theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"ජිම් යන්නේ නැතිව කිලෝ 25 ක් අඩු කරගත්තා." අම්මා කෙනෙකුගේ ඇත්තම කතාවක්

4 අවම කියවීම
"ජිම් යන්නේ නැතිව කිලෝ 25 ක් අඩු කරගත්තා." අම්මා කෙනෙකුගේ ඇත්තම කතාවක්"ජිම් යන්නේ නැතිව කිලෝ 25 ක් අඩු කරගත්තා." අම්මා කෙනෙකුගේ ඇත්තම කතාවක්

"මම ආසාවෙන් හිටියේ ලස්සන ගවුම් අඳින්න. ඇඟ මහතයි කියලා කාගෙන් හරි අහගන්නවට වඩා මටත් ලස්සනට ඇඳුම් අඳින්න ඇත්නම්. මගේ ඉනේ සයිස් එක ගැන මට ඇතිවෙලා තිබුණා."

අම්මා කෙනෙක් වුනාට පස්සේ බර අඩු කිරීම අපි කාටත් ප්‍රශ්නයක් වෙනවා. හැබැයි එක අම්මා කෙනෙකුට නම් එහෙම වුනේ නැහැ. ඇගේ කතාව කියවන්න.

මම හැමදේම කනවා. හැබැයි ක්‍රමානුකූලව. ඔබත් මේ ඉඟි ගැන සැලකිලිමත් වෙලා බලන්න.

හැබැයි මුලින්ම මම කියන්න ඕනේ මම ප්‍රවීණ කායවර්ධන විශේෂඥයෙක් නම් නෙමෙයි. අනාරක්ෂිත හා දුර්මත වලින් යුතු ක්‍රම අනුගමනය නොකර මම මගේ බර අඩුකර ගත්තා.

මම ආසාවෙන් හිටියේ ලස්සන ගවුම් අඳින්න. ඇඟ මහතයි කියලා කාගෙන් හරි අහගන්නවට වඩා මටත් ලස්සනට ඇඳුම් අඳින්න ඇත්නම්. මගේ ඉනේ සයිස් එක ගැන මට ඇතිවෙලා තිබුණා. මට මගේ ඇඟ ගැනම ලැජ්ජා හිතුනා. ඉතින් පින්තූරත් එක්කම මට මගේ අත්දැකීම් බෙදාගන්න ලැබෙන එක ලොකු අවස්ථාවක්. ඒක කාටහරිම උදව්වක් ලැබෙනවා නම් මට ඒක ලොකු සතුටක්.

ජිම් යන්නේ නැතිව කිලෝ 25 ක් අඩු කරගත්තා. අම්මා කෙනෙකුගේ ඇත්තම කතාවක්

මම මගේ බර ඉතාම ස්වාභාවික ආකාරයෙන් අඩු කරගත්ත නිසා ඒක පවතින බව මට විශ්වාසයි. මේක බඩගින්නේ ඉඳලා ආහාර පාලනය කරලවත් මැජික් එකකින්වත් සිදුවූ දෙයක් නම් නෙමෙයි.

මේ විශාලව ඉන්න මගේ පින්තූරය මීට අවුරුදු දෙකකට කලින් ගත්ත එකක්. එතකොට මගේ පළවෙනි බබාට අවුරුද්දක් විතර වෙනවා. මගේ පෞද්ගලික ජීවිතය වගේම වෘත්තීය ජීවිතයත් හුඟක් පීඩනයෙන් හිටියා. ඒ එක්කම මගේ ඇඟේ බර වැඩිවීගෙන එනකොට මම භීරාන්ත වුණා. මම අවුරුදු 33 බර කිලෝ 80 ක් වුණා. උස 5”5 ඉන අඟල් 34 යි. මට හිතුනේ නැහැ මගේ බර අඩුවෙයි කියලා.

මේ කෙට්ටුවට ඉන්න මගේ පින්තූරය දැන් මාස එක හමාරකට විතර ඉස්සෙල්ලා ගත්තු එකක්. දැන් මට වයස 35 බර කිලෝ 54 යි. ඉන 28 යි. දැන් මට ඕනේ මේ තත්වය පවත්වාගෙන යන්නයි.

ජිම් යන්නේ නැතිව කිලෝ 25 ක් අඩු කරගත්තා. අම්මා කෙනෙකුගේ ඇත්තම කතාවක්

බර අඩු කිරීම: මම කියන ඉඟි හුඟක් සරල වුනත් මාව විශ්වාස කරන්න. මේ පින්තූර වලින් ලැබුණු වෙනස ඊට හේතුව වුණා.

1. සීනි කපලා දැම්මා 

වාසනාවකට මම එතරම් පැණි රසට කැමති නැහැ. පුංචි ඩාක් චොක්ලට් කෑල්ලක් තරම්වත් කන එක මම සහමුලින්ම නැවැත්තුවා. ඉස්සර දවසට දෙපාරක් සීනි තේ හැන්දක් දාලා තේ බීපු එක සීනි නොදා බොන්න පුරුදු වුණා. මුලින් අමාරු වුනත් දැන්නම් මට සීනි දාලා තේ බොන්න බැහැ.

2. ලුණු, බැදුම්, තෙල් සහිත කෑම වෙනුවට නැවුම් එළවළු පලතුරු

මම හදන කෑම වලට ලුණු අඩුවෙන් දාන්න පටන් ගත්තා. මසකට එක්වරක් තරමින් වත් බැදපු කෑම කන එක නැවැත්තුවා. මුලින් අමාරු වුනත් ටික ටික ඇඟත් ඒකට පුරුදු වෙනකොට ඒක අපහසු නැහැ. මොකද එවිට අපි තෙල් සහිත කෑමක් ගන්න ගිය විට අපහසු ගතියක් දැනෙනවා. ඒ වගේම පුළුවන් තරම් නැවුම් එළවළු පලතුරු කන්න වගේම පෙර පිසූ මස් මාංශ කෑමත් නතර කළා.

3. දවල් කෑම දවල් 1 ට පෙරත් රෑ කෑම සවස 7 ට පෙරත් ගත්තා

ඉස්සර මම හුඟක් පරක්කු වෙලා දවල් හා රාත්‍රී ආහාර ගත්තත් දැන් 12.30 වෙනකොට දවල් කෑමත්  රෑ කෑම 6.30 වෙනකොටත් ගන්නවා. අන්තිම වෙලාව රෑ 8 තමයි. මම හුඟක් රෑ වෙනතුරු වැඩ කරන නිසා බඩගිනි වුනත් අතර මැද තේ එකක් බිව්වහම ඒ ගතිය නැතිවෙනවා.

මව්වරුන්ට ව්‍යායාම

4. නිරන්තර ව්‍යායාම

ජිම් යන්න මම කැමති නැහැ. මම කැමති ඇවිදින්න. පටන් ගැන්මේදී 1km – 2km දක්වාත් පහු වෙනකොට 10km ක් පමණ මම ඇවිදිනවා. සතියකට දින 4-5 මම ඇවිදිනවා. ඔබට පහසු කාලයක් වෙන්කර ගෙන ඇවිදින එක හරි දුවන එක

හරි කරන්න පුළුවන්. අන්තර්ජාලයෙන් මම කැමති ව්‍යායාම තෝරාගෙන කරනවා. මම 16 වෙනි මහලේ ජීවත් වෙනවා. සතියකට 3 - 4 වතාවක් පඩිපෙළ නගින්න මම යොදාගන්නවා.

5. දවසකට ලීටර් 6 – 8 ක් විතර වතුර බොනවා

මම කොහොමත් හුඟක් වතුර බොනවා වගේම තවත් ස්වභාවික තේ වර්ග පානය කරනවා. ඉන් මගේ ඇඟට ජලය වැඩිපුර ලැබෙනවා.

6. කුඩා ප්‍රමාණ වලින් කනවා

මුලින් පොඩි ප්‍රමාණයක් බෙදා ගන්නවා. සෙමින් විකලා වැඩි වෙලාවක් අරගෙන ඒ කොටස ඉවර කරනවා. ඊට පස්සේ ඕනෙ නම් තවත් පොඩි ප්‍රමාණයක් ගන්නවා. ඉන් කෑම අපතේ යාම වගේම උවමනාවට වඩා කෑම ගැනීමත් වැළකෙනවා.

මේවා තමයි මගේ රහස්. ඇත්තටම මම නිරාහාරව නම් ඉන්නේ නැහැ. මම හැමදාම ක්‍රමානුකුලව කනවා. මේ ක්‍රම ටික අනුගමනය කළොත් දිගුකාලීනව සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඔබටත් සාර්ථක ප්‍රතිඵල ලබුනොත් මටත් කියන්න.

ලස්සන ශරීරයක් කියන්නේ නිරෝගී බවේ ලක්ෂණයක්. ලස්සන හා නිරෝගී බව යන දෙකම එකවගේ වැදගත්. ඒනිසා ඒ ගැන theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ තොරතුරු සොයා ඔබට කිව්වා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

To read this story in English: Real mum speaks: How I lost more than 25 kilos without gymming

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • "ජිම් යන්නේ නැතිව කිලෝ 25 ක් අඩු කරගත්තා." අම්මා කෙනෙකුගේ ඇත්තම කතාවක්
බෙදාගන්න :
  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

  • දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ  විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

    දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

  • දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ  විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

    දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it