theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?

3 අවම කියවීම
කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?

විශේෂයෙන්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කලද සිය සහකරු රැවටීම  කරන කාන්තාවන්  විශාල ප්‍රමාණයක් සිටින බව විශේෂඥයෝ පවසනවා. ඒ ගැන වැඩි විස්තර මෙන්න,

සහකරු රැවටීම යන මාතෘකාව ගැන කතා කරද්දී අපි සාමාන්‍යයෙන් මෙයට පිරිමි පක්ෂය සම්භන්ධ කරන්න යොමු වෙනවා. නමුත් සෑම විටම එසේ නොවේ.

ශාන්ති පියල් හා විවාහ වී අවුරුදු 7 කට වඩා ටිකක් වැඩියි. ඇය ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ වැඩ කරන මවක්  වුවා පමණක් නොව ඇය ඇයගේ පවුලට කැප වූවාය.

නමුත් ඇයට විශාල ගැටලුවක් තියෙනවා. ඇය තවත් පුද්ගලයෙකුට ආකර්ෂණය වෙලා තියෙනවා.

ඇය මෙසේ පවසනවා.

"අපි අපේ දරුවන්ට සර්වසම්පුර්ණ  දෙමාපියන් වෙනවා. අපි එකට එකතු වෙලා හොදින්  අපේ පුංචි පවුල ගෙන යනවා. අප බෙදා හදාගත් සමීපතාවයේ හැගීම් දැඩි බවට පත්වෙලා. කොහොමවුණත්, මගේ විවාහය ප්‍රිතියෙන්  ගත කලත් , මගේ සහායකයා වන විජිත  කෙරෙහි දැඩි ආකර්ෂණයක් මට දැනෙනවා..."

කාන්තාවන් සිය සහකරු රැවටීම තුලින් ලිංගිකත්වයට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා

කාන්තාවන් තම සහකරු රැවටීම  කරන්නේ ඇයි?

පළිගැනීම, වෙහෙසකාරිත්වයේ සිට ලිංගික සතුට, ඇබ්බැහිවීම් දක්වා විවිධ පරාසයන් තුල මිනිසුන් විවිධ හේතූන් මත අනියම් සම්බන්ධතා ගොඩ නගා ගනියි.

කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ බහුතරයක් පුරුෂයන් ලිංගිකත්වය හෝ අවධානය ලබා ගැනීම සදහා රැවටීම් කරන බවයි.

කාන්තාවන් ලිංගිකත්වයට වඩා වැඩි යමක් සොයනු ලබයි.

ඔවුන්ට හැඟීම්බර සම්බන්ධතාවක් අවශ්‍ය වෙනවා.

කර්තෘ ඇලිසියා වෝකර් විසින් ඇගේ කාන්තාවන්ගේ සාරධර්ම පිළිබඳ පොත රචනා කිරීමේදී   පර්යේෂණයක් ලෙස කාන්තාවන් හතලිහක ගෙන් පමණ අදහස් විමසා ඇත.

තම සහකරු  රැවටීම  කළ කාන්තාවන්  තම ලිංගික, හැගීම් හා මානසික අවශ්‍යතා සපුරා ගැනීම ඉන් බලාපොරොත්තු වුන බව ඇය පවසනවා. ඒ අතරම, ඔවුන් බොහෝ විට තම සහකරුවාට ආදරය කලා.

අනෙක් අතට, පරීක්ෂණයට අනුව, අනාචාරයේ හැසිරීමෙන් වැළකී සිටීමට හේතුව හැගීම් වල ස්වභාවය වුනා.

සදාචාරය පවත්වා ගැනීමටත්, තනිව සිටීමට ඇති බිය නිසාත්, බොහෝදෙනෙකු තම සහකරුවන්ට පක්ෂපාතී වෙනවා.

තම සහකරුවන් රැවටීම කරන කාන්තාවන් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සහකරුගෙන්  දික්කසාද වීමට කැමති නැහැ...

 

අනාචාරයේ යෙදෙන බොහෝ කාන්තාවන්ට තම ස්වාමිපුරුෂයන්ගෙන් වෙන් වීමට කිසිදු අදහසක් නැහැ .

ඇත්ත වශයෙන්ම, මනෝවිද්‍යාඥයෙක් හා ලේඛකයෙකු වන එස්තර් පෙරෙල් පවසන්නේ සමහර කාන්තාවන් තම සහකරු රවටමින් සිටියදී ඔවුන් සමඟද වඩා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඉඩ ඇති  බවයි.

තම සහකරු රැවටීම කරන කාන්තාවන් දික්කසාද වීම හෝ නැවත විවාහ වීම ගැන අපේක්ෂා භංගත්වයට පත් වී නැහැ.

ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ පවුල පවත්වා ගනිමින් ඔවුන්ගේ  ජීවිතයේ ඇති හිස්තැන  පුරවා ගැනීමටයි.

එසේ නම්, කාන්තාවනි, ඔබේ සම්බන්ධතාවයේ සාමය පිටතින් සොයා ගැනීමට උත්සාහ නොකර එය පවතින ඔබේ සම්බන්ධතාවය තුල  ඇති කිරීමට උත්සාහ කරන්න.

ඔබගේ ගැටලුව කුමක්ද සහ එයට විසදුම්  ඔබේ සහකරු සමඟ කතා කරන්න.  විවෘතව සාකච්ඡා කර ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගත හැකි බවත් ඒ සදහා  අවශ්‍ය  දෙදෙනාගේම උත්සාහය පමණක් බවත් මතක තබා ගන්න.

අනාචාරය පවුල් සංස්ථාව බිද දමන අතර කාන්තාවන් ඒ සදහා යොමු වන්නේ ඇයි යන්න පිළිබඳ මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?
බෙදාගන්න :
  • සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

    සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

    සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it