theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

4 අවම කියවීම
දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

ශෝකාන්තයකින් අවසන් වු තවත් ආදරණීය කථාවක්.

රණ්ඩු වන යුවල වල දෙනෙත් අරිමින් තවත් ඛේදජනක සිදුවීමක් පසුගිය දා සිදුවුනා.

දරුවන් තුන් දෙනෙකු සිටින මවක් තම සැමියා සමග බහින්බස් වුනා.

එය දුර දිග යාමෙන් ඇය ඔහුට සෝෆා එක මත නිදාගන්නැයි  කියා සිටියා. නමුත් එය අවසාන් වුනේ වේදනාත්මක අවසානයක් සනිටුහන් කරමිනි.  

33 හැවිරිදි ඈෂ්ලි මුරෙල්, පසුවදා උදෑසන ඇගේ සැමියා වන මිකී සෝපා එක මතම  මිය ‌ගොස් ඇති බව දැනගත් විට ඇය දැඩි ලෙස කම්පාවට පත්වුනා.

පෙර දින රාත්‍රියේ ඔවුන් විසදා ගත නොහැකි වු තර්කයක් නිසා ඔහු සෝෆා එක මත නිදාගත්තා.

ඇත්තටම ඇය ඔහුව එලෙස ‌සෝපා එක මත නිදාගන්න සැලැස්සසුවා.

ඈෂ්ලි තමන්ගේ ආදරණිය සැමියාට එලෙස කලේ ඇයි?

කියන දේ අහන්නේ නෑ

සැමියා වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා තරහා ගත් බිරිදක්

ඈෂ්ලිගේ සැමියා කාපට් පිරිසිදු කරන්නෙකු වශයෙන් සේවය කරන අතර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් දවසේ පැය 16 ක සේවා මුරයකින් පසු නිවසට පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස දිගු පැය ගණන් වෙහෙස වී වැඩ කිරීම ගැන ඇය ඔහුට දොස් පවරා ඇති අතර ඒ ගැන ඔවුන් වාද වුනා.

ඇත්තටම ඔහු දිගු පැය ගණනක් දැඩි ලෙස වෙහෙස මහන්සි වීම ගැන ඈෂ්ලි බියට පත්වුනා.

ඔවුන්ගේ මේ රණ්ඩුව විසදගන්න බැරි වුන නිසා සිය සැමියාට සෝපා එකේ  ඇඳේ නිදාගන්නැයි ඇය පැවසුවා.

පසුවදා අවදි වු ඇය දුටුවේ සොදුරු දසුනක් නම් නොවේ. ඇයගේ සැමියා සෝපා එක මතම අවසන් සුසුම් හෙලා තිබුනා.

දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින් ඔහු මිය ගිහින්

එහි ඇති කණගාටුදායකම සිදුවීම දන්නවාද? ඔහු ඔවුන්ගේ සංවත්සරය සැමරීමට ඇයව නිවාඩුවක් ගත කිරීමට ගෙන යාමට සැලසුම් කර තිබුනා.

ඒ සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු මෙතරම් මහන්සි වී වැඩ කරලා තියෙනවා. ඒ බව ඇය දැනගත්තේ පසුවයි.

"මට ඇත්තටම ඔහුව ලගම තබා ගන්නයි අවශ්‍ය වුනේ"

 ඇය පවසා සිටියා. 

 "මිකී ගොඩාක් සැලකිලිමත් කෙනෙක් , ඔහු නම් කාමරයකට එන විට අපි කවුරු හරි අසතුටින් ඉන්නවා නම් ඒ කෙනාව ඉස්සෙල්ලාම  සතුටට පත් කරන්න උත්සහා කරන්නේ ඔහුයි. “

ඇය තවදුරටත් පැවසුවා.

ඔහු තම පවුලට ගොඩාක් ආදරය කළා. සිය දරුවන්ට ජීවිතයේ ඔහු නොලද  සෑම දෙයක්ම ලබා දීම ඔහුගේ අරමුණ වුනා.

ඒ නිසාම ඔහු ගොඩාක් වෙහෙස මහන්සි වී දිගු පැය ගණනක් වැඩ කළා.

එනම් ඔහු පැය 16 ක වැඩ මුරයක්, සතියේ දින හතක්ම වැඩ කළා.

එමඟින් සෑම වසරකම පවුලේ සියල්ලන්ම ඩිස්නිලන්තය වෙත රැගෙන යාමට තරම් මුදලක් ඉතිරි කර ගන්න ඔහුට පුළුවන් වුනා.

ඔහු වෙහෙසට පත්ව සිටි නමුත් පවුලේ අයගේ සිනහවක් දැකීමට ඕනෑම දෙයක් කළා. 

නමුත් ඔහු වැඩ කරපු පැය ගණන වැඩියි. ඔහු නිතරම වෙහෙසට පත්ව සිටි අතර  ඔහුගේ සෞඛ්‍යය වේගයෙන් පහලට වැටෙමින් තිබුනා.

“ එදින රාත්‍රියේ ඔහු නිවසට පැමිණියේ හෙම්බත් වෙලා. ඔහු මෙතරම් වෙහෙසට පත්ව සිටිනු මම කවදාවත් දැකලා නැහැ. මට ඒ නිසාම තරහ ගියා. මම තරහා වැඩි කමට ඔහුට සෝපා එකට ගිහින් නිදා ගන්න යැයි කිව්වා. ඇත්තටම එය මොඩ දෙයක්. මම එහෙම කලේ මට ඔහුව මගේ ලගින්ම තබා ගන්න අවැසි නිසයි."

 "මට මහා වරදකාරී හැඟීමක් දැනෙනවා. ඔහුව සෝෆා එක මත නිදා ගැනීමට සැලැස්වීම ගැන මා සමඟ තරහක් ඇති වුනා. ඔහුට මා පැවසූ අවසන් වචන තරහින් පිරි වචනයි.  සංවත්සර නිවාඩුවක් සඳහා අපව රැගෙන යාම සදහා මුදල් ඉතිරි කිරීමට ඔහු මෙලෙස මහන්සි වු බව මම දැනගත් විට ඉතා වේදනාකාරී වුනා. "

ඇය තව දුරටත් පැවසුවා.

 මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, ඇගේ සැමියා නින්දේ දී හුස්ම හිර වී මිය ගොස් තියෙනවා.  නමුත් ප්‍රතිඵල තවමත් අවිනිශ්චිතයි. 

මෙම කනගාටුදායක සිදුවීම ලොව සිටින සියළුම යුවළයන්ට යමක් මතක් කරනවා.

ඔබගේ සියලු වෙනස්කම් විසඳීමට උත්සාහ කරන්න. නොවිසදුනු කිසිදු ගැටළුවක් හෝ තර්ක තබාගන්න එපා.

ඒ වගේම සෑම විටම එකිනෙකාට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන්න.

සහකරුට ගෞරවය සෑම විටම එකිනෙකාට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන්න.

රණ්ඩු වන යුවල වලට පාඩමක් ඉතිරි කර මිකී අවසන් ගමන් යයි

 

මේ ඈෂ්ලි හා ඇයගේ සැමියා වු මිකීගේ කදුළු කථාවයි. මිකී යලි යලිත් ආදරයෙන් පණ ‌පොවන්නට ‌වෙහෙස මහන්සි වු ඔවුන්ගේ ආදරණිය කථාව ‌මෙලෙස අවසන් වුනා.

මිකී සිය බිරිද හා දරුවන් තිදෙනා අතහැර සදහටම දෑස් පියා ගත්තා. ඇය වරදකාරී හැගීමක් එක්ක ඔවුන්ගේ ආදරණිය ‌ලෝකයේ තනි වුනා.

ආදරය තුල අපි එකිනෙකාට ප්‍රිතීමත් ජිවිතයක් ලබා ගැනීම අරමුණු කරගත යුතු වුවා සේම අපේ සෞඛ්‍යයටත් මුලික තැනක් ලබා දිය යුතුයි.

වැඩි හොදක් කරන්න ගිහින් මිකිට හා ඔහුගේ පවුලට අත් වු ඉරණම අප කාගෙවත් පවුලට අත්වීමට ඉඩ නොතැබිය යුතුයි.

මුදල් සැපවත් ජිවිතයකට අවශ්‍ය වුනත් ඒ නිසා ඔබේ ජිවිතය අනතුරේ හෙලා ගන්න එපා. ආදරය තුල හොද තේරූම් ගැනීමක් පවත්වා ගන්න.

එකිනෙකා අනවශ්‍ය ලෙස වෙහෙසෙනවා නම් එය නතර කිරීමට ආදරයෙන් කටයුතු කරන්න.

නිතර රණ්ඩු වන යුවල වලටත් ‌මෙය මතක් කිරීමක් ‌වේවි. ‌ඈෂ්ලි වගේ ‌දෙයක් අහිමි වුවාට පසු පසුතැවෙනවාට වඩා ඔබට ලැබුන ආදරය ප්‍රවේශම් කරගන්න.

ඔබටත් ‌මෙයට එකතු කිරීමට අදහසක් ඇත්නම් නැතිනම් ගැටලුවක් ඇති නම් පහලින් සටහන් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්
බෙදාගන්න :
  • ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

    ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

  • ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

    ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

  • ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

    ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

  • ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

    ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it