theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

5 අවම කියවීම
බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

ඔබේ බිරිඳ ‌‌වෙනුවෙන් ‌මේ ‌දේවල් 10 කරන්න

සැමියා හා බිරිඳ එකිනෙකා බොහෝ සමාන දේවල් අන් අයගෙන් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.

නමුත් ඔවුන්ගේ සම්බන්ධතාවය තුල තත්වය ඇත්තටම වෙනස්.

තෘප්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සදහා සැමියා හා බිරිඳ එකිනෙකා ඔවුන් ගෙන් වෙනස් දේවල් බලාපොරොත්තු වෙනවා.

මේ අතරින් අපි බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනුවත් වෙමු.

සැමියනි ඔබේ බිරිඳට ආදරය හා ප්‍රසංසාව වැඩියෙන් දැනෙන්න දෙන්න නම් ඇයගේ මේ දේවල 10 ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න.

ඒ ‌දේවල් ඇයට ලබා ‌දෙන්න.

බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

1. ඇයට නිතර ආදරය දැනෙන්න ‌දෙන්න

බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

හැම කෙනෙක්ම තමන්ට ඇති ආදරය අහන්න කැමතියි.

ඒ අතරින් බිරිදක් තම සැමියාගෙන් මම ඔයාට ආදරෙයි කියන වචන තුන අහගන්නේ කලාතුරකින්.

ඔබේ සහකාරියට ඔබේ ආදරය  පෙන්වීමත් ඇයට එය පවසනවා මෙන්ම වැදගත් වෙනවා.

ඒ වගේම වචනයෙන් කියනවාට වඩා වැඩි යමක් එය කර පෙන්වීමෙන් ලබා ගන්න පුළුවන්.

ඇයව අනපේක්ෂිත ලෙස වැළඳ ගැනීම හෝ ඔබ එකට ඇවිදින විට අත් අල්ලා ගැනීම සරල මෙන්ම වැදගත් නැති ක්‍රියාවන් සේ ඔබට හැගෙන්න පුළුවන්.

නමුත් එම ක්‍රියාවන්ට ඔබේ ආදරය ඇයට හගවන්න පුළුවන්.

2. සැමියා හා බිරිඳ: තේරුම් ගන්න. සමාව දෙන්න

ඔබේ බිරිඳට වැරදිම් වෙන දින මෙන්ම ඇයට අතපසුවීම් සිදුවෙන දිනද තියෙනවා.

ඔබ , ඇය මෙන්ම  කිසිවෙකු සර්ව සම්පුර්ණ නැති බව මතක තබාගන්න.

ඔබ විසින් ඇයව තේරුම් ගැනීම හා සමාව දීම ඇයට අවශ්‍ය වෙනවා.

සමාව නැති තැන විවාහය ඇතුලු සියලුම සම්බන්ධතා වලට පැවැත්මක් නැහැ. 

විශේෂයෙන් කාන්තාවන්ගේ හොමෝන වෙනස්වීම අනුව හැගීම් වෙනස් වෙනවා.

එවන් විටෙක ඇයව විහිලුවකට නොගන්න.

ඒ වෙනුවට ඇයගේ ඔසප් සමය තුල ,  ගැබ්ගෙන සිටින විට හෝ ආතවහරණය සිදුවෙන විට එම හැගීම් හා ගණුදෙනු කරන්න අවශ්‍ය සහය ඔබ ලබා දෙන්න.

ඔබ එම හැගීම් තේරූම් ගැනිම හා අවබෝධ කරගැනීම වැදගත් වෙනවා

3.නිතර අදහස් හුවමාරු කරගන්න

ඔබේ බිරිඳ  සමග කතා කිරීම අවම කරන්න එපා. ඔබ දෙපලට කතා හැකි සැබෑ මාතෘකා  ඇති තරම් තියෙනවා.

දරුවන්, රැකියාව සහ කාලගුණය ගැන කතා කරන්න.

ඔබ දෙපල සාකච්ඡා කරනවා අඩු නම් එය ඔබේ විවාහයේ පැවැත්මට හොද සලකුණක් නම් නොවේ.

ප්‍රායෝගික හා මතුපිටින් පේන ‌දෙයින් ඔබ්බට කතා කිරීමට තවත් බොහෝ දේ ඔබ දෙපලට තියෙනවා.

ඒ වගේම ඔබ දෙපළ තම හැඟීම් ගැන නිතර කතා කරන්න.

මෙම ගැඹුරු සහ සැබෑ සංවාදයන් ඔබ දෙපළ වඩාත් සමීප කරමින් එකිනෙකා ගැන හොද අවබෝධයක් ලබා දෙනු ලබනවා.

4.ඇය හා ඔබේ දරුවන් එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න

 ඔබේ බිරිඳ සහ දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම ඉබේම සිදුවන්නේ නැහැ.

ඒ සදහා ඔබ අවස්ථාවන් හා කාලය නිර්මාණය කරගත යුතු වෙනවා. ඔබේ ආදරණියන් හා ගෙවන කාලයට ඔබේ ජිවිතයේ පළමු තැන දෙන්න. 

ඔබේ සහකාරිය ඔබේ දරුවන්ගේ මව ලෙසින් පමණක් නොදකින්න.

ජිවිතයේ සියලු දෙය ඔබ හා ඔබේ පවුල වෙනුවෙන් කැප කරන ඇය ඔබේ ආදරණිය බිරිදද බව මතක තබා ගන්න.

ඇය හා ප්‍රේමයෙන් වෙළෙන්න. ඇය හා තනියම කාලයක් ගත කරන්න.

දෙ‌දෙනා එක්ව කටයුතු වල  නිරතවීම කිරීම තුලින් එක්ව සිටීමට කාලයක් ලැබෙනවා මෙන්ම ඔබේ සම්බන්ධතාවයද ශක්තිමත් වේවි.

5.සැමියා හා බිරිඳ: නැහැ කියනවාට වඩා වැඩියෙන් ඔව් කියන්න

නිරන්තර ප්‍රතික්ෂේප වීම් තුලින් ඇය බිද වැටීමට පුළුවන්.

කිසිම බිරිඳක් ප්‍රතික්ෂේප කිරීමට කැමති නැහැ. ඔබේ බිරිදට සහ ඔබේ දරුවන්ට පුරුද්දක් ලෙස ඍණාත්මක ප්‍රතිචාර දැක්වීම ඒතරම් සුදුසු දෙයක් නොවේ. 

"නැත" යන්න නිතර ඇසීමෙන් ඔවුන් ඔබ කෙරෙහි අමනාපයක් ඇති කරගෙන ඔබෙන් ඈත් වෙන්න පුළුවන්.  

ඔබ  හැමදෙයකටම ඔව් කියන්න අවශ්‍යයැයි අපි කියන්නේ නැහැ.

නමුත් එකවරම "නැහැ" කියන්න කලින්දෙවරක් සිතන්න. 

ඔබ ඉල්ලීම් වලට ධනාත්මක ප්‍රතිචාර දක්වන තරමට, ඔබේ සම්බන්ධතාවය වඩාත් සතුටින් හා තෘප්තිමත් පවත්වාගන්න හැකි බව පර්යේෂණ වලින් පවා පෙන්වා දී තියෙනවා.

6.හොදින් ඇහුම්කන් දෙන්න

බිරිඳට ආදරය

බිරිදක් තම සිතුවිලි සහ හැඟීම් තම සහකරු සමඟ බෙදා ගැනීමේදි ඔහු එයට සවන් නොදීම ඇත්තටම හිත රිදවන්නකි.

ඔබේ බිරිඳට අවශ්‍ය වන්නේ ඔබ ඔබේ කන් වලින් ඇහුම්කන් දීම පමණක්ම නොවේ.

ඇයට එය ඔබ ඔබේ හදවතින්ම සවන් දීමත් අවශ්‍ය වෙනවා.

ඇය කියන  දේ අසා සිටීමට අමතරව, ඔබ ඇය පවසන දේට ඔබ එකඟ නොවුනත් විවෘතව සිටීම වැදගත් වෙනවා.

ඒ වගේම නිතර තම බිරිද කියන දෙය අසන සැමියන් ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ගත කරනවාලු.

නිතර තම බිරිද හරි යැයි සිතීමම ඔවුන්ට එම ප්‍රීතිය ලබා දෙනවා වෙන්න පුළුවන්.

7.සෙනෙහස හා කරුණාව දක්වන්න

ඔබ කී වතාවක් "කරුණාකරලා" නැතිනම් "ස්තූතියි" කියා ඔබේ බිරිදට කියනවාද නැතිනම්  ඇයට අනපේක්ෂිත හාදුවක් ලබා දෙනවාද? 

විවාහයක සාර්ථකත්වය පාර කියන සෙනෙහස හා කරුණාව ඒ තුල පවත්වා ගන්න  සමහර විවාහක යුවළයන්ට මග හැරෙනවා.

ඇත්තටම ඒ කාරණා දෙක ඔබේ සම්බන්ධතාවය වර්ධනය කිරීමට මෙන්ම ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වෙනවා. 

ඔබ ප්‍රේම කරන අවදියේ ඔබ වේලා සිටි සෙනහස හා කරුණාව විවාහයෙන් පසු පිටමං කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. 

විවාහයෙන් පසු ඔබ දක්වන සෙනෙහස ඔබේ කැපවීමට හා තෘප්තියට අදාල වෙනවාලු.

8.නිවසේ හා දරුවන්ගේ වැඩකටයුතු වලට දායක වෙන්න

නිවසේ සිට කලහැකි ‌දේවල්

 නිවසේ වැඩ කටයුතු කිරීම බොහෝ යුවල වල ගැටුම් වලට හේතු වෙනවා.

ගෙදර දොරේ වැඩ කිරීම සහ දරුවන් හදා වඩා ගැනීම  ඔබේ බිරිඳගේ එකම වගකීම නොවන බව මතක තබාගන්න.

නිවසේ වැඩ කටයුතු වලට සහය දීමට ඇයගෙන් ඉල්ලිමක් එනතුරු බලා නොසිටින්න. 

ඇය ඉල්ලීමට පෙර මෙම වැඩ වලට උදව් කිරීමෙන් ඔබ ඇයගේ හදවතේ වීරයා වෙනු නොඅනුමානය.

තමන්ට සහය වෙන සහකරුවන්ට කාන්තාවන්ගේ ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන බව අධ්‍යයනවලින් පෙන්වා දී තියෙනවා.

9.පුංචි නිවාඩුවක් දෙන්න

ඔබේ බිරිඳට ඉද හිට නිවාඩුවක් ගගන්න අවස්ථාවක් ලබා ‌දෙන්න.

දරුවන් හා නිවසේ වැඩ ඔබ භාර ලෙන හෝ වෙනත් අයෙකුට පවරා ඇයට මෙලෙස විවේකයක් දීම ඇයගේ ආතතිය දුරලීමට හේතුවෙනවා.

ඒ වගේම මෙම පුංචි විවේකය ඇයගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ඉහළ නැංවීමට හේතු වේවි.

10.ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න

බොහෝ පිරිමින් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් නැහැ.

ඒ නිසා ඔබ අසනීප වු විට ඔබව වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමට සිදුවන්නේ ඔබේ බිරිඳටයි.

ඇය ඔබේ ආදරිය මිස ඔබේ මව නොවේ. ඒ නිසා එය එතරම් සාධාරණ නැහැ. 

පුරුෂභාවය හා ශක්තිය පිළිබඳව මහ ඉහලින් සිතා සිටින නිසා පිරිමින් කොහොමත් තම සෞඛ්‍ය පිළිබද එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

නමුත් මොහොතක් සිතන්න ඔබේ දුර්වල සැලකිල්ල නිසා ඔබ රෝගි වුවහොත් කඩා වැටෙන්නේ ඔබ පමණක් නොවෙයි.

ඔබත් සමගම ඔබේ පවුලත් කඩා වැටෙනවා. ඒ නිසා ඔබ ගැන සැලකිලිමත් වීම ඔබේ පවුල රැකබලා ගැනීමේ හොදම ක්‍රමය බව අමතක නොකරන්න. 

මුලාශ්‍ර - www.verywellmind.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
බෙදාගන්න :
  • ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

    ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

  • බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

    බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

  • ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

    ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

  • බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

    බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it