කාන්තාවන් විවාහක පිරිමින්ට වැඩි ඇල්මක් දක්වන්නේ ඇයි? විද්‍යාත්මක හේතුවක් තිබෙනවා.

කාන්තාවන් විවාහක පිරිමින්ට වැඩි ඇල්මක් දක්වන්නේ ඇයි? විද්‍යාත්මක හේතුවක් තිබෙනවා.

කාන්තාවන් විවාහක පුරුෂයින්ට ආකර්ෂණය වීම විද්‍යාත්මක න්‍යායක් අනුව සාමාන්‍ය දෙයක්ලු. ඒ ගැන තැති ගන්නට අවශ්‍ය නැහැ. හේතුව දැනගන්න කියවන්න.

නැහැ නැහැ ඒ ඔබේ හිත නෙවෙයි! තනිකඩ කාන්තාවන් විවාහක පිරිමින්ට ආකර්ෂණය වීම විද්‍යාත්මකව තහවුරු වූ සාමාන්‍ය දෙයක්! (ඔව්, ඔබ ටිකක් තරබාරු පිරිමියෙක් වුනත්).

මෙයට පදනම් වන ඉතා රසවත් හේතුවක් තිබෙනවා. එනම් එක් එක් විශේෂ හරහා දිවෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා.

මෙහිදී කාන්තාවක් පිරිමියෙක් වෙත ආකර්ෂණය වන්නේ, තවත් කාන්තාවක් තමන්ට හිමි පිරිමියාගේ තෝරාගැනීම මතයි.

මෙය තවදුරටත් පැහැදිළි කරන්නට නිදසුනක් ගනිමු.

කාන්තාවක් ස්වභාවයෙන්ම සිහින් සිරුරක් ඇති, කඩවසම් පුරුෂයෙකුට ආකර්ෂණය වී යැයි සිතමු. සාමාන්‍ය තත්වය අනුව මෙම ආකර්ෂණය ඉතා සාමාන්‍ය දෙයක් වනවා.

දැන් ඇය දන්නා තවත් කාන්තාවක්, මහත සිරුරක් ඇති, එතරම් කඩවසම් නොවන පුරුෂයෙක් හා සම්බන්ධ වූවා යැයි සිතමු.

යම්කිසි විද්‍යාත්මක හේතුවක් අනුව, මුල් කාන්තාව දෙවන කාන්තාවගේ තෝරාගැනීමට සමාන පුරුෂයෙකුට ආකර්ෂණය වීම සිද්ද වනවා.

කාන්තාවන්ට විශේෂිත වූ වෙනත් කාන්තාවක් අනුකරණය කිරීමෙන් විවාහක පිරිමින්ට ආකර්ෂණය වීම

සතුන් අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සහකරු හෝ සහකාරිය අනුකරණය කිරීම සිදු වන බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. නමුත්, මිනිස් කාන්තාව තුළ එම ලෂණය වඩාත් පැහැදිළිව දක්නට ලැබෙන බවට ප්‍රාථමික සාක්ෂි තිබෙනවා.

ඇතැම් කාන්තාවන් කාන්තාවන් නොව, මෙය බොහෝ කාන්තාවන්ට පොදු ලක්ෂණයක් වනවා.

විවාහක පිරිමින්ට ආකර්ෂණය වීම

මෑතකදී කරන ලද එක් අධ්‍යයනයකින් පිරිමියෙකුගේ ඡායාරූපයක් විශ්ව විද්‍යාල කාන්තාවන්ට ඉදිරිපත් කළා.

ඔවුන්ගෙන් 90% ක්ම පුරුෂයා ආකර්ෂණය වී ඇත්තේ ඔහු සම්බන්ධතාවයක සිටින බව පැවසීමෙන් පසුවය.

නමුත් ඔහු තනිකඩයෙක් බව කාන්තාවන්ට පැවසූ විට උනන්දු වූයේ 59%ක් පමණි.

ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සම කර්තෘ මෙලිසා බර්ක්ලි නව විද්‍යාඥයාට පැවසුවේ “තනිකඩ කාන්තාවන් සබඳතාවක යෙදී සිටි පුරුෂයින්ට ඉතාමත්ම ඇලුම් කළ බවයි.

නමුත්, කාලයත් සමඟ  මෙම කැමැත්ත දමනය කරගැනීමට ඔවුන් සමත් වූ බවයි.

තවත් අධ්‍යයනයකට අනුව පෙනී ගියේ තරුණ හා පළපුරුදු අඩු කාන්තාවන් විවාහක පිරිමින් වෙත වැඩිපුර ආකර්ෂණය වීමේ ඉඩක් ඇති බවයි.

හියුමන් නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණය පරිණාමීය ජීව විද්‍යාඥයින් අතර පවත්නා න්‍යායට සහය දක්වයි.

සහකරුවකු තේරීමෙදී තවත් කාන්තාවක් තෝරාගත් පිරිමියෙකුට සමාන පිරිමියෙකු තෝරාගැනීම “ආරක්ෂිත” පියවරක් ලෙස සළකන්නට පිළිවෙනි.

අනෙක් අතට, පරිණත, පළපුරුදු කාන්තාවන් වඩාත් නවීන සහ දියුණු ක්‍රමෝපායන් ආශ්‍රයෙන් තම සහකරුවන් තෝරාගන්නවා විහ හැකිය.

සිත්ගන්නා කරුණ නම්, එම අධ්‍යයනයෙන්ම හෙළි වන්නේ සහකරු-තේරීම් අනුකරනය කිරීමේ බලපෑමට සීමාවන් ඇති බවයි.

එනම්, පිරිමින් හට අතීත සබඳතා පහක් ඇති බව අනාවරණය කළ විට, අද්දැකීම් අඩු කාන්තාවන් පවා එම පිරිමියාගෙන් ප්‍රවේසම් විය යුතු  බව නොහොත් ඈත් විය යුතු බව දැන සිටිය බවයි.

පළමු විවාහයේ පසුවන පුරුෂයෙකු, පස්වන වියේ පසුවන පුරුෂයෙකුට වඩා ආකර්ෂණීය වන්නේය.

කාන්තාවන් විවාහක පිරිමින්ට වැඩි ඇල්මක් දක්වන්නේ ඇයි? විද්‍යාත්මක හේතුවක් තිබෙනවා.

මේ සියල්ල රඳා පවතින්නේ ඔබේ සහකරුහෝ සහකාරියගේ රූපශ්‍රීය කෙතරම්ද යන්න මතයි.

තවදුරටත් විස්තර කරන්නේ නම්, පුරුෂයෙකු වෙත කාන්තාවක් ආකර්ෂණය වීම තීරණය වන්නේ පුරුෂයාගේ රූප සම්පත්තියට වඩා ඔහුගේ සහකාරියගේ රූපශ්‍රීය මත පදනම්ව බවයි.

අධ්‍යයනයෙන් හෙළි වූයේ, මිනිසුන් වඩාත් ආකර්ෂණීය සහකරුවෙකු සමඟ සම්බන්ධ වූ විට, සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේ අනුකරණය කිරීමේ බලපෑම වඩාත් ශක්තිමත් වූ බවයි.

ඉතින් ශුභාරංචිය නම් ඔබ ඔබේ සංඝයෙන් කෙනෙකු හා විවාහ වීමයි. නරක ආරංචිය නම්, මෙය තනිකඩ කාන්තාවන් ව්‍යාකූල කරන්නේ ඔබට වරයක් ලබා දීමෙන් ඔවුන්ට යමක් මග හැරුණේද යන්න කල්පනා කිරීමයි.

ඔවුන් නිරතුරු ඔවුන්ගෙ මගුල් මුද්දට ගරු කරති

පින්තූර සහ ලිපි ලේඛ්න ඉදිරිපත් කිරීමට වඩා වෙනස් ආකාරයකට සිදු කෙරුනු අධ්‍යයනයකින් සනාථ වූයේ මීට වෙනස් ප්‍රතිඵලයක්.

එම අධ්‍යයනයේදී කාන්තාවන්ට මංගල මුදු පැළඳ සිටින පිරිමින් සමඟ ආශ්‍රය කරන්නට සලස්වනු ලැබුවා.

කාන්තාවන් විවාහක පිරිමින්ට වැඩි ඇල්මක් දක්වන්නේ ඇයි? විද්‍යාත්මක හේතුවක් තිබෙනවා.

ඉන් පසුව මගුල් මුදු පැළඳ නැති පිරිමින් සමඟ ආශ්‍රය කිරීමටත් සැලැස්වූවා.

මෙයින් අනතුරුව එම පර්යේෂකයන් කාන්තාවන්ගෙන් ඇසූ ප්‍රශ්න මාලාවක පිළිතුරු වලින් පෙනී ගියේ විවාහ මුදු පැළඳ නොසිටි පිරිමින් විවාහක පිරිමින්ට වඩා ආකර්ෂණීය බවයි.

රාත්‍රී ආහාරය ගන්නට, ලිංගිකව හැසිරෙන්නට, සම්බන්ධතාවයක් ආරම්භ කරන්නට. හෝ නිවසට ආරාධනා කිරීමට. කැමති ඉහත දෙවර්ගයෙන් කුමන අයටදැයි ඇසූ විට මුදු පැළඳ නොසිටි පිරිමින් ඒ සැම ආශාවකම මුල්තැන ගත්තා.

න්‍යායාත්මකව කාන්තාවන් විවාහක පිරිමින් වෙත වැඩිපුර ආකර්ෂණය වන බවත්,.පනමුත් ප්‍රයෝගිකව එය ප්‍රමාණයෙන් අඩුවන බවත් පසුව කරන ලද අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

තනිකඩ කාන්තාවන් විවාහක පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දැක්වීම පිටුපස විද්‍යාත්මකව පිටුබලයට මෙය එක් හේතුවකි.

නමුත් එම ආකර්ෂණය පිටුපස ලුහුබැඳීමට උනන්දුවක් ඔවුන් නොදක්වයි (වෙනත් කෙනෙකුගේ සහකරු හෝ සහකාරිය සොරකම් කිරීමේ අභියෝගය සහ තහනම හැර).

මතක තබා ගන්න - ඔබ ද්‍රෝහිවීම ගැන යමෙකුගේ පැසසුමට ලක්වුවත්, ද්‍රෝහී වීම නිසා දිගු කාලීනව ඔබේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වනු ඇත.

සහකරු-තේරීම් අනුකරණය කිරීමේ අවසාන උත්ප්‍රාසය එය විය හැකිය.

හවුල්කාරිත්වය ඔබව වඩාත් ආකර්ශනීය කරවන නමුත්, ඔබ එය ඉනිමගක් කරගතහොත්, ඔබ සැලකිය යුතු ලෙස අඩු ආරක්‍ෂිත හා අඩු ආකර්ශනීය බවට පත්වනු ඇත.

ඉතින් යළිත් පැවසිය හැක්කේ, මෙම සමීක්ෂණ දත්ත වලින් කියැවෙන පරිදි, කාන්තාවක් විවාහක පුරුෂයෙකුට ආකර්ෂණය වීම හුදෙක් න්‍යායාත්මක දෙයක් පමණක් බවත්, ප්‍රායෝගීකව එය නිතර සිදුවන්නක් නොවේ.

මක්නිසාද, කාන්තාවක් එසේ ආකර්ෂණය වූවත්, එම ආකර්ෂණය පසුපස හඹා නොයන බැවිනි. එමනිසා මෙය කෙටිකාලීන, තාවකාලික සිදුවීමක් පමණක් වනු ඇත.

එබැවින් හදිසියේම පශ්චාත් විවාහක කාන්තා අවධානය කුමක් දැයි යන්නට අවධානය යොමු කරන්න - එය ඔබේ ආත්ම ශක්තිය වැඩි කරනු ඇත.  ඊට වඩා දෙයක් නැත.

මූලාශ්‍ර: fatherly.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera