ලබන සතියේ මෙනුව මේ සතියේ සකස් කරගන්නේ මෙහෙමයි

ලබන සතියේ මෙනුව මේ සතියේ සකස් කරගන්නේ මෙහෙමයි

වැඩපළ ටික ලේසි කරගන්න සතියටම උයන උදේ, දිවා රෑ ආහාර වේල් ටික කල්තියා සැලසුම් කරගන්නේ මෙහෙමයි.

දැන් දැන් ආයෙමත්  අපි සුපුරුදු ජිවිතය කරා ගමන් කරමින් සිටිනවා. නිවසටම වෙලා ටිකක් අලස වුන අපිට නැවතත් කාර්යබහුල ජිවිතයකට යන එක ටිකක් අසිරූ වෙන්න පුළුවන්. ඒ නිසා සතියක මෙනුව pdf එකක් කලින් සතියේ සකස් කරලා සුදානම් වුනොත් ඔබට දවසේ ඇතිවෙන පීඩනය ටිකක් අවම කරගන්න පුළුවන්.

සතියක මෙනුව pdf එකක් සකස් කිරීමේ වාසි

  • එක් එක් වේලකට අවශ්‍ය ආහාර ගලපන්න ඔබ මහන්සි වෙන්නේ නැහැ
  • සතියටම සෑහෙන්න අවශ්‍ය ද්‍රව්‍ය එකවර ගෙන එන්න පුළුවන් නිසා නිතර කඩේ දුවන්න අවශ්‍ය නැහැ.
  • වැඩිපුර මිල දී ගැනිම් නිසා විය හැකි නාස්තිය අවම වෙනවා.
  • උයන දේවල් දන්න නිසා බඩු ලැයිස්තුව පහසුවෙන්  සකස් කරගන්නත් පුළුවන්.
  • එකවර මිලදී ගැනීම් කරද්දි මුදල් ඉතිරි කරගන්න පුළුවන්
  • සමබර පෝෂණය එන විදියට කෑම සකස් කරන්න පුළුවන්

මෙලෙස සකස් කරන මෙනුව ඔබේ පවුලේ අවශ්‍යතා රුචි අරුචිකම් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙහිදි ඉදිරිපත් කරන මෙනුව ඔබේ පවුලට ගැලපෙන පරිදි වෙනස් කරගන්න.

සතියක මෙනුව pdf එකක් හා බඩු ලැයිස්තුව පිලියෙල කිරීමේදි සැලකිලිමත් විය යුතු කාරණා

  • පවුලේ සාමාජිකයින් ගණන
  • පවුලේ සමාජිකයින්ගේ රුචි අරුචිකම්
  • ආහාරවේල් ඒකකාරිවීම
  • වේල් කිහිපයක් භාවිතා කල හැකි කල්තබා ගත හැකි ආහාර
  • නිවසේ ඉතිරිව ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය
  • ඉක්මනින් නරක් වෙන දේවල් අඩු ප්‍රමාණයක් මිල දී ගැනීම

සතියක මෙනුව වේල් අනුව සකස් කිරීම

අපි අද මේ සමග ඉදිරිපත් කරනුයේ දල සැකැස්මකි.

අපි කලින් පැවසු පරිදි ඔබේ පවුලේ ස්වභාවය හා ඔබේ දවස ගෙවෙන විදිය අනුව මෙනුව වෙනස් කර සකස් කරගත හැකිය.

උදාහරණයක් විදියට ඔබ රැකියාවක නියුතු කාන්තාවක් නම් උදයට ඔබට වැඩි වැඩක් කරන්න වේලාවක් නැහැ.

කල්තබා ගත හැකි බටුමෝජු, අච්චාරු, බැදුම් වර්ග රැකියාවක නියුතු කාන්තාවකගේ ජිවිතය පහසු කරාවි.

මෙනුව සමගම ඔබට සතියේ බඩු ලැයිස්තුව සකස් කර ගන්න පුළුවන්

ඔබේ පවුලේ සිටින සමාජිකයන් ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණ සලකුණු කරගන්න

පාන්, ඉදිආප්ප වැනි එදිනෙදා කල යුතු මිලදී ගැනීම් වෙනම සලකුණු කරගන්න.

ඒ වගේම සතියෙන් සතියට වෙනස් කල හැකි මෙනු කිහිපයක් සකස් කර තැබීමෙන් ඔබේ පවුලේ අයට ආහාර සමග දැනෙන ඒකාකාරි බව නැති කරන්න පුළුවන්.

මේ සමගම බඩු ලැයිස්තතුවත් සැකසෙන නිසා ඔබට සතියේ වියදම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

උදේ මෙනුව

උදෑසන ආහාර රෙසිපි

දිනය ආහාරය අවශ්‍ය ද්‍රව්‍ය
සදුදා කිරිබත් සහ ලුණුමිරිස් කැකුළු සහල්

පොල්

ලූණු

කෑලිමිරිස්

ලුනු

උම්බලකඩ

දෙහි

අගහරුවාදා කඩල සහ පොල් කඩල

ලුනු

පොල්

බදදා නුල්ඩස් නුල්ඩස් පැකට් 1

කැරට්

ලීක්ස්

ලූණු

තෙල්

බිත්තර 2

බ්‍රහස්පතින්දා පාන් හා සිනීසම්බෝල පාන්

ලූණු

තෙල්

ලුනු

සිනී

ගම්මිරිස්

කෑලීමිරිස්

කුරුදු

සිකුරාදා පිට්ටු සහ කිරිහොදි හාල්පිටි

පොල්

කහ

ලූණු

ලුනු

සෙනසුරාදා පොල් රොටි හා ලුණු මිරිස් පාන් පිටි

පොල්

ලූණු

කෑලිමිරිස්

ලුනු

උම්බලකඩ

දෙහි

ඉරිදා ඉදි ආප්ප, පරිප්පු, සම්බෝල ඉදි ආප්ප හෝ හාල්පිටි

පරිප්පු

පොල්

ලුනු

ලූණු

තුනපහ

කහ

කෑලි මිරිස්

උම්බලකඩ

දෙහි

දහවල් මෙනුව

ඖෂධීය සහල්

දිනය ආහාරය අවශ්‍ය ද්‍රව්‍ය
සදුදා බත්, පරිප්පු, මාළු, ගෝවා මැල්ලුමක් බත්

පරිප්පු

මාළු

ගෝවා

පොල්

ලුනු

ලූණු

තුනපහ

මිරිස්

කහ

ගම්මිරිස්

ගොරකා

අගහරුවාදා බත්, අල හා කැරට් කරිය, කරවල තෙල් දාලා, කතුරුමුරුංගා මැල්ලුමක් බත්

අල

කැරට්

කරවල

කතුරුමුරුංගා

පොල්

ලුනු

ලූණු

තුනපහ

මිරිස්

කහ

කෑලිමිරිස්

බදදා බත්, වට්ටක්කා, බිත්තර, බෝංචි තෙල් දාලා බත්

වට්ටක්කා

බෝංචි

පොල්

ලුනු

ලූණු

තුනපහ

මිරිස්

කහ

තෙල්

කෑලිමිරිස්

උම්බලකඩ

අබ

බ්‍රහස්පතින්දා කහබත්, කුකුල්මස්, පරිප්පු, සලාද බත්

කුකුල්මස්

පරිප්පු

තක්කාලි

පොල්

ලුනු

ලූණු

තුනපහ

මිරිස්

කහ

ගම්මිරිස්

දෙහි

ගොරකා

සුදුළුණු

සිකුරාදා බත්, පරිප්පු, කූනිස්සෝ තෙල්දාලා, මාළුමිරිස් කරිය බත්

පරිප්පු

කුනිස්සෝ

මාළුමිරිස්

පොල්

ලුනු

ලූණු

තුනපහ

කහ

කෑලිමිරිස්

තෙල්

උම්බලකඩ

මිරිස්

සෙනසුරාදා එළවළු බත්, මාළු බැදලා, පරිප්පු තෙලට, සලාද, පපඩම් බත්

කැරට්

ලීක්ස්

ගෝවා

බෝංචි

පරිප්පු

තෙල්

තක්කාලි

පපඩම්

මාළු

ගම්මිරිස්

ලුනු

ලූණු

තුනපහ

මිරිස්

කෑලි මිරිස්

කහ

ඉරිදා කහබත්, බිත්තර මුට්ට කරිය, බෝංචි, පපඩම් බත්

බිත්තර

පොල්

බොංචි

පපඩම්

පොල්

ලුනු

ලූණු

තුනපහ

මිරිස්

කහ

රාත්‍රී මෙනුව

දුන්තෙල් බත්

දිනය ආහාරය අවශ්‍ය ද්‍රව්‍ය
සදුදා බිත්තර සැන්විච් පාන්

බිත්තර

බටර්

ලුනු

ලූණු

ගම්මිරිස්

අගහරුවාදා රොටි,, සිනීසම්බොල් පාන්පිටි

පොල්

ලූණු

තෙල්

ලුනු

සිනී

ගම්මිරිස්

කෑලීමිරිස්

කුරුදු

බදදා ඉදි ආප්ප, සම්බෝල , කිරි හොදි ඉදි ආප්ප හෝ හාල්පිටි

පරිප්පු

පොල්

ලුනු

ලූණු

තුනපහ

කහ

කෑලි මිරිස්

උම්බලකඩ

දෙහි

බ්‍රහස්පතින්දා පාන්, එළවළු තම්බලා, බිත්තර පාන්

අල

කැරට්

ගෝවා

බෝංචි

ලූණු

බිත්තර

ලුනු

ගම්මිරිස්

බටර්

සිකුරාදා නුල්ඩ්ස් නුල්ඩස් පැකට් 1

කැරට්

ගෝවා

බෝංචි

ලීක්ස්

ලූණු

බිත්තර

ලුනු

ගම්මිරිස්

තෙල්

සෙනසුරාදා ඉදි ආප්ප, පරිප්පු, සම්බෝල ඉදි ආප්ප හෝ හාල්පිටි

පරිප්පු

පොල්

ලුනු

ලූණු

තුනපහ

කහ

කෑලි මිරිස්

උම්බලකඩ

දෙහි

ඉරිදා පිට්ටු සහ කිරිහොදි හාල්පිටි

පොල්

කහ

ලූණු

ලුනු

ඉහත ලෙස ඔබට සතියක මෙනුව තුන් වේල සදහාම සකස් කරගත හැකිය.

අවශ්‍ය සියල්ල ලැයිස්තු ගත කර ප්‍රමාණයන්ද සටහන් කර ගැනීමෙන් ඔබට සතියේ බඩු ලැයිස්තුව සකස් කරගන්න අමතර වේලාවක් වැය වෙන්නෙත් නැහැ.

ඒ වගේම ඔබේ බඩු ලැයිස්තුවට ටිකක් අමතර වේලකට දෙකකට බඩු එකතු කරන්න. එවිට අමුත්තෙක් ආවත් ඔබ සුදානම්.

එම වැඩිපුර ගෙන එන ආහාර භාවිතා නොකලේ නම් ඊලග සතියේ ලැයිස්තුවෙන් අඩු කරන්න.

නිතරම බඩු භාණ්ඩ කල් ඉකුත් වීමට පෙර භාවිතා කරන්න මතක තබාගන්න. එවිට නාස්තිය අවම වෙනවා.

ඒ වගේම එක වේලක් හෝ ඔබ නිවසේ ආහාර පිසුවේ නැතිනම් එම ආහාර ඊලග සතියේ ලැයිස්තුවෙන් අඩුකරන්න.

අපගේ මේ ලිපියේ අරමුණ වුයේ ඔබට සතියේ බඩු ලැයිස්තුව සකස් කිරීමටත් පහසු වෙන ආකාරයෙන් ඔබගේ ඊලග සතිය සදහා සුදානම් වෙන ආකාරය කියා දීමයි.

ඔබේ පවුලේ රුචි අරුචි කම් මෙන්ම ඔබගේ පහසුව අනුව ඔබටම ගැලපෙන සතියේ මෙනුවක් සකස් කරගන්නා ලෙස අපි යලිත් මතක් කරනවා.

සතියේ මෙනුව pdf ආකාරයෙන් ලබාගන්නට මෙතැන ක්ලික් කරන්න.

ඔබට කැමති ආකාරයෙන් වෙනස් කරගන්නට, එය මුද්‍රණය කරගන්නග මෙතැනින් ක්ලික් කරන්න.

මුලාශ්‍ර - www.youtube.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි