theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"බිරිඳට තනිවම ලිංගිකව සතුටු වෙන්න ධෛර්යමත් කළ නිසා අපේ විවාහය බේරුණා!'

5 අවම කියවීම
"බිරිඳට තනිවම ලිංගිකව සතුටු වෙන්න ධෛර්යමත් කළ නිසා අපේ විවාහය බේරුණා!'"බිරිඳට තනිවම ලිංගිකව සතුටු වෙන්න ධෛර්යමත් කළ නිසා අපේ විවාහය බේරුණා!'

'මගේ බිරිඳට තනිවම ලිංගික සුරාන්තය ලබාගන්නට ධෛර්යමත් කිරීම නිස අපගේ විවාහය බේරුණා!' සත්‍ය කතාවක්!

විවාහයක ලිංගික තෘප්තිය, සමීප සබඳතාව සඳහා අත්‍යවශ්‍ය වනවා පමණක් නෙවෙයි, හොඳ ධනාත්මක මනෝභාවයක් දායාද කරන්නටත් එය සමත් වනවා. අපගේම උත්සහයෙන් ස්වයංවින්දනය කර ලිංගික සුරාන්තය කරා ලඟා වන්නට උත්සාහ කිරීමෙනුත් අනර්ඝ ප්‍රතිඵල ලැබෙනවා.

මම මේ සෙනසුරාදා දහවල් චැඩ් සමඟ කතාබස් කරමින් සිටියා. විවාහ වී මාස හයකට පසු චැඩ්ට සහ ලුසීට විවාහ ගැටලු ඇති වෙන්නට ගත්තා.

ලුසි එය මගේ බිරිඳට කියා තිබූ අතර, ඔහු චැඩ්ව පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නට එළියට එක්කන් යන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. මෙය මට  හුග කාලෙකින් කරන්නට බැරි බවුණු දෙයක්.

දිගු කතාවක් කෙටියෙන් කිවහොත්, අපි ටඉතින් ඔන්න, චැඩ් සහ මම, බියර් එකක් බොන ගමන්, ටිකක් නුහුරු නුපුරුදු අමුතුම සංවාදයකට යොමු වන්නට ගත්තා.

අපේ සාමාන්‍ය සංවාද මෙන් නොවෙයි, මෙය බියර් එකෙනුත් කෙමෙන් උණුසුම් වන ගමන් සංවාදයත් වෙනම මානයකට ගියා.

ට්‍රම්ප්ගේ සමාරම්භක උත්සවය සහ තවත් අනවශ්‍ය දේවල් මිලියනයක් ගැන කතා කිරීමෙන් පසුව මම කාරණාවට බැස්සා.

"චැඩ්", මම කිව්වා, "මට ආරංචි වුණා ගෙදර ආයෙත් පොඩි කරදරයක් කියලා ".

"නෑ  මචං, ඔයාට කොහෙන්ද එහෙම කතාවක් ඇහුණේ?"

"ලුසී මගේ බිරිඳට කිව්වා, ඇය මට කිව්වා.”

"ඇත්තටම යාළුවා, දැන් නම් දේවල් ගොඩක් හොඳයි! ඇත්ත වශයෙන්ම, ලුසි මේ වෙලාවෙත් අපි කඳුකරයට යන ට්‍රිප් එක සඳහා සාප්පු සවාරි ගිහින් ඉන්නෙ"

මම ගොළු වුණා. මම... මේ අමුතු කතාවකට ලැහැස්ති වෙලා ඉන්න අතර... චැඩ්ගේ සියළු ගැටළු නිරාකරණය වෙලා.

මම ඔහුව විශ්වාස කළා, ඔහු කිසිම මවාපෑමක් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අපි චැඩ්ට පැවසිය යුත්තේ සමහර දේවල් පෞද්ගලිකව තබා ගන්නා ලෙසයි.

මේ සිතුවිල්ල මගේ මනස හරහා ගිය වහාම ඔහු පැවසුවේ "ඇය දැන් ස්වයංවින්දනය කරනවා" යනුවෙනි.

"අනේ යාළුවා! මට ඒක දැනගන්න අවශ්‍ය නැහැ."

"එන්න මචං, අපි වෛද්‍යවරු. අපි ඒ ගැන වෘත්තීය වශයෙන් කතා කරමු."

මම චැඩ්ට ඇහුම්කන් දුන්නා.

චැඩ් සහ ලුසීගේ කතාව :ස්වයංවින්දනය

චැඩ් මට ඔහුගේ කතාව කියන්නට පටන් ගත්තේය. විනෝද චාරිකාවකදී ලුසී හමුවීමෙන් පසු ඔහු ඇය ගැන දැඩි ලෙස ආදරයෙන් වල්මත් වුණා.

ඔවුන් ඉක්මණින් විවාහ වී විවාහය තුළ සුවපහසු ලෙස ස්ථාවර වුණා. සති අන්තයන් එනකල් ද්දෙනාම මග බලා සිටියේ දෙදෙනා තුළම තිබූ දැඩි ලෙස කකියන ලිංගික ආශාවන් පිරිමසාගන්නයි.

ලිංගික පිපාසාවෙන් සති අන්තයේ නිවසට පැමිණි ඔවුන් සිත්සේ සතුටු වුණා.
ස්වයංවින්දනය

එය දෛවය සරදමක්ද නැතිනම් පැළ්ඳි කොපුවෙ පළුක්ද්දක්ද නොදනී. නමුත් විවාහ වී මාස දෙකක් ගත වෙද්දී ලුසීගේ ඔසප් වීම පහු වුණා.

ගර්භණී පරීක්ෂණය ධනාත්මක බව පෙන්වූවා.

කෙසේ වෙතත්, ඔවුන් දරු පිළිසිඳගැනීමට සූදානම්ව නොසිටි නිසා, වෛද්‍යමය ක්‍රියාවලියක් හරහා ඔවුන් දරුගැබ නිශේදනයකට භාජනය කළා. .

සියලුම වෙනස් අත්දැකීම් ආරම්භ වුනේ එතැන් සිටයි.  ලිංගික ආශාවන් හදිසියේම නැති වී ගියේය. ලිංගිකත්වය දැන් රාජකාරියක් වාගේ වුණා.

එබැවින් එය නිතර නිතර සිදුවීම බෙහෙවින් අඩු වී ගියා. ලුසි නිහඬ වූවා. කලාතුරකින් ඇගේ සිතේ තියෙන දේ ගැන ඈ කතාබහ කළා. මෙය චැඩ්ට දරාගන්නට අපහසු වුණා.

ඔහු මේ නව තත්වයට මුහුණ දීම වෙනුවට බොහෝ විට රෑබෝ වන තුරුම රැකියා ස්ථානයේ රැඳී හසිටියා.

දෙදෙනා අතර පරතරය පුළුල් වන්නට පටන් ගහ්තා.

ඒ වෙලාවේ තමයි ලුසී මගේ බිරිඳට කතා කළේ.

ඉන්පසු එළඹුනු ඉරිදා සියල්ල වෙනස් යළි වෙනස් වන්නට පටන් ගත්තා 

එතැන් සිට අද දක්වා මාස දෙකක් ගත වී තිබෙනවා.

"එක් ඉරිදාවක," චැඩ් කියන්නට පටන් ගත්තා, "මම මගේ ලැප්ටොප් පරිගණකයේ වැඩ කරමින් සිටියා. මම කොතැන්ක හෝ ක්ලික් කරපු පාර පරිගණක තිරය කුඩා වුණා.

ස්වයංවින්දනය

අපි කලකට ඉහත මුල්වරට හමුවූ විනෝද චාරිකාවේ ආයාරූප සහිත ෆෝල්ඩරය විවෘත වුණා. මම ඡායාරූප සහ වීඩියෝපට බලන්නට පටන් ගත්තා.

ලුසී කාමරයේ සිටින බවත් මා පිටුපස සිටගෙන සිටින බවත් මා දැන සිටියේ නැහැ. අපි මුළු ඇල්බමයම තුන් වරක් යළි යළිත් බැලුවා.

"අපට ගැටලුවක් ඇති බව අපට වැටහුණා. ලිංගික හැසිරීම අවසන් වූයේ මා සුරාන්තය කරා ළඟා වීමත් සමඟයි.

කෙසේ වෙතත්, ඇයට පෙර කාලයේ මෙන් ලිංගික තෘ ප්තියක් ඇතිවුණේ නැහැ.

මම සෑම දෙයක්ම උත්සාහ කළත් ඇයට සුරාන්තයට ළං වන්නට හැකි වුණේ නැහැ."

ඉතින් චැඩ් සහ ලුසී දිගු කතාබහක යෙදුණා. අවසානයේදී චැඩ් ලුසීට ඒත්තු ගැන්වූයේ ඇයට එම ලිංගික තෘප්තියේ අත්දැකීම  අවශ්‍ය බවත් විවාහය සුරැකීමට එය මාර්ගය බවත්ය. නමුත්  මෙය කරන්නේ "කෙසේද" යන්න විශාල ප්‍රශ්නයක් වුණා.

පුනර්ජීවනය (ස්වයංවින්දනය)

චැඩ් පිටතට ගොස් ඇය වෙනුවෙන් සෙල්ලම් බඩුවක් ලබා ගත්තේය. ලුසී වැඩිහිටියෙක්.

ස්වයංවින්දනය ඇයට අලුත් දෙයක් නොවීය. නමුත් එය සැමවිටම ඇය නිදහසේ තනිව සිටින විට පමණක් කළ දෙයක් විය.

එය කිසි විටෙකත් සංසර්ගයේ කොටසක් වුණේ නැත.

චැඩ් ඇයව පොළඹවාගෙන ගොස් ඔහු ඉදිරිපිටට සුරාන්තයට පැමිණෙන්නට සැලැස්සුවේය.

මම ඒ ගැන වැඩි විස්තර දැන ගැනීම නැවැත්වූ නමුත් ඔහුගේ උපදෙස වූයේ මෙය උත්සාහ කිරීමට කැමති නමුත් ලැජ්ජාශීලී අයට නම් කාමරයේ විදුලි බල්බ නිවා නිරපේක්ෂ අන්ධකාරයක් ඇති බව සහතික කිරීමයි.

මාස ගණනාවකට පසු ලුසීට සුරාන්තයේ අත්දැකීම ලැබිණි. මෙය ක්ෂණිකව ඇයට හොඳ හැඟීමක් ඇති කළේය.

ස්වයංවින්දනය

තවත් දෙවරක් එක දිගට ඇය තෘතිමත් වූවාය. චැඩ් ඇයට සහයෝගය දැක්වූයේ ඇය වෙළාගනිමිනි, පිරිමදිමිනි.

ඔහු ඇයව හුරතල් කළේය. ඇය අවුරුදු ගණනාවකට පසු ළදරුවෙකු මෙන් නිදා ගත්තාය.

ඔවුන් දෙදෙනා කතා බහ කරගත්තේ දෙදෙනාම ලිංගිකව හැසිරෙන් අතරතුර තම තමන් සුරාන්තයට ළඟ වන්නට කටයුතු ක්‍රමු යන බවයි.

මෙම අදහස දිගටම ක්‍රියාත්මක කරගෙන ගිය අතර එය විශාල දියුණුවක් විය!

ලිංගික ජීවිතය අඳුරු වන නිසා විවාහය තූළ අඳුර ඇති කරන බොහෝ අවස්ථා වලට සහකරුවන් නිතර නමුහුණ දෙනවා.

එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඇති හොඳම ක්‍රමය නම් ඔබේ සහකරුට ඇයගේම ඉන්ද්‍රියය කුල්මත් කරමින් ලිංගික තෘප්තිය ලබාගැනීමට උනන්දු කරවීමයි.

එය දෙදෙනාගේම මනෝභාවය වැඩි දියුණු කරන අතර සම්බන්ධතාවයක සමීපත්වය නැවත ගෙන එන බව ඔප්පු කළ සත්‍යයකි.

චැඩ් සහ ලුසී මෙන් බුද්ධිමත් වී ඔබට වඩාත්ම සුදුසු දේ අත්හදා බලන්න!

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • "බිරිඳට තනිවම ලිංගිකව සතුටු වෙන්න ධෛර්යමත් කළ නිසා අපේ විවාහය බේරුණා!'
බෙදාගන්න :
  • ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

    ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

  • ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

    ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it