theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

2 අවම කියවීම
එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

එපිඩියුරල් එන්නත හි අවදානම් තත්වයන් ගැන ඔබත් දැනුවත් වුනාද?

ලොව පුරාම මව්වරුන් සඳහා තම දරුවා බිහි කිරීමට පෙර ලබා දෙන ඉතා සුලබ එන්නතක් ලෙස එපිඩියුරල් එන්නත (epidural) සඳහන් වෙනවා.

එය ඔබට සාමාන්‍යයෙන් ඇති විය හැකි විලිරුදාවන් නොදැනීමට කරන නිර්වින්දන ඖෂධයක් වන නමුත් දරුවා බිහි කරන තුරුම ඒ පිළිබඳ ඔබට විඳින්න ලැබෙනවා. එමඟින් ශ්‍රෝණි මාංශ පේශින් ලිහිල් වීමක් කරන අතර බොහෝ සංවේදී මව්වරුන්ගේ රුධිර පීඩනය අඩු වීමක් සිදු වෙනවා.

බොහෝ වෛද්‍යවරුන් එපිඩියුරල් එන්නත ගර්භණි සමයේදී ලබා දීමෙන් ඇතිවිය හැකි අතුරු අබාධ පිළිබඳ එතරම් කතා නොකරන අතර දරුවන් බිහි කිරීමේදී නිර්වින්දන කාර්යය සිදුකරනු ලබයි.  ඒ නිසා ඒ පිළිබඳව ද සාකච්ඡාවට ලක් වීම අඩු බව වාර්තා වෙනවා.

මේ කරුණ නිසා බොහෝ මව්වරුන් ඒ පිලිබඳ එතරම් දැනීමක් නොමැතිව මෙම කර්තව්‍ය සඳහා තම කැමැත්ත දක්වා සිටිනවා.

එපිඩියුරල් එන්නත epidural

එපිඩියුරල් එන්නත මගින් ඔබේ ශරීරයට මේ දේවල් වෙයි

3

නිර්වින්දන කාර්යයේදී එහි පරිපාලනයේ විවිධ අවදානම් තත්ව දකින්න පුළුවන්. සුෂුම්නාව හරහා කටුවක් ඇතුල් කිරීම හේතු කොට ගෙන ඉන් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල බොහෝ විට තිබිය හැකයි.

කෙසේ වෙතත් බොහෝ අය අනතුරු දායක ලෙස සලකන අංශභාග තත්ව හා අනෙකුත් ස්නායු වලට සිදුවිය හැකි හානි වාර්තා වීම ඉතා අවම බව පෙනී ගොස් තිබෙනවා.

නමුත් ඖෂධ මඟින් අතුරු අබාධ නැතැයි කිව නොහැකියි. වැඩි නිර්වින්දන මාත්‍රාවන් නිසා විෂ සහිත වීම, කශේරුකාවේ ඇති විය හැකි අවහිරතාවයන්, මාතෘ රුධිර පීඩනය අවම වීම, අසාත්මිකතා, හිසරදය හා ස්නායු වලට ඇති විය හැකි හානි වැනි අතුරු අබාධ මේ නිසා ඇති වීමට ඉඩ ඇත.

එහෙත්  බහුල අතුරු අබාධ තත්ව වාර්තා නොවන අතර කෙසේ වෙතත් දරුවා බිහි කිරීමේදී ඒ ක්‍රියාවලිය මන්දගාමී කරන බව පෙනී ගොස් ඇත.

එමෙන්ම ප්‍රසුතියේදී උදර මාංශ පේශීන් මගින් මව විසින් වෙර ගැනීම දුර්වල කිරීමක් සිදු කෙරෙනවා. අවසාන වශයෙන් එපිඩුයුරල් නිර්වින්දන ක්‍රමය දරු ප්‍රසුතිය බොහෝවිට සිසේරියන් (C-section) හෝ ෆොසප්ස් (forceps) ක්‍රමයට දැන් බහුලව සිදුවෙමින් පවතිනවා. මේ නිසා දරු ප්‍රසුතියේදී මව්වරුන් මේ සියලු කරුණු පිලිබඳ දැනුවත් කර තිබීම බෙහෙවින් වටිනවා.

දරුවෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ මවු කුස තුළ සිටම බව අපි කවුරුත් දන්නවා. මේ කරුණු ඔබට ගෙනාවේත් ගර්භණි සමය තුළ ඔබට ඇතිවිය හැකි අනිසි පිඩනයන්ගෙන් ඔබව නිදහස් කර වඩාත් පහසු දරු ප්‍රසුතියකට ඔබව සුදානම් කිරීමටයි. එය ඔබටත් ඔබේ කිරි කැටියාටත් හැම අතින්ම සැනසුම්දායක වනු ඇත.

එපිඩියුරල් එන්නත

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්
බෙදාගන්න :
  • එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 

    එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 

  • දසමාසයක් වූ අපුරු චාරිකාව - දහවෙනි මාසය

    දසමාසයක් වූ අපුරු චාරිකාව - දහවෙනි මාසය

  • එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 

    එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 

  • දසමාසයක් වූ අපුරු චාරිකාව - දහවෙනි මාසය

    දසමාසයක් වූ අපුරු චාරිකාව - දහවෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it