theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වෙට් ටිෂූ වල ඇතිී MI නිසා දරුවන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි

5 අවම කියවීම
බෙදාගන්න :
•••
වෙට් ටිෂූ වල ඇතිී MI නිසා දරුවන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි

මේ ආසාත්මිකතාවයට තුඩු දුන් හේතුව හිතාගන්නට පුළුවන්ද? හොයාගන්න නම් කියවලා බලන්න. ඔබ මවිත වේවි.

ඔබේ පුංචි පැටියා ඉපදුණු දින සිටම, ඔබේ පුංචි කුමාරයාට හෝ කුමාරිකාවට උපරිම ආරක්ෂාව සහ රැකවරණය උදෙසා ඔබ හොයන්නේ උසස්ම  ප්‍රමිතියෙන් යුත් ප්‍රශස්ත, හොඳම, මෘදු ළදරු සත්කාර නිෂ්පාදන කියා සැකයක් නැහැ. එවැනි එක් නිෂ්පාදනයක් වන්නේ ළදරු වෙට් ටිෂූ (baby wipes).

පළමුවන දින සිටම මෙවා බොහෝ විට ඔබේ දරුවා මත භාවිතා වනවා – ඔබේ අලුත උපන් බිළිඳාගේ මළපහ කිරීමෙන් පසු පශ්චාත් භාගය පිරිසිදු කිරීමට හෝ ඔබේ 3 හැවිරිදි දරුවාගේ මුහුණෙ තැවරුණු චොකලට් පිස දැමීමට ආදී මෙකී නොකී බොහෝ දේ නිතර දෙවේලේ පිස දැමීමට මෙය අතිශයින් ප්‍රයෝජනවත් වනවා.

දරුවන්ගේ නොවැළැක්විය හැකි අවුල් සහගත තත්වයන් සඳහා ඒවා පහසුම විසඳුමක් වන නිසයි.

ළදරු පිසදැමීමෙන් නොහොත් බේබි වයිප්ස් වලින්  ඔබේ ඇස් දෙක වන් දරුවාට දරුණු හානියක් සිදුවිය හැකි යැයි ඔබ කිසි විටෙකත් සිතන්නේ නැහැ. නමුත් ඒක වෙන්නට පුළුවන් දෙයක්.

වෙට් ටිෂූ

ගැහැණු ළමයාගේ මුඛය වටා ඇති මෙම දරුණු කැසීම් ඇති කර ඇත්තේ බේබි වයිප්ස් වල ඇති MI රසායනිකය මගිනි. ඡායාරූපය ආචාර්ය මේරි චැං

සමහර ළදරුවන්ට වෙට් වයිප් හානිකර වන්නේ ඇයි?

ඇතැම් වෙළඳනාම යටතේ නිපදවෙන බේබි වයිප්ස් වලට කල්තබාගැනීමේ අමුද්‍රව්‍යයක් ලෙස මෙතිලිසෝතියසොලින් (MI) යන රසායනික කල් තබා ගන්නා ද්‍රව්‍යය එකත්‍යඋ කරනු ලබනවා.  මෙය ඇතැම් දරුවන් තුළ දරුණු ආසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති කළ හැකි බව පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා.

මේ වන තෙක් එම්අයි සහ අසාත්මිකතා ප්‍රතික්‍රියා අතර සම්බන්ධය සොයා ගෙන තිබුනේ නැහැ. නමුත් අධ්‍යයනයේ පර්යේෂකයන් මේ වන විට විශ්වාස කරන්නේ මෙය ආසාත්මිකතාවක් ලෙස හඳුනා නොගෙන ඇති බවත්, එය එක්සීමා (eczema) නැමැති සමේ දද වැනි වෙනත් තත්වයන් ලෙස වැරදි ලෙස විනිශ්චය කිරීම නිසා විය හැකි බවත්‍ය.

කනෙක්ටිකට් වෛද්‍ය විද්‍යාලයේ (Connecticut School of Medicine ) චර්ම රෝග හා ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක වන වෛද්‍ය මේරි වු චැං සිතන්නේ ළදරු වයිප්ස් වල MI නිසා ඇති  අසාත්මිකතා ප්‍රතික්‍රියාව මිනිසුන් සිතනවාට වඩා බහුල විය හැකි බවයි.

 

වෙට් ටිෂූ වල ඇතිී MI නිසා දරුවන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි

එම මෘදු, තෙත් පිසදැමීමේ පෙට්ටියේ ඔබේ දරුවාගේ සමට හානි කළ හැකි භයානක රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බව කවුරුත් හිතන්නේවත් නැතිව ඇති.

වෙට් ටිෂූ ගැන මේ සියල්ල හෙළි කළ අධ්‍යයනය

කනෙක්ටිකට් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය මේරි චැංගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයින් දැඩි කුෂ්ඨ රෝගයෙන් පෙළෙන ළමුන් 6 දෙනෙකු පිළිබඳව අධ්‍යයනය කළා.

පළමු දරුවා වූයේ මුහුණේ සහ කකුල්වල තුවාල හටගත් ගැහැණු ළමයෙකි. අවුරුදු 8 ක් වයසැති දරුවාට ඒ වන විටත් ප්‍රතිජීවක ඖෂධ සහ ස්ටෙරොයිඩ් සමඟ ප්‍රතිකාර ලබා දී ඇති නමුත් එක් එක් ප්‍රතිකාරයෙන් පසුව නැවත රෝග තත්වය නැවතත් මතුවන්නට විය.

ඇය අසාත්මිකතාවයකින් පෙළෙන්නට ඇතැයි විද්‍යාඥයින් සැක කළ නිසා ඇය පිරිසිදු කිරීමට භාවිතා කළේ කුමක්දැයි ඔවුන් මවගෙන් විමසූහ.

දැරියගේ මව පැහැදිලි කළේ තම දියණියගේ මුඛය සහ කකුල් පිරිසිදු කිරීම සඳහා වෙට් ටිෂූ භාවිතා කළ බවයි.

ළදරු පිසදැමීම් වල අඩංගු M වලට ආසාත්මිකතාවයෙන්  පෙළුනු බෙල්ජියම් ජාතිකයෙකු පිළිබඳ වාර්තාවක් වෛද්‍ය චැං කියවා තිබුණා.

ඉතින් ඒ හරහා ලද ඉඟි ඔස්සේ MI ආසාත්මිකතාවයක් සඳහා දරුවා පරීක්ෂා කළ අතර ප්‍රතිපලා ධනාත්මක වුණා.

ගැහැණු ළමයාගේ මව ළදරු පිසදැමීම නතර කළ විට ඇගේ කුෂ් අතුරුදහන් වීම පුදුමයක් වුණෙ නැහැ.

ඊළඟ අවුරුදු දෙක තුළ තවත් ළමුන් පස් දෙනෙකු සමාන කුෂ්ඨයන් සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන එනු ලැබුවා.

මේ සෑම අවස්ථාවකදීම, ළදරුවන් පිසදමා තුබිනු අතර ළමයින් තවදුරටත් පිරිසිදු නොකළ වහාම කැසීම අතුරුදහන් වුන බව දක්නට ලැබුණා.

MI යනු කල් ඉකුත් වන දිනය දීර්ඝ කිරීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් වන අතර එය මෙහි පාරිභෝගිකයන්ට කිසිඳු ගුණාත්මක බවක් හෝ ප්‍රයෝජනවත් ගුණාංගයක් ලබා දෙන සංඝටකයක් නොවේ.

එය බොහෝ ආලේපන වලද දක්නට ලැබෙන අතර විශේෂඥයින් පවසන්නේ 2005 වසරෙන් පසු මෙම රසායනික ද්‍ර්ව්‍යයට එරෙහිව ආසාත්මිකතා ලඛ්ෂණ පෙන්වන පුද්ගලිඅයින්/දරුවන් ප්‍රාමණයේ දක්නට ලැබෙන වඩිවීම බියකරු බවයි.

සිංගප්පූරුවේ ජනප්‍රිය වෙළඳනාමයක් වන Pigeon සන්නාමය යටතේ නිෂ්පාදනය වන බේබි වයිප්ස්, මෙම MI රසායනික ද්‍රව්‍ය වලින් තොර බව විශ්වාස කෙරේ.

නමුත් ඔබට වාණිජව නිපදවන වෙට් වයිප්ස් භාවිතයෙන් වළකින්නට ඔබ ප්‍රිය කරන්නේ නම් ඒ සඳහා භාවිතා කළ හැකි විකල්ප කිහිපයක් මේ:

  • දුකට සැපට සුපුරුදු ජලය!

ලෙහෙසියි පහසුයි! ඔබේ දරුවාගේ පිරිසිඳු කිරීමේදී ජලයෙන් සෝදා හරින්න. දරුවා මළපහ කළ පසු මෘදු ළදරු සේදීමක් ගල්වා පිරිසිඳු ජයලයෙන් සොදා හරින්න.

අලුත උපන් බිළිඳකු සඳහා ඇල්මැරුණු වතුරේ පොඟවාගත් පිරිසිදු කපු පුළුන් බෝලවලින් ඇගේ ගුද ප්‍රදේශය පිරිසිදු කරගත හැකියි.

දරුවාගේ ගුද ප්‍රෙදේශය වතුර පයිප්පයෙන් සේදීම අපහසු නම් හෝ දරුවා ඊට ලොකු වැඩිනම්, පිරිසිඳු ටිෂූ හොඳින් වතුරෙන් පොඟවාගනිමින් දරුවාගේ පසුපස සෝදාගත හැකිය.

වෙට් ටිෂූ වල ඇතිී MI නිසා දරුවන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි

මද උණුසුම් ජලය දරුවා පිසදැමීමට සුදුසුම දේ මෙයයි.

  • රෙදි පිස්නා/කපු රෙදි:

    මේවා බොහොමයක් ඔබේ දරුවාගේ ඇඳුම් මාරු කරන ස්ථානයේ හෝ ඒ අසල බහාලුම්වල තබාගන්න.

කපු රෙදි පිසදැමුම් පරිසර හිතකාමී ය. එක් එක් පිරිසිදු කිරීම සඳහා, පහත සඳහන් ඕනෑම ද්‍රව්‍යයකින් බිංදු කිහිපයක් සමඟ එක් කොට මද උණුසුම් ජලයෙන් පිසදමන්න: ඔලිව් / ආමන්ඩ් තෙල්; කාබනික ළදරු සේදීම, කාබනික තේ ගස් තෙල් (තුවාල ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වේ).

වෙට් වයිප්ස්

වෙට් වයිප්ස් සඳහා පරිසර හිතකාමී, රසායනික-රහිත විකල්පයක් ලෙස කපු රෙදි භාවිතය උත්සාහ නොකරන්නේ මන්ද?

  • නැවත භාවිතා කළ හැකි රෙදි පිස්නා:

    වෙට් වයිප්ස් සඳහා පරිසර හිතකාමී, රසායනික-රහිත විකල්පයක් ලෙස කපු රෙදි භාවිතය උත්සාහ නොකරන්නේ මන්ද?වෙට් ටිෂූ දෙමාපියන් විසින් සම්පූර්ණයෙන්ම නතර නොකළ යුතු බව වෛද්‍ය චැං උපදෙස් දෙයි.

ළමයින් තිදෙනෙකුගේ මවක් වීම නිසා ඔවුන් ගමන් බිමන් යන විට ඔවුන්ට එය කොතරම් පහසුවක්දැයි ඇය දනී.

ඇගේ උපදෙස් සරලයි. නිවසේදී, මෘදු පවිත්‍රකාරකයක් සහ ජලය භාවිතා කිරීම වඩා හොඳයි. එය ඔබ භාවිතා කරන පිසදැමීම්වල MI වලට නිරාවරණය වීම අවම කරයි.

ඔබේ දරුවාට සංවේදී සමක් තිබේ නම් එය පිරිසිදු කිරීමට ඇති හොඳම විකල්පය පිරිසිදු ඇල්මැරුණු ජලය බව මතක තබා ගන්න.

ළදරු පිසදැමීම් හෝ වෙනත් ළදරු සත්කාර නිෂ්පාදන වල MI නිසා ඔබේ දරුවාට ආසාත්මිකතාවයක් ඇති වීයැයි ඔබ සිතන්නේ නම්, ප්‍රමාදයකින් තොරව ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

මූලාශ්‍ර: pediatrics.aappublications.org

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Nalika Unantenne

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • වෙට් ටිෂූ වල ඇතිී MI නිසා දරුවන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • Baby wipes වලින් අම්මලාට ලැබෙන තවත් අපූරු ප්‍රයෝජන 10ක්

    Baby wipes වලින් අම්මලාට ලැබෙන තවත් අපූරු ප්‍රයෝජන 10ක්

  • How to make homemade baby wipes

    How to make homemade baby wipes

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • Baby wipes වලින් අම්මලාට ලැබෙන තවත් අපූරු ප්‍රයෝජන 10ක්

    Baby wipes වලින් අම්මලාට ලැබෙන තවත් අපූරු ප්‍රයෝජන 10ක්

  • How to make homemade baby wipes

    How to make homemade baby wipes

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor