මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

මව් කිරි දීමේ වටිනාකම ඔබ නිතරම අසා ඇති. නමුත් ඔබ මව් කිරි නොදිය යුතු අවස්ථාවනුත් ජිවිතයේ උදාවිය හැකියි. ඒ අවස්ථා මොනවද කියා මෙම ලිපිය කියවා දැනගන්න.

මව් කිරි වල ඇති අපමණ ගුණ නිසා හැම අම්මා කෙනෙක්ම තමන්ගේ කිරි කැටියට මව් කිරි දෙන්න මගබලාගෙන ඉන්නවා. නමුත් අලුත් අම්මා කෙනෙකු මව් කිරි දීම නොකළයුතු අවස්ථා ජිවිතයේ උදාවෙනවා.

මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

මව් කිරි දීම නොකළයුතු අවස්ථා

මව බෙහෙත් ලබාගන්නා විට ඔබ පහත අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ නම් මව් කිරි දීමෙන් වළකින්න.

  • HIV /AIDS වැනි රෝග සඳහා බෙහෙත් ලබන්නේ නම්
  • ආතතිය/ විශාදය සඳහා බෙහෙත් ලබා ගන්නා විට
  • ඊස්ට්‍රජන් අඩංගු උපත්පාලන පෙති ලබාගන්නා විට
  • පිළිකා සඳහා කිමෝතෙරපි ප්‍රතිකාරය ලබන්නේ නම්
  • ඉරුවාරදයට බෙහෙත් ලබාගන්නේ නම්
  • ලිතියම් හා ලැමොට්‍රිජින් අඩංගු බෙහෙත් ලබන්නේ නම්
  • නින්ද සඳහා බෙහෙත් ලබන්නේ නම්

ඒ වගේම රේඩියෝ තෙරපි වැනි ප්‍රතිකාර ලබා ගන්නේ නම් එම කාල වකවානුව තුළ ඔබට මව් කිරි දීම සුදුසු වන්නේ නැහැ. ඉහතින් සඳහන් කළේ ප්‍රධාන අවස්ථා කිහිපයක් වුවත් ඔබත් කුමන හෝ රෝගී තත්වයක් සඳහා බෙහෙත් ලබා ගන්නේ නම් මව් කිරි දීමට ප්‍රථම ඒ බව වෛද්‍ය නිර්දේශයකින් හෝ ඔබ ලබාගන්නා බෙහෙත් වර්ග ගැන දැනුවත් වීම වැදගත්.

මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

රෝගී තත්වයන් වලදී

මෙවැනි අවස්ථාවන් වලදී මව් කිරි දරුවාට හානිකර වෙන්න පුළුවන්. මෙය මවට වැළඳෙන රෝගී තත්වයක් නිසා එය මව් කිරි හරහා දරුවට යාමේ අවධානමක් ඇති රෝගී තත්වයන් වලදී ඇතිවිය හැකියි.

ඔබට:

  • HIV අසාදිත තත්වයක් ඇත්නම්
  • Human T-Cell lymphotropic 1 වන වර්ගය හෝ 2 වන වර්ගය වැළඳී ඇත්නම්
  • ක්ෂය රෝගය ඇත්නම්

දරුවාගේ සෞක්‍ය තත්වය මත ඔබේ දරුවාට රෝග අවස්ථාවකට ගොදුරු වී ඇත්නම් මව් කිරි දීමට පෙර විමසිය යුතුයි. ඒ අවස්ථාවන් සමහරක්

  • දියවැඩියාව: මේ සඳහා වෛද්‍ය සාකච්ඡාවකදී කෙසේදැයි උපදෙස් පතන්න.
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග: මේ නිසා දරුවාට ලබා දිය යුතු කැලරි ප්‍රමාණය වැඩි විය යුතු වෙනවා. මේ නිසා පැටියා සහ ඔබේ පෝෂණය ගැන දැනුවත් වෙන්න.
  • ශල්‍යකර්මයකට ලක්වී ඇත්නම්, පියයුරු ශල්‍යකර්මයකට භාජනය කර ඇත්නම් මව් කිරි දීමට පෙර ඒ ගැන දැනුවත් වන්න.
  • එමෙන්ම ඔබව අනපේක්ෂිත අපචාරයකට ලක්වී ඇත්නම් ඒ බව වෛද්‍යවරයාට පවසා කරුණු දැනගන්න.
  • ගැලක්ටෝසීමියා (galactosemia) තත්වය - මෙහිදී දරුවාගේ ශරීරය තුළ සීනි හා ග්ලැක්ටෝස් ජීරණය සිදුනොවන නිසා මව් කිරි දීම සුදුසු නැහැ.

මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

මෙවැනි අවස්ථාවන් ඔබේ දරුවාට මව් කිරි දීම තාවකාලිකව නතර කරන හේතූන් අතර කිහිපයක්. ඉන් ඔබට කිසිසේත්ම මව් කිරි දීමේ භාග්‍ය උදානොවන්නේ යැයි සිතන්න එපා. මේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමට ඔබට එරෙන මව් කිරි දොවා ඉවත් කරන්න පුළුවන්.

මේ තත්වය තාවකාලික නැතිනම් ඔබට දරුවාට මව් කිරි දිය හැකි මව් කිරි බැංකුවක සහය පතන්න පුළුවන්. නැතිනම් අලුත උපන් බිළිඳාගේ මව් කිරි ලබා දීම ගැන රෝහල් කාර්යමණ්ඩලයෙන් ඔබට උපදෙස් ලැබේවි.

නිතරම මෙවැනි අවස්ථාවන් වලදී උපදෙස් පැතීමෙන් ඔබත් දරුවාත් සුරැකෙන බව මතක තබාගන්න. මේ වටිනා පණිවිඩය theAsianparent Sri Lanka ඔබ වෙත ගෙන ආවේ ඔබේ හොඳම මිතුරිය ලෙසිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

කතන්දර ලිපි