ගැබිනි සමයේදි අවපැහැ ගැන්වන ලිංගික අවයව පැහැපත් කරගන්නේ මෙහෙමයි.

ගැබිනි සමයේදි අවපැහැ ගැන්වන ලිංගික අවයව පැහැපත් කරගන්නේ මෙහෙමයි.

දරු ප්‍රසුතියෙන් පසු ඔබේ ලිංගික ප්‍රදේශය අදුරු පැහැවීම ගැන කණගාටු ‌වෙන්න එපා. ‌මෙන්න විසදුම් 9ක්

ගැබිනි සමයේදී යෝනිය අවපැහැ වීම හා එය නැවත පැහැපත් කරගැනීම ගැන බොහෝ අම්මලා කල්පනා කරනවා.  

ඔබත් එවැනි මවක් නම්  ගර්භණී සමයේදී සම අඳුරු වීම සෑම අලුත් අම්මා කෙනෙකුටම බියකරු අත්දැකීමක් කියලා ඔබ දන්නවා.

මාස නමයකට පසු ඔබේ ශරීරයේ බොහෝ වෙනස්කම් වලට මුහුණ දෙන විට  ඔබ නොසංසුන් විය හැකි නමුත් ඔබට ඒවා පිළිගැනීමටද සිදුවෙනවා.

ඔබට මුහුණ දීමට සිදුවෙන දේවල් නිසා තවත් අයහපත් වේවි.

ඔබ ගේ යෝනි පෙදෙස අදුරු පැහැ වී තිබෙනු දුටු විට එය තාවකාලිකද නැත්නම් සදහටම පවතීවිද යන්න සිතමින් ව්‍යාකූල වෙන්න පුළුවන්. 

මෙම සම අවපැහැ වීමේ  තත්වය මෙලස්මා ලෙස හැඳින්වෙනවා. 

පිලිපීනයේ මාකති වෛද්‍ය මධ්‍යස්ථානයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කැත්‍රිනා කැන්ලස්-එස්ටෙලා පවසන පරිදි ගර්භණී සමයේදී කාන්තාවන් තුල මෙලස්මා හෝ ක්ලෝස්මා කියන සම අවපැහැවීම් තත්වයක් වර්ධනය වීම සාමාන්‍ය දෙයක් වෙනවා.

එයට හේතුව වන්නේ ගැබිනි සමයේදි හෝමෝන නිෂ්පාදනය වැඩි වීම නිසා වර්ණක වැඩි වීමයි.

ගැබිනි සමයේදි අවපැහැ ගැන්වන ලිංගික අවයව පැහැපත් කරගන්නේ මෙහෙමයි.

ලිංගික ප්‍රදේශය අවපැහැ වීම ඔබව පීඩාවට පත් කරලාද?

යෝනිය අවපැහැ වීම

සමහර කාන්තාවන්ගේ ඉහළ තොල්, නාසය, කම්මුල් සහ නළල අවට පැල්ලම් දක්නට ලැබෙනවා.

ඒ අතර  තවත් කාන්තාවන්ගේ යටි පතුල්, බෙල්ල, තනපුඩු, ලිංගේන්ද්‍රිය සහ අනෙකුත් සංවේදී කොටස්වල සම අඳුරු පැහැ වී තියෙනවා.

The American Academy of Dermatology හි මෙලස්මා පිළිබඳ ලිපියක් පළවුනා. එහිදි මෙම අවර්ණ වු ප්‍රදේශ සාමාන්‍යයෙන් ගර්භනීභාවයෙන් මාස කිහිපයකට පසු යථා තත්ත්වයට පත්වන බව පැහැදිලි කර තියෙනවා.

නමුත්  ස්වාභාවිකවම අඳුරු සම සහ හිසකෙස් ඇති කාන්තාවන්ට යථා තත්වය පත්වීමට වැඩිපුර කාලයක් ගතවිය හැකි අතර ගැබ් ගැනීමට පෙර තිබු වර්ණයට යලිත් පත් නොවීමටද පුළුවන්.

 මෙම තත්වය පාරම්පරික බව,  ගර්භණී සමයේදී මානසික අවපීඩනයට එයට බලපාන බවය, හා  ඔබේ ආහාර වේලෙහි විශාල බලපෑමක් ඇති බව ආදි විවිධ මති මතාන්තර පරීක්ෂකයන් ඉදිරිපත් කරනවා.

කෙසෙ වෙතත්   සූර්යයාට නිරාවරණය වීමෙන් මෙම තත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්.

දෙවන, තෙවන හෝ සිව්වන වතාවට ඔබ ගැබ් ගන්නා විට එය වඩාත් පැහැදිලි දකින්න ලැබෙනවා ඒ සදහා හේතු වන්නේ හෝමෝනයි.

මෙම තත්වය සෑම පුද්ගලයෙකුටම අද්විතීය වන නමුත් ඉහත සියල්ලෙන් එය සිදුවෙනවා.

ගර්භණීභාවයෙන් පසු මගේ ලිංගික අවයව පැහැපත් කර ගන්නේ කෙසේද? එය වළක්වා ගැනීමට ක්‍රමයක් නැහැ.

නමුත් ඔබට පුර්ව ක්‍රියා මගින් එයින් මිදෙන්න පුළුවන්. 

ගැබිනි සමයේදි අවපැහැ ගැන්වන ලිංගික අවයව පැහැපත් කරගන්නේ මෙහෙමයි.

යෝනිය අවපැහැ වීම වළක්වා ඔබගේ යෝනියේ මහිමය නැවත ලබා ගන්න නම්

බොහෝ කාන්තාවන් ඇත්ත වශයෙන්ම මෙය ගැටලුවක් ලෙස සලකන්නේ නැහැ. නමුත් මෙම සම අඳුරු පැහැ වීමෙන් මිදීමට කැමති අයද සිටිනවා.

විශේෂයෙන්  පැහැපත් කාන්තාවන් තම යෝනී ප්‍රදේශය ඇතුළු මුළු සිරුරම එකම වර්ණය පවත්වා ගැනීමට කැමති විට ඔවුන්ට මෙම බලාපොරොත්තු නොවු අවපැහැ ගැන්වීමෙන් මිදෙන්න අවශ්‍ය වෙනවා.

මෙය එතරම් විශාල ගැටලුවක් නොවන බව රූපලාවණ්‍ය හා සම උපදේශක ජැස්මින් බොලානෝ පවසනවා.

මෙම සමේ ගැටලුවට අද වන විට බොහෝ  ස්වාභාවික, රූපලාවණ්‍ය හා වෛද්‍යමය විවිධාකාර විසඳුම් තිබෙනවා.

ගර්භණීභාවයෙන් පසු යෝනිය අවපැහැ වීම වළක්වා පැහැපත් කර කිරීමට ස්වාභාවික පිළියම්

මෙම පිළියම්  යෝනි මාර්ගය තුළට කිරීමෙන් වළකින්න. ඉකිළි සහ ඇතුළත කලවා මත පමණක් කිරීමට වගබලා ගන්න.

මෙම සියලු ස්වාභාවික අමුද්‍රව්‍ය දිනකට දෙවරක් (ස්නානය කිරීමෙන් හෝ ස්නානය කිරීමෙන් පසුව) යොදන්න පුළුවන්. 

බල පෑමට ලක් වු ස්ථාන වල මිශ්‍රණය ආලේප කර විනාඩි 20 ත් 30 ත් අතර කාලයක් තබා මෘදු, ආම්ලික නොවන සබන් සහ ජලය යොදා සෝදන්න.

  • දෙහි යුෂ

දෙහි වල විරංජක කාරක ගුණය  නිසා ඉහළ ඵලදායී බවක් ලබාගන්න පුළුවන්.  යෝගට් වලට දෙහි භාගයක යුෂ මිරිකා ඔබේ යෝනි ප්‍රදේශය මත ආලේප කරන්න.

එහෙම නැත්නම් ප ඔබට කහ කුඩු සහ දෙහි යුෂ මිශ්‍ර කර ආලේප කරන්න පුළුවන්. යෝගට් වල සමට හිතකර හොඳ බැක්ටීරියා අඩංගු වෙනවා.

දෙහි වෙනුවට ලෙමන් ද භාවිතා කරන්න පුළුවන්. 

  • පැපොල්

ගස්ලබු නැතිනම් පැපොල් වලින් නිෂ්දිත සබන් වසර ගණනාවක් තිස්සේ භාවිති කරනවා. එය ඔබේ සමට හොඳයි.

ඒ මගින් මිය ගිය සෛල බිඳ දමන අතර ඔබේ සම යලි ගොඩ නැගීමට උපකාරී වෙනවා.

පැපොල් තේ හැදි  2 , මී පැණි තේ හැදි 1 සහ කෝමාරිකා මද තේ හැදි 1 ක් මිශ්‍ර කර අදුරු සම මත ආලේප කරන්න.

සමහරු දිනකට එක් වරක් හෝ දෙවරක් අඳුරු පැල්ලම් මත පැපොල් ආලේපනය යොදනවා

පැපොල් නැතිනම් අලිගැට පේර භාවිතා කරන්න. ඔබ එකම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

  • කෝමාරිකා ජෙල්

කෝමාරිකා ජෙල් අඳුරු පැල්ලම් පැහැපත් කිරීමට උපකාරී වෙනවා. ඔබ බොඩි ලෝෂන් ආලේප කරනවා වගේ, අඳුරු පැල්ලම් මත පමණක් ආලේප කරන්න.

යෝනිය අවපැහැ වීම වැළැක්වීමට නිවසේදි කල හැකි වෙනත්  සුදු කිරීමේ මිශ්‍රණ සහ පිළියම්

ගැබිනි සමයේදි අවපැහැ ගැන්වන ලිංගික අවයව පැහැපත් කරගන්නේ මෙහෙමයි.

ජලය හැකි පමණ පානය කිරීම ‌හොද පිළියමක්

  • කිරි සමග තක්කාලි හෝ  පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර ඔබේ අඳුරු පැල්ලම් මත ආලේප කරන්න.
  • ආමන්ඩ් සහ මී පැණි එකතු කර ආලේප කිරීමද සුදුසුයි. 
  • අර්තාපල් භාගයක් හෝ හතරකින් කපා ඔබේ අඳුරු සම මත ආලේප කරන්න. නැතිනම් එය  මිරිකා බලපෑමට ලක් වූ ප්‍රදේශයට ආලේප කරන්න. දිනපතා ආලේප කිරීමෙන් පසු සති කිහිපයකින්  ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 
  • ලෙමන් යුෂ බින්දු කිහිපයක් සමඟ බේකිං සෝඩා මිශ්‍රණයද (ජලය ස්වල්පයකින් සාදා ඇත) හොද ප්‍රතිඵල ලබාදෙනවා.
  • ජලය තරම් මූලික දෙයක් පවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැකිය. ජලය විශාල ලෙස පානය කිරීමෙන් ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකාරී වෙනවා. එබැවින් විශේෂයෙන් ගර්භණී සමයේදී සහ කිරි දෙන අතරතුර ජලය හොදින් පානය කරන්න අමතක කරන්න එපා.
  • මව්කිරි දීමෙන් ඔබේ සම පැහැපත් වෙන බව විද්‍යාත්මකව ඔප්පු කර තියෙනවා. ඒ නිසා මව්කිරි ලබාදෙන්න ඔබට සම්පුර්ණ පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්.

ගර්භණීභාවයෙන් පසු ලිංගික අවයව පැහැපත් කිරීම සඳහා වෙනත් නිවෙසේදි කල හැකි පිළියම් ඔබත් දන්නවා නම් අපි එක්ක බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි