theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?

3 අවම කියවීම
ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?

අම්මා කෙනෙක් වීම වගකීම් ගොන්නක එකතුවක්. ගෙදර ඉඳලා බබාව බලා ගන්න අම්මා පුංචි පහේ යුද්ධයක් තමයි කරන්නේ. රැකියාවකට යනවාට වඩා නිවසෙ ඉඳලා බබා බලා ගැනීම අසීරු දෙයක් කියලා පපර්‍යේෂකයන් පිරිසක් සොයාගෙන තියනවා.

ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද අමාරු...එහෙම නැත්නම් බබා තියා රැකියාවට යාම අමාරුද?

මේ දෙකෙන් මොකද්ද ඇත්තටම වැඩියෙන් අමාරු?බබා තියා රැකියාවට යාමද?

හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම වගේ තමන්ගේ දරුවාට ආදරෙයි. ඒකේ කිසිම සැකයක් නෑ. කොහොම උනත් පර්යේෂණයකින් සොයාගෙන තියනවා රස්සාවට ගිහින් එතන වැඩ කරනවාට වඩා ගෙදර ඉඳලා දරුවෝ බලා ගන්න එක අමාරු වැඩක් කියලා.

බබා තියා රැකියාවට යාම

බබා තියා රැකියාවට යාම ගෙදර ඉන්නවාට පහසුයි කියලා හොයාගෙන තියනවා.

දරුවන්ට කවන්න ඕනි,
පොවන්න ඕනි,
නාවන්න ඕනි,
ඇඟ සෝදන්න ඕනි,
එයාලා එක්ක සෙල්ලම් කරන්න ඕනි,
අඬද්දි නලවන්න ඕනි,
සහෝදර සහෝදරියොත් ඉන්නවා නම් යුද්ධ බේරන්න ඕනි,
උඩක නගීද,
වැටෙයිද,
තුවල කර ගනීද,

වගේ සීයක් දේවල් ඇහැ ගහගෙන ඉන්න ඕනි.  එයාලා පස්සෙන් දුවලා දවසෙන් බාගයක් යද්දිම බබාව ගෙදර ඉඳලා බලා ගන්න අම්මාගේ නැත්නම් තාත්තාගේ ශක්තිය හීන වෙලා.

බබා තියා රැකියාවට යාම

 

හොඳම විදියට කියනවා නම් බැටරි බැහැලා වගේ. හොඳ පණ ගිහින්.බබා තියා රැකියාවට යාම හොඳයි කියකත් හිතෙන වාර අනන්තයි අම්මාට.

අපි අසීමාන්තික විදියට දරුවන්ට ආදරෙයි කියලා ඒ දැනෙන වෙහෙස අඩු වෙන්නේ නෑ.

විවිධ රැකියාවන් කරන දෙමව්පියන් 1500ක් යොදාගෙන අපූරු පර්යේෂණයක් කරලා තියනවා. ලංකාවේ නම් නෙමෙයි. මහා බ්‍රිතාන්‍යයේ තමයි මේ පර්යේෂණය කරලා තියෙන්නේ.

බබා තියා රැකියාවට යාම සහ ගෙදර ඉඳලා බබා බලා ගන්න එක - මේ පර්යේෂණයෙන් ආව ප්‍රතිපල මෙන්න මේ වගෙයි. මේ 1500 දෙනාගෙන් ;

31%ක් පවසනවා දරුවෝදරුවෝ බලාගෙන ගෙදර ඉන්න එක අමාරුයි රැකියාවක නියලෙනවාට වඩා කියලා.

25% ක් කියනවා බබෙක් ඉන්නවා සහ එයාව බලා ගන්නවා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි කියලා.

40%ක් දෙනා පවසනවා එයාලාත් දෙමව්පියන් උනාට පස්සේ අනිත් දෙමව්පියන්ව විනිශ්චය කරන එක, අනිත් දෙමව්පියන් මැසිවිලි නගන විට ඒවා විනිශ්චය කරන එක නවත්තලා දැම්මා කියලා. එයාලටත් ඒ දේවල් අත් දකින්නට සිදු උන නිසා තමයි එයාලා එහෙම පවසන්නේ.

45%ක් කාන්තාවන් පවසනවා එයාලාට එයාලාගේ අම්මලාගේ උදව් උපකාර, මැදිහත්වීම් නැතුව දරුවෝ බලා ගන්න එක හරිම අමාරු දෙයක් කියලා.

බබා තියා රැකියාවට යාම

37% ක් දෙමව්පියන් එක හෙලාම කියනවා දරුවෝ බ්ලා ගන්න එක හරිම වෙහෙසකරයි වගේම ඒ වෙහෙස එක දිගටම දැනෙනවා කියලා.

42%ක් පවසනවා එයාලා එයාලාගේ කුළුඳුල් දරුවාගේ උපතින් පස්සේ සීමා මායිම් නැති ආදරය අත්දුටුවා කියලා.

22%ක් දෙනා දරුවාගේ ආහාර ගැනීමේ පුරුදු ගැන වද වෙනවා.

දෙමාපියන් වීම කියන සංසිද්ධිය ඇතුලේ ගොඩාක් දුක් වීම්, කලකිරීම්, වෙහෙස වීම්, සිත් රිදීම්, මනසට ආතතීන් ගෙන දෙන්නක් උනත් දෙමව්පියන් වෙන එක හරිම විශිෂ්ඨයි දෙයක්.

ගෙදර ඉඳලා දරුවා බලා ගන්න මව්වරු ලොකු කැප කිරීමක් කරනවා ඔවුන්ව පරිස්සමින් බලා ගන්න. ඔවුන් පැය 8 රැකියාවක් නොව පැය 24 රැකියාවක් දවස් 365ම වැටුපක් නොගෙනම කරනවා. ඔවුන් අසනීප නිවාඩු, බැංකු නිවාඩු, පොදු නිවාඩු කිසිවක්ම ගන්නේ නැහැ. ඉතින් ගෙදර ඉඳලා දරුවෝ බලන අම්මලාව හෑල්ලු කරන්න එපා. තමන්ගේ දරුවන්ව පිරිසිදුවට, ලස්සනට වගේම නිරෝගීව  තියා ගන්න අම්මා කෙනෙක්

නිවසේ පොඩි හරි අපිලිවෙලක් දැකලා, "දවසම ගෙදර ඉඳලාත් ඔයා මොකද්ද කලේ.." කියලා අහන, "අනේ මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නෑ..එයා නිදහසේ ගෙදරට වෙලා දරුවෝ බලන් ඉන්නේ.." කියන, "අනේ  ඔයාට ගෙදර ඉඳලාත් උයා ගන්න, කන්න, අස් පස් කරන්න, නා ගන්න බැරි උනාද?.."  කියලා අහන සැමියෙක් නම් ඔබේ රැකියාවෙන් නිවාඩු දමා බිරිඳව ඇයගේ මව ළඟට හෝ යවලා එක දවසක් දරුවන් බලා ගෙන බලන්න. එවිට එහි ලෙහෙසි පහසුව ඔබ හිතනවා වගේද කියා තේරේවි.

රැකියාවට යන මව්වරු

මෙහෙදී රැකියාවට යන මව්වරුන්වද අගය කල යුතුමයි. මොකද ඔවුන් පවුලේ ආර්ථියට උර දෙනවා. දරුවන් සමඟ රැඳෙන්නට කාල වේල අඩු නිසා ඔවුන් හිතින් දුක් වෙනවා. ඔවුනුත් දරුවාට ආදරේ මව්වරුන්. දරුවාගේ අනාගතය සරු සාර කරන්නටයි ඔවුන් වෙහෙසෙන්නේ.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

annnirmani

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ගෙදර ඉඳලා බබා බලා ගන්න එකද, රැකියාවකට යන එකද ලේසිම?
බෙදාගන්න :
  • බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

    බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

  • අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

    අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

    බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

  • අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

    අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it