theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලු

5 අවම කියවීම
අම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලුඅම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලු

කාන්තාවන්ට සුව නින්දක් ලබා දිය යුත්තේ ‌මෙන්න ‌මේ හින්දයි.

පිරිමින්ට වඩා කාන්තාවන්ට නින්ද අවශ්‍ය වෙනවාලු. හැබැයි මෙහෙම කියන්නේ මම නම් නෙමෙයි. අධ්‍යයනයක් මේ පිළිබද තොරතුරු අනාවරණය කරලා තියෙනවා.

ඔන්න ඔයාගේ හබී, බබාගේ ඩයිපර් මාරු කිරීමට ඔබව අවදි කරන කොට මේ කරුණ මතක් කරන්න අමතක කරන්න එපා.

එයාව ‌කොහොම හරි බබාගේ රාත්‍රී රාජකාරී වලට හවුල් කරගන්න. එතකොට ඔබට පැය කිහිපයක ‌හෝ සුව නින්දක් ලබාගන්න පුළුවන් ‌වේවි.

ඔබේ ‌වෙහෙස මහන්සිය නිවෙන විට ඔබ සතුටින්. ඔබ සතුටින් නම් ඔබේ ආදරණිය පවුල සතුටින්.

මේ නින්ද ගැන වැඩි යමක්

කාන්තාවන්ට නින්ද

විවේක ගැනීමේදී පිරිමින්ට සහ කාන්තාවන්ට විවිධ අවශ්‍යතා තිබේද නැද්ද යන්න බොහෝ කලක සිට තිබුන ප්‍රශ්නයක්.

නමුත් ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මේ තරක විතර්ක නිමා කරන්න සුදානම්ලු.

මෙම නිගමනයට එළඹීමට පෙර, ප්‍රමාණවත් විවේකයක් නොලැබීම සම්බන්ධයෙන් පර්යේෂකයන් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ වෙනස් ප්‍රතිචාර සැලකිල්ලට ගත්තා.

ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් පසු මැදිවියේ පිරිමින් සහ කාන්තාවන් 210 ක් හැසිරුණු ආකාරය මෙම පරීක්ෂකයින් විසි්න් නිරීක්ෂණය කළා. 

එහිදි මෙම පර්යේෂකයන් සිත්ගන්නා කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. ඒ කාරණා අපි විමසා බලමු.

  1. කාන්තාවට නින්ද : ඔවුන්ගේ මොළය වඩාත් සංකීර්ණයි

අම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලු

සංකීරණ ‌මොළයට විවේකයක් නින්ද ලබා ‌දෙනවා.

පිරිමි සහ ගැහැණු මොළ ක්‍රියා කරන්නේ එකම විදියට නෙමෙයි. ඔවුන්ගේ මොළයන් තොරතුරු සකස් කරන්නේ  වෙනස් ආකාරයටයි.

පිරිමි මොළය බොහෝ විට ධූසර පදාර්ථ භාවිතා කරනවා. එය කාර්ය හා ක්‍රියාවන්ට වගකිය යුතු මොළයේ කොටස වෙනවා.

ඔවුන්ට එක් කාර්යයක් කෙරෙහි දැඩි අවධානය යොමු කළ හැකි නමුත් බොහෝ විට එය වරකට එකක් පමණි.

කාන්තාවන් තම ශ්වේත පදාර්ථය වැඩිපුර භාවිතා කිරීමට නැඹුරු වෙනවා.

ඒ නිසා  ඔවුන්ට තම අවධානය බිදෙන්නේ නැතුව කාර්යයන් අතර බාධාවකින් තොරව මාරු වෙන්න පුළුවන්.

අම්මලා කොතරම් කාර්යය ප්‍රමාණයක් කරන්නන් වීම ගැන පුදුමයක් නැහැ නේද?

  1. ඔවුන්ගේ මොළය දිවා කාලයේදී මහන්සි වී වැඩ කරනවා

දිවා කාලයේ බොහෝ වෙලා ක්‍රියාකාරිත්වයකින් පසු මොළය යථා තත්වයට පත් කිරීමට සහ අලුත්වැඩියා කිරීමට සුව නින්දක් ඉඩ සලසා දෙනවා.

කාන්තාවන්ගේ මොළය තොරතුරු සහ අත්දැකීම් වඩාත් හොඳින් සැකසීමට නැඹුරු වන නිසා ඔවුන්ට වැඩි විවේකයක් අවශ්‍ය වෙනවා.

ස්නායු රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වයද පිරිමි සහ ගැහැණු ආකල්ප කෙරෙහි ද බලපානවා.

පිරිමින් නිශ්චලව හිඳීමට ඇති ඉඩකඩ අඩු අතර ශාරීරිකව ආවේගශීලීයි. කාන්තාවන්ට තම හිපොකැම්පස් සමඟ හෝ මොළයේ මතක ගබඩා කිරීම සමග ඇති ස්නායුක සම්බන්ධතාවය නිසා “සංවේදක හා හැගීම්” තොරතුරු සැකසීමට ඔවුන් වඩාත් දක්ෂයි.

පිරිමින්ද යම් යම් සංවේදනයන් හා මතකයන් පිළිබිඹු කරනවා තමයි. නමුත් ඔවුන් අවශ්‍ය විටෙක විශ්ලේෂණය කර ගැටළු විසඳීමට ඉක්මන් වෙනවා..

  1. කාන්තාවන්ට නින්ද :  කෝපය, මානසික අවපීඩනය සහ මානසික පීඩාවන් අවම කරනවා

අම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලු

මානසික අවපීඩනයට සුව නින්ද ‌හොද ඖෂධයක්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

“කාන්තාවන්ට වැඩි මානසික අවපීඩනයක් තියෙනවා, කාන්තාවන්ට වැඩි කෝපයක් තියෙනවා. කාන්තාවන්ට  උදේ පාන්දරම වැඩි මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.” මෙහෙම කියන්නේ සායනික මනෝ  විශේෂඥයෙකු  හා නින්ද පිළිබඳ විශේෂඥයෙකු වන ප්‍රධාන අධ්‍යයනයක කතුවරයා වන මයිකල් බෲස්ය.

සහභාගිවන්නන්ගේ නින්දේ ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා පර්යේෂකයන් මේ සම්බන්ධ ප්‍රශ්නාවලියක් භාවිතා කළා.

පිරිමින්ට වඩා කාන්තාවන් මානසික පීඩනයට ලක් වන්නේ මන්දැයි සොයා බැලීමට ඔවුහු එකිනෙකාගේ “මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ලද සමාජ සහයෝගය” ගැනත් සොයා බැලූවා.

(නමුත් අතිශයින්ම නින්ද අහිමි වූ විට අසතුටුදායක වීම හා සජිවිව නොසිටීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අදාළ වේ යැයි අනුමාන කරන්න පුළුවන්.)

  1. කාන්තාවන්ට නින්ද :  වඩා හොඳ හෘද සෞඛ්‍ය පවත්වාගන්නවා

අම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලු

නිරෝගී හෘද ‌සෞඛ්‍යයට පාර කියන නින්ද

නින්ද නොමැතිකම කාන්තාවන්ගේ ආතතියට හේතු වනවා පමණක් නොව, එය කාන්තාවකගේ හෘද සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව ඩියුක් විශ්වවිද්‍යාල අධ්‍යයනය පවසනවා.

නින්දට යාමේ නිරන්තර දුෂ්කරතාවයක් නිසා කාන්තාවකට දෙවන වර්ගයේ දියවැඩියාව හෝ හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ යන්න පුළුවන්.

සමස්ත දුර්වල නින්දේ ගුණාත්මක භාවය වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී නැහැ. ඒ වෙනුවට පුද්ගලයෙකුට නින්දට යාමට ගතවන කාලය වැඩිවීම සිදු වෙනවා යනුවෙන් පර්යේෂක එඩ්වඩ් සුවාරෙස් Science Daily පුවත්පතට පැවසුවා.

“නින්දට යාමට පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් ගන්නා කාන්තාවන් දරුණු අවදානමක් පෙන්නුම් කළා”

දැනට කරගෙන යනු ලබන සියළුම අධ්‍යයනයන්හි දී මෙන් මෙහිදීද මෙම විශේෂිත දෙයටද එහි සීමාවන් තියෙනවා.

අධ්‍යයනයට සහභාගී වූවන්ගේ සංඛ්‍යාව අවම වුනා. ඒ නිසා මෙම සොයාගැනීම් තීරණාත්මක වීමට නම් ස්වාභාවිකවම වැඩි දත්ත රැස් කළ යුතුයි.

නමුත් මිනිස් මොළය ගැන ඉගෙන ගැනීම සිත්ගන්නා සුළුයි. එය අප ලෝකය අත්දකින ආකාරය කෙරෙහි බලපානවා.

මෙම දැනුම යුවළයන්ට එකිනෙකා සමඟ වඩා හොඳින් සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා පමණක් නොව, ඔවුන්ගේ පුතුන්ට හා දියණියන්ට වඩාත් සංවේදි දෙමාපියන් වීමටද එය උපකාරී වෙනවා.

කාන්තාවන්ට වටින සුව නින්ද

මේ අම්මලාට නින්ද ‌කොතරම් වටිනවාද යන්න ‌පෙන්නුම් කරන තවත් අධ්‍යනයක් තමයි. ඇත්තටම ‌මේ ‌කොයිතරම් කතා කිව්වත් අම්මා ‌කෙනෙක් වුන දා ඉදන් අපිට අහිමි ‌වෙන ප්‍රධානම ‌දේ තමයි නින්ද. මුලින්ම ගර්භණි කාලයේ අපහසුතා එක්ක නැතී වී යන ‌මේ නින්ද අලුත් බබා ආවාට පස්සේ එයාට මව්කිරි ‌දෙන්න.

අඩද්දි නලවන්න වගේම ඩයිපර් මාරු කරන්න වගේ ‌දේවල් වලට යට වී යනවා. ඉන්පසු වැඩිවෙන වගකීම් එක්ක අහිමි ‌වෙන නින්ද ‌කොහොමත් ලගා ‌වෙන්නේ නැහැ.

නින්ද අහිමි වීම නිසා මානසික අවපීඩනය ඇතිවෙනවා  ‌මෙන්ම ශාරීරික ‌සෞඛ්‍ය පරිහානියට ලක්වීම සිදුවෙන්න පුළුවන්. ඒ වගේම දැඩි ‌‌වෙහෙසක් දැනෙන්නත් පුළුවන්.

ඒ නිසා සෑම කාන්තාවක්ම සුව නින්දක් ලබා ගැනීම වැදගත් ‌වෙනවා. එහෙත් ඔවුන්ට අහිමි ‌වෙන ප්‍රධාන ‌දෙයක් වන්නේද ‌මේ සුව නින්දයි.

යථාර්තය එය නම් ඇත්තටම අම්මලාට අවශ්‍ය  නින්ද ලබා ගන්නේ ‌කොහොමද? ඒකට තාත්තාට උදව් කරන්න පුළුවන්. දරුවාගේ රාත්‍රී කටයුතු  අම්මා එක්ක ‌බෙදා ‌ගෙන කිරීමෙන් ඇයට නින්ද ලබා ගන්න ඉඩ ලබා ‌දෙන්න පුළුවන්. ඊට අමතරව නිවසේ උදව් කල හැකි වැඩිහිටි ‌කෙනෙක් සිටිනවා නම් ඔවුන්ගේ උදව් ලබාගන්න. ඔවුන් දරුවා රැකබලා ගන්නා තුරු අම්මාට නින්දක් ලබාගන්න පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අම්මලාට තාත්තලාට වඩා නින්ද අවශ්‍ය වෙනවාලු
බෙදාගන්න :
  • Mums Need More Sleep Than Dads, Research Suggests

    Mums Need More Sleep Than Dads, Research Suggests

  • "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

    "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

  • Mums Need More Sleep Than Dads, Research Suggests

    Mums Need More Sleep Than Dads, Research Suggests

  • "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

    "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it