theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

5 අවම කියවීම
අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

අලුත උපන් දරුවන්ට ඇතිවෙන කුරුලෑ ගැන කියවන්න.

දරුවන්ගේ කුරුලෑ ගැන ඔබ ලග ‌මොන වගේ අදහසක්ද තියෙන්නේ?

පළමුවරට අම්මා කෙනෙක් වෙන්න යන කාන්තාවකට දරුවා ඉපදුනාට පස්සේ මොන වගේ වෙන්න ඕනිද කියලා සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා.

ආදරණීය පුංචි මුහුණක්, සර්ව සම්පුර්ණ අත් පා ඇගිලි, මල් පෙත්තක් වන් සුසිනිදු සම අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන කාන්තාවන් බලාපොරොත්තු වෙන අංගයන් කිහිපයක් වෙනවා.

අලුත් අම්මා ඇයගේ පුංචි පැටියාගේ සුරතල් මුහුණ හා චූටී ඇගිලි දුටු විට ඒ හීන හැබෑ වෙනවා.

නමුත් සුසිනිදු අලුත් සම ගැන සලකන විට අම්මාගේ බලාපොරොත්තු   බොහෝ විට ඉරිතලා යන්න ඉඩ තියෙනවා.

ඔබේ පුංචි පැටියා ඉපදුන විට ඔහුගේ සම නව යෞවනයෙකුගේ සමට වඩා දුර්වල තත්වයේ තිබුනොත් පුදුම වෙන්න එපා.

ඔව්, ළදරුවනගේ කුරුලෑ  සත්‍යයක් මෙන්ම බහුල තත්වයක්ද වෙනවා. ඒ වගේම ඒ ගැන කණගාටු වෙන්න දෙයක් ඇත්තෙම නැහැ.

මේ සමේ තත්වය ගැන  ඔබ දැනුවත්ව සිටීම හොද වන අතර ඒ මගින් අනවශ්‍ය ලෙස  කණගාටුවට පත්වීම වළක්වා ගත හැකිය.

අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

දරුවන්ගේ කුරුලෑ යනු මොනවාද? ඒවාට හේතු වෙන්නේ මොනවාද?

හෙල්ත්ලයින්ට(Healthline) අනුව, මෙම සමේ තත්වය  දරුවාගේ සමේ බහුලව වර්ධනය වන සත්‍ය කුරුලෑ තත්වයක් වෙනවා.( සාමාන්‍යයෙන් අලුත උපන් දරුවන්ගේ )

වෙබ් එම්ඩී ට (WebMD) අනුව, මෑතකදී කරන ලද පරීක්ෂණයන්ට අනුව තෙල් සහිත නිෂ්පාදන වලට වඩා දරුවන්ට වැළදෙන කුරුලෑ ඊස්ටි සමග සම්බන්ධතාවයක් තිබෙන්න පුලුවන්.

විශේෂඥයින් මෙම තත්වයට හේතු වන්නේ ගර්භාෂය තුල මාතෘ හෝමෝන වලට නිරාවරණය වීම බව සදහන් කරනවා.

ළදරුවන්ට හැදෙන කුරුලෑ  බොහෝ විට නලලේ, නාසයේ හෝ/ සහ කම්බුල් වල, සමහර විට පිට මතුපිට ඇති වේ. එය සුලභ නමුත් සමේ ඇතිවෙන තාවකාලික තත්වයක් වේ.

ළදරුවන්ට හැදෙන කුරුලෑ මොන වගේද?

වැඩිහිටියන්ගේ හා නව  යෞවනයන්ගේ පෙන්නුම් කරන කුරුලෑ වලට සමාන වෙන  මෙම ළදරුවනගේ කුරුලෑ රතු පැහැ ගැටිති, සුදු පාට පැල්ලම්, හෝ සුදු ලප ලෙස දිස් වේ.

හෙල්ත්ලයින්ට අනුව, සමහර වෙලාවට මෙම ගැටිති රතු පැහැ සමෙන් වට වී තිබෙනවා.

බොහෝ දරුවන්ගේ නාසය, කම්බුල් වල හෝ නිකටෙහි මිලියා නැමති සුදු ගැටිති හට ගන්නවා.

සමේ ඇති කුඩා සිදුරු වල මැරුණු සම පිරුනු විට මේවා ඇති වේ.

මේවා ළදරුවන්ගේ කුරුලෑ වලට සම්බන්ධ නොමැති අතර ඒ සදහා ප්‍රතිකාරද අවශ්‍ය නොවන බව මායෝ ක්ලිනික්හි වෛද්‍යවරුන් පවසා සිටියි.

අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

දරුවන්ගේ කුරුලෑ මතුවෙන්නේ කුමන කාලයේදීද?

සෞඛ්‍ය විශේෂඥයින්ට අනුව, ඔබ  උපතේදී පුංචි පැටියාගේ මුහුණේ ළදරු කුරුලෑ දකින අතර බහුලව ඒවා වර්ධනය වන්නේ උපතෙන් සති දෙකත් හතරත් අතර කාලයේදීය.

එය දින හෝ සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා පවතින්න පුලුවන්.

ළදරු කුරුලෑ උග්‍ර කරන්නේ මොනවාද?

ඔබේ දරුවා නලවා ගැනීමට අපහසු හෝ බොහෝ අඩන දරුවෙක් නම් මෙම සමේ තත්වය උග්‍ර වෙනු ඔබට දැකිය හැකිය.

ඒ වගේම රලු රෙදි   මත බොහෝ වේලාවක්  තැබීමෙන් කෙළ සමග මිශ්‍ර වෙන්න හා  සම මත පැතිර යන නිසා මෙම  කුරුලෑ අපහසු තත්වයට හා නරක අතට හැරවිය හැක.

ළදරුවන්ගේ කුරුලෑ වැළැක්වීමට හෝ සුව කිරීමට පුලුවන්ද?

අවාසනාවකට, ළදරුවන්ගේ කුරුලෑ වැළැක්වීමට ඔබට එතරම් දෙයක් කල නොහැකිය, මයෝ ක්ලිනික්හි (Mayo Clinic) සෞඛ්‍ය විශේෂඥයින්ට අනුව.

නමුත් ඒවා මගින් තමන් විසින්ම ඉවත්වෙනු ලබන අතර කසන සුළු ස්වභාවයෙන් තොර වීම  සතුටට කරුණක් වෙනවා.

දින  කිහිපයක්  හෝ සති කිහිපයකට වැඩි කාලයක් මේවා නොපවතින අතර සමහර වෙලාවට මාස ගණනක් වුනත් පවතින්න පුලුවන්.

විශේෂඥයින්ගේ අනුව මෙවැනි අවස්ථා වල සමහර ළමා විශේෂඥ වෛද්‍යවරුන් විසින් කුරුලෑ මග හරවා ගත හැකි ක්‍රීම් එකක් හෝ තෙල් ආලේපනයක් නිර්දේශ කරන්න ඉඩ තියෙනවා.

ඔබගේ දරුවාගේ සම ඉතා සංවේදී නිසා, මෙම කුරුලෑ තත්වය උග්‍ර කිරීම හෝ වෙනත් දරුණු සමේ රෝග තත්වයක් ඇති නිසා ෆාමසි වල පහසුවෙන් සොයා ගත හැකි ආලේපන හෝ කුරුලෑ ප්‍රතිකාර භාවිතා කරන්න එපා.

අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

දරුවන්ගේ කුරුලෑ ඉවත් වෙන තුරු ඔබට කල හැක්කේ මොනවාද?

හෙල්ත්ලයින්හි නිර්දේශ අනුව, ඔබේ දරුවාගේ කුරුලෑ ඉවත් වෙන තුරු හැකි තරම්  දරුවාගේ සම නිරෝගීව තබා ගැනීමට ඔබට කල හැකි දේවල් කිහිපයක් මෙන්න,

1. කුරුලෑ මිරිකීමෙන් වළකින්න

මේ මගින් ඔබේ දරුවාගේ මෘදු සම වේදනාවට පත්වෙන අතර තත්වය උග්‍ර වේ.

2. ඔබේ පුංචි පැටියාගේ මුහුණ පිරිසිදුව තබන්න

උණුසුම් ජලය හෝ මෘදු රෙදි කැබැල්ලක් භාවිතා කර දරුවාගේ මුහුණ දිනපතා සෝදන්න.

නැත්තම් දරුවා නාවන විට ඔබේ අත් භාවිතා කර දරුවාගේ සම පිරිසිදු කරන්න.

ඔබේ දරුවාගේ කුරුලෑ තත්වය මගහැර ගැනීමට ඔබ වැළැකිය යුතු දේ තවත් කියවන්න ඊලග පිටුව බලන්න.

3. පිරිමැදීමෙන් වළකින්න

තෙත රෙදි කැබැල්ලකින් ඔබේ දරුවාගේ සම පිරිමැදීම තුලින් මෙම තත්වය උග්‍ර වී ඔහුගේ සමට වේදනාවක් ඇතිවිය හැකිය.

ඒ වෙනුවට උණුසුම් තෙත් රෙදි කැබැල්ලකින් රවුම් අතට ඔබේ දරුවාගේ මුහුණ පිස දමන්න.

4. ආලේපන වලින් වළකින්න

මේවා මගින් කුරුලෑ උග්‍ර වීමට ඉඩ ඇති නිසා කුරුලෑ තත්වය පහව යන තෙක් ආලේපන භාවිතයෙන් වළකින්න.

කෙසේ නමුත් දොවාගත් මව්කිරි ස්වල්පයක් ආලේප කිරීමෙන් කුරුලෑ මග හරවා ගත හැකිබව සමහර මව්වරුන්ගේ අදහසයි.

5. ඉවසන්න

ඔබ දරුවාගේ කුරුලෑ ඉවත් කිරීමට කැසීම ඇතුලු විවිධ ක්‍රම උත්සහ කරනවා වෙන්න පුලුවන්.

නමුත් මෙය සුව කල හැක්කේ කාලයට පමණක් නිසා ඉවසීමෙන් එයට ඉඩ දෙන්න.

වෛද්‍යවරයකු මුණ ගැසිය යුත්තේ මොන වගේ අවස්ථා වලද?

ඔබ තව දුරටත් දරුවාගේ කුරුලෑ ගැන දුක් වෙනවා නම් ඉක්මනින්ම  වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

ඔබේ දරුවා සාමාන්‍ය සායනයට අරන් ගිය විටදි වුවත් මෙය වෛද්‍යවරයාට පෙන්වන්න පුලුවන්.

සමහර දරුවන්ගේ අසාත්මික තත්වයන් හා එක්සිමා තත්වයන් සමග මේ ළදරුවන්ගේ කුරුලෑ තත්වය පැටලීමට ඉඩ තියෙනවා.

ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝගය එය නම් හදුනා ගෙන සුදුසු පිළියම් ලබාදේවි.

මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇතැයි අප හිතනවා. ඔබේ දරුවාත් මේ ළදරුවන්ගේ කුරුලෑ තත්වය තිබුනාද?

ඔබ ඒ සදහා මොනවා හරි කලාද? පහලින් සටහනක් යොදා අපිටත් කියන්න.

පෙරුම් පුරලා උපදින පුංචි පැටියාගේ මුහුණ සුදු සදේ ආවාට වගේ වුනොත් ඔබේ හිත හිරිවැටෙනවා නේද?

බය වෙන්න එපා අම්මා, තත්වය සාමාන්‍යයි . මේ පණිවිඩය ආදරයෙන් ඔබට මතක් කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?
බෙදාගන්න :
  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

    ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

  • ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම  සාමාන්‍යද?

    ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

    ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

  • ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම  සාමාන්‍යද?

    ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it