theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මොළකැටියා සදාතනික නින්දකට වැටුනේ ඇගේ හදවත දෙපලු කරමින්

5 අවම කියවීම
මොළකැටියා සදාතනික නින්දකට වැටුනේ ඇගේ හදවත දෙපලු කරමින්මොළකැටියා සදාතනික නින්දකට වැටුනේ ඇගේ හදවත දෙපලු කරමින්

බහුලතම නූවත් සිදු විය හැකි හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය (Sudden Infant Death Syndrome - SIDS) ගැන අප දැනුවත් වීම වැදගත්. මරිකොගේ දුක්බර කතාව තුළින් ඔබට ඒ ගැන අවබෝධයක් ලැබේවි.

දෙමාපියන්ට ඇති විය හැකි ලොකුම දුක  තමා ඇස් දෙක වන් තම බිලිඳා හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය (Sudden Infant Death Syndrome - SIDS) නිසා සදාකාලිකවම ඇස් පියාගැනීම.

මෙවන් සිදුවීමකට මුහුණ දුන් මරිකෝගේ මව වන අරීසා චවු (Arisa Chow) තමන්ගේ හද දවන මේ අද්දැකීම අප හා බෙදාගන්නේ අපගේ හදවත් සසල කරමින්. මරණය කෙතරම් නිහඬව පැමිණිය හැකිද? කෙතරම් ක්ෂණිකව පැමිණිය හැකිද?

එක් මොහොතකින් කෙනෙක්ගේ මුළු ලෝකයම වනසා දමන්නේ කෙතරම් කුරිරු ලෙසද යන්න මෙම කතාවෙන් කියා පාන අතර ජිවිතයේ වැදගත් යැයි සිතන දේ පුස්සක් පමණක් බවත් වැදගත් නැතැයි සිතන දේ කෙනෙක්ගේ වැදගත්ම දේ බවත් ඒ සුළු සුළු අවැදගත් යැයි සිතන දේට කෘතග්‍යපුර්වක විය යුතු  බවත් කියා පාන කතාවකි.

යළි අවදි නොවූ මරිකෝ

“සුන්දර පුංචි මරිකෝට වයස මාස දෙකයි. සති දෙකක් වනකොටම ඇය හිස ඔසවන්නට සමත් වුනා. මාස දෙකට ඇය පෙරලෙන්නට විතරක් නෙවෙයි බඩගාන්නටත් පටන් අරන් තිබුනේ. ඇය සිත් ඇදගන්නාසුළු සර්ව සම්පුර්ණ කිරිකැටියෙක්, ඇයගේ අවසානය මෙතරම් ඉක්මනින් ළඟා වේවි කියා අපි තුන් හිතකින්වත් හිතුවී නැහැ.”

අරීසා තවමත් කතා කලේ බොහොම අමාරුවෙන්... ඇයට තවමත් මේ වේදනාව දරාගන්නට බැහැ.

ඇය නිරෝගිමත්. අප ඇඳට යන්න මොහොතකට කලින් පවා ඇය සිටියේ සිනහසෙමින්.  

එදා රෑ සිදුවූ සිදුවීම් තවමත් අරිසාගේ මනසේ හොල්මන් කරනවා. “ඇය රෑ මැද්දේ හැඬු විට මම නිදිමතේ ඇයට කිරි දෙන්නට ගත්තා. එක් පියයුරකින් කිරි දුන් පසු මා නිදා වැටුනා. මට ඇහැරුනේ පැයකට විතර පස්සේ. එවිට මා දුටුවේ මරිකෝ සුදුමැළි වී හුස්ම නොගෙන ඉන්නා හැටි” මවකගේ ලෝකය එතනින් නැවතුනා.   

 අරිසා මරිකෝ සමග ගතකල අවසන් හෝරා කිහිපය.

පුංචි මරිකෝගේ මරණ පරීක්ෂණයෙන් වාර්තා වුනේ ඇය හුස්ම හිර වීමකින් පීඩා වින්දේ නැති බවයි. “ඇයගේ හුස්ම ක්ෂණයකින් නැවතී මොළයේ ක්‍රියාකාරිත්වය නැවතුනා. ඇයගේ රුධිර පරීක්ෂණයෙන් ඇයට සෙම්ප්‍රතිශ්‍යවක් වැළඳේමින් තිබූ බව වාර්තා වුනත් මෙය ඇගේ මරණයට කිසිසේත්ම හේතුවක් වූයේ නැහැ.”

ඇයගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වූයේ වචන හතරයි. “SUDDEN INFANT DEATH SYNDROME- SIDS (හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය)” .  

මෙම ඛේදවාචකයට කලින් SIDS ගැන අසා තිබුනත් අරිසා එය ඒ තරම් ලොකු දෙයක් ලෙස සැලකුවේ නැහැ.

“මට මතකයි මම SID ගැන සැලකිලිමත් වන අලුත් සමාජයේ මවුවරුන් ගැන හිතුවේ ඔවුන් පමණට වඩා අනවශ්‍ය ලෙස කලබල වනවා කියායි.

"මා හිතුවේ දරුවා මුනින් අතට තිබු විට දරුවාට අපහසුතා ඇති වන්නට පුළුවන් බවත්, එමගින් හදිසි ළදරු මරණයක් ඇති වන්නට පුළුවන් බවත්ය. නමුත් මම මේ තිත්ත ඇත්ත ඔයාලට කියන්න ඕනේ. ඔයාල දරුවාව මොන  තරම් ප්‍රවේසම් කලත් දෙවියන් දරුවා ගන්නට තීරණය කලොත්, ඒක වලක්වන්නට ඔයාලට බැහැ; අපේ මරිකෝව ගත්තා වගේ.

"දරුවකු අහිමි වීමෙන් මවකට ඇති වන අප්‍රමාන දුක විග්‍රහ කරන්න අපට වචන නැහැ. “මම හැම තිස්සෙම මට චෝදනා කරගන්නවා, දෙවියෝ මගෙන් මරිකෝව උදුරා ගත්තේ මම හොඳ නැති මවක් නිසා කියල... ලෝකේ ලොකුම දුක දරා ගත්තු මට දැන් ඕනෑම දෙයක් දරාගන්න පුළුවන්.

“මරිකෝගේ වයසේ සිටි මගේ මිතුරු මිතුරියන්ගේ දරුවන් ලොකු මහත් වන දෙස මම බලා සිටින්නේ ඊර්ශ්යාවෙන්.

“මම සියලුම අම්මලාට කියන්නේ ඔබේ දරුවන් සමඟ ගෙවන සැම තත්පරයක්ම අගය කරන්න. එහි උපරිමය විඳින්න. මොකද අපි දන්නේ නැහැ අප ඔවුන් සමඟ ඒ ගත කරන්නේ අවසාන මොහොතද කියා... මම ඕනෑම දෙයක් .. ඔවේ ඕනෑම දෙයක් දෙන්නට ලැහැස්තියි මරිකෝ සමඟ එක මොහොතක් ගත කරන්නට,” අරීසා කීවේ හැඬු කඳුලින්.

“ස්තුතියි මගේ ආදරණිය මරිකෝ මගේ ජිවිතයට ආවාට! ඔයා හැමදාමත් මගේ එකම දරුවා. මම ඔයාට හැමදාමත් අහස උසට ආදරෙයි.”   

ඉතින් මේ කඳුළු කතාව අප හා බෙදාගත් අරිසාට අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. මේ අප්‍රමාණ දුක දරාගෙන ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය අපි ඔබට ප්‍රර්ථනා කරනවා!

Sudden Infant Death Syndrome - SIDS (හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය)

හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය යනු මනා සෞක්‍ය තත්වයකින් හෙබි දරුවෙක් කිසිඳු හේතුවක් නැතිව අනපේක්ෂිත ලෙස ක්ෂණිකව මිය යාමයි. මෙම තත්වයට ගොදුරු වන්නේ පුංචි දරුවන්. සාමාන්‍ය සෞක්‍ය  තත්වයෙන් යුත් දරුවකු නිදි කිරීමෙන් අනතුරුව දරුවා යලි අවදි නොවීම මෙහිදී ඇතිවන අවාසනාවන්ත තත්වයක්.

SIDS තත්වය මුලින් හඳුන්වා තිබුනේ තොටිල්ලේ මරණය නොහොත් (Cot death) ලෙසයි. මෙහිදී ළදරුවා තොටිල්ලේදී පමණක් මිය යන ලෙස වැරදි අර්ථකතනයක් තිබුනා. නමුත් ඇත්ත තත්වය නම් දරුවා ඕනෑම තැනකදී ඊට මුහුණ දිය හැකි වීමයි.

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය කුමන හේතුවක් නිසා ඇති වන්නක්දැයි කිසිවෙකු සොයාගෙන නැහැ.

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය ගැන සොයාගැනීම් කිහිපයක්

* හදිසි ළදරු මරණ සින්ඩ්රෝමයට බොහෝ විට ගොදුරු වන්නේ වයස මාස 2ත් 4ත් අතර දරුවන් වේ. එනමුත් වයස අවුරුදු 1ක් දක්වා වුවද මිට මුහුණ දිය හැකියි.

* සාපේක්ෂව බැලුවහොත් මිට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින්නේ පිරිමි දරුවන්ට.

* සීත කාලයේ මෙම තත්වය ඇති වීමේ වැඩි අවධානමක් පවතිනවා.

* නොමේරූ ළදරුවන්, අඩු බර ළදරුවන්, සිගරට් දුමට නිරාවරණය වූ දරුවන් මෙම තත්වයට ගොදුරු වීමේ වැඩි අවධානමක් තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

* නිවුන් දරුවන් SIDS වලට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින්නේ නිවුන්නුන් සාපේක්ෂව අඩු බරකින් යුතු වීමත්, නියමිත දින වලට කලින් ඉපදීමත් නිසාය.

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමයෙන් ළදරුවන් ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

මේ තියෙන්නේ SIDS වලට ගොදුරු වීමේ අවධානම අවම කල හැකි ක්‍රම කිහිපයක්.

  • දරුවාව මුනින් නිදිකරවන්න එපා.
  • තොටිල්ල තුල බ්ලැන්කට්ටු හෝ සෙල්ලම් බදු තැබීමෙන් වලකින්න. අවධානම් රහිත තුනී බ්ලැන්කට්ටු පමණක් තොටිල්ලේ තබන්න.
  • දරුවා ඔබේ කාමරයේ තබා ගත්තත් ඔබ සමඟ එකම ඇඳේ තබා ගැනීමෙන් වලකින්න.
  • වක්‍ර වූ සෙටි සෙට් මත ආදිය දරුවා නිදි කිරීමෙන් වලකින්න.
  • කාමරය උවමනාවට වඩා සිසිල් නොකරන්න.
  • ළදරුවාට සූප්පුවක් පාවිච්චි කරන්න දෙන්න.
  • නිදන කාමරය සහ නිවාස සිගරට් දුම් වලින් හා මත්ද්‍රව්‍ය සුවඳ වලින් තොරව පිරිසිඳුව තබා ගන්න.
  • දරුවට මාස හයක්වත් යනතුරු මව්කිරි දෙන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රෝග සහ හදිසි අනතුරු
  • /
  • මොළකැටියා සදාතනික නින්දකට වැටුනේ ඇගේ හදවත දෙපලු කරමින්
බෙදාගන්න :
  • හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)ට ගොදුරු වූ මොළකැටියාගේ මවගේ සෝචනීය අත්දැකීම

    හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)ට ගොදුරු වූ මොළකැටියාගේ මවගේ සෝචනීය අත්දැකීම

  • හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

    හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)ට ගොදුරු වූ මොළකැටියාගේ මවගේ සෝචනීය අත්දැකීම

    හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)ට ගොදුරු වූ මොළකැටියාගේ මවගේ සෝචනීය අත්දැකීම

  • හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

    හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it