theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

3 අවම කියවීම
ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

ඔබේ බිරිඳ සතුටින් තබන්න නම් ඔබ තද නොකළයුතු මේ බොත්තම් 10 ගැන සැලකිලිමත් වෙන්න.

සමහර වෙලාවට ඔබේ බිරිඳ තරමක් කනස්සල්ලෙන් ඉන්නේ ඇයි කියලා ඔබට වටහා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නොකියයුතු සමහර දේවල් ගැන අවබෝධයක් ලබාගැනීම වැදගත් වේවි. ඔබේ බිරිඳ සතුටින් තබන්න නම් ඔබ තද නොකළයුතු මේ බොත්තම් 10 ගැන සැලකිලිමත් වෙන්න.

ඔච්චර ෂොපින් යන්නේ මොකටද ?

මේ ප්‍රශ්නය ඔබේ බිරිඳට හුඟක් දුක හිතෙන වගේම කේන්ති යන ප්‍රශ්නයක්. ඒ වෙනුවට අපි දෙන්නම් ෂොපින් යමුද කියලා ඇහුවොත් ඇය හුඟක් සතුටු වේවි. නැතිනම් ඒ වගේම ඒක ටිකක් ලස්සනට කියන්න පුළුවන් නම් වඩා හොඳ වේවි.

ඔයා ටිකක් කෑම කන එක අඩු කළානම් හොඳයි

ඔබ එය නරකට නොකීවත් ඉන් ඔබ ඇය තරබාරු යැයි හැඟවීමක් කළා යැයි සිතෙන්න පුළුවන්. ඇය දැන් තරමක් මහත් වී ඇතැයි ඔබට සිතුනත් එය ඍජුවම නොකියා අපේ කෑම රටාව ටිකක් වෙනස් කළොත් හොඳ බව, නැතිනම් අපි දෙදෙනාම හවසට ඇවිදින්න යමු? වගේ යෝජනාවක් තුළින් ඇයට එය ඉඟි කරන්න පුළුවන්. එය ඇයට සතුටක් ගෙන දේවි.

කරදර කරන්න එපා

ඔබේ බිරිඳ ඔබව කේන්ති ගස්වනවා කියා සිතුනත් ඇයට එසේ නොසිතෙන්න පුළුවන්. ඇය ඔබෙන් ඔබේ දවස ගැන ආදරයෙන් ඇසුවත් ඇය උවමනාවට වඩා ප්‍රශ්න කරන බවත් ඔබට හැංගෙන්න පුළුවන්. නමුත් කරදර නොකර ඉන්න වැනි පිළිතුරකින් ඇයටත් කේන්ති එනවා වගේම එය ගැටුමකට මූලාරම්භයක් වන්නටත් පුළුවන්.

මොකක්ද ඔය ඇඳගෙන ඉන්න එකේ හැටි

ඔබේ බිරිඳ ඇය ඇඳගෙන ඉන්න ඇඳුම් ගැන ඔබ ගෙන් ඇසුවොත් එය හොඳ නැත්නම් ඔබ ඒ ගැන කතා කරන්න එපා. එය ඇයට කරන මදි පුංචි කමක් යැයි ඇය සිතන්න පුළුවන්. ඒ වෙනුවට ඔබට වෙනත් ඇඳුමක් යෝජනා කරන්න පුළුවන්. ආ...අර අපේ වෙඩින් ඇනිවසරි  එකට ඇන්ඳ ගවුම හරි ලස්සනයි ඇයි ඔයා එක අඳින්නේ නැත්තේ? වැනි ලෙස අහන්න පුළුවන්.

අද දවස තිස්සෙම ඔයා මොනවද කළේ ?

මෙය ඔබේ බිරිඳ ඇයට කරන පහරක් ලෙස සිතනවා. මුළු දවසම ඔබේ බිරිඳ කිසිවක් කරලා නෑ වගේ කතා කරනවාට වඩා එය තරමක් ප්‍රසන්න ආකාරයෙන් විමසන්න. ඉන් ඇයව කෝප ගන්වනවාට වඩා ධනාත්මක ලෙස ඇයට කතා කරන්න.

ඔයා මගේ සෝදපු මේස් කොහෙද දැම්මේ ?

ඔබට ඔබේ මේස් කුට්ටම සොයාගන්න උවමනාවෙන් මෙහෙම ඇහුවට නෝනා හිතන්නේ ගෙදර ඔබේ රෙදි සෝදන එක, පිරිසිදු කරන එක ඇරෙන්න වෙන වැඩක් ඇයට නැති බව ඔබ සිතන බවයි. මේ සංවේදී හැඟීම් අවුස්සනවාට වඩා ඔයාට මතකද මගේ සෝදපු මේස් තියෙන තැන වගේ ලස්සන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

ඔයාගේ කෑම ටිකක් අපේ අම්මා උයන කෑම වගේ

ඔබේ බිරිඳ සකසන කෑම වෙනත් අය සමග සැසඳීම ඇය තුළ අසතුටක් ඇති කරන්න සමත් වෙනවා. මෙය ලොකු වචන හරඹයක ආරම්භයක් වෙන්න පුළුවන් වගේම එය ඔබේ හැඟීමක් වුවත් එයට ඔබේ බිරිඳ සතුටු වන්නේ නැහැ.

මගේ ඉස්සර girlfriend/බිරිඳ නම් මේ වගේ දේවල් කරන්නේ නෑ

ඔබ දෙවන වර විවාහය වූ අයෙක් නැත්නම් පෙර පෙම්වතියක් සිටි අයෙකු නම් ඇය සමග ඔබේ බිරිඳ සසඳන්නට යාම ඇයට කේන්ති එන්න පුළුවන්. අනවශ්‍ය  ආරවුලක මුල වගේම ඇයට තරහවක් හා ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්.

හැම තිස්සෙම ඔහොමයි

ඔයා හැමතිස්සෙම ඔහොමයි. වගේ දේවල් කියන කොට ඇයට ඇයව තේරුම් කරන්න හේතු හොයන්න වෙනවා. මෙලෙස ප්‍රශ්නයකට පිවිසීම වෙනුවට අතීතය හාරා නොඅවුස්සා ප්‍රශ්නය පැහැදිළි කිරීම වැදගත්.

මට වැඩ

මේ කතාව ඔබේ ස්වරය සමග වෙනස් වෙන්න පුළුවන්. ඍණාත්මක ස්වරයක් ඔබේ බිරිඳට කේන්තියට පත් කරන්න පුළුවන්. එය ස්වරය අනුව ඇය හඟවන්න පුළුවන් ආකාරය වෙනස් බව තේරුම් ගන්න.

අපේ පවුලේ සතුට අපි නොසිතන ලෙස සේදී යන්නේ අපි නොසිතන පැවතුම් නිසයි. ආදරණීය පවුලකට මේ හැඟීම් විස්තර කළ ඔබේ ආදරණීය  හොඳම මිතුරිය theAsianparent Sri Lanka යි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්
බෙදාගන්න :
  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it