theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තය

5 අවම කියවීම
විලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තයවිලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තය

දරුවන් හදා වඩා ගැනීමට විලියම් ‌කේට් ‌ගෙන් අපූරු නිතී 3 ක්

විලියම් කේට් කියන්නේ ඇත්තටම ආදරණිය යුවලක්. ඒ වගේම ආදරණිය දෙමව්පියන් යුගලක්.

කේට් ආදිපාදවරිය හා විලියම් කුමරු ගැන ලෝකයක් නිරන්තරයෙන්ම විමසිලිමත්. ඒ ඔවුන් රාජකීයයන් වු නිසාවෙනි.

ඉතින් මේ රාජකීය අම්මයි තාත්තායි තමන් ආදරයෙන් ලොකු මහත් කරන දරුවන් ගැන බොහෝ සැලකිලිමත්.

ඉතාම කාර්යබහුල වුනත් මේ රාජකීය දෙමව්පියන් තමන්ගේ දරුවන් තිදෙනා රැකබලා ගන්නේ සිය පන වගේ.

අන්න ඒ නිසාම ඔවුන් දරුවන් තිදෙනා වටා පුංචි නිතී වලින් ආරක්ෂක පවුරක් බැදලාලු. ඉතින් අපි අද මේ සුදානම් වෙන්නේ මේ පුංචි නිතී තුන ගැන පුංචි කතා බහක යෙදෙන්නයි.

ඔබේ දරුවන් රැකබලා ගන්න මේ රාජකීය දෙමව්පියන් ගෙන් ගත හැකි ආදර්ශ තියෙනවාද කියලා බලන්න.

විලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තය

ඇත්තටම මොනවාද මේ නිතී තුන?

කොතරම් කාර්යය බහුල වුනත් සිය දරුවන් තිදෙනාට අවශ්‍ය ආදරය, අවධානය, ව්‍යුහය සහ රැකවරණය ලබා දීමට මේ ආදරණිය දෙමව්පියන් අමතක කලේ නැහැ.

ඒ නිසා ‌මේ අපූරු අම්මායි තාත්තයි සිය පණ වන් දරුවන් තිදෙනාට නිතී තුනක් පනවා තියෙනවා.

2013 දී ජෝර්ජ් කුමරු ඉපදුන දා සිට කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය දෙමාපියන්ගේ අත්දැකීම් හා සතුට නොඅඩුව වින්දා.

එපමණක් නොවේ ඔවුන්  මේ වන විට චාලට් කුමරිය සහ ලුවී කුමරු සිය පවුලට එක් කරගනිමින් ඒ ආදරණිය අත්දැකීම් පුළුල්කර ගත්තා. ඔවුන් දැන් ලස්සන සම්පුර්ණ පවුලක්. ‌මේ ආදරය ‌මේ ලස්සන පවුල තව ඉදිරියට ‌ගෙන යන්න ඔවුන්‌ගේ පුංචි කුමාරයන් ‌දෙදෙනාත් පුංචි කුමරියත් මනා හික්මීමක් තිබීම වැදගත් ‌වෙනවා.

ඔවුන් රාජකීයයන් නිසාම මුළු ‌ලෝකයේම ඇස් නිරන්තරයෙන් ඔවුන් පසුපස්සේ පන්නවා. ඒ නිසාම ඔවුන්ගේ හැදියාව චර්යාව ‌බොහෝ ‌දෙනෙකුගේ අවධානයට ලක්වෙනවා.

ඒ නිසාම ‌මෙම ‌දෙමව්පියන් දරුවන් හා සම්බන්ධව දැඩි අවධානයෙන් කටයුතු කරන අතර ඒ හා සම්බන්ධ නිතී ක්‍රියාත්මක කරනවා.

මේ ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ  දරුවන් හදා වඩා ගැනීමේ ශෛලිය තරමක් දැඩි බව වාරතා වුනා. අපි ‌මේ රාජකීය ‌දෙමව්පියන්ගේ නිතී තුන ගැන මදක් කතා කරමු.

විලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තය

1.විලියම් කේට් තම දරුවන්ට රාත්‍රියේ පාසැල් ක්‍රියාකාරකම් වලට යන්න ඉඩ දෙන්නේ නැහැ.

අධ්‍යාපනය සදහා  බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇති තැන ඉතා වැදගත් ‌වෙනවා. ලුවී කුමරු නම් තවමත් පාසල් යන්නේ නැහැ.

නමුත් ඔහුගේ ආදරණිය සොයුරිය වන චාලට් කුමරිය සහ සොහොයුරා වන ජෝර්ජ් කුමරු දැන් පාසැල් යනවා.

ආදිපාදවරයාට සහ ආදිපාදවරියට සැමවිටම අවශ්‍ය වන්නේ තම දරුවන් රාත්‍රියේදී හොඳින් විවේකයෙන් සිටීමයි.

මේ නිසා ඔවුන් තම දරුවන්ට රාත්‍රියේ පාසැල් ක්‍රියාකාරකම් වලට යන්න ඉඩ දෙන්නේ නැහැ.

මෑතකදී, මේ රාජකීය යුවල මෙවැනි රාත්‍රී උත්සවයකට සහභාගී වුනා. එහිදී මේරි පොපින්ස්ගේ රංගනයක් ප්‍රදර්ශනයට නියමිත වුනා. ජෝර්ජ්, ලුවී සහ චාලට් සිය දෙමාපියන්ගෙන් එයට සහභාගී වීමට කොතරම් ඉල්ලා සිටියත් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුනා.

ආදිපාදවරිය ඇගේ කුඩා දරුවන්ට “පාසැ‌ලේ රාත්‍රි සාද අවශ්‍ය නැහැ” යැයි පැවසූ බව මිරර් වාර්තා කරනවා. 

ඒකත් හරි අපූරු නිතීයක් ‌නේද? දරුවන් ‌කොතරම් ඉල්ලුවත් එවැනි ඉල්ලිමක් ‌කේට් කුමරිය කාරුණිකව ප්‍රතික්ෂේප කරන අයුරුත් අපූරුයි.

අපිටත් ‌දෙමව්පියන් වශයෙන් ‌මෙවැනි සරල ‌දෙයක් කරන්න අපහසු නැහැ ‌නේද?

2.විලියම් කේට් ඔවුන්ගේ දරුවන්ගේ තිර කාලය සීමා කරනවා.

රූපවාහිනිිිය, පරිඝනකය වැනි අද ලෝකයේ දරුවන් තිර කාලයට යොමුවෙන කොතරම් දේවල් තියෙනවාද?

නමුත් මේ  ආදිපාදවරයා සහ ආදිපාදවරිය තම දරුවන්ට රූපවාහිනිය ඉදිරිපිට කාලය ගත කිරීමට ඉඩ ‌දෙන්නේ නැහැ.

කේම්බ්‍රිජ් මන්දිරය තුළ තිර කාලය දැඩි ලෙස අධීක්ෂණය කරනු ලබනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

විනෝදය සඳහා උපකරණ නොමැතිව හැදී වැඩුණු දෙදෙනෙකු ලෙස, විලියම් සහ කේට් සෙල්ලම් බඩු, එළිමහන් ක්‍රීඩා සහ ක්‍රියාකාරී පරිකල්පනය දිරිමත් කරන බවත් ඔවුන් සාමාන්‍ය පවුලක් ලෙස ජීවත් වෙන බවත් මන්දිරය ඇතුලෙන් වාර්තා වෙනවා.

ඒකත් ‌වටිනා සහ ක්‍රියාත්මක කිරීමට පහසු නිතීයක් ‌නේද?

තිරකාලය දරුවාගේ බුද්ධිමය තත්වය අඩාල වීමට ඍජුවම දායක ‌වෙන අතර දරුවා ඔටිසම් වැනි තත්ව වලට ‌ගොදුරු ‌වෙන්න පුළුවන්.

ඒ නිසා ‌මෙම  රාජකීය ‌දෙමව්පියන් ‌මෙන්ම ඔබත් ඔබේ දරුවා හැකි පමණ තිරයෙන් ඈත් කරන්න.

3.විලියම් කේට් සෑම දිනකම ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරු පිටත සෙල්ලම් කිරීමට යොදවනවා.

එක්සත් ජනපදයට හැමදාම හිරු රශ්මිය නොතිබුනා වුවද පුංචි රාජකීයයන් තිදෙනා වු ජෝර්ජ්, චාලට් සහ ලුවී සෑම දිනකම පිටත එළිමහනේ  සෙල්ලම් කරනවා.

පරිසරයේ  දැඩි උෂ්ණත්වයක් හෝ අධික ශීතලක් නොමැති නම් එය ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ අනිවාර්යය අංගයකි.

මේ පුංචි රාජකීයයන් රැකබලා ගන්නා නැනී වු මාරියා තෙරේසා ටියුරියන් බොරෙලෝ එංගලන්තයේ බාත් හි නොර්ලන්ඩ් විද්‍යාලයේ පුහුණුව ලබා තියෙනවා.

නෝර්ලන්ඩ් නැනී විශේෂඥ ලුයිස් හෙරන් විසින් ද සන් පුවත්පතට පැවසුවේ, “මෙහි එළිමහන් ක්‍රීඩා ගොඩක් තියෙනවා.

නොර්ලන්ඩ් පරණ තාලේ යැයි ඔබ පවසන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම නැවුම් වාතය බහුලයි,”

කේට් සහ විලියම් කුමරු සමහර දෙමව්පියන්ට වඩා දැඩි දෙමාපිය නීති රීති අනුගමනය කරනවා වෙන්න පුළුවන්.

මේ තුලින් අපේක්ෂා කරන්නේ සිය දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම බව පැහැදිලියි.

මේ මගින් ඔවුන් දරුවන්ව මනාව හික්මවන බවද දකින්න පුළුවන්. මේ රාජකීය දෙමව්පියන් දෙදනා  කවදාවත් තම දරුවන්ට පහර දෙන්නේ නැහැලු.

විලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තය

ඒ වෙනුවට මේ පුංචි පුංචි නිතී වලින් තම දරුවන් වටා ආරක්ෂිත පවුරක් බැදලාලු. ඔබේ දරුවාටත් ගහන්‌නේ බනින්නේ නැතුව ‌මේ වගේ පුංචි පුංචි නිතී මාලාවක් තුලින් ඔබේ දරුවාත් හික්මවා ගන්න.

එවිට ඔවුන් නිසියාකාරව හැද වැඩීම ගැන ඔබට සතුටු විය හැකිවා ‌මෙන්ම අනාගතයේදි රටට ‌හොද හික්මීමෙන් යුතු දරුවන් දායක ‌වේවි.

ඉතින් ප්‍රමාද ‌නොවී ඔබත් ‌මේ ක්‍රම තුන උත්සහ කර බලන්න.

බැලු බැල්මට ඒ නීති තුනත් නරකම නැහැ නේද? හරිම සරලයි වගේම අද ලෝකයේ ළමයින්ගේ නිරෝගි ශාරිරික හා මානසික සෞඛ්‍ය වෙනුවෙන් කරන්න කියලා අංක එකටම කතා කරන මාතෘකා තුනක් නේද?

ඔබ ලගත් මේ වගේ හුරුබුහුටි නිතී රිතී එහෙම තියෙනවාද? එාහනම් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • විලියම් කේට් රාජකීය දෙමව්පියන්ගේ දැඩි දෙමාපිය නීති වල ඇතුලාන්තය
බෙදාගන්න :
  • ඩයනා කුමරියගේ ජිවිතයෙන් විදාහලන ලද උතුම්  මව් ගුණ 10 ක්

    ඩයනා කුමරියගේ ජිවිතයෙන් විදාහලන ලද උතුම්  මව් ගුණ 10 ක්

  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

    විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

  • ඩයනා කුමරියගේ ජිවිතයෙන් විදාහලන ලද උතුම්  මව් ගුණ 10 ක්

    ඩයනා කුමරියගේ ජිවිතයෙන් විදාහලන ලද උතුම්  මව් ගුණ 10 ක්

  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

    විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it