theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

5 අවම කියවීම
දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

ඔබේ කිරිකැටියා එක්ක ඇති බැඳීම වැඩිකරගන්න මේ ගැන දෙවරක් හිතා බලන්න.

පිරිමි පාර්ශවයට විශේෂයෙන් වැදගත් මේ කරුණු පීතෘත්වයට තවත් උදවු වේවි. ඔබේ කිරිකැටියා එක්ක ඇති පිය දරු සෙනෙහස හා බැඳීම වැඩිකරගන්න මේවා ගැන දෙවරක් හිතා බලන්න.

මේ ඒ සදහා ඔබට කෙරෙන ආදරණිය මග පෙන්වීමකි

පිය දරු සෙනෙහස වැඩිකරගන්න තාත්තාට කළ හැකි දේවල් කිහිපයක්

තාත්තා දුව ආදරය

ඔබේ පිය සෙනෙහස ඉහළ නංවා ගන්න ඔබට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. පහත කාරණා කියවා හොදින් මතක තබාගන්න.

1. ඔබට පුළුවන් විදිහට දරුවාට ගී ගයන්න

දරුවාට ගීත ගයනා කිරීම නිසා දරුවා හොඳින් නැළවෙන බව දැනෙනවා. නැත්නම් ආයි ටිකක් නොසන්සුන් වෙනවා ඔබට පෙනේවි.

ඒ වගේම තාත්තලාගේ ගැඹුරු කටහඬ ඔවුන් ඔබත් එක්ක ඇති බැඳීම වැඩි කරනවා.

2. දරුවා වඩා ගන්න

දරුවෙකු තුරුලට ගෙන නළවා ගැනීම තරම් බැඳීම් ඇති කරන දෙයක් නැති තරම්.

දරුවා වඩා ගන්න, සිපගන්න, වැළඳගන්න, ඇඟිල්ලෙන් අල්ලා ගන්න. දරුවාත් ඔබත් අතර ශාරීරිකව ඇතිවන බැඳීම තවත් ශක්තිමත් කරනවා.

3. පිය දරු සෙනෙහස පිරි ඔබේ ඇස් ආදරයෙන් පුරවා ගන්න

බැල්මක ඇති ශක්තිය වටහා ගන්න ඔබ පැටියව තුරුළට ගෙන ඉන්න විට ඔවුන්ගේ ඇස් ඔබේ ඇස් හා ගැටෙන සේ තබා ගන්න උත්සාහ කරන්න.

මේ මගින් බැඳීම වගේම ඔබව ඉරියව් මගින් වටහා ගන්නත් දරුවා ඉගෙන ගන්නවා. ඒ වගේම එය දරුවාගේ වර්ධනයට වැදගත් වෙනවා.

4. පිය දරු සෙනෙහස වඩන්න දරුවා සමග තනිව කාලය ගෙවන්න කාලයක් වෙන් කර ගන්න

දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

දරුවන් සමග පියා වැඩිපුර කාලයක් ගත කිරීම ඔවුන්ගේ වර්ධනයට වැදගත් වන බව පරීක්ෂණ මගින් සනාථ කරනවා.

ඒ වගේම ඉඳහිට හෝ රාත්‍රී කාලයේ අම්මා වෙනුවට තාත්තටත් ඔවුන් සමග ගතකරන්න පුළුවන් නම් එය වැදගත් වෙනවා.

දරුවා සමග පාසලෙන් පසු ඔහු සමග ගැවසෙන්න ඔබට ඉඩ ලැබෙනවා වගේම හුඟක් වෙහෙසෙන බිරිඳට යම් විවේකයක් ලැබෙනවා.

5. වෛද්‍ය හමුවට යන්න

සෑම වෛද්‍ය හමුවකටම දරුවා සමග යන්න. මේ මගින් ඔබේ දරුවාගේ සෞක්‍ය ගැටළු ගැන ඔබට හඳුනා ගන්න ඒවා වටහා ගන්නත් පුළුවන් වෙනවා.

6. විනෝදජනක ලෙස හැසිරෙන්න

දරුවා ඉදිරියේ පොඩි දරුවෙකු ලෙස හැසිරෙන්න. එය දරුවාට සිනහව කැන්දනවා. දරුවා ටික ටික ලොකු වෙනකොට එයත් එක්ක විවිද ක්‍රීඩාවන්ට එකතු වෙන්න. දුවන්න, නටන්න, හිනාවෙන්න.

පිය දරු සෙනෙහස: තාත්තා සමග දරුවා ගේ හොඳ සම්බන්ධයක්: සමීක්ෂණය

සමීක්ෂණයක් අනුව තාත්තා සමග දරුවා ගේ හොඳ සම්බන්ධයක් තියන තරමට අනාගතයේ ඔවුන්ගේ හැසිරීම් හොඳ වන බව වාර්තා කරනවා.

දෙමාපියන් හා දරුවන් 10,440 ක නියැඳියකින් ලබාගත් දත්ත අනුව තමන්ගේ දරුවන් සමග මානසිකව කායිකව ඉතා සැහැල්ලුවෙන් ගතකර දරුවන්ගේ හැසිරීම අනෙක් ළමුන්ට වඩා 28% කින් හොඳ බව වාර්තා වුණා.

සමීක්ෂණයකින් මේ අනුව දරුවන්ගේ හැසිරීමට පිතෘත්වය මානසික හා ශාරීරික වශයෙන් ප්‍රබල බලපෑමක් එල්ල කරන බව නිගමනය කළා.

නමුත් එය පියවරුන් නිවසේ අනෙක් උදවු දරුවන් බලා ගැනීම යන නිවසේ අනෙකුත් වැඩ කටයුතු ආදියට ගත කල කාලය මීට ඇතුලත් වන්නේ නැහැ.

පිය දරු සෙනෙහස: තාත්තා සමග දරුවා ළංවිය යුත්තේ ඇයි?

තාත්තාගේ සෙනෙහස

ශුභවාදී ලෙස පියවරුන් දරුවන් රැකබලා ගැනීම නිසා දරුවන්ගේ හැසිරීම් වලින් ඉතා ඉහළ ගුණාත්මක බවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  1. අම්මාට තාත්තා උදවු කිරීම නිසා ඇයට දරුවන්ගේ කටයුතු වලට කාලය ලැබෙනවා.
  2. ප්‍රසුතියෙන් පසු අම්මාට ඇති වෙන පීඩාවන් තුරන් කිරීමට තාත්තාට උදවු විය හැකි නිසා
  3. මෙවැනි තාත්තලා නිතරම පවුලේ සතුට වැඩි කරන නිසා

දරුවන් යහපත් ලෙස වර්ධනය කරවීම එතරම් අපහසු කාර්යයක් නොවන බව අපි කවුරුත් දන්නවා.

තාත්තා විදිහට ඔවුන් ඔවුන්ගේ භූමිකාව අනිසි ලෙස භාවිතා නොකළ යුත්තේද ඒ නිසයි.

Family Share වෙතින් ලබාගත් මේ ඉඟි ඔබේත් දරුවනුත් අතර ඇති සබඳතාවයන් වඩාත් ශක්තිමත් කරයි.

පිය දරු සෙනෙහස: තාත්තා සමග දරුවා ගේ හොඳ සම්බන්දතාවයක් පවත්වාගන්නේ කෙසේද?

1. නිරන්තර සන්නිවේදනය

හැම දවසකම ඔබේ දරුවාට කතා කරන්න. පුංචි වෙලාවක් වුනත් කමක් නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබත් සමග ඔවුන්ට ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන් බවට හැඟීමක් ඔවුන් තුළ ඇති කරන්න.

2. විනෝදාංශයක් බෙදාගන්න

ඔබ දෙදෙනාටම එකම විනෝදාංශයක් තෝරා ගත්තොත් ඔබ දෙදෙනාට එකට එක්ව කාලය ගෙවන්න පුළුවන් අවස්ථාවන් වැඩියි.

ඔබ ඔබේ බෙහෙවින් ආශා කරන දෙයක් ගැන ඔහු සමග කතා කරන්න.

ඔහුටත් එවැනි දෙයක් ඇති දැයි කතා කරන්න. ඉන් පසු අලුත් විනෝදාංශයකට මුල පුරන්න.

3. වැදගත් අවස්ථාවන් අතපසු කරන්න එපා

පාසලේ ප්‍රසංගයක්, තෑගි බෙදා දීමේ අවස්ථාවක්, ක්‍රීඩා උත්සවයක් වගේ දෙයක් අතපසු නොකර කෙසේ හෝ ඊට සහභාගී වෙන්න.

දරුවන්ගේ පුංචි පුංචි වැදගත් අවස්ථාවන් දෙමාපියන් අගය කරන බව දරුවන්ට හැඟීම ඔවුන්ට ලෝකයක් ලැබෙනවා වගේ.

4. සහතික වෙන්න

ඔබේ දරුවාගේ වැරදී නිවැරදි කිරීමම අරමුණු නොකර ඔවුන් යමක් නිවැරදිව කරන බවට සහතික කරන්න.

ඉන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වන අතර ඔවුන් ඔබට ළඟ බව දැනෙනවා.

5. දැනුම බෙදාගන්න

දෙමාපියන් ලෙස පැවරෙන කාර්යභාරය තුළ ඔබ ප්‍රියමනාප ගුරුවරයෙක් ලෙස හැසිරීමත් වැදගත්.

ඔබේ දරුවාට බයිසිකලය පදින හැටි කියා දීම, ගසක් සිටුවන හැටි කියා දීම, රසවත් කෑමක් හදන්න එකතු වීම වගේ දේවල් දැනුම ලබාදීම පමණක්ම නෙමෙයි. එය ඔවුන්ට රසබර මතකයක් වෙනවා.

අම්මාගේ පිටිපස්සේ ඉදලා හැමතිස්සේම දරුවන්ට ආදර හා සෙනහස මෙන්ම රැකවරණය දෙන තාත්තලාට දරුවන් ඉදිරියට ඇවිත් ආදරය දෙන්න සමහර විට කාලය මදි ඇති.

නැතිනම් තාත්තා‌ගේ අප්‍රකාශිත ආදරය ඒ පපුවේ හිරවෙලා ඇති.

සියලුම පියවරුනි, ඔබ දරුවා ඉදිරියට පැමිණ ඔවුන් ඉදිරියෙන් සිට ගන්න. ඔවුන්ට ලංවෙන්න. දැනෙන්න ආදරය දෙන්න.

ඔබට දරුවෙකුට ලබා දිය හැකි ඉහළම මෙන්ම වටිනාම දෙය එයයි.

තාත්තගේ ආදරේ හුඟක් ගැඹුරු වුනත් එය පෙන්වන්න සමහර තාත්තලා දන්නේ නැති වෙන්න පුළුවන්.

ඉතින් ජීවිතයේ සමහරක් දේවල් වගේ ආදරේ කරන හැටි පොඩ්ඩක් කියා දුන්නොත්, තාත්තලාඅට මෙය කරන්න බැරි දෙයක් නෙවෙයි.

theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්
බෙදාගන්න :
  • පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

    පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

  • පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

    පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it