theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්

4 අවම කියවීම
රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්

ඔබේ පවුල වෙනුවෙන් කාලය වෙන්කර ගන්න.

හුඟක් වෙලාවට රැකියාව අත්හැරලා දරුවෝ වෙනුවෙන් ගෙදර නවතින්න මට හිතිලා තියෙනවා. නමුත් මේ කියන්න යන කාරණා 8 නිසා මට මගේ පවුලත් රැකියාවත් සමබර කරගන්න පුළුවන් වෙලා තියෙනවා. පසුගිය අවුරුදු තුනක අම්මා කෙනෙක් විදිහට ගෙවුණු කාලයේ මම මූලිකත්වය දෙන්නේ මගේ රැකියාවටද නැතිනම් ගෙදරටද කියලා මම මගෙන්ම ප්‍රශ්න කළා.

මම පැය 9 කට වඩා රැකියාවේ වැඩ කරලා ඊට පස්සේ මගේ බබාලා බලාගන්න ගෙදර එනවා. හුඟක් වෙලාවට රැකියාව නතර කරලා ගෙදර නවතින්න හිතුනත් වැඩිවෙන ජීවන වියදම් නිසාත් යම්කිසි අදායමක් ඉන් ලැබෙන නිසාත් මට ගෙදර නවතින එක කරන්න අමාරුයි. එදිනෙදා වියදම්, බිල්, කුලී හා අනෙකුත් පවුලේ වියදම් එන්න එන්නම වැඩිවෙනවා වගේම ඉස්සරහට දරුවන් වෙනුවෙන් හුඟක් වියදම් කරන්න වෙනවා.

මගේ බබාල වෙනුවෙන් මට මුදල් අවශ්‍යයි. නමුත් මුදල් ලැබුනත් ඉන් මට මගේ දරුවන් සමග ගෙවන්න තියෙන කාලය නැතිවෙනවා. ඉතින් මම මොකද කරන්නේ ?

කොහොම හරි මට මගේ දරුවන් එක්ක කාලය ගෙවන්න ලැබෙන්නේ හරි පොඩි කාලයක් විතරයි. මේ තත්වය අත්දකින එකම අම්මා මම නොවන බව මම දන්නවා. ඒ වගේම මම මේ තත්වය අඩුකරගන්න විවිධ ක්‍රම උපායන් ගැන හිතුවා. මේ මම ගත්ත පියවර කිහිපයක්.

ඔබට වැදගත්ම දේ තෝරා ගන්න

ඔබේ අත්‍යවශ්‍යතාවයන් පෙළ ගස්වා ගන්න. ඒවායින් වැදගත් වන්නේ කුමක්ද ? පවුලද? රැකියාවද? මේ දේවල් ලැයිස්තුවක් සේ සාදාගන්න. ඔබේ පළමු තැන පවුලට නම් ඔබ වැඩි වෙලාවක් පවුල වෙනුවෙන් ගතකරන්න වෙන්කර ගත යුතු වෙනවා. ඔබේ රාජකාරියේ හා සමාජීය වැඩකටයුතු වලට වඩා පවුල හා ගත කරන කාලය සොයා ගන්න. හුඟක් වෙලාවට දෙමාපියන් තමන් හට ලැබෙන කාලය උපරිම ලෙස යොදා නොගැනීම නිසාත් ඔවුන්ට ලැබෙන කාලය සතුටින් ගෙවන්න බැරිවෙලා තියෙනවා.

ඔබේ රාජකාරි කාර්යාලයේ තබා එන්න

මේ කියන්නේ සරලව කාර්යාලයේ වැඩ ගෙදරට ගෙන එන්න එපා කියලයි. ඔබට රැකියාව සඳහා පැය 8 ක් ලැබෙනවා නම් ලිපිලේඛණ වල වැඩ ගෙදර ගෙන එන්න එපා. හැකිතරම් රැකියාවේ ඇතුළතදීම අවසන් කරන්නත් හදිසි වැඩක් ඇත්නම් එය ඉක්මනින් ඉවර කිරීමටත් සැලසුම් කරගන්න.

නම්‍යශීලි රාජකාරි පිළිවෙතක් සැලසුම් කරන්න

ඔබ රාජකාරි කරන ස්ථානයේ වඩාත් පහසුවෙන් දරුවන්ගේ රාජකාරි ඉටුකළ හැකි කාලයක් තෝරාගෙන දරුවන් වෙනුවෙන් සුදුසු කාලයක් වෙන්කර ගන්න හැකිදැයි සාකච්ඡා කරන්න. ඔබේ රැකියාව නැතිනොකර ගෙන පවුල වෙනුවෙන් කාලය වෙන්කළ හැකි සුදුසු වෙලාවක් ලබාදෙන ලෙස ඔවුන්ට යෝජනා කරන්න උත්සාහ කරන්න. මෙය වර්තමානයේ සුලබ තත්වයක් ලෙස පවතින නිසා ඔවුන් ඒ ගැන සිතයි.

රූපවාහිනිය නිවා දමන්න

විඩාබර දවසක් අවසානයේ රූපවාහිනිය ඉදිරියේ තරමක් විවේකයක් ගන්න ඔබ හිතුවත් දෙමාපියන් ලෙස අපිට එය කළ නොහැකියි.  ගෙදර ගිය ගමන් රූපවාහිනිය දමාගන්න පුරුද්දෙන් ඔබේ කාලය හුඟක් අපතේ යනවා. ඒ වෙනුවට දරුවන්ගේ පාසලේ තොරතුරු කටයුතු ගැන ඔවුන් සමග කතා කරන්නත් ඔවුන්ට උදවු කරන්නත් ඔබට පුළුවන්. ඒ නිසා රූපවාහිනිය නිවා දමා ඔබේ පවුල වෙනුවෙන් උපරිම කාලය යොදවන්න. 

ගෙදර රාජකාරි බෙදාගන්න

ඔබේ දරුවන් තරමක් ලොකු මහත්වුණ අය නම් පුංචි පුංචි වැඩ ඔවුන්ට කරන්න පුළුවන්. ගෙදර අතු ගෑම, මේසය අස්කරන එක. එවැනි දේවල් වලට දරුවන්ට උදවු වෙන්න පුළුවන්. මේ මගින් පවුලේ බැඳීම් ශක්තිමත් කරනවා. ඒ වගේම වගකීම් ගන්නත් ඔවුන්ව හුරු වෙනවා. ඒ වගේම ටිකක් ලොකු දරුවන්ට භාජන සේදීම වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ සහකරු සමග ඇඳුම් සේදීම හෝ ආහාර පිසීම වැනි දේවල් වුනත් කරගන්න පුළුවන්. ගෙදර වැඩ එකට එක්ව කිරීමෙන් පවුලේ ශක්තිය හා බැඳීම වැඩිවෙනවා.

ගෙදර උදව්වට සේවකයෙක් ලබාගන්න

ඔබට ආර්ථික වශයෙන් හැකියාවක් ඇත්නම් පිරිසිදු කිරීම් වලට සතියකට සැරයක් හෝ සේවිකාවක් හෝ සේවකයෙකු ලබාගන්න පුළුවන්. එවිට ඔබට පවුල සමග වැඩිවෙලාවක් ගත කරන්න ලැබෙනවා.

සතියකට දවසක්වත් පවුල වෙනුවෙන් වෙන් කරන්න

දවසක්ම දෙමාපියන් සමග ගතකරන්න ලැබීම තරම් පුංචි දරුවන්ට ප්‍රීතිය ගෙන දෙන දෙයක් නැහැ. හැමෝම සතුටු වෙන දේවල් ඔබට තෝරාගන්න පුළුවන්. ගෙදර වත්තේ ඇවිදින්න යන්න, හැමෝම කැමති ක්‍රීඩාවක් කරන්න, සිංදු කියන්න, උද්‍යානයක ඇවිදින්න යන්න, කොහේ හරි තැනක මාසයකට වතාවක් හරි ඇවිදින්න යන්න. මිල අධික දේවල් නැතත් ඔබට දැරිය හැකි  දේවල් තෝරා ගන්න. මේ මගින් මුදල් වලට වඩා බැඳීම් වල අගය දරුවන් ඉගෙන ගන්නවා. එමෙන්ම ඔබට ආර්ථික ශක්තියක් නැතිනම් ඔබේ සැමියා හා දරුවන් සමග සතුටින් ගෙදර ගත කරන්න.

සතුට තරම් ධනයක් පවුලකට නැති තරම්. ඔබ උපයන ලොකුම ධනය පවුලේ සතුටයි.  theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙන ආවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්
බෙදාගන්න :
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

    ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

    ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it