theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

5 අවම කියවීම
බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

බබාගේ කථනය පටන් ගන්නා දිනය උදාවෙන තුරු දෙමාපියන් ඇගිලි ගනිමින් සිටියි. නමුත් ළදරුවන් කතා කරන්නේ කවදාද? ඒ ගැන සියල්ල මෙමගින් දැනුවත් වෙන්න.

කථන හා භාෂා කුසලතා ඉගෙනීම ආරම්භ වීම

මට වයස අවුරුදු 10 ක් පමණ වන විට, මගේ තුන් හැවිරිදි ඥාති සහෝදරයා වූ පීටර් (ඔහුගේ සැබෑ නම නොවේ) යන්තම් කතා කරමින් සිටියා.

පවුලේ වැඩිහිටියන් ඔහු වචන නොකියන්නේ මන්දැයි සාකච්ඡා කළ අයුරු මට පැහැදිලිවම මතකයි.

පවුලේ සමහර වැඩිහිටියන්ගේ අදහස වුනේ “කරදර නොවන්න. ඔහු ප්‍රමාද වී කථා කරාවි. ඔහු ඉගෙන ගනිවි. ඒ සදහා  ඔහුට වැඩි කාලයක් අවශ්‍යයි” යන්නයි.

බොහෝ දරුවන් සඳහා කතා කිරීමට ඉගෙන ගැනීම නියමිත කලට ස්වභාවිකව සිදුවන දෙයකි. ඒත් මේ සුදුසු කාලය කවදාද? ළදරුවෙක් කතා කිරීමට පෙර කුමක් සිදුවේද?

කථන ව්‍යාධි විද්‍යාව ඉගෙන ගන්නා තෙක් ඉහත ප්‍රශ්න සඳහා පිළිතුරු මා සතුවතිබුනේ නැහැ.

ළමුන් සඳහා හොඳින් ස්ථාපිත කථන-භාෂා සංවර්ධන සන්ධිස්ථානයක් තියෙනවා. ඒ අතරම, කථන භාෂාවේ වර්ධනයට බාධා කළ හැකි සාධක ද තියෙනවා.

  • බබා කථා කිරීම උපතට පෙර

ළදරුවන්ගේ ශ්‍රවණය උපතට පෙරම ආරම්භ වෙනවා. මව්කුස තුල 16 වන සතිය වන විට දරුවාගේ අභ්‍යන්තර  කන් සෑදී අවසන්.

නමුත්, ළදරුවන්ට ගර්භාෂය තුළදී ඇසෙන ශබ්දය සැබෑ ලෝකයේ අපට ඇසෙන ශබ්ද වලට වඩා වෙනස්ය.

මෙයට හේතුව වන්නේ දරුවන්  ගර්භාෂය තුළ වැඩෙන විට ඔවුන් ඇම්නියොටික් තරලය, ඇම්නියොටික් බෑගය සහ අම්මාගේ ශරීරයේ සියලුම ස්ථර වලින් ආවරණය වී තිබිමයි.

ලෝකයෙන් වෙන්ව සිටීයද, ඔවුන්ගේ අභ්‍යන්තර කන් වර්ධනය වූ වි තිබුනද, ගර්භාෂය තුළ ළදරුවන්ට ඇසෙන ශබ්දය ඉතා සෙමෙන් ඇසෙයි.

ළදරුවන් ගර්භාෂයේ සිටින විට, ඔවුන්ට හදුනා ගත හැකි පැහැදිලි ශබ්දය මවගේ කටහඩ යි.

අම්මා කතා කරන විට, ඇගේ කටහඩ හෝ ශබ්දය අස්ථි හා ශරීරය හරහා ප්‍රතිරාවය වන අතර, එය විශාල කර ළදරුවන්ට ඇසීම පහසු කරයි. මෙය අම්මාගේ කටහඩ සමඟ ඔවුන්ගේ හුරුපුරුදු බව වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

  • බබාගේ කථනය අලුත උපන් දරුවන්

අලුත උපන් දරුවන් හඩන්නේ සන්නිවේදන මාර්ගයක් වශයෙනි. මෙම හැඩීමෙන් ගොඩාක් දේවල් කියනවා.

ඔවුන්ගේ රැකබලා ගන්නන්ට සාමාන්‍යයෙන් එක් එක් හැඩීම තුලින් අදහස් කරන්නේ කුමක්ද යන්න නිවැරදිව හඳුනාගන්න පුළුවන්.

එය කුසගින්න, නිදිමත, රිදවීම, වඩා ගැනීමට අවශ්‍ය වීම වෙන්න පුළුවන්.

එවිට, ළදරුවන් වැඩෙන විට වැඩි තාරතාව, කාලසීමාව සහ තීව්‍රතා විචලනය සහිත “අ…” හෝ “ඕ…” වැනි ස්වර වලින් පමණක් සමන්විත වන ශබ්ද කිරීමට පටන් ගන්නවා.

මාස 4 ක් පමණ වයසැති විට ඔවුන් දිව එළියට ගෙන පිඹීමත්, කෑගැසීමටත්, වැඩි ශබ්දයක් නැගීමටත් පටන් ගන්නවා.

අප ඔවුන් සමඟ කතා කරන විට ඔවුන් වැඩිහිටියන්ගේ මුහුණ කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට පටන් ගන්නවා.

ඔවුන් වැඩිහිටියෙකු දෙස බලා සාමාන්‍ය, ප්‍රසන්න සංවාදයක් පැවැත්වීම මෙන් ඔවුන්ගේ කටහඩින් ප්‍රතිචාර දක්වනවා.

  • බබා කථා කිරීම මාස 7 සිට 10 දක්වා

බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

දරුවන් මාස 7 ත් 10 ත් අතර වයස්වල පසුවන විට, ඔවුන්ගේ හඩ එකම ශබ්දයේ සිට පුනරාවර්තන අක්ෂර මාලාවක් දක්වා වර්ධනය වෙනවා.

ඔවුන් “බබාබා” හෝ “ටාටාටා” වැනි ශබ්ද නගන බව ඔබට දකින්න ලැබෙනවා.

ඔවුන් සෙල්ලම් කරන විට, වැඩිහිටියෙකුගේ අවධානය ඉල්ලා සිටින විට, ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන විට මෙය භාවිතා කරනවා.

ඊටත් වඩා, ඔවුන් සැබවින්ම ඔවුන් කරන ශබ්දවලට සවන් දීමෙන් සතුටක් ලබනවා.

වඩාත් වෙනස් ශබ්ද නිකුත් කිරීමෙන් ඔවුන්ට තවදුරටත් ඉදිරියට යාමට උපකාරී වෙනවා.

  • බබාගේ කථනය මාස 10 සිට 12 දක්වා

මාස 10 ත් 12 ත් අතර වයස්වල පසුවන ඔවුන් විවිධාකාර ව්‍යාංජනාක්‍ෂර සහ ස්වර සංයෝජනයන්ගෙන් සමන්විත “අබුදමිමටාකා…” වැනි වඩාත් අලුත් ශබ්ද මාලාවක් පිට කරනවා.

අපට එහි  කිසිදු අර්ථයක් දැනෙන්නේ නැති වුවත් ඒ සන්නිවේදනය සඳහා ඔවුන්ගේ භාෂාවයි.

මෙම අවධිය කුඩා දරුවෙකුගේ  සිත් ඇදගන්නා සුළු සන්ධිස්ථානයකි. ඔවුන්ගේ පළමු වචනය නිවැරදියි. 

සංවර්ධනයේ මෙම අවස්ථාවෙහිදී, දරුවෙකු “වාඩි වෙන්න, බායි-බායි, පියාඹන හාදුව” වැනි සාමාන්‍ය උපදෙස් තේරුම් ගෙන අනුගමනය කළ යුතු අතර ඔවුන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩු වල නම් කිහිපයක් දන්නවා.

බිහිරිව උපත ලබන ළදරුවන්ට ශ්‍රවණය ඇති ළදරුවන්ට වඩා වෙනස් වෙනවා.

බිහිරි ලෙස උපත ලබන ළදරුවන් මෙම වයසේදී  මෙම ව්‍යාංජනාක්‍ෂර-ස්වර සංයෝජන නිපදවන්නේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පළමු වචන අවධියට යන්නේ නැහැ. ශ්‍රවණාධාර ලබා දී සවන් දීමට හා කථා කිරීමට උගන්වන තුරු ඔවුන් නිහඩව සිටිනවා

  • බබා කථා කිරීම මාස 12 සිට 18 දක්වා

බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

මාස 12 ත් 18 ත් අතර ළමයින් ඔවුන්ගේ පළමු අර්ථවත් වචනය කථා කිරීම ආරම්භ කරනවා.

එය ඔවුන්ට ගොඩාක් හුරුපුරුදු දෙයක් වේවි. ඔවුන්ගේ පළමු වචන පිට කිරීමෙන් පසු  ඔවුන් තේරුම් ගන්නා වචන සංඛ්‍යාවේ වැඩිවීමක් දිගින් දිගටම දක්නට ලැබෙනවා.

මාස 18 ක් වන විට, ඔවුන්ට අර්ථවත් වචන 10 ක් පමණ භාවිතා කළ හැකි විය  අතර වචන 50 ක් පමණ තේරුම් ගත හැකි විය යුතුය.

මාස 24 ක් වන විට වචන 250 ක් තේරුම් ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය.

මෙහිදී ඔවුන් වචන දෙකක් සම්බන්ධ කර “අම්මා කොහෙද ” හෝ “කිරි දෙන්න” වැනි කෙටි වාක්‍ය ඛණ්ඩ සෑදීමට පටන් ගන්නවා.

  • බබාගේ කථනය අවුරුදු 3 

බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

වයස අවුරුදු 3 දී දරුවන්ට වචන 400 ක් පමණ තේරුම් ගන්න පුළුවන්. දරුවෙකුගේ වයස අවුරුදු හයත්, හතක්  වන විට එය වචන 20,000 දක්වා ප්‍රමාණයකින් වැඩි වෙනවා.

ප්‍රධාන ධාරාවේ ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවෙකුට වෙහෙස මහන්සි වී ඉගෙන ගත හැකි අවම සංඛ්‍යාව වන්නේ මෙයයි.

ඉතා කුඩා අවධියේදී සිදු වූ භාෂා ප්‍රමාදයේ බලපෑම සහ නියමිත වේලාවට සිදුනොවු වචන  සංඛ්‍යාවේ වැඩිවීම ගැන කල්පනාකාරි ‌වෙන්න.

මෙහි ප්‍රතිඵලය හානිදායක වෙන්න පුළුවන්.

ඔබ ඔබේ දරුවා  සමඟ කතා කරන විට ඔහු  ඔබ ගැන උනන්දුවක් නොදක්වන්නේ නම් හෝ මාස 18 කට පසුව සරල උපදෙස් තේරුම් ගෙන ඒවා අනුගමනය නොකරන්නේ නම්, ඔහුව ඔබේ ළමා රෝග විශේඥ වෛද්‍යවරයාට පෙන්වන්න.

අවශ්‍ය නම් කථන භාෂා චිකිත්සකයෙකු හෝ සායනික මනෝ විද්‍යාඥයින් වැනි සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හමුවීමටද පුළුවන්.

මගේ ඥාති සහෝදරයා වු පීටර් අවසානයේ කතා කිරීමට ඉගෙන ගත්තා. කෙසේ වෙතත්, ඔහුගේ භාෂා කුසලතා නිසා පාසැලේදී ඔහුගේ භාෂා ගැටලු අවධානයට ලක්වීම වැදගත්.

ප්‍රමාද වී කතා කරන දරුවන් කථන හා භාෂා කුසලතා වල නියමිත මට්ටමට ලගා වු අවස්ථා තියෙනවා.

නමුත් බොහෝ විට මෙම ප්‍රමාදයන් වැදගත් අනතුරු ඇඟවීමේ සලකුණු වෙන්න පුළුවන්.

ආරම්භක අවධියේදී මෙම සලකුණු  නොසලකා හරිනු ලැබුවහොත්, පසුව ඇතිවෙන ඉගෙනීමේ හා සන්නිවේදන දුෂ්කරතා විසඳීම අසීරුයි.

එමනිසා, ඔබේ දරුවාගේ කථනය සහ භාෂා සංවර්ධනය සන්ධිස්ථානයට ආසන්නව නියමිතව සිදුවෙන බවට වග බලා ගැනීම ඉතා වැදගත් වෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?
බෙදාගන්න :
  • 25 Words Your Toddler Should Know By Age 2

    25 Words Your Toddler Should Know By Age 2

  • ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?

    ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?

  • 25 Words Your Toddler Should Know By Age 2

    25 Words Your Toddler Should Know By Age 2

  • ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?

    ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it