද වූල් බෑන්ඩ් එක සැත්කමකින් අවසන් වු හැටි

පසුගිය දා චීනයේ, සිව් හැවිරිදි දැරියක් වු ලී ලී ගේ වැලමිටට පහළින් අතෙහි විශාල වලයාකාර ඉදීමීමක් ඇයගේ ආච්චි අම්මා දැක්කා.

ඒ නිසාම ඇයව රෝහල වෙත ගෙනාවා. මෙය ආසාදනයක් හෝ අසාත්මිකතාවයක් යැයි මුලදී වෛද්‍යවරුන්ට සැකයක් මතු වුනා. 

කෙසේ වෙතත්, තත්වය තවත් දරුණු වු නිසා ඇයගේ දෙමව්පියන් ඇයව රෝහලකට නැවත ගෙන ආවා. ඒ අවස්ථාවේදී ‌මේ  දැරිය ස්කෑන් පරීක්ෂණයකට භාජනය කළා.

එහිදී ලී ලීගේ අතේ ඇතුළත පිටතින් ඇතුලු වු යමක් ඇති බව ඔවුන් සොයා ගත්තා.

 පෙනෙන විදිහට, ලී ලී ඇගේ අතෙහි වූල් බෑන්ඩ් එකක් පැළඳ සිට තියෙනවා. ඇය ජීවත් වන්නේ ඇගේ ආච්චිලා සීයලා සමඟයි.

ඇය පැළද සිටි මෙම පටිය අත තුලට ගිලා බැස ගත් විට ඇය ඔවුන්ට දැනුම් දුන්නේ නැහැ.

කාලය ගත වෙද්දී එය නොදැනුවත්වම, එය ඉවත් නොකීරීම නිසා  ඇයගේ සම යට සැගවුනා.

ඇයගේ මස් වල සම්පූර්ණයෙන්ම ගිලී යන තුරු ඇගේ සම එය ආවරණය කළා.

No-one noticed as the rubber band became part of her body. https://t.co/3drXoFx8kG

— Metro (@MetroUK) April 27, 2018

අවසානයේදී, එය ඉවත් කිරීමට සැත්කමක් පවා කිරීමට සිදුවුනා. මෙම සැත්කම සාර්ථක බවත් ලී ලී දැන් සුවෙන් සිටින බවත් වාර්තා වෙනවා.

ලී ලී වගේම චීනයේ දරුවන් වාසනාව ලැබෙනවා යැයි මෙවැනි පටි පැළදීමට නැඹුරු වෙනවාලු.

ශ්‍රි ලාංකික අපි අතරත් මෙවැනි පටි හා නූල් උන්මාදයක් තියෙනවා නේද? මේ මෙවැනි පටි වල එක් අතුරු ඵලයක් පමණයි.

මේ පටි වලට රුධිර නාල අවහිර වීමෙන් දරුණු ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

ලී ලී ගේ වූල් බෑන්ඩ් එක අපට කියන කථාව

කුඩා දරුවන්ගේ වැලමිට හරියේ පළදින රබර් පටි පහසුවෙන් අමතක වෙන්න පුළුවන්. ඒ ඔවුන්ගේ දෑත් වල පිරුනු මස් ගොබ නිසා රබර් පටියක් වැනි දෙයක් පහසුවෙන් එහි ගිලි යා හැකි නිසයි.

මෙසේ වන්නේ රබර් පටි පමණක් නොවේ. මව්වරුනි, ඔබේ හිසකෙස් ඔබේ දරුවාගේ අත් පා ඇඟිලි හෝ ශිෂේණය වටා එතී එය ඉදිමෙන්න පවා පුළුවන්.

හිසකෙස් ගසක් එතීම නිසා රුධිර සැපයුම අඩු කර ප්‍රතිවිරුද්ධ දිශාවට රුධිරය පිටවීම වළක්වයි.

මෙම තත්වයට ප්‍රතිකාර නොකල හොත්, රුධිර සැපයුම මුළුමනින්ම අවහිර විය හැකි අතර එහිදි බලපෑමට ලක් වු අවයවයට හානි වෙන්න පුළුවන්. නමුත් මෙය ඉතා දුර්ලභ අවස්ථාවකි.

ළදරුවන් අතට අසුවෙන සියල්ල මුඛයේ දමා බලන්න කැමතියි. ඒ නිසා බොත්තම් බැටරි වැනි දේවල් ඔවුන් මුඛයේ දාගන්න ඉඩ කඩ තියෙනවා. 

ආරක්ෂාකාරී පියවර 

කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම

අනාරක්ෂිත කුඩා පැතලි බැටරි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ළමයින් හුස්ම හිරවීම හා වෙනත් අනතුරු  වලින් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් විදියට අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. පළමු වැන්න ඒවා දරුවන්ට ලගා විය නොහැකි පරිදි තබන්න.

තියුණු වස්තූන්, මුදු, බොත්තම්, රිබන්, රැහැන්, බැටරි, කාසි, බැලූන්, ගෙඩි, බීජ, මිදි, පොප්කෝන්, මස් කැබලි, කැරට් පවා වඩාත් අනතුරුදායක දේවල් විදියට සලකන්න පුළුවන්.

උගුරේ හිරවීමට තරම් කුඩා දෙයක් විය හැකි දරුවගේ  හුස්ම හිරකරන්න පුළුවන්. ළමයින්ට වැරදීමකින් බීජ ආශ්වාස කළ හැකි අතර, එය දරුවෙකුගේ ශ්වාසනාලයේ සිර වෙන්න පුළුවන්.

තවද පිළිගත් සමාගම් වල නිෂ්පාදිත පිටතට පැමිණිය හැකි කුඩා කොටස් නොමැති ආරක්ෂිත, සෙල්ලම් බඩු, බෝනික්කන් හෝ පිරවූ සතුන් පමණක් ලබා දෙන්න. ඔබේ දරුවා නෑවීමෙන් පසු හිසකෙස් පැටලි ඇත්දැයි ඔහුගේ අත් පා ඇඟිලි හා ශිෂේණය පරීක්ෂා කරන්න. 

නිතර විමසිලිමත් වෙන්න

ඔබේ ළදරුවා ආකර්ෂණය කර ගත හැකි සියලු ආකාරයේ ළමා ආරක්ෂණ නොවන දේවල් තිබිය හැකි බැවින් දරුවා වෙනත් නිවසක සිටින විට සුපරීක්ෂාකාරි වෙන්න.

සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු

කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විට ලබාදෙන්න.

ඔබේ ළදරුවා අනතුරට පත්ව ඇති බවට ඇඟවෙන ලකුණු මොනවාද? කුඩා දරුවෙකු  යමක් ගිල දැමු බවට ලක්ෂන කිහිපයක් පහතින් දැක්වෙනවා. පහත අවස්ථා වල වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න.

  • ආපසු ගන්න බැරි බොත්තම් හෝ පැතලි බැටරි ගිල දමා ඇත්නම්
  • සාරි කටුවක් , ඇල්පෙනෙත්තක්  වැනි තියුණු හෝ උල් වූ වස්තුවක් ගිල දමා ඇත්නම්
  • කැස්ස, හතිය හෝ නතර නොවන උණ ඇතිනම
  • කෙළ හෝ ආහාර ගිලීමට අපහසුතාවයක් ඇත්නම්
  • කෑම රුචිය නැතිනම්
  • නොනවත්වා කෙළ පෙරනවා නම්
  • පැය 24 කට වැඩි කාලයක් උගුරේ වේදනාව තියෙනවා නම්
  • පපුවේ හෝ උදරයේ වේදනාව තියෙනවා නම්
  • රුධිරය මෙන් පෙනෙන තරලය වමනය කරයි නම්
  • නිල් පැහැයට හැරේ නම් හෝ සිහිය නැති වේ නම්
  • අත් පා ඇඟිලි හෝ ශිෂේණය අමුතු පාට (ඉදිමුණු රතු හෝ දම් පාට) වී ඇත්නම්
  • ඔබට හේතුව සොයා ගත නොහැකි තරම් නොසංසුන් නම්
කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම

දරුවා ‌නොනවත්වා ‌කෙළ ‌පෙරනවා නම් සැලකිලිමත් ‌ ‌වෙන්න.

මෙහෙම අවස්ථාවක මොකද කරන්නේ?

ගිලගත් වස්තුවක් සාමාන්‍යයෙන් කාලයත් සමඟ බඩවැල් පසුකර යනු ඇතත්, මෙය සිදු වූ විගස වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. ළමයින් ආහාර ගැනීමේදී හෝ නිදා සිටියදී කතා කරන විට අහම්බෙන් ආහාර ශ්වාසනාලය යෑමද අනතුරුදායකයි.

ඔබේ ළදරුවාගේ අත් පා ඇඟිලි හෝ ශිෂේණය වටා එතී ඇති හිසකෙස් තදින් එතී නොමැති නම් ඉවත් කිරීම ආරක්ෂිතයි. එසේ නොමැති නම්, එය තදින් එතී ඇත්නම්  වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු බව හෙද මැඩ්ලින් ගොබල් උපදෙස් ලබා දෙනවා. ඇය පවසන පරිදි ස්නායු වලට හානි නොවන ලෙ කෙස් ගස ඉවත් කල හැකි ක්‍රම වෛද්‍යවරුන් දන්නවා.  

මේ තොරතුරු ඔබට වැදගත් වේවි කියා අපි හිතනවා. ‌මේ පිළිබද ගැටලුවක් ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • කුඩා දැරියන් වූල් බෑන්ඩ් මැණික් කටුවෙහි පැළඳීමේ භයානක කම
බෙදාගන්න :
  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it